
මුතුවන් දසන් පෙල පෙන්වා සිනාසෙ න
සුන්දර යුවතියකි ලෝ තතු නොම පෙනෙ න
රූපය සිහිනයකි, මේ මොහොතෙම නැසෙ න
මේ කුනු සිරුර මුසුවෙයි පසටම දෙර න

අත් පා සිඳින ලද, බඩවැල් අදින ල ද
රූපයෙ සොඳුරු බව මොහොතින් නසන ල ද
මරුවා කොතැනකද නොපෙනෙන ලොවක අ ද
කෙලෙසින් හෙටක් වේදැයි අද සිතෙනව ද

මිය ගොස් තුන් දිනකි, ඒ සුන්දර මුහු න
ඉදිමී තැලී හැකිලී ලේ ඇද හැලෙ න
පනුවන් කටින් නාහෙන් දඟලන දුව න
ලෝ තතු සමග සිහිවෙයි සම්බුදු සර න

හැම සිරුරකට හිමි වන ඉරනම මෙන් න
උඬගු දනා මේ ලෝ තතු නොම දන් න
බුදු හිමි දෙසු දහම සිහියට අරගන් න
තෙරුවන් සරණයි
13 comments:
කුමක් ලියන්නද? මා ලිවිය යුතු සියල්ල ඔබ ලියා හමාරයි. ඔබට තෙරුවන් සරණයි.
අම්මෝ පිළිකුල් භාවනාව කරන්න පුළුවන්.. මම හිතන්නේ අපි බොහෝ දෙනෙකු යථාර්තය කුමක්ද කියන්න දන්නවා.. නමුත් මේ පවතින ක්‍රම හා වටපිටාව ඒ පිළිබදව සිතීමෙන් අපිව ඈත් කරවනවා..
වෙද සීයේ..මගේ බ්ලොග් එකේ අපේ අතින් එදා විහිළුවට කිව්ව දේවල් වලට අමනාප කමක් එහෙම ඇති වුනා නම් මගේ යාළුවා වෙනුවෙන් සමාවෙන්න.. :(
යථාර්තය වටහා නොගෙන අපි සංසාර ගමනේ තන්හා ආශා පොදි බැඳගෙන ඉන්නවා...
කවදා තේරුමි ගනීවිද?????
@මලී
මලී, මම පොඩි ලමයි වගේ තරහ වෙන්නෙ යාලු වෙන්නෙ නැහැ. මට ජීවිතේ අත්දැකීම් ගොඩාක් තියෙනව. ඒ වගේම මම ඉතාමත් උනන්දුවෙන් බුද්ධ ධර්මය කියවනව, ඒ වගේම පිලිපදිනව. කොටින්ම කියනව නම් බුදුන් වහන්සේගේ ජීවිතය මම ආදර්ශයක් හැටියට ගන්නව. උන්වහන්සේට අපි 'අරහං' කියන්නෙ රාග ද්වේශ මෝහ යන කෙලෙස් සම්පූර්ණයෙන්ම විනාශ කල හින්ද. මෙතන ද්වේශ කියන්නෙ මොකක්ද? උන්වහන්සේ කාටවත් වෛර කලේ නැහැ. කාටවත් හිංසා පීඩා කලේ නැහැ. සත්තු පවා උන්වහන්සේගේ කරුනාවට දමනය වුනා. පාරිලෙය්‍ය ඇතා උන්වහන්සේට උපස්ථාන කලා. ඔන්න කරුනාවට කරන්න පුලුවන් දේවල්. කා එක්ක උනත් තරහ වෙන්න හොඳ නැහැ. තරහ උනාම ද්වේශය ඉබේම හටගන්නවා. එතකොට මොකද වෙන්නේ. අකුසල් හටගන්නවා. ඒ අකුසල් ඊලඟ භවයට හේතුඵල ධරම වශයෙන් කර්ම සකස් කරනවා. එතකොට? සුවකරන්න බැරි දද, කුෂ්ට එක්ක, තරහ නිසා විරූපි වූ මූනක් එක්ක උපදියි. කවුද කැමති එහෙම වෙන්න? හිතල බලන්න. අනිත් එක, මේ ලෝකෙ බෑ කියල දෙයක් නැහැ, භාඒනා ආදී දේවල් දැන්මම පටන් ගන්න. මහමෙව්නා වෙබ් අඩවියෙන් බා ගන්න, 'මෙතරින් එතරට' කියන පොත. ඒකෙන් ඉගෙන්ගන්න බුද්ධානුස්සති භාවනාව, හැමදාම ඒක කරන කොට කියන්න් බැරි තරමේ සිතට සැනසිල්ලකුත්, පව් කරන්න විශාල භයකුත් ඇතිවෙනව. ඒ වගේම මෛත්‍රී භාවනාව MP3 file එකත් බාගෙන ඒකත් ප්‍රගුණ කරන්න. මලීටම දැනෙයි වෙනස. තවත් දැනගන්න ඕන නම් මට ඊමේල් එකක් එවන්න. තෙරුවන් සරණයි
අනිත්‍ය ලෝකයේ නිත්‍ය එකම දෙය අනිත්‍යය පමණි.
@අනිත්‍ය ලෝකයේ නිත්‍ය එකම දෙය අනිත්‍යය පමණි.
එහෙමද? මටනම් හිතෙන්නේ එහෙමත් නෙමෙයි. අන්ත්‍ය නිත්‍ය නම් එයින්ම අනිත්‍ය කියන එකේ අරුත නැතිව යනවා. එහෙමත් නැත්තම එකම ආකාරයෙන් වෙනස් විය යුතුයි. එනිසා අනිත්‍ය කියන එක අවිනිශ්වතතාව(uncertainty) මතවෙනස් වෙනවා.හැබැයි මට හිතෙන විදියට නිරපේක්ෂ එකම එක දෙයක් තියෙනවා. ඒ නිර්වාණය.
ප.ලි.
මේ මගේ අදහස් පමණයි. නිවැරදි නොවීමට පුළුවනි(uncertainty). :)
වෙද මාමා වෙත,
විද්‍යුත් ලිපියක් එව්වෙමි.
හපොයි...
නාමේ නොදිරනා
කුණු කය දිරනා
අරුමෙකි ශෝභා
සංසාරේ...
බොහොම පින්!!!
අනේ මෙහෙම කුනුවෙලා පස් වෙන සරීර කූඩුවටනෙ අපි මේ එක එක ඒව අතුල්ලල ලස්සන කරන්නෙ.සංසාරේ...
අනේ මෙහෙම කුනුවෙලා පස් වෙන සරීර කූඩුවටනෙ අපි මේ එක එක ඒව අතුල්ලල ලස්සන කරන්නෙ.සංසාරේ...
මේ කැඩී බිදී නැසී වැනසී යන ශරීර කූඩුවට කරන සැළකිලි. සැරසිලි. මොන තරම් වයිවාරන සුකුරුත්තන්ද..
Post a Comment