Wednesday, November 26, 2008

මේ මොකක්ද දන්නවද?

මේක අද ලෝකෙ හැටියට අලුත් ලෙඩක් වෙලා ඉවරයි. මේකට නම් ලස්සන නමක් තියෙනව....
SMS Teno synovitis කියල.
ඉස්සලම විස්තර කරල තියෙන්නෙ මේ රටේ NZ. දවසකට 100 කට වැඩියෙන් SMS යවනවලු මේ ලමය වයස 20යි.
එහෙම කලාම මහ පට ඇංගිල්ල උලුක්කු වෙන එක අහන්න දෙයක්ද? දැක්කද අර නම අන්තිමට තියෙන 'itis' කෑල්ල? ඔහොම නම් දාන්න ගියොත් කතා කරල කරල දිව රිදෙනවට ටංගලයිටිස් කියන්නත් වෙයි.

10 comments:

Bandula - බන්දුල said...

මාර ලෙඩ!

Anonymous said...

මට නම් ඔය වගේ SMS ලියන්න තරම් හේතුවක් නෑ. දවසට එක SMS එකක් ගහන්නෙත් කලාතුරකින්. ඒත් මේ බස් එකේ යන එන ගමන් බ්ලොග් ලියන නිසා ඔය වගේ ලෙඩක් වත් හැදෙයිද දන්නේ නෑ.

සරත් ගුණතුංග said...

@ පහන්
වැඩියෙන් වැඩක් කෙරුනොත් ( වලක් හෑරුව වගේ ) පිට රිදෙන්නෙ... අන්න ඒ වගේ තමා ඕකත්. හැබැයි ඔබ දොස්තර කෙනෙක් ළඟට ගිහින් ඇඟිල්ල පෙන්නුවොත් ඕකට කියයි blog tenosynovitis කියල.

ඊට පස්සෙ කපුටො එන්න පටන් ගන්නව නොයෙක් ප්‍රතිකාර කියාගෙන. පසුම්බිය කෙට්ටු වෙන කොට තමයි දැනෙන්නෙ.

Bo said...

මෙහෙම එස් එම් එස් යවන යාලුවෙක් මටත් ඉන්නවා, එයා නම් දවසට 50 විතර යවන්නේ. බ්ලොග් ලියන අයටනම් key board tenosynovitis

malee_msg said...

මම නම් දවසකට 10 ක් වගේ තමයි උපරිම යවන්නේ... හැබැයි ඉතිං කීබෝර්ඩ් එකට කොටන එකනම් ඉවරයක් නෑ.. මගේ කාර්යාල පරිගණකයේ A අකුර මැකිලා/ගෙවිලා...ඇගිලි වලට වෙන‍ දේනම් තාම පෙන්න ‍නෑ

ආගන්තුකයා | Stranger said...

ඕක අර බැරිබැරියාව වගේ ලෙඩක්ද....? අපිත් දොස්තරලා නොවුනාට ලෙඩ ගැන ටිකක් දන්නවා....
1.රථගාය
2.බැරිබැරියාව
3. ආල මාන්දම
අනේ මන්දා සරත් මහත්තයෝ... ඔව ඉතින් මිනිස්සුන්ගෙත් වැරදි නේද...?

Anonymous said...

@ ආගන්තුකයා
ආල මාන්දම ඔබතුමාටත් තියෙනවා නේද?

Harshana said...

මරු, මම නම් මාසෙටම SMS 10ක් වත් ගහන්නෙ නෑ. ඇයිද දන්නෙ නෑ මම mobile phone එකේ යතුරු පුවරුවට කැමති නෑ,

djmlog103 said...

මාර ලෙඩක් තමයි. ලංකාවෙ කට්ටිය වැඩිපුර SMS ගහන්නෙ ප්‍රේම සම්බන්දතා තියෙද්දි මම හිතන්නෙ. මම දන්න ගොඩක් යාලුවො එහෙමයි. හැබැයි දැන් ජංගම දු.ඦාල සැපයුම්කරුවන් නොයෙකුත් පැකේජ හඳුන්වා දී තිබෙන නිසා, SMS යැවීම ටිකක් අඩු වෙලා වගේ.
දිලූප...

amal ishantha said...

වෙලාවට උපහාර පැකේජ් එක හම්බවුනේ. හැබැයි කොහොමත් මටත් මේ ලෙඩේ හැදෙයි. ටයිප් කරන තරමට