Saturday, July 3, 2010

මුස්ලිම් දරුවෙක් පුනර්භවය විස්තර කරයි

මුස්ලිම් දරුවෙක් පුනර්භවය විස්තර කරයි

පසුගිය භවයෙක මුස්ලිම් දරුවෙක්ව ඉපදී සිටි බව දැක්වෙන මෙම කථාපුවත වෛද්ය තිස්ස ජයවර්ධන මහත්මයා ඉදිරිපත් කරන ලද්දකි.



මේ පුරුක ඔස්සේ ගොස් කියවන්න.  04/07/2010 රිවිර පුවත් පත
http://www.rivira.lk/2010/07/04/rividahara4.htm

Thursday, June 10, 2010

මහා මංගල සූත්රැය සහ නවීන ලෝකය - 3

දෙව් මිනිස් 'සැප' කැමති සත්වයන් විසින් විමසන ලද්දා වූ මංගල කරුණු උදෙසා මංගල සූත්රයය දේශනා කල බුදු රජානන් වහන්සේ, සත්වැනි ගාථාවේ සඳහන් කරන්නේ පාපයෙන් වැලකීම සම්බන්ධවයි. 'ආරති' 'විරති' යන වචන දෙක ත්රිපිටකයේ බොහෝ තැන්වලදී අපට හමුවේ. එහි තේරුම වන්නේ සියලුම පාපී ක්රියාවන්ගෙන්, සියලුම අවැඩ වලින්, දුශ්චරිතවලින් වැලකී සිටීම සහ ඒ පාපී දේවල් තුල නොගැලී සිටීමයි. අර්ථකථාවන් (අටුවා ) පිරික්සා බලන විට පෙනීයන කරුණක් වන්නේ පාපී අදහස් වලින් ඈත් වීම යනු සිතට නො ඉපදුනු පාපී අදහස් වලට හිස එසවීමට ඉඩ නොදීම වේ. පාපී සිතිවිලි සිත තුල නැගීමට, ඉඩක් නොමැති විට ඒ සිතිවිලි එලෙසම නැතිවේ. නැතහොත් ලෝභ, ද්වේශ, මෝහ යන අන්ධකාරී සතුරන්ගෙන් පාපී අදහස් වර්ධනය වී බලවත් වේ. සියලු පාපී දේවලින් වැලකී සිටීම නම්, කායෙන් හා වචනයෙන් වැලකී සිටීමයි. මානසික වශයෙන් පාපී දේවලින් වැලකීම තුල කායික වැලකීම සහ වාචසික වැලකීම අනිවාර්යඩයෙන්ම අන්තර්ගත වේ. නමුත් අටුවා වල සඳහන් වන්නේ මානසික වශයෙන් ගත් කල, කායික හා වාචසික වැලකීම ඇති වුවද මානසික වැලකීම අසම්පූර්ණව හෝ පැවතීමට ඉඩ ඇති බවයි. උදාහරණයක් වශයෙන් මෙසේ කිව හැක. 'යම් කිසිවෙක් සොරකම් කිරීමට සිතක් ඇති වූ විට මේ සොරකමෙන් මගේ පවුලට නින්දා ලැබෙයි සිතා ඉන් වැලකී සිටියි.' මෙහිදී ඇති වන්නේ සොරකම කිරීමේ චේතනාවයි, නමුත් අදින්නා දානා වේරමණී.. සික්ශා පදය සිහි වී එම සිත බැහැර කරන්නා, ආර්ය පුද්ගලයෙකුගේ ගණයට අයත් වෙයි. පාපීක්රියා යනුවෙන් කුමක් අදහස් වෙයිද? පාපී ක්රියා යනු භවයේ දුක් විඳීමට හා භවය දික් වීමට හේතු වන දෑ ය. එනම්, බොරුකීම, පරුෂ වදන් පැවසීම, ඕපාදූප වලට සහභාගි වීම, යනාදී අශිෂ්ටාචාර දේවල්ය. කායික වශයෙන් ගත් කල, සොරකම් කිරීම, ප්රාණගාතය,සහ කාමයෙහි වරදවා හැසිරීම මේ ගණයට අයිති වේ. මිථ්යා ආජීව වශයෙන් ගත් කල ආයුධ වෙලඳාම, මස් පිණිස සතුන් වෙලඳාම, වහල් වෙලඳාම, මත්පැන් හා මත්ද්ද්‍රව්ය වෙලඳාම, බොරුවෙන් වංචාවෙන් අන් අය රවටා මුදල් ඉපැයීම, ආදී වශයෙන් විශාල ලයිස්තුවක් ඇත. මෙහි අන්තර්ගත නොවුවද, හෘදය සාක්ෂියට අනුව කෙනෙක් ලොව රවටන්නේ නම් ඒ තැනැත්තා ඒ බව දනියි. මජ්ජ පානාච සංඤ්ඤමෝ.. යනුවෙන් අදහස් කෙරෙන්නේ සිහිය මුලාවෙන දේවල් පරිහරණය කිරීමෙන් වැලකී සිටීමයි. මත් පැන් පමණක් නොව, සිහිය වෙනස් කිරීමේ හැකියාව ඇති සෑම ද්රව්යයක්ම මීට ඇතුලත්ය. යථාර්ථය තේරුම් ගැනීමට අවුල් නොවූ සිහියක් අවශ්යය. සිහිය අවුල් කර නොගැනීම ගැන බුදුරජානන් වහන්සේ වදාලේ එබැවිනි. ‘අප්පමාදෝච ධම්මෙසු...’ යනු ධර්මයෙහි උද්යෝගී බවය. අටුවා වල සඳහන් පරිදි 'අප්පමාද..' යන පාලි වචනය සඳහා කරුණු තුනක් දක්වා ඇත. එනම්, වීර්යය, අවධානය නොහොත් සිහිය සහ ප්රඥාවයි. මේ තුන එකතු කල විට "උද්යෝගී බව" අප්රමාදය යන වචනයට වඩා සුදුසුය. මේ උද්යෝගී බව, සහ අප සතුව දැනට පවත්නා දේවල් රැක ගැනීමටත්, අපට පුරුදු කල යුතු දේවල් දියුණු කර ගැනීමටත් බුදු රජානන් වහන්සේ වදාල සේක. අප විසින් ප්රහාණය කල යුතු දේවල් වන්නේ අනවධානය, නොසැලකිලිවන්ත කම, අප්ර්වේසම, උදාසීනත්වය, නැවත නැවත මෙනෙහි නොකිරීම (ධර්මය )අධෛර්යය, සහ නොසලකාහැරීම වේ. මේ කරුණු දියුණු කර ගැනීම මංගල කරුණු වශයෙන් බුදු රජානන් වහන්සේ වදාලහ. එලෙසම එය මෙලොව පරලොව සුව පිණිස හේතු වන්නේය.



අටවැනි ගාථාවෙන් සඳහන් වන්නේ ඉතාමත් වටිනා එමෙන්ම අගනා ඔවදන් සමූහයකි. මේ කරුණු දීර්ඝ වශයෙන් සලකා බැලීම වටී. අද සමාජය මේ අතින් ඉතා පිරිහී ඇත. "ගරු කටයුත්තන්ට ගරු කිරීම" යනුවෙන් සාමාන්ය තේරුමක් දිය හැකි මේ වචන වලින් අදහස් කෙරෙන්නේ කුමක්ද? ගරු කටයුත්තෝ කවරහුද? එක් වරටම අපට පෙනී යන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්රිවිධ රත්නයද, දෙමාපියන්, ගුරුවරුන් ආදී අපි සාමාන්යයෙන් ගරු කරන අය බවයි. නමුත් ඒ පමණක් නොවේ. තවත් අය සිටිති. මේ බුදු රජානන් වහන්සේ වදාල ධර්මයයි. බුදු රජානන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු ගරු කිරීමට ගුරුවරයෙක් දිවැසින් බලා වදාල සේක. තමන් වහන්සේට වඩා උසස් කෙනෙක් නොමැති බව දුටු උන්වහන්සේ, තමන් වහන්සේ වදාල ධර්මය සිය ගුරුවරයා ලෙස පවත්වා ගෙන යාමට තීරණය කල සේක. සූත්ර දේශනා කියවන විට පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ බුදු රජානන් වහන්සේ තමා හමුවට පැමිනෙන කවරකු හට වුවද ගෞරව පූර්වකව සලකා ඇති බවයි. උදාහරණයක් ගත හොත් සාමඤ්ඤඵල සූත්රයේ මෙසේ දක්වා ඇත. අජාතසත්ත රජතුමා භාග්යවතුන් වහන්සේ හමුවූ අවස්ථාවේදී වූ සංවාදයේ ආරම්භයයි.


…Then, bowing down to the Blessed One, and saluting the community of monks with his hands palm-to-palm over his heart, he sat to one side. As he was sitting there, he said to the Blessed One: "I would like to ask the Blessed One about a certain issue, if he would give me the opportunity to explain my question."….


ගරු කල යුත්තන්ට ආසනයක් පැනවීම, දෙ අත් එක්කොට ආචාර කිරීම, ආදී සිරිත් තවමත් අප අතර යම්කිසි දුරකට පවතී. ගුරුවරයෙක් පන්තියට පැමිනෙන විට සිසුන් පුටුවෙන් නැගිට ආචාර කිරීම සාමාන්ය සිරිතකි. බොහෝවිට සිදුවන්නේ මාන්නය ඉහ වහා යාමෙන් සහ පුහු මමත්වය හිසට නැගීමෙන් තමාට ඉගැන්වූ ගුරුවරයා පසුකලෙක නොසලකා හැරීමය. ධර්මයෙහි නිසි පරිදි හැසිරීමට නිහතමානී බව අත්යාවශ්යය. නිහතමානිත්වයේ ඇති උත්තරීතර බව සිහිකරවන මංගල කරුණු කීපයක් බුදු සමිඳුන් අපට සිහි කරදී ඇත. මෙහි ගැබ් වී ඇති සාධකය වන්නේ 'මම' යනුවෙන් කිසිවෙක් නැති බවය. සමාජයේ යම් කෙනෙකුට දයාවක්, කරුණාවක් දැක්වීමෙන් එය ලබන්නාගේ සිතතුල ඇතිවන්නේ පහන් බවකි. (මෑතකදී මේ සංසදයේ පල වූ සටහනක් මට සිහි වේ. එහි පල වූයේ කවදාවත් නොදුටු පුද්ගලයෙකුට Good Morning, Good Afternoon කියා ආචාර කිරීම කිසිම පලක් නැති ක්රියාවක් බවය. බුදු හිමිගේ මංගල කරුණු වලට පටහැනිව පවසන ලද මේ වදන් පවසන්නා මාර සේනාවට අයිති වන්නේ එයින් ද්වේශය ඉපදී සසර තවත් දික් වන නිසාය.  තවද, ටිකකලක් විදේශ රටක ජීවත් වූ පසු, සමහර ලාංකිකයන්ට එක්තරා මානසික තත්වයක් ඇති වේ. ඊට අපි 'පිටරැටියාව' යයි කියමු. බොහෝ විට අපේම අතීතය අමතක කරන්නෝ මේ ආබාධයෙන් පෙලෙති.)


කෙනෙකුට ආචාර සමාචාර කිරීමෙන් එය දක්වන්නාගේ කිසිම දෙයක් නැති නාස්ති වන්නේද නැත. මෙය නොදැන ක්රිමයා කිරීමෙන් අනවශ්ය අඬදබර ඇත්වීම්ට හැකි බව අපි දනිමු.   දිනපතා ජීවිතයට මංගල සූත්රයේ ඇති ප්රායෝගිකත්වය කොපමණදැයි මෙයින් වැටහිය යුතුය. සන්තුට්ඨිච යනු ලද දෙයින් සතුටු වීමයි. භික්ෂූන් වහන්සේලාට මේ මංගල කරුණ අනිවාර්යයෙන්ම තිබිය යුතුය.   ලද දෙයින් සතුටු වන්නා ඉතා සන්තොසින් වාසය කරයි.   තමාට ඇති දෙයින් දිවි ගැට ගසා ගනියි. ඒ නිසා සිත තුල කරදර නැත. ආසාවන් නැත.   ලොවට නය වී නොයෙක් නොයෙක් භාණ්ඩ මිල දී ගන්නේ නැත.   විශාල සුව පහසු යහනක වුවද සිත කරදර කාරී නම් නින්ද යන්නේ නැත.   සිත සැනසී ඇත්නම් පැදුරක වුවද නින්ද යයි. එය මංගල කරුණක් ලෙස බුදු රජානන් වහන්සේ දේශනා කලේ ඒ නිසාය.   කතංඤ්ඤුතා යනු අද ලෝකයේ ශීග්රයෙන් නැති වී යන ගුණ ධර්මයකි. එනම් කෘතඥ තාවය හෙවත් කල ගුණ සැලකීමයි. සුලුවෙන් හෝ යම්කිසිවෙක් තමාට උදව්වක් කොට ඇද්ද, ඒ සඳහා කල ගුණ සැලකීම මංගල කරුණක් ලෙස බුදු හිමි වදාලහ.


මතු සම්බන්ධයි……………….

Tuesday, June 1, 2010

මහා මංගල සූත්ර ය සහ නවීන ලෝකය - 2

මහා මංගල සූත්‍රයේ  තුන්වැනි ගාථාවෙන් සඳහන් වන්නේ වාසය කිරීමට සුදුසු ස්ථානය පිලිබඳවයි.   'පතිරූප දේස වාසෝ..'   යනුවෙන් කියවෙන්නේ සුදුසු පෙදෙසක වාසය කිරීමයි. සුව පහසු, පිරිසිදු හොඳ පරිසරයක වාසය කලයුතු බව බුදු රජානන් වහන්සේ වදාල සේක. හොඳ පරිසරයක යනුවෙන් අදහස් වන්නේ, ධර්මය ශ්ර වනය කිරීමට ධර්මයෙහි හැසිරීමට ඉඩ කඩ ඇති පෙදෙසක වාසය කල යුතු බවයි.    අසල් වාසීන් නිතර නිතර ආරාවුල් ඇතිකරගන්නේ නම්, එය සමගියට, සමාදානයට බාධාවකි.    මංගල කරුනු අනුව එවැනි පරිසරයකින් ඈත් විය යුතුය. සිටින පරිසරය නිතර නිතර ජලගැලීම්, භූමිකම්පා අදියෙන් පීඩාවට නොවන ප්රදේශයක් විය යුතුය. ස්වාභාවික කරුණුවලින් පීඩා ඇතිවන ප්රදේශයක වාසය කිරීමෙන් ධර්මයෙහි හැසිරීමට අපහසු තත්වයක් උදා කරවයි.   'පුබ්බේ ච කත පුඤ්ඤතා..'. යනුවෙන් කියවෙන්නේ   'පෙර පින් කොට ඇති බවයි'. පෙර භවයන්හිදී කුසල් සිදු කොට ඇති බව වැදගත් ස්ථානයක් ගනියි. අවිද්යා ව නිසා පටිච්ච සමුප්පාදය ගැන කිසි දැනුමක් නොමැති ජනයා චේතනාවවන්ගෙන් කර්ම රැස් කරගනිති. මේ චේතනාවන්ගෙන් 'වේදනා' ඇති වේ.  එමගින් තන්හාව ඇතිවේ. තන්හාව නිසා බැඳීම් ඇති වේ. බැඳීම් නිසා භව, ජාති ජරා ව්යාධි, ආදී දුක් කන්දරාවම හිස මතුපිටට පතිත වේ. මේ චක්ර යට හසු වූ පසු ගැලවුමක් නොමැත. පෙර පින් කොට ඇත්නම් සිය කර්මයන්හි බලවත් කම අනුව, ධර්මයෙහි හැසිරීමට අවස්ථාවන් ලැබෙනු ඇත. ධර්මයෙහි හැසිරීමෙන් විද්යාව පහල වේ. එවිට පටිච්ච සමුප්පාදයේ පුරුක් ගලවා දැමිය හැක. අකුසල් රැස් කර ගෙන උපත ලබන තැනැත්තා සිය අකුසලයේ විපාක විඳිනු ඇත. බුදු රජානන් වහන්සේ දල වශයෙන් අකුසල්වල ඵල විපාක දල වශයෙන් මෙසේ දක්වා ඇත. පෙර භවයක අන් සත්වයන් හට (මනුශ්යයන් ඇතුලුව ) වද හිංසා පමුණුවා ඇත්තේ නම් ඒ තැනැත්තාට මේ භවයේදී ලෙඩ රෝග ආදියෙන් පීඩාවට පත් විය හැක. නිරන්තරයෙන් කෝප සහගත වී නම් මේ භවයේදී විරූපී වන්නේය.   මසුරු වී නම් මේ භවයේදී දිලිඳු වෙයි.   පෙර භවයේ කුසල් මේ භවයේදී ආරෝග්යයෙන්ද, අත මිට සරු බවද,  උසස් උපතකින්ද, යුක්ත වෙයි. පුබ්බේච කත පුඤ්ඤතා මංගල කරුණක් වශයෙන් බුදු රජානන් වහන්සේ දැක්වූයේ එබැවිනි. පෙර පින් කර ඇති බව මේ භවයට බල පාන්නේ එලෙසය.   බුදු රජානන් වහන්සේ දේශනා කොට ඇත්තේ හොඳ හෝ නරක වුව,  තම කර්මයට හිමි කරු තමාම වෙන බවයි.   අත්ත සම්මා පනිධිච යනුවෙන් අදහස් වන්නේ  'සිත මනාව පිහිටුවා ගැනීමයි.'   සිත මනාව පිහිටුවා නොගැනීමෙන්, ලෝභ, දෝෂ, සහ මෝහ යන් අකුසල් මුල් ආශ්රිතව හටගත් නොයෙක් අකුසල්  සිතෙහි හට ගනී, ඒ චිත්ත ක්රියාවන්ට නැංවීමෙන් කයෙන් වචනයෙන් හා ක්රියාවෙන් යන තුන් දොරින්ම අකූසල් සිදුවේ. මේ අකුසල් සියල්ල සසර දික්වීමට හේතු වෙයි. සිත මනාව පිහිටුවා ගැනීමෙන්, කුසල චිත්තයන් හට ගනියි, එනම් ත්යාගශීලීබව,  කරුනා, මෛත්රී  ආදී කුසල චිත්තයන් පහල වේ. මේ කුසල් වලින් සසර කොට කර ගැනීමට මාර්ගය පහල වෙයි. මංගල සූත්රය ඉතාමත්ම ගැඹුරුය.   බුදුන් වහන්සේගෙන් දේව සමූහයා විමසුවේ සුවයෙන් සිටීමට උපකාර වන මංගල කරුනු ය.   දෙවියන්, මනුශ්යයින් 'සුව' යනුවෙන් විමැසුවේ සන්තෝශයෙන් විසීමය.  එනම් එහි ගැබ් වී ඇත්තේ ලෞකික බවකි.   බුදු හිමි ලෞකික බව ඉක්මවා ගිය සදාකාලික සුවය දක්වා කරුණු ඉදිරිපත් කලහ.   බුදු රජානන් වහන්සේ ඉතා මත් ප්රඥා ගෝචරව මංගල කරුණු එකිනෙක ගෙනහැර පාන්නේ සීල, සමාධි ප්රඥා වශයෙන් කරුණු පෙන්වා, නිවනට යන මාර්ගය ය.   මේ සා මහත් උත්සාහයකින් එය පෙන්වන බුදු සමිඳුන්ගේ ප්ර්ඥාව අසීමිතය. තවම අපි සූත්ර ය පටන් ගත් තැනය. පසුව මෙය විග්රහ කොට බලමු. ලෝකයේ බොහෝ ජනයා දිවි ගෙවන්නේ අයහපත් ලෙසටය. අන් අයට කරදරයක් වන ලෙසටය. පාපී ලෙසටය. එසේම සමහරු සදාචාරවත් ලෙස දිවි ගෙවති. සදාචාර මනුශ්යයා මෙලොවත් පරලොවත් යහපත් වෙයි. සිත මනාව පිහිටුවා ගැනීමෙන් තමාගේ යහපතට පිහිට වන කරුණු පිලිබඳව මෙයින් අදහස් කෙරේ.



සතරවැනි ගාථාවෙන් කියැවෙන්නේ දැන උගත් බවයි. 'බාහු සච්චම් ච..'යනුවෙන් අදහස් කෙරෙන්නේ ධර්මය වටහා ගැනීමයි. බුදු රජානන් ජීවමාන ව සිටි සමයේ ධර්මය ඉගෙන ගත්තේ ශ්රතවනය කොට ධාරණය කර ගැනීමෙනි. ධර්ම ආචාර්ය වරුන් සමග සාකච්ඡා කොට මනා කොට ධාරනය කර ගැනීම මංගල කරුණක් ලෙස බුදු හිමි වදාලේ උගත් ධර්මයෙන් සිය ජීවිතය හැඩ ගස්වා ගැනීමට උපකාරී වන නිසාය. උගත් ධර්මය පවසන්නේ සීලය ආරක්ෂා කල යුතු බවයි. සීලය ආරක්ෂා කිරීමෙන් අකුසල් නූපදී. බාහු සිප්පම් ච යනු නොයෙක් නොයෙක් ශිල්පයන්හි ප්ර්ගුණ වීමයි. අකුසල් නොවන ශිල්පයන්හි ප්රුගුණත්වය බුදු හිමි මංගල කරුණක් ලෙස වදාලහ. විනයෝ ච සුසික්ඛිතෝ.. වශයෙන් කියැවෙන්නේ මනාව හික්මුනු විනයකින් යුතු බවයි. සමාන්ය ගෘහ පතියෙකුට මෙයින් අදහස් වන්නේ මේ දස අකුසල් වලින් වැලකී සිටීමයි.


1. කායික අකුසල්: සොරකම් කිරීම, ප්රාහණ ගාතය, කාමයෙහි වරදවා හැසිරීම


2. වාචසික අකුසල්: බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන පැවසීම, ඕපාදූප වල යෙදීම,


3. චිත්ත අකුසල්: තණ්හාව, ද්වේශය, වැරදි මත දැරීම


මේ දස අකුසල්, සය වැනි ගාථාව සමග සම්බන්ධ බවක් පෙනෙයි. මේ අන්දමට දිවි ගෙවන සත් පුරුෂයා තව තවත් පිනෙහි දහමෙහි ඇලී සිටීමට ප්රි යකරයි. (සාසනයේ පැවිදි වූ භික්ෂූන් වහන්සේ නමකට බුදු රජානන් වහන්සේ විසින් වෙනම විනය නීති පනවා ඇත.)


සුභාසිතා ච යාවාචා යනුවෙන අදහස් කරන්නේ යහපත් වචන ප්රවකාශ කිරීමයි. ධර්මය උගන්වන විට, ඒ උගන්වන ධර්මය


1. සත්යය විය යුතු බවද


2. යහපත් සිතට ප්රිය උපදවන වචන විය යුතු බවද


3.මෛත්රීස සහගත විය යුතු බවද


4. අර්ථවත් විය යුතු බවද


අදහස් කෙරේ. (ආචාර්ය ආර්.එල්. සෝනි - පරිවර්තනය )


පස්වැනි ගාථාවෙන් සිය දෙමාපියන්ට සැලකිය අන්දම විස්තර කෙරේ. බටහිර රටවල දෙමාපිය උපස්ථානයක් නොමැත. වයසට ගිය කල ඔවුන් වැඩිහිටි නිවාසවලට යැවෙන්නේ බොහෝ විට අකැමැත්ත මධ්යයේය. අපේ රටේද වැඩිහිටි නිවාස යන වචනය දැන් දැන් අසන්න ලැබෙයි.


දෙමව්පියන්ට භෞතික දේ පමණක් දීමෙන් ඒ දෙමාපියන්ට ඇති ණය ගෙවිය නොහැකි බව බුදු රජානන් වහන්සේ පෙන්වා දී ඇත. ඔවුන් දහමෙහි පැහැදී නැත්නම් ඔවුන්ට දහම් ඇස පහල වන පරිදි කටයුතු කලයුතුය. දෙමාපියන්ට සලකන අයුරු බුදු හිමි සිගාල නම් වූ තරුණයාට විස්තර වශයෙන් දේශනා කොට ඇත. දෙමාපියන්ට සැලකීම මංගල කරුණක් බව බුදුන් වදාල සේක. පුත්ත දාරස්ස සංඝහො.. යනුවෙන් අදහස් කෙරෙන්නේ අඹුදරුවන්ට සංග්‍රහ කිරීමයි. ලොව විකෘති වීගෙන යන මේ වගේ කාලයෙක, සිය ආත්මාර්ථකාමී අදහස් මුදුන් පත් කර ගැනීමට අඹුදරුවන් දමා යන, දරුවන් මරා දමන, සමයෙක, බුදු හිමි පවසා ඇති මේ ඔවදන් කීයෙන් කීදෙනෙකුට මතක් වේද? එමි ඔවදන් පිලි නොපදින තැනැත්තා බොහෝ විට දිට්ඨධම්ම වේදනීය කර්මයකටම හසුවී විපාක ලබන්නේය. අනාකුලාච කම්මන්තා යනු, නිරවුල් කර්මාන්තයයි.


දානංච ධම්ම චරියාච යන සය වැනි ගාථාවෙන් සඳහන් වන්නේ 'දීම''ට වඩා එහි පසුපස ඇති චිත්තයේ ස්වභාවයයි. 'දාන' උසස්, මධ්ය.ම, සහ එතරම් උසස් නොවූ වශයෙන් දානය දෙන තැනැත්තාගේ සිතෙහි ස්වාභාවය අනුව වර්ගී කරණය කල හැක. ඒ අවස්ථාවේ දන් දුන් සිතෙහි ස්වභාවය, ලෝභ වීද, ත්යාගශීලී වීද ඒ දෙකම එකතු වූ චිත්තයක්ද වශයෙන් ගත් කල ආනිසංස ද වෙනස් වෙයි. ද්රව්යමය දේවල් හැරුණු විට 'දානය' යහපත් සිතකින් පිලිගැන්වූ මෛත්රී සහගත සිනාවක් හෝ කරුණා පෙරදැරිවකරන ලද වදන් පෙලක් වුවද විය හැක. දානමය පුණ්ය ක්රියවන්හි යෙදෙන්නාගේ සිත තව තවත් පිරිසිදු වෙයි. තන්හාව තුනී වෙන අතර, අන් අය කෙරෙහි කරුණාව වර්ධනය වෙයි. එක් යහපත් ක්රි්යාවලියක් යහපත් ක්රිවයා පෙලක් ඉපදීමට සමත් වෙයි. ද්රහව්යමය දානය ලබන්නා වූ භික්ෂූන් වහන්සේලාද ධර්ම දානය මහ ජනයාට හිත සුව පිනිස පූජා කරති. දාන අතුරෙන් උතුම් දානය ධර්ම දානය බව බුදු රජානන් වහන්සේ වදාල සේක. නෑදෑයින්ට සංග්රහ කිරීම, සහ නිරවුල් කර්මාන්තයද මංගල කරුණු වශයෙන් බුදු රජානන් වහන්සේ හඳුන්වා දුන් සේක මෙහි දී බලවත් වන්නේ චේතනාවයි.


මතු සම්බන්ධයි................



Thursday, May 20, 2010

කරුණු විකෘති කිරීම 2

කරුණු විකෘති කිරීම 2



මේ සටහන, කරුණු විකෘති කොට දක්වා ඇති වෙන වෙබ් අඩවියකට ප්රතිචාරයක් වශයෙනි. 

 ඒ බ්ලොග් අඩවියට, විරුද්ධව දක්වන ප්ර්තිචාර පල නොකරන බැවින් නියම තතු මෙසේ ඉදිරිපත් කිරීමට සිදු වී ඇත.


1915 සිංහල මුස්ලිම් කෝලාහලය පටන් ගත්තේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටින් සිංහල බෞද්ධ පෙරහරක් බෙර වාදනය කර ගෙන යාමෙනි. නමුත් මීට කලින් මුස්ලිම් වරුන්ගේ යටිකූට්ටු ක්රියා කලාපය නිසා සිංහලයන්ට ඔවුන් එපා වී තිබින. 1911 දී ලංකාවේ ජනගහනය 4,106,350 විය.  ඉන් 24.32% උඩරට සිංහලද, 41.81% පහත රට සිංහලද, 23.79% ද්රවිඩ ජාතිකයින්ද, (ඉන් අඩක් මෑතකදී මෙරටට ගෙන්වා ගත් ද්රවිඩයින්ද, ) 6.45% මුස්ලිම් (මුවර්)ජනයාද  3.5% බ්රිතාඤ්ඤ සහ බර්ගර් ජාතිකයෝද වූහ.   අටවැනි සිය වසේ පටන් සුලු වශයෙන් මුස්ලිම් ජනයා මෙරටට සංක්ර්මණය වුවත් පසුව මලබාර් වෙරල සමීපයෙන් පැමිණි මුස්ලිම් වරු කිසි ප්රතිපත්තියක් නැති දුෂ්ට පිරිසක් වූහ.  කෙසේ හෝ මුස්ලිම් වරු සිංහලයන් අභිභවා,  රජවරුන්ට සහ අනෙක් පාලකයන්ට කේලාම් කියමින් සිය අභිමතාර්ථයන් මුදුන් පත් කර ගැනීමට මාන බැලූහ.  සමහර සිංහල ජනයා ඔවුන් යුදෙව්වන් හා සමාන කලහ. ඊට ප්රධාන හේතුව වූයේ ඔවුන් විසින් ගෙන ගිය කූට ජාවරම්ය.   ගිනි පොලියට මුදල් දීම සහ ඒ මගින් දුප්පතුන්ගේ වස්තුව කුනු කොල්ලයට සූරා කෑම,  සිංහල තරුණ ලඳුන් අපයෝජනයට ගැනීම,  ඔවුන් විසින් පවත්වා ගෙන ගිය ව්යාපාර වල බඩු හිඟය  ව්යාජ ලෙස ඇති කොට, එයින් සිංහල ජනයා පීඩාවට පත් කිරීම ඉන් සමහරකි. සිංහල තරුණ ලඳුන් අපයෝජනයට ගැනීම නිසා කුපිත වූ ජනතාව මුස්ලිම් ව්යාපාර කිහිප වරක් වර්ජනය කර ඇති බවට ඉතිහාසයේ ලියැවී ඇත.


සිංහල රාජ සමයේ වුවද, කේලාම් කීමෙන් රාජ පාක්ෂික භාවය දිනා ගැනීමට මොවුහු සමත් වූහ. ඒ මගින් කොල්ල කා ගත් තාන්න මාන්න, නම්බු නාම, තමන්ගේ උතුම් හැසිරීම නිසා ලද බවට අද කියා පාන බවක් පෙනේ. නමුත් ඉතිහාසය නොමැකෙන පරිද්දෙන් ලියැවී ඇත. බ්රිතාඤ්ඤයින්ගේ "එකිනෙකා කොටවා පාලනය කිරීම" යන සිද්ධාන්තය නවසීලන්තය, ඉන්දියාව සහ ශ්රී ලංකාව යන රටවල බොහෝ සේ ක්රියාත්මක වී ඇත. ඉන්දියාව හා ලංකාවේ ජනතාව බුද්ධිමත් පිරිසක් හෙයින් බ්රිතාඤ්ඤ ජාතිකයාගේ කපටි කම් හඳුනා ගනු ලදුව ඔවුන් සාම කාමීව පිට කරනු ලැබූහ. මහත්මා ගාන්ධි, "සුද්දා පිට වී යන විට ඔහු මිතුරකු සේ යන්න දෙන්නැයි" කීවේ එබැවිනි. ඒත් සුද්දා ඒ රටෙත් මුස්ලිම් වරු උසි ගන්වා පකිස්ථානයක් බිහි කර ගත්තේ ඔවුන්ගේම ලාභ ප්යෝජනය තකා ගෙනය. ඒත් ඩේවිඩ් මිලිබෑන්ඩ් වැනි අය තවමත් ඇඟිලි දිගු කරති. ලංකාවේ සුලුතර ජනතා කොටස් දෙකෙක් වූ ද්ර විඩ සහ මුස්ලිම් වරු විශේෂ වරප්රසාද බ්රිතාඤ්ඤයයාගෙන් ලබා ගත්තේ එලෙසය. ඔවුන්ට වරප්රසාද දීමෙන් එක් එක් ජාතීන් අතර ගැටුමක් ඇති කිරීම සුද්දා ගේ ප්රතිපත්තිය විය. තොප්පිය හැරෙන අතට ගමන් කරන මුස්ලිම් වරයාද, 'කල දුටු කල වල ඉහ ගත්තේය.' ඒ මදිවට ඔව්න්ගේ පවු සෝදා සුදු හුනු ගාන්නාක් මෙන් ඉතිහාසය විකෘති කිරීමටද තැත් කරයි. 1915 කෝලාහලය ඇතිවූයේ මේ සිදුවීම් මධ්යයේය. බ්රිතාඤ්ඤ ජාතිකයා නිර්දය ලෙස 1915 කැරැල්ල මැඩ පැවැත්වූයේ සිංහල ජනතාවට විරුද්ධවය. උඩරට වතුවල සිටි බ්රි‍තාඤ්ඤ ජාතික වතුකාරයන්ද, ස්වේච්ඡා භටයින් ලෙස තුවක්කුද රැගෙන මුර සේවයට එක්වූහ. මුස්ලිම් වරුන්ගේ බොරු සාක්ෂි මත ඔවුන් විසින් නඩු නොඅසා වෙඩි තබා මරා දැමූ සංඛ්යාරව 63කි.  
මුස්ලිම් වරු රාජකීය මෙහෙකරුවන් වූයේ මෙසේය. මේ කරුණු ඉතිහාස ගත වී ඇත.

විමර්ශන මූලාශ්රඩය
1 Blackton, C.S.: The action phase of the 1915 riots. Journal of Asian Studies, Feb.1970, vol.29, no.2, pp.235-254.

11 Kearney, R.N.: The 1915 riots in Ceylon – a symposium; Introduction. Journal of Asian Studies, Feb.1970, vol.29, no.2, pp.219-222.
111 Fernando, P.T.M.: The post riots campaign for justice. Journal of Asian Studies, Feb.1970, vol.29, no.2, pp.255-266.

Tuesday, May 18, 2010

මහා මංගල සූත්රකය සහ නවීන ලෝකය - 1

ගෞතම බුදු රජාණන් වහන්සේ මනුශ්යයාගේ හිත සුව පිණිස දේශනා කල මහා මංගල සූත්රය එදාට වඩා අද සමාජයට ගැලපෙන බව පෙනෙන්නේ අද සමාජයේ ඇති සංකීර්ණ භාවය නිසාය.   බුදු රදුන් ජීවමානව වැඩසිටි කාලයේ පවා මිත්යා දෘෂ්ටික පිරිස් සමාජයේ සිටියහ. ඒ සමගම බුද්ධිමත් ජනයාද, සිත දියුණු කල මාර්ග ඵල ලාභීහුද, සිටියහ.   බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ දේශනා පැවැත්වූවේ හුදෙක් මහජනයාගේ දියුණුව පිනිසය. සමාජයේ සිටින සෑම තරාතිරමක කෙනෙකුටම ආගම් භේදයකින් තොරව මංගල සූත්රයේ ඇති ඔවදන් පිලිපැදිය හැකිය. ලොව ජීවත් වන ජාතීන් නොයෙක් හේතූන් නිසා ඇනකොටා ගන්නා සමයෙක,  මංගල සූත්රයය වැනි සාමකාමී ජීවන පිලිවෙතකට මගපාදා දෙන ඔවදන් සමූහයක අගය මිලකල නොහැක.   ලංකාව පිරිසිදු බුද්ධාගම ඇති රටක් හැටියට අපි උදම් අනමු.   උදේ හවස මංගල සූත්රොය සජ්ජායනා කෙරෙන නමුත් ඒ මහානුභාව සම්පන්න සූත්රය පිලිපදින්නෝ විරලය.   යම් කෙනෙකුගේ ජීවන රටාව මහා මංගල සූත්රයේ සඳහන් පරිදි සකස් කර ගනියි නම්,  මෙලොව වශයෙන් දියුණුවක් ඉතා ඉක්මනින් ලඟා කරගත හැක.  පවුලේ සමගිය ඇතිකල්හි, ඒ සමගිය ඊලඟ පුරුකට විහිදෙයි.  එවිට නිරායාසයෙන්ම සාමකාමී, අපරාධවලින් තොර සමාජයක් බිහිවනු ඇත. නමුත් අපි අපටම සත්යදායක විය යුතුය. ලොව රවටා කිසිම පලක් නැත.   බුදු සමයේ පවා සුභ නිමිති, අසුභ නිමිති, ගැන විශ්වාස, යම්කිසි දෙයක් පටන් ගැනීමට සුභ වේලාවක් බැලීම වැනි සිරිත් අද දින මෙන් බුදු හිමි වැඩසිටි කාලයේත් නොඅඩුව තිබිණි.   බුදු රජාණන් වහන්සේ සුභ අසුභ නිමිති, වාසනාවන්ත නිමිති සහ අන්ධ විශ්වාසය මත ගොඩ නැගුණු නොයෙකුත් මතාන්තර තරයේම ප්රතික්ෂේප කල සේක. මේ නිසා මිනිසාගේ සිතෙහි දියුණුවට, ක්රියාකාරිත්වයට ලැබුණේ විශාල රුකුලකි.  ඒමගින් සමාජයේ අභ්යන්තර සම්බන්ධතාවයන් වර්ධනය විය.   මහා මංගල සූත්රය ලොවට කොතරම් වැඩදායීදැයි,  ඒ සූත්රභය විචාරාත්මකව කියවා බැලීමේදී පැහැදිලිය.  ප්රථමයෙන් යහපත් පවුල් දිවියකට මග පෙන්වන බුද්ධ සන්නසක් ලෙස සකස් වූ මේ සූත්ර‍ය, සමාජයීය වගකීම් සහ සදාචාරාත්මක භාවයෙහි වැදගත්බව පැහැදිලි කරයි.



නිහතමානී බව,  කෘතඥතාවය,ඉවසීම, සහ නිර්මලත්වය ගැන මංගල සූත්රමය ප්ර සංශා සහගතව සඳහන් වෙන මේ සුත්රයය මිනිසුන් සඳහා පමණක් නොව වෙනත් ලෝක වාසීන්ටද දේශනා කරණ ලද්දකි.  මංගල කරුණු වටහා දීමෙන් සුභ නිමිති, අසුභ නිමිති, නැකැත් බැලීම් ආදී අන්ධ විශ්වාසයෙන් කෙරෙන කටයුතුවල නිශ්ඵල බවද මෙයින් පෙන්වයි.  දැන් සූත්රය දෙස බලමු....


බුදු රජාණන් වහන්සේ ගේ මහා පරිනිර්වාණයෙන් තෙමසකට පසු, රජගහ නුවර සප්තපන්නී ගුහාවෙහි රහතන් වහන්සේලා පන්සියයක් එකතුව පිරිසිදු බුද්ධ වචනය ආරක්ෂා කිරීමට ප්රථම ධර්ම සංගායනාව පවත්වන ලදී. මෙහිදී උපාලි මහ රහතන් වහන්සේ සහ ආනන්ද මහ රහතන් වහන්සේලා විසින් විනය සහ සූත්ර පිටකයන් කියවන ලදී. "මා විසින් මෙසේ අසන ලදී..." (ඒවම් මේ සුතං...)යනුවෙන් සුත්ර දේශනාවේ ප්රථමයෙන් කියවෙන්නේ මේ සූත්ර දේශනා සියල්ලක්ම ශ්රවනය කොට මතක තබා ගෙන සිටි ආනන්ද රහතන් වහන්සේ එම දේශනාවෙහි නිවැරදි බව ප්රත්යසක්ෂ කිරීමක් ලෙසටය. එතැන් පටන් වට්ට ගාමිණී අභය රජ දවස (ක්රි .පූ.80 දී පමණ ) ත්රිපිටකය මාතලේ අලුවිහාරයේදී ග්රන්ථාරූඪ කෙරෙන තෙක් දහමට ලැදි සංඝයා වහන්සේලා විසින් බුද්ධ වචනය මතකයේ රඳවාගෙන ආරක්ෂා කරන ලදී.


එකල්හි බුදු රජාණන් වහන්සේ හමුවීමට දේව ලෝක වල සිට දෙවි වරුන් පැමිනියහ. දෙවි දේවතාවන් පැමිණෙන්නේ ඔවුන්ට විසඳාගත නොහැකි ප්රශ්න බුදු රජණන් වහන්සේගෙන් අසා දැන ගැනීමටය. එක් එක් දිව්ය ලෝක වල සිටින දෙවි වරු විවිධය. ඔව්න් උත්පත්තිය ලබා ඇති ලෝකය අනුව ඔවුන්ගේ ස්වභාවය වෙනස් වෙයි. ඔවුන් ගමන් කරන විට ආලෝකය විහිදේ. "ජේතවනං ඕභාසෙත්වා..." වශයෙන් ඒ ආලෝක ධාරාවන් සූත්රයෙහි විස්තර කොට ඇත. (මිනිසුන් හමුවට දෙවි දේවතාවන් දැනට වුවත් මැදියම් රැය ඉක්ම ගිය කල්හි පැමිණෙන බව තායිලන්තය, බුරුමය සහ ලංකාව වැනි රටවල් වලින් අද දවසේ පවා වාර්තා වේ.) මේ දෙව් දේවතාවන් වුවද අනිත්ය් දුක්ඛ අනාත්ම යන දහමට යටත් වේ. මංගල සූත්රයේ දෙවියන් හා ඇති සම්බන්ධතාවය මෙයයි. සූත්රයේ ප්රථම ගාථාවෙන් භාග්ය වතුන් වහන්සේට ඉදිරිපත් කල ප්‍රශ්නය කියැවේ. මෙහි ඇති ප්‍රධාන කරුණු මෙසේ දැක්විය හැක.


1. දෙවිවරු සහ මනුශ්යයෝ සතුට සහ ආරක්ෂාව ප්‍රිය කරති. ඒ ආරක්ෂාව රැඳී ඇත්තේ සුභ, වාසනාවන්ත යනාදී කරුණු අනුවය.


2. බොහෝ කලක සිට මංගල කරුණු, අසුභ කරුණු යනු මොනවාදැයි ඔවුහු සොයා බලා ඇත.


3. මේ විමැසුමට හේතුව සිය පුද්ගලික සැපත හා ආරක්ෂාවයි.


4. මේ තාක් කල් ඔවුනට උතුම් මංගල කරුණු ගැන ඒකමතික තීරණයකට එළඹීමට නොහැකි වී ඇත.


5. මහා ප්රඥාවෙන් යුතු වූ බුදු රජාණන් වහන්සේ හමු වීමට සිදු වූයේ එබැවිනි.


6. මිනිස් ලොව හා දෙව් ලොව වල ඇති වූ මේ ප්රශ්නය නිරාකරණය උදෙසා බුදුරජාණන් වහන්සේගේ පිහිට පතා ඇත.


7.දෙවියන්ගේ සහ මිනිසුන්ගේ යහපත උදෙසා බුදුරජාණන් වහන්සේ මේ ප්රශ්නය සම්පූර්ණයෙන්ම නිරාකරණය කලසේක.


මේ ප්රඅශ්නය තුල කරුණු දෙකක් අඩංගු වේ.


1. දේව සහ මනුශ්ය ලෝක වල වැසියනට චිත්ත සන්තෝෂය ඉතාමත් වැදගත් අභිලාෂයකි.


2. මේ ලෝකවල වැසියෝ “සතුට” උදෙසාම කල් ගත කරති.


කාමලෝක තුල ඇති "සතුට" රඳා පවතින්නේ කරුණු කිහිපයක් මතය. එනම් සතුටු වීමට ඇති 'තන්හාව', 'ආයතන'වල බලවත්කම, සහ ඒ ලෝකවල ඇති විවිධ වස්තූන්ගේ ස්වභාවයයි. නමුත් සියලුම කම් සැප අනිත්යයි. බුදුරජාණන් වහන්සේ මේ ප්රකශ්නය මතුවෙනවාත් සමගම එහි ඇති බරපතල කමද වටහාගත් සේක. ආශාවන් ඇත්තේ සතුට උදෙසාය. ඒ ආශාවන් පසුපස දුවන්නා කවදාවත් සැනසීමක් ලබන්නේ නැත. බුදුරජාණන් වහන්සේ ඉතාමත් ප්රඥාගෝචරව, ප්ර්ශ්න කොට ඇති සුභ අසුභ කරුණු ගැන අමතක නොකොට, සරළ ලෙසින් සාමාන්ය වත් පිලිවෙත් වලින් පටන් ගෙන නිවන් මග දක්වා ගාථා දොලහකින් සූත්රය දේශනා කල සේක. නිවන අවබෝධ කල පසු තණ්හාව සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇත. කාමයන්හි ඇලී ගැලී සිටීමෙන් දුකක් විනා සැපක් නැති බව බුදු රජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල පහදා දී ඇත. උන්වහන්සේ මෙලොව වශයෙන් යහපත්ව ජීවත්වීම, සහ පරලොව යහපත සඳහා කටයුතු සකස් කර ගැනීම පිලිබඳව දුන් ඔවදන් පෙල අතර "සැපත" පිලිබඳව විශේෂ යමක් දේශනා කර නොමැත. උන්වහන්සේගේ සූක්ෂම ඥාණයත්, නියම පිලිතුරත් අඩංගු මේ සූත්රවය ඉතාමත් ප්රඥාගෝචරය.


දෙවැනි ගාථාවෙන් ආශ්ර.ය කලයුත්තන් පිලිබඳ විස්තරයක් කියැවේ. ආශ්රයෙන් කෙනෙකු වරදට පෙළඹිය හැක.   බුදු සමයේදී දෙව්දත් තෙරුන්ගේ පෙළඹවීමෙන් අජාතසත්ත රජු සෝතාපන්න වූ සිය පියා මරවා අපාගත වූ සැටි සූත්ර වල උදාහරණයක් ලෙස සඳහන්ය. අපට දිනපතා ජීවිතයේදී මේ පිළිබඳව නොයෙක් නොයෙක් උදාහරණ හමුවේ. වයසින් මුහුකුරා ගියද, සමහරුන්ගේ අදහස්, චින්තනය යහපත් නොවේ. එවැනි අය ආශ්රය නොකල යුතු බව බුදුරදුන් වදාලහ. මේ නිසා ඒ පුද්ගලයින් පත්වන්නේ ඉතාමත් අවාසනාවන්ත තත්වයකටය. පාසැල් ජීවිතයේදී හමුවන මිතුරන් නිසා බොහෝ ලමයින්ගේ ජීවිත හොඳ හෝ නරක අතට යා හැකි බව දන්නා කරුණකි. හොඳින් පාඩම් කරගෙන තමන්ගේ වැඩ කරගෙන යන ලමයෙක් අතරට නිකම් කාලය නාස්ති කරන ලමයෙක් වැටුනොත් සිදුවිය හැකි විනාශය ඉතාමත් දරුණුය. මේ ගාථාවේම, "පිදිය යුත්තන් පිදීම" මංගල - උත්තමම් වශයෙන් දක්වා ඇත. පිදිය යුත්තෝ කවරහුද? බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේගේ ශ්රාවක සංඝයා, මාපිය ගුරුවරු ආදීහුය. මේ පිරිස් අපේ ජීවිත සැපවත් කිරීම උදෙසා වෙහෙසන උතුම් පුද්ගලයෝ වෙති.  අද දවසේ සමහර අය පුහු මාන්නයක් සිතට ගෙන ගරු කටයුත්තන් නොසලකා හරිති.  එයින් සිදුවන්නේ තමාගේම පරිහානියයි. ගරුකටයුත්තන් කෙසේ වුවත් සිය සමගාමිකයන් පවා නොසලකා හරිති.  නිහතමානී බව ඔවුන් කෙරෙන් පලාගොස් ඇත. ඔවුන්ට ඇත්තේ මිත්යාදෘෂ්ටියකි. නිතර නිතර මේ අය අනෙක් අය හා රන්ඩු දබර ඇතිකර ගනිති. සමාජයේ ජීවත් වීම අපහසුය.  බුදු රජාණන් වහන්සේගේ දහමට පිටුපා වෙනස් මගක ගමන් කරන ඔවුන් අයිති වන්නේ මාර සේනාවටය. ඒ ඔවුන් මේ සසර තව තවත් දික් කරන නිසාය.   නමුත් ඔවුන් බෞද්ධයින් යයි කියා ගනිති..   ඒ නමින් පමණය.


මතු සම්බන්ධයි..

Thursday, May 13, 2010

කරුණු විකෘති කිරීම

කරුණු විකෘති කිරීම



පසු ගිය කාල වකවානුවලදී මුස්ලිම් ජනයා ඉතාම්ත් සාමකාමී ලෙස සිංහල බෞද්ධයා සමග ජීවත් වූ බවක් හා කරුණු විකෘති කොට, මුස්ලිම් ආගම ලෝකයේ ඉතාමත්ම සාමකාමී පිරිසිදු ආගම ලෙස හුවා දක්වන බ්ලොග් අඩවියක, පූජ්ය එල්ලාවල මේධානන්ද හිමියන් විවේචනය කොට තිබුනි. එය දුටු නිසා මම දන්නා කරුණු ස්වල්පයක් ගෙනහැර දක්වා මේ සටහන ලියන්නට සිත් වුනි. දැනට ලංකාවේ සිටින මුස්ලිම් ජනතාව පරම්පරා පහක් හෝ හතක් පමන මේ රටේ ජීවත් වී ඇත. මේධානන්ද හිමි පවසන ආකාරයට මොවුන්ගේ මුල් රට අරාබි දේශයයි. මේ රටේ ඉපදුන නිසා මේ රට මවු රට බවට සැලකීම වරදක් නැත. නමුත් ඔවුන් හොඳ පුර වැසියන් වීද? සත්තකින්ම නැත. සාමාන්ය යෙන් මුස්ලිම් ජනයා ඉතාම කෛරාටික බවට සමාජයේ පිලිගැන්මක් ඇත. මෙය කොතනින් පටන් ගත්තාදැයි කීම පවා අපහසුය. නමුත් අතීතයේ සිදුවුනු ඉතිහාසගත සිදුවීම් මේ කරුණු සඳහා සාක්ෂිදරයි. ලංකා 1 බ්ලොග් අඩවියේ සටහන් අතර 1915 සිංහල-මුස්ලිම් කෝලාහලය පිලිබඳ වචනයකුදු නොමැත. එක්කෝ කිසිවෙක්වත් මේ පිලිබඳව නොදන්නවා ඇත, නැතහොත් ගොලුවන් බිහිරන් අන්ධයින් සේ කරුණු මග හැර සිටීමට උත්සාහ දරනු ඇත. ලංකා ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් ගැන වාර්තා වේ.


1915 වෙසක් පොහෝ දින ගම්පොලදී මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටින් බෙර වාදනය කරමින් ගිය බෞද්ධ පෙරහැරකට මුස්ලිම්වරු ගල් ගසා බෞද්ධයින් අවුස්සා ගත්හ. එකල තිබුනේ බ්රිතාඤ්ඤ රජයයි. සැමදාම බෞද්ධයින්ට කෙනෙහිලිකම් කල බ්රිතාඤ්ඤ ජාතිකයෝ මුස්ලිම් වරුන් විසින් නොමග යවන ලදුව, මුස්ලිම් පල්ලි ඉදිරිපිටින් බෙරවාදනය තහනම් කරමින් නීතියක් පැනවූහ. මුස්ලිම්වරුන් කෛරාටික ලෙස බ්රිිතාඤ්ඤ නිලධාරීන් රවටා මෙය කල බව සැලකේ. එකල සුලුතරයක් වූ මුස්ලිම් ජනතාවගේ සාමකාමී සහජීවනය මෙයද? මේ අවස්ථාවේදී අනගාරික ධර්මපාල තුමා "බ්රි තාඤ්ඤ ජාතිකයාට ජර්මානුවා යම් සේද, බෞද්ධයාට මුස්ලිම් මිනිසාද එසේමය," යනුවෙන් අනාගත වාක්යයක්ද පලකලේය. 1950 දශකයේදී ආනන්ද විද්යායලයේ සයවැනි පන්තිවලට "පියසිරිගේ පාසැල් සමය" යනුවෙන් වී.ඩී.ද. ලැනරෝල් මහතා විසින් රචිත පොතක් කියවීම සඳහා නියමිතව තිබුනි. මේ පොතේ පසුබිම සිංහල මුස්ලිම් කෝලාහලය පිලිබඳව විය. කඩුවෙල, බෝමිරිය, කැලණි මිටියාවත පසුබිම් කර රචිත මේ පොත ලැනරෝල් මහතාගේ පුද්ගලික අත්දැකීම් විය. එකල මුස්ලිම් ප්රභාකරන් කෙනෙක් නොසිටියද, කරුණු මෙසේ විය. කපිතාන් හෙන්රි පෙද්රිස්ට වෙඩි තබා හොර රහසේ වැලලීම, සිංහල නායකයින් නඩු නොඅසා මරා දැමීම, සිරගත කිරීම ආදී නොපනත් කම් බොහෝ සෙයින් සිදු වුනි. ලංකාවේ ප්රථම අගමැති ඩී.එස්.සේනානායක මහතාද සිරගත විය. කුපිත වූ බෞද්ධයාද මුස්ලිම් පල්ලි විනාශ කලේය. සමහර මුස්ලිම් වරු ජීවිතයන්ද වන්දි ගෙවූහ. රජය විශ්වාස කලේ මේ 1818 මෙන් රාජ්ය විරෝධී ව්යාපාරයක් ලෙසටය. අවසානයේ රජයට හොරෙන් රහසේ එංගලන්තයට පනිවුඩයක් යවා, මෙරට උන් ආන්ඩුකාරයා ආපසු එංගලන්තයටම කැඳවා ගන්නා ලදී.


කරුණු මෙසේ තිබියදී, සාමාකාමී සහජීවනයක් ගැනත්, බෞද්ධයන් සමග හොඳින් ජීවත්වීම ගැනත් කවර කථාද? මේ ලංකා ඉතිහාසයෙන් පිටුවකි. ගෝලීය වශයෙන් මේ පුරුක ඔස්සේ බලන්න.


http://www.youtube.com/watch?v=l-y1SNddKnw&feature=related

බෞද්ධයන්ට 1915දී අකුල් හෙලා, ඔවුන් ප්‍රකෝප කොට මෙතරම් විනාශයක් කර තිබියදීත්, යලිත් මුස්ලිම් ජනතාව සමග එකට ක්‍රියා කිරීම පිළිබඳව මුස්ලිම්වරු බෞද්ධයන්ට නය ගැති විය යුතුය. එසේම මේධානන්ද හිමියන් විවේචනයට භාජනය කිරීමද හෙලා දැකිය යුතුය.