Saturday, March 27, 2010

බුද්ධාගම - නවීන විද්යාිවේ පදනම වශයෙන්.... 5

උතුරු තායිලන්තයේ චියෑංග් මායි විශ්ව විද්යාcලයේ 1991 අගෝස්තු 16 වැනි දින පූජ්ය ප්රායයුද් ප්රාුයුත්තෝ හිමියන් විසින් පවත් වන ලද දේශනයක් ඇසුරෙනි.



විද්යාවේ දියුණුව සමගම මිනිසාගේ අවබෝධයත්,  බුද්ධියත් දියුණු විය. විද්යාත්මක නිපදවීම් වලින් මිනිසා උද්දාම වී සිටියේය. විද්යාව තුලින් විශ්වයේ රහස් සොයාගෙන, සත්ය ය කරා යාමට හැකි බවට මනුශ්යයා පිලිගත් කාල වකවානුවකි ඒ.  විද්යාව,  ආගමට වඩා විශ්වාස කල මිනිසා, ආගම පිලිබඳව සැක ඇති කර ගැනීමට පවා පෙලඹුණු යුගයක් තිබුනි.  සමහරු විද්යාව මත විශ්වාසය තබා ආගම අතහැර දැමූ බවට, හෝ නොසලකා හැරී බවට පවා සාක්ෂි ඇත. විද්යාව  දියුණු වී ඇති රටවල,  සමාජය දෙස බලන විට,  ඒ  ඒ  රටවල මිනිසුන්ගේ ආධ්යාත්මික භාවයේ හෝ ජීවන රටා වල, (විද්යාව එපමණ දියුනු නැති රටවල මිනිසුන් සමග සසඳන විට,)  ආධ්යාත්මික භාවයේ හෝ ජීවන රටාවේ දියුණුවක් නොපෙනෙයි. සමහරු තවමත් විද්යාව දෙස බලන්නේ යම්කිසි ගුප්ත, 'අරුම පුදුම' දෙයක් ලෙසටය. මේ විශ්වාසය අන්ධ වන අතර එහි කිසිම විද්යා‍ත්මක පදනමක් අඩංගු නැත. මේ වනාහී "විද්යාවාදයයි" (scientism). බොහෝ දෙනෙක් විද්යාව දෙස බලන්නේ විද්යාත්මක පසුබිම හෝ එහි ඇති තාක්ෂණවාදය දෙස නොව, අවසානයේ නිපදවී ඇති භාණ්ඩය දෙසය. ඒ භාණ්ඩ මනුශ්යෂයාගේ අභිලාශයන් සපුරාලණ, ආශාවන් තාවකාලිකව හෝ සන්සිඳුවන භාණ්ඩ විනා, බුද්ධිය දියුණු කෙරෙන භාණ්ඩ නොවෙයි. තවද එම නිපදවීම් වලින් මනුශ්යයාගේ ඥානයට හෝ, අවබෝධයට හෝ සමාජයේ චෛතසික ස්වභාවයට අභාෂයක් දී නැති තරම්ය. මේ කාල වකවානුවේදී, මේ අවස්ථාවේදීම සිදුවෙන තවත් සංසිද්ධියක්ද සඳහන් කල යුතුය. විද්යා ව පිලිබඳව තිබූ උනන්දුව යම්කිසි ප්රමාණයකට අඩුවී ආගම පිලිබඳ කරුණු වලට මිනිසා නැඹුරු වී ඇති බවක් දක්නට ලැබුණි.   චිරස්ථාපිත (orthodox) විද්යාත්මක සමාජයේ විද්යාඥයින් මේ අවස්ථාවේදී සිය විද්යාත්මක නිශ්පාදන වලට සීමාවන් ඇති බව වටහා ගත්හ.  මේ සංයෝගය, එනම් සම්පූර්ණයෙන් වැඩිදියුණු වූ විද්යාවකුත්, සර්ව සම්පූර්ණ වූ ආගමකුත් එකට එක්වීම,  මානව සංහතියට සාමයෙන් සහ ප්රීතියෙන් වාසය කිරීමට තුඩු දෙනු ඇතැයි දාර්ශනිකයෝ අනාවැකි පලකලහ.  කෙසේ හෝ විද්යාව දිනපතාම පසුබසින බවක් දක්නට ඇත.  ආගමික සත්යයන් පිලිබඳව වාද කිරීමට විද්යාමවට අපහසු වී ඇත. මේ බව ලොව ඉහල පෙලේ විද්යාඥයින්ට වැටහී ඇත. ඔවුන් පවසන්නේ ආගමික පරම සත්යතාවය කවදාවත් විද්යාවට වටහා ගත නොහැකි බවයි...


දැන් බුද්ධාගම ගැන සලකා බලමු. මේ සටහන් පෙල පටන් ගැනීමේදී ස්වාභාවික ව්යවසනයන්ට ඇති බිය නිසා ආගම බිහි වූ බව පවසා ඇත. නමුත් බුද්ධාගම බිහි වූයේ ස්වාභාවික ව්යවසනයන්ට ඇති බිය නිසා නොව, ලොව සදා පවත්නා "දුක්ඛ" (මේ දුක්ඛ නම් වූ පාලි වචනය නියම තේරුම දෙන පරිදි පරිවර්තනය කිරීම අපහසුය.) නොහොත් නොයෙක් ශාරීරික සහ මානසික පීඩන, දොම්නස,යනාදී බොහෝ දෑ ඇතුලත් සෑම මනුශ්යයෙකුටම උරුම, දුක් කන්දරාවෙන් ගැලවීම සඳහාය. අනෙක් ආගම්, යම්කිසි ව්යසනයකදී ඊට හේතුව වශයෙන් මිනිසා අභිභවා යන සර්වබලධාරී බලවේගයක් ඇතැයි විශ්වාස කලහ. මේ බලවේග, කුණාටු. ගංවතුර, භූමිකම්පා ආදී මිනිසාට පාලනය කල නොහැකි ස්වාභාවික උවදුරු යම්කිසි "කෝපවීමක්" මත සිදු වූ බව විශ්වාස කලහ. කලින් සඳහන් කර ඇති පරිදි මේ ආගම් වල උත්පත්තියයි. මේ සබඳතාවය නිසා සමහර නූතන මනෝවිද්යාඥයෝ දෙවියන් විසින් මිනිසා මවන ලද බව ආපස්සට හරවා 'මිනිසා විසින් දෙවියන් නිර්මානය කරන ලද බවක්' පවසති.   ස්වාභාවික උවදුරු ඇති වූ අවස්ථාවලදී දෙවියන්ගේ කෝපය තුනී කරවීමට බැතිමත්හු නොයෙක් අන්දමේ යාඥා, පුද පූජා පැවැත්වූහ.    ඉතාමත් වැදගත් කරුණ වන්නේ, පැරණි ආගම් වල හරය වූයේ, දෙවියන්ගේ කැමැත්ත හෝ අකැමැත්ත නිසා ස්වාභාවික උවදුරු ඇතිවන බවයි.   බුදු දහමේ හරය (වූයේ) වන්නේ 'දුක්ඛ' නම් වූ පීඩාකාරී තත්වය නිසා ඇතිවන අසහනයෙන් මිදීමය. ඉන් මිදීමට මහබෝසතාණන් වහන්සේ සිය ප්රඥාවෙන්, ක්රමවේදයක් ප්රත්යක්ෂ වශයෙන් සොයාගෙන, ඒ මග ඔස්සේ ගොස් සසරෙහි ඇති දුක් කන්දරාවෙන් නිදහස් වූ සේක. මේ ජීවිතයේදීම අවබෝධ කල හැකි මේ ක්රමවේදය ලොවට කියා දුන්නේ ඉන් පසුවය. බුදු දහමෙහි හරය මෙලොව දුකින් නිදහස් වීමය.


• අනෙක් ආගම් පවසන්නේ ස්වාභාවික ව්යුසන වලට හේතුව දෙවියන් විසින් පාලනය කරනු ලබන අදෘශ්යමාන බලවේගයන් බවය.


• බුදු දහම පවසන්නේ ලොව සදා පවතින්නා වූ මේ සියලු දුක් කන්දරාවට මුල් වූ 'දුක්ඛ' නම් වූ තත්වය, සම්පූර්ණයෙන්ම ස්වාභාවික බවත්, එය මනුශ්යයා විසින් මනාකොට තේරුම් ගතයුතු බවත්ය.

දුක්ඛ නම් වූ තත්වය ඇතිවන්නේ සම්පූර්ණ ස්වාභාවික වූ හේතූන්ගෙනි. ඒ හේතූන් නිසා ඇති වන අසහනය එහි ඵලය වේ. එනම් මෙහි ක්රියාකාරී වන්නේ අද්භූත බලයක් නොව ස්වාභාවික වූ හේතුඵල දහමකි.(Cause and effect) මෙය නොදැනීම අවිද්යාව යයි කියනු ලැබේ. පාලියෙන් 'අවිජ්ජා' වශයෙන් හැඳින්වේ. (Law of Nature). මේ සිද්ධාන්තයම වෙනත් අන්දමකට සරළව ප්රකාශ කල හැක. අවිද්යාව හේතුව වශයෙන් පවතින විට ඒ අවිද්යාවට පිලියම වනුයේ අවිද්යාවට ප්රුතිවිරුද්ධ වන ධර්මතාවයකි... එනම් ප්රඥාවයි. සමහර ආගම් රඳා පැවතුනේ භක්තිය මතය. බුදු දහම ඒ "භක්තිය" වෙනුවෙන් ප්රඥාව ස්ථාපිත කරවිය. බුදු දහම හා අනෙකුත් ආගම් අතර ඇති ප්ර ධාන වෙනසක් වන්නේද මේ කරුණයි. බුදු දහමට අනුව, මනුශ්යයා විචාරාත්මකව කරුණු සලකා බලා හේතු ඵල දහම ප්රඥාවෙන් වටහා ගත යුතුය. බොහෝ ආගම් වල පාලකයා සර්වබලධාරී බලවේගයකි.  බුදුදහමේ මේ වගකීම, අයිති එහි හිමිකරුටමය. මිනිසාමය. කරුණු ප්රඥාවෙන්ම සලකා බැලිය යුතුය. තමා විසින් කරන ලද ක්රියාවන්හි( හොඳ හෝ නරක ) අයිතිය වෙන කිසිවෙක් නොවේ, තමාමය. එහි ප්රථිපලය විඳින්නේද තමාමය. කර්මය නමින් හඳුන්වන්නේ මේ ක්රියාවලියය.






මතු සම්බන්ධයි...............

No comments: