Tuesday, May 18, 2010

මහා මංගල සූත්රකය සහ නවීන ලෝකය - 1

ගෞතම බුදු රජාණන් වහන්සේ මනුශ්යයාගේ හිත සුව පිණිස දේශනා කල මහා මංගල සූත්රය එදාට වඩා අද සමාජයට ගැලපෙන බව පෙනෙන්නේ අද සමාජයේ ඇති සංකීර්ණ භාවය නිසාය.   බුදු රදුන් ජීවමානව වැඩසිටි කාලයේ පවා මිත්යා දෘෂ්ටික පිරිස් සමාජයේ සිටියහ. ඒ සමගම බුද්ධිමත් ජනයාද, සිත දියුණු කල මාර්ග ඵල ලාභීහුද, සිටියහ.   බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ දේශනා පැවැත්වූවේ හුදෙක් මහජනයාගේ දියුණුව පිනිසය. සමාජයේ සිටින සෑම තරාතිරමක කෙනෙකුටම ආගම් භේදයකින් තොරව මංගල සූත්රයේ ඇති ඔවදන් පිලිපැදිය හැකිය. ලොව ජීවත් වන ජාතීන් නොයෙක් හේතූන් නිසා ඇනකොටා ගන්නා සමයෙක,  මංගල සූත්රයය වැනි සාමකාමී ජීවන පිලිවෙතකට මගපාදා දෙන ඔවදන් සමූහයක අගය මිලකල නොහැක.   ලංකාව පිරිසිදු බුද්ධාගම ඇති රටක් හැටියට අපි උදම් අනමු.   උදේ හවස මංගල සූත්රොය සජ්ජායනා කෙරෙන නමුත් ඒ මහානුභාව සම්පන්න සූත්රය පිලිපදින්නෝ විරලය.   යම් කෙනෙකුගේ ජීවන රටාව මහා මංගල සූත්රයේ සඳහන් පරිදි සකස් කර ගනියි නම්,  මෙලොව වශයෙන් දියුණුවක් ඉතා ඉක්මනින් ලඟා කරගත හැක.  පවුලේ සමගිය ඇතිකල්හි, ඒ සමගිය ඊලඟ පුරුකට විහිදෙයි.  එවිට නිරායාසයෙන්ම සාමකාමී, අපරාධවලින් තොර සමාජයක් බිහිවනු ඇත. නමුත් අපි අපටම සත්යදායක විය යුතුය. ලොව රවටා කිසිම පලක් නැත.   බුදු සමයේ පවා සුභ නිමිති, අසුභ නිමිති, ගැන විශ්වාස, යම්කිසි දෙයක් පටන් ගැනීමට සුභ වේලාවක් බැලීම වැනි සිරිත් අද දින මෙන් බුදු හිමි වැඩසිටි කාලයේත් නොඅඩුව තිබිණි.   බුදු රජාණන් වහන්සේ සුභ අසුභ නිමිති, වාසනාවන්ත නිමිති සහ අන්ධ විශ්වාසය මත ගොඩ නැගුණු නොයෙකුත් මතාන්තර තරයේම ප්රතික්ෂේප කල සේක. මේ නිසා මිනිසාගේ සිතෙහි දියුණුවට, ක්රියාකාරිත්වයට ලැබුණේ විශාල රුකුලකි.  ඒමගින් සමාජයේ අභ්යන්තර සම්බන්ධතාවයන් වර්ධනය විය.   මහා මංගල සූත්රය ලොවට කොතරම් වැඩදායීදැයි,  ඒ සූත්රභය විචාරාත්මකව කියවා බැලීමේදී පැහැදිලිය.  ප්රථමයෙන් යහපත් පවුල් දිවියකට මග පෙන්වන බුද්ධ සන්නසක් ලෙස සකස් වූ මේ සූත්ර‍ය, සමාජයීය වගකීම් සහ සදාචාරාත්මක භාවයෙහි වැදගත්බව පැහැදිලි කරයි.



නිහතමානී බව,  කෘතඥතාවය,ඉවසීම, සහ නිර්මලත්වය ගැන මංගල සූත්රමය ප්ර සංශා සහගතව සඳහන් වෙන මේ සුත්රයය මිනිසුන් සඳහා පමණක් නොව වෙනත් ලෝක වාසීන්ටද දේශනා කරණ ලද්දකි.  මංගල කරුණු වටහා දීමෙන් සුභ නිමිති, අසුභ නිමිති, නැකැත් බැලීම් ආදී අන්ධ විශ්වාසයෙන් කෙරෙන කටයුතුවල නිශ්ඵල බවද මෙයින් පෙන්වයි.  දැන් සූත්රය දෙස බලමු....


බුදු රජාණන් වහන්සේ ගේ මහා පරිනිර්වාණයෙන් තෙමසකට පසු, රජගහ නුවර සප්තපන්නී ගුහාවෙහි රහතන් වහන්සේලා පන්සියයක් එකතුව පිරිසිදු බුද්ධ වචනය ආරක්ෂා කිරීමට ප්රථම ධර්ම සංගායනාව පවත්වන ලදී. මෙහිදී උපාලි මහ රහතන් වහන්සේ සහ ආනන්ද මහ රහතන් වහන්සේලා විසින් විනය සහ සූත්ර පිටකයන් කියවන ලදී. "මා විසින් මෙසේ අසන ලදී..." (ඒවම් මේ සුතං...)යනුවෙන් සුත්ර දේශනාවේ ප්රථමයෙන් කියවෙන්නේ මේ සූත්ර දේශනා සියල්ලක්ම ශ්රවනය කොට මතක තබා ගෙන සිටි ආනන්ද රහතන් වහන්සේ එම දේශනාවෙහි නිවැරදි බව ප්රත්යසක්ෂ කිරීමක් ලෙසටය. එතැන් පටන් වට්ට ගාමිණී අභය රජ දවස (ක්රි .පූ.80 දී පමණ ) ත්රිපිටකය මාතලේ අලුවිහාරයේදී ග්රන්ථාරූඪ කෙරෙන තෙක් දහමට ලැදි සංඝයා වහන්සේලා විසින් බුද්ධ වචනය මතකයේ රඳවාගෙන ආරක්ෂා කරන ලදී.


එකල්හි බුදු රජාණන් වහන්සේ හමුවීමට දේව ලෝක වල සිට දෙවි වරුන් පැමිනියහ. දෙවි දේවතාවන් පැමිණෙන්නේ ඔවුන්ට විසඳාගත නොහැකි ප්රශ්න බුදු රජණන් වහන්සේගෙන් අසා දැන ගැනීමටය. එක් එක් දිව්ය ලෝක වල සිටින දෙවි වරු විවිධය. ඔව්න් උත්පත්තිය ලබා ඇති ලෝකය අනුව ඔවුන්ගේ ස්වභාවය වෙනස් වෙයි. ඔවුන් ගමන් කරන විට ආලෝකය විහිදේ. "ජේතවනං ඕභාසෙත්වා..." වශයෙන් ඒ ආලෝක ධාරාවන් සූත්රයෙහි විස්තර කොට ඇත. (මිනිසුන් හමුවට දෙවි දේවතාවන් දැනට වුවත් මැදියම් රැය ඉක්ම ගිය කල්හි පැමිණෙන බව තායිලන්තය, බුරුමය සහ ලංකාව වැනි රටවල් වලින් අද දවසේ පවා වාර්තා වේ.) මේ දෙව් දේවතාවන් වුවද අනිත්ය් දුක්ඛ අනාත්ම යන දහමට යටත් වේ. මංගල සූත්රයේ දෙවියන් හා ඇති සම්බන්ධතාවය මෙයයි. සූත්රයේ ප්රථම ගාථාවෙන් භාග්ය වතුන් වහන්සේට ඉදිරිපත් කල ප්‍රශ්නය කියැවේ. මෙහි ඇති ප්‍රධාන කරුණු මෙසේ දැක්විය හැක.


1. දෙවිවරු සහ මනුශ්යයෝ සතුට සහ ආරක්ෂාව ප්‍රිය කරති. ඒ ආරක්ෂාව රැඳී ඇත්තේ සුභ, වාසනාවන්ත යනාදී කරුණු අනුවය.


2. බොහෝ කලක සිට මංගල කරුණු, අසුභ කරුණු යනු මොනවාදැයි ඔවුහු සොයා බලා ඇත.


3. මේ විමැසුමට හේතුව සිය පුද්ගලික සැපත හා ආරක්ෂාවයි.


4. මේ තාක් කල් ඔවුනට උතුම් මංගල කරුණු ගැන ඒකමතික තීරණයකට එළඹීමට නොහැකි වී ඇත.


5. මහා ප්රඥාවෙන් යුතු වූ බුදු රජාණන් වහන්සේ හමු වීමට සිදු වූයේ එබැවිනි.


6. මිනිස් ලොව හා දෙව් ලොව වල ඇති වූ මේ ප්රශ්නය නිරාකරණය උදෙසා බුදුරජාණන් වහන්සේගේ පිහිට පතා ඇත.


7.දෙවියන්ගේ සහ මිනිසුන්ගේ යහපත උදෙසා බුදුරජාණන් වහන්සේ මේ ප්රශ්නය සම්පූර්ණයෙන්ම නිරාකරණය කලසේක.


මේ ප්රඅශ්නය තුල කරුණු දෙකක් අඩංගු වේ.


1. දේව සහ මනුශ්ය ලෝක වල වැසියනට චිත්ත සන්තෝෂය ඉතාමත් වැදගත් අභිලාෂයකි.


2. මේ ලෝකවල වැසියෝ “සතුට” උදෙසාම කල් ගත කරති.


කාමලෝක තුල ඇති "සතුට" රඳා පවතින්නේ කරුණු කිහිපයක් මතය. එනම් සතුටු වීමට ඇති 'තන්හාව', 'ආයතන'වල බලවත්කම, සහ ඒ ලෝකවල ඇති විවිධ වස්තූන්ගේ ස්වභාවයයි. නමුත් සියලුම කම් සැප අනිත්යයි. බුදුරජාණන් වහන්සේ මේ ප්රකශ්නය මතුවෙනවාත් සමගම එහි ඇති බරපතල කමද වටහාගත් සේක. ආශාවන් ඇත්තේ සතුට උදෙසාය. ඒ ආශාවන් පසුපස දුවන්නා කවදාවත් සැනසීමක් ලබන්නේ නැත. බුදුරජාණන් වහන්සේ ඉතාමත් ප්රඥාගෝචරව, ප්ර්ශ්න කොට ඇති සුභ අසුභ කරුණු ගැන අමතක නොකොට, සරළ ලෙසින් සාමාන්ය වත් පිලිවෙත් වලින් පටන් ගෙන නිවන් මග දක්වා ගාථා දොලහකින් සූත්රය දේශනා කල සේක. නිවන අවබෝධ කල පසු තණ්හාව සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇත. කාමයන්හි ඇලී ගැලී සිටීමෙන් දුකක් විනා සැපක් නැති බව බුදු රජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල පහදා දී ඇත. උන්වහන්සේ මෙලොව වශයෙන් යහපත්ව ජීවත්වීම, සහ පරලොව යහපත සඳහා කටයුතු සකස් කර ගැනීම පිලිබඳව දුන් ඔවදන් පෙල අතර "සැපත" පිලිබඳව විශේෂ යමක් දේශනා කර නොමැත. උන්වහන්සේගේ සූක්ෂම ඥාණයත්, නියම පිලිතුරත් අඩංගු මේ සූත්රවය ඉතාමත් ප්රඥාගෝචරය.


දෙවැනි ගාථාවෙන් ආශ්ර.ය කලයුත්තන් පිලිබඳ විස්තරයක් කියැවේ. ආශ්රයෙන් කෙනෙකු වරදට පෙළඹිය හැක.   බුදු සමයේදී දෙව්දත් තෙරුන්ගේ පෙළඹවීමෙන් අජාතසත්ත රජු සෝතාපන්න වූ සිය පියා මරවා අපාගත වූ සැටි සූත්ර වල උදාහරණයක් ලෙස සඳහන්ය. අපට දිනපතා ජීවිතයේදී මේ පිළිබඳව නොයෙක් නොයෙක් උදාහරණ හමුවේ. වයසින් මුහුකුරා ගියද, සමහරුන්ගේ අදහස්, චින්තනය යහපත් නොවේ. එවැනි අය ආශ්රය නොකල යුතු බව බුදුරදුන් වදාලහ. මේ නිසා ඒ පුද්ගලයින් පත්වන්නේ ඉතාමත් අවාසනාවන්ත තත්වයකටය. පාසැල් ජීවිතයේදී හමුවන මිතුරන් නිසා බොහෝ ලමයින්ගේ ජීවිත හොඳ හෝ නරක අතට යා හැකි බව දන්නා කරුණකි. හොඳින් පාඩම් කරගෙන තමන්ගේ වැඩ කරගෙන යන ලමයෙක් අතරට නිකම් කාලය නාස්ති කරන ලමයෙක් වැටුනොත් සිදුවිය හැකි විනාශය ඉතාමත් දරුණුය. මේ ගාථාවේම, "පිදිය යුත්තන් පිදීම" මංගල - උත්තමම් වශයෙන් දක්වා ඇත. පිදිය යුත්තෝ කවරහුද? බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේගේ ශ්රාවක සංඝයා, මාපිය ගුරුවරු ආදීහුය. මේ පිරිස් අපේ ජීවිත සැපවත් කිරීම උදෙසා වෙහෙසන උතුම් පුද්ගලයෝ වෙති.  අද දවසේ සමහර අය පුහු මාන්නයක් සිතට ගෙන ගරු කටයුත්තන් නොසලකා හරිති.  එයින් සිදුවන්නේ තමාගේම පරිහානියයි. ගරුකටයුත්තන් කෙසේ වුවත් සිය සමගාමිකයන් පවා නොසලකා හරිති.  නිහතමානී බව ඔවුන් කෙරෙන් පලාගොස් ඇත. ඔවුන්ට ඇත්තේ මිත්යාදෘෂ්ටියකි. නිතර නිතර මේ අය අනෙක් අය හා රන්ඩු දබර ඇතිකර ගනිති. සමාජයේ ජීවත් වීම අපහසුය.  බුදු රජාණන් වහන්සේගේ දහමට පිටුපා වෙනස් මගක ගමන් කරන ඔවුන් අයිති වන්නේ මාර සේනාවටය. ඒ ඔවුන් මේ සසර තව තවත් දික් කරන නිසාය.   නමුත් ඔවුන් බෞද්ධයින් යයි කියා ගනිති..   ඒ නමින් පමණය.


මතු සම්බන්ධයි..

No comments: