Thursday, May 13, 2010

කරුණු විකෘති කිරීම

කරුණු විකෘති කිරීම



පසු ගිය කාල වකවානුවලදී මුස්ලිම් ජනයා ඉතාම්ත් සාමකාමී ලෙස සිංහල බෞද්ධයා සමග ජීවත් වූ බවක් හා කරුණු විකෘති කොට, මුස්ලිම් ආගම ලෝකයේ ඉතාමත්ම සාමකාමී පිරිසිදු ආගම ලෙස හුවා දක්වන බ්ලොග් අඩවියක, පූජ්ය එල්ලාවල මේධානන්ද හිමියන් විවේචනය කොට තිබුනි. එය දුටු නිසා මම දන්නා කරුණු ස්වල්පයක් ගෙනහැර දක්වා මේ සටහන ලියන්නට සිත් වුනි. දැනට ලංකාවේ සිටින මුස්ලිම් ජනතාව පරම්පරා පහක් හෝ හතක් පමන මේ රටේ ජීවත් වී ඇත. මේධානන්ද හිමි පවසන ආකාරයට මොවුන්ගේ මුල් රට අරාබි දේශයයි. මේ රටේ ඉපදුන නිසා මේ රට මවු රට බවට සැලකීම වරදක් නැත. නමුත් ඔවුන් හොඳ පුර වැසියන් වීද? සත්තකින්ම නැත. සාමාන්ය යෙන් මුස්ලිම් ජනයා ඉතාම කෛරාටික බවට සමාජයේ පිලිගැන්මක් ඇත. මෙය කොතනින් පටන් ගත්තාදැයි කීම පවා අපහසුය. නමුත් අතීතයේ සිදුවුනු ඉතිහාසගත සිදුවීම් මේ කරුණු සඳහා සාක්ෂිදරයි. ලංකා 1 බ්ලොග් අඩවියේ සටහන් අතර 1915 සිංහල-මුස්ලිම් කෝලාහලය පිලිබඳ වචනයකුදු නොමැත. එක්කෝ කිසිවෙක්වත් මේ පිලිබඳව නොදන්නවා ඇත, නැතහොත් ගොලුවන් බිහිරන් අන්ධයින් සේ කරුණු මග හැර සිටීමට උත්සාහ දරනු ඇත. ලංකා ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් ගැන වාර්තා වේ.


1915 වෙසක් පොහෝ දින ගම්පොලදී මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටින් බෙර වාදනය කරමින් ගිය බෞද්ධ පෙරහැරකට මුස්ලිම්වරු ගල් ගසා බෞද්ධයින් අවුස්සා ගත්හ. එකල තිබුනේ බ්රිතාඤ්ඤ රජයයි. සැමදාම බෞද්ධයින්ට කෙනෙහිලිකම් කල බ්රිතාඤ්ඤ ජාතිකයෝ මුස්ලිම් වරුන් විසින් නොමග යවන ලදුව, මුස්ලිම් පල්ලි ඉදිරිපිටින් බෙරවාදනය තහනම් කරමින් නීතියක් පැනවූහ. මුස්ලිම්වරුන් කෛරාටික ලෙස බ්රිිතාඤ්ඤ නිලධාරීන් රවටා මෙය කල බව සැලකේ. එකල සුලුතරයක් වූ මුස්ලිම් ජනතාවගේ සාමකාමී සහජීවනය මෙයද? මේ අවස්ථාවේදී අනගාරික ධර්මපාල තුමා "බ්රි තාඤ්ඤ ජාතිකයාට ජර්මානුවා යම් සේද, බෞද්ධයාට මුස්ලිම් මිනිසාද එසේමය," යනුවෙන් අනාගත වාක්යයක්ද පලකලේය. 1950 දශකයේදී ආනන්ද විද්යායලයේ සයවැනි පන්තිවලට "පියසිරිගේ පාසැල් සමය" යනුවෙන් වී.ඩී.ද. ලැනරෝල් මහතා විසින් රචිත පොතක් කියවීම සඳහා නියමිතව තිබුනි. මේ පොතේ පසුබිම සිංහල මුස්ලිම් කෝලාහලය පිලිබඳව විය. කඩුවෙල, බෝමිරිය, කැලණි මිටියාවත පසුබිම් කර රචිත මේ පොත ලැනරෝල් මහතාගේ පුද්ගලික අත්දැකීම් විය. එකල මුස්ලිම් ප්රභාකරන් කෙනෙක් නොසිටියද, කරුණු මෙසේ විය. කපිතාන් හෙන්රි පෙද්රිස්ට වෙඩි තබා හොර රහසේ වැලලීම, සිංහල නායකයින් නඩු නොඅසා මරා දැමීම, සිරගත කිරීම ආදී නොපනත් කම් බොහෝ සෙයින් සිදු වුනි. ලංකාවේ ප්රථම අගමැති ඩී.එස්.සේනානායක මහතාද සිරගත විය. කුපිත වූ බෞද්ධයාද මුස්ලිම් පල්ලි විනාශ කලේය. සමහර මුස්ලිම් වරු ජීවිතයන්ද වන්දි ගෙවූහ. රජය විශ්වාස කලේ මේ 1818 මෙන් රාජ්ය විරෝධී ව්යාපාරයක් ලෙසටය. අවසානයේ රජයට හොරෙන් රහසේ එංගලන්තයට පනිවුඩයක් යවා, මෙරට උන් ආන්ඩුකාරයා ආපසු එංගලන්තයටම කැඳවා ගන්නා ලදී.


කරුණු මෙසේ තිබියදී, සාමාකාමී සහජීවනයක් ගැනත්, බෞද්ධයන් සමග හොඳින් ජීවත්වීම ගැනත් කවර කථාද? මේ ලංකා ඉතිහාසයෙන් පිටුවකි. ගෝලීය වශයෙන් මේ පුරුක ඔස්සේ බලන්න.


http://www.youtube.com/watch?v=l-y1SNddKnw&feature=related

බෞද්ධයන්ට 1915දී අකුල් හෙලා, ඔවුන් ප්‍රකෝප කොට මෙතරම් විනාශයක් කර තිබියදීත්, යලිත් මුස්ලිම් ජනතාව සමග එකට ක්‍රියා කිරීම පිළිබඳව මුස්ලිම්වරු බෞද්ධයන්ට නය ගැති විය යුතුය. එසේම මේධානන්ද හිමියන් විවේචනයට භාජනය කිරීමද හෙලා දැකිය යුතුය.

2 comments:

Akhila said...

ඉස්ලාමයට සාපේක්ෂව ඉපැරණි ශිෂ්ඨාචාර තිබුණු රටවල්වල ඉතාම පහත් විදිහට මුස්ලිමිමු ආගම පතුරවපු නිසා අද ඔය බංකොලොත් ආගම තාම තියෙනවා.
තව කාලෙකින් මිනිස්සුන්ට ඉස්ලාම් එපාවෙයි.

. said...

“ඕනෑම මිනිසුන් සමූහයකට කිසි ම දැන්වීමක් නැතිව වෙඩි තැබීමට නුඹලාට මවිසින් මෙයින් අවසර දෙමි. ඔවුන් සිටින්නේ නිකම් වූවත් නුඹලාට වෙඩි තැබීමට බලය තිබේ. වෙඩි තබනු ලැබූ මිනිසුන්ගේ තුවාල හෝ මිනී කඳන් ගැන විධි සැලැස්වීම නුඹලාට බාර වැඩ නොවේ. තව ද නුඹලා විසින් කරන වෙඩි තැබීම් ගැන ආණ්ඩුවට හෝ පොලිසියට කිසි දැන්වීමක් උවමනා නැත. ගෙවල්වලින් මිනිසුන් බලෙන් ම ඇද බිත්තිවලට හේත්තු කර සිංහලයන්ට වෙඩි තබව්. මිනිසුන් සිරභාරයට ගැනීම කරදරයකි. එබැවින් එක පාරටම වෙඩි තබා මරා දැමීම අවශ්‍යම ය. ඒ මිනී කඳන්වලට ඕනෑ එකක් වුණාවේ.”

මිනීමරු අළුගෝසු ජෙනරාල් ඩව්බිගින්ට එරෙහිව ලංකා සමසමාජ පක්ෂයත්, එහි නිල පුවත්පත වන “සමසමාජය” පුවත්පතත් ගෙන ගිය දැවැන්ත උද්ඝෝෂණය මෙතරම් යැයි සීමා කළ නොහැකි ය. 1937 ජනවාරි 8 දා පළවූ සමසමාජය පුවත්පතේ මුල් පිටුවේ ‘ඩව්බිගින් මිනීමරුවාගේ ජීවන චරිතය” මැයෙන් පළවූ ලිපියේ සිරස මෙසේ ය.

“ශී‍්‍ර ලංකාව ලේ විලක් කර ලකට සාපයක් වූ ඩව්බිගින් මිනීමරුවා” ඩව්බිගින් සිය රට යන දිනයේදී ගෝල්ෆේස් පිටියේ අතිවිශාල ජනතා රැළියක් පැවැත්විණි. ලංකා සමසමාජ පක්ෂයේ මෙහෙයවීමෙන් පැවැති මේ රැස්වීමේදී ජෝර්ජ් ඊ. ද සිල්වා, ඒ. ඊ. ගුණසිංහ, ඩී. එම්. රාජපක්ෂ, පිලිප් ගුණවර්ධන හා ඇන්. ඇම්. පෙරේරා ද ජනතාව ඇමතූහ.

මේ මිනීමරු ඩව්බිගින්ට පොලිස් ඉන්ස්පෙක්ටර් ජනරාල් ධුරය ලබා දුන්නේ ද ලංකාණ්ඩුව වග අපි අමතක නොකළ යුතු වෙමු.