Friday, July 29, 2011

ගරු කාලිංග ඇතුලත්මුදලි මහත්මයාට විවෘත ලිපියක්.

ගරු කාලිංග ඇතුලත්මුදලි  මහත්මයාට විවෘත ලිපියක්.

මේ ලිපිය ලියන්නේ ඔබ තුමා සමච්චලයකට ලක් කිරීමටවත් ඔබතුමා උපහාසයට ලක් කිරීමට වත් නොව, සදාචරවත් ධර්මයක් පහදා දීමටය.  ඔබේ පින්තූරය දූටු පමණින්ම (twitter) ඔබතුමා මට වඩා වයසින් හා ජීවිතයේ අත්දැකීම් වලින් ඉතා බාල බව මට වැටහුනා.  මම මෙය ලියන්නේ ඔබතුමා ගැන හිතානුකම්පාවකින් මිස ඔබ හා වෛරයකින් හෝ ක්‍රෝධයකින් නොවන බව කරුණාකර සලකන්න.  මගේ වෘත්තිය ගැන මට කිසිම ප්‍රශ්නයක් නැත.  අපි තවම ජාතියක් හැටියට, (ඒ කියන්නෙ සිංහල මිනිස්සු ) එකම භාෂාව කථා කරන ලෝකයේ සුලු ජාතියක් හැටියට ලෝක වාසීන් හඳුන් වන්නෙ.  අපිට නොයෙක් චෝදනා එල්ල වෙනව.  පිට රටක ඉන්න මට ඒව හොඳට ඇහෙනව.  සුනාමි සල්ලි ගසා කාපු හැටි මුලු ලොවම දන්නව.  ඔය වගේ චෝදනා ඇහෙන කොට ගොලුවන් බිහිරන් වගේ මුනිවත රකින්න අප්ට සිද්ධ වෙනවා.  ඒකට කමක් නැහැ.  අපි අපි කුලල් කා ගන්න ගියොත් වැඩේ තවත් නපුරු වෙනවා. ඒ නිසයි මම මේක ලියන්නෙ.  මම මේ රටට ආවෙ ලංකා දේශ පාලුවෙක් මගේ ඇට පොඩිකරනව කියල දේශපාලන තර්ජනයකට බයෙන්.  ඒකට දැන් වසර 39ක් වෙනවා. 

මේක කියවන අයට දැනගන්න මම මේක විස්තර වශයෙන් ලියන්නම්.  මගේ 'යටගිය දවස' යන බ්ලොග් එක හදිසියේම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ පල නොවෙන්න පටන් ගත්තා.  ඒ සම්බන්ධව මම ඉතාමත් නිහතමානී ලිපියක් ඔබ තුමාට එව්වා මතක ඇති.
2011/4/9 Sarath Gunatunga <>:
>
හිතවත් මහත්මයානනි,
>
> "
යට ගිය දවස" නම් වූ ශීර්ෂයෙන් යුතු මා ලියන බ්ලොග් එකේ සටහනක් අවසාන වශයෙන්
>
පලවූයේ 2011 අප්‍රේල් පලමුවැනි දිනදීය. ඉන් දින පහකට පසු පල කරන ලද මගේ අනෙක්
>
සටහන තවම පලවී නොමැත. සංසදයේ නීති අතර මේ වැනි අවස්ථාවක ක්‍රියා කරන අයුරු
>
සඳහන් කොට නැත. මෙවැනි අවස්ථාවක, එනම් දින 90කට ප්‍රථමයෙන් සටහන පල නොවුවහොත්
>
කුමක් කල යුතු දැයි දැන්වුවහොත් ඉතාමත් අගෙයි.
>
මේ සම්බන්ධයෙන් කුමක් සිදු වීදැයි මටත් දැන්වුවහොත් ඉතාමත් යහපති. මෙයින්
>
අදහස් කරන්නේ වැරදි සෙවීමක් නොව ඔබගෙන් සිදුවන අගනා සේවය තවත් අගය කිරීමක්
>
පමණක් බව කරුණාවෙන් සලකන්න.
>
>
>
මගේ බ්ලොග් සටහන් පිලිබඳ දත්ත මෙසේය.
>
>
නම: යටගිය දවස
>
>
මගේ නම: සරත් ගුණතුංග
>
>
බ්ලොග් ලිපිනය: http://sgunatunga.blogspot.com
>
මගේ ලිපිනය ( බ්ලොග් සඳහා) Sarath.Gunatunga01@gmail.com
>
>
මේ ලිපි ලැබුණ නොලැබුනු බව පවසා ලිපියක් එවන්නේ නම් ඉතාමත් අගේය. විද්‍යුත්
>
ලිපි පවා සමහර අවස්ථාවල නොලැබෙන බව නොරහසකි. ඒ නිසා ලිපිය ලැබුනු බව දන්වා
>
එවන්නේ නම් යහපති. එවැනි ලිපියක් එවීමට කටයුතු සකස් කිරීම ශ්‍රමය වැය නොකොට
>
ඉලෙක්ට්‍රෝන අනුසාරයෙන් කිරීමට පුලුවන් බව මම දනිමි. පරිගණක ශාස්ත්‍රයෙහි
>
විශේෂඥයන් වන ඔබට එය පහසුවෙන් කල හැක.
>
>
>
තමාගේ පුද්ගලික ශ්‍රමය කාලය වැය කොට කරන්නා වූ ඔබගේ සේවය ඉතාමත් අගය කොය සලකමි.
>
>
මීට හිතවත්
>
සරත් ගුණතුංග


මේ ලිපිය සහ වෙනත් ලිපි මම කිහිප වරක් ඔබ තුමාට එවා ඇත.  නමුත් මට පිලිතුරක් ලැබුනේ නැත.  අවසානයේ ඔබතුමාගේ අවධානය දිනා ගනු පිනිස අපහාසාත්මක නොවූ  නමුත් උපහාසාත්මක ලිපියක් ඔබගේ නම සහිත වෙන ලිපියකට පිලිතුරු වශයෙන් එව්වෙමි.   ඒ ලිපියට මට ලැබුනේ අපහාසාත්මක ලිපියක්.  ඒ ලිපිය පලකරන්නේ මහජන සංසදයක සියලු කටයුතු විනිවිද වියයුතු නිසාය.  එසේ නැතුව ඔබ සමච්චලයකට ලක් කිරීමට නොවේය.

----- Forwarded Message ----
> From: Sarath Gunatunga <>
> To: sinhala-bloggers@googlegroups.com
> Sent: Tue, 21 June, 2011 10:02:17 PM
> Subject: Re: [Sinhala-Bloggers] Re:
පණගැහෙන සින්ඩියට කාලෙකින්
>
>
රජතුමනි,
>
ඔබගේ උත්සාහය ප්‍රසංශනීයි. නම්ත් එය තවත් කරකැවෙන්නේ පරිපාලක මන්ඩලයේ සුව පහසුව
>
තකාය. පාඨකයන්ගෙන් එන ලියුම් ඔබ වහන්සේ විසින් බොහෝ වේලාවට නොසලකා හරින බව
>
පෙනේ. මා එසේ කියන්නේ මට එයසිදු වූ නිසාය. සමහර පාඨකයෝ අධ්‍යාපනික වශයෙන්
>
සරසවි වල ඉගෙන ගෙන ඇත්ත පරිඝණක විද්‍යාවෙ සමර්තයෝ නොවෙතො. මේ පිල්බඳව ඔබ
>
තුමාගේ අවධානය යොමු වෙතා.
> -
සරත් ගුණතුංග
>




From: Kalinga Athulathmudali
To: Sarath Gunatunga
Cc: Sinhala Bloggers' Union Admin
Sent: Wed, 22 June, 2011 4:31:29 AM
Subject: Re: Fw: [Sinhala-Bloggers] Re:
පණගැහෙන සින්ඩියට කාලෙකින්

අපි ලිපිවලට පිලිතුරු දෙන්න යන කාලය ගැන කතාකරන්න නම් ඔබ අපිට කන්න
අදින්න දෙන්න. පිට රට සුද්දන්ගේ පස්ස හෝදන ඔබ වගේ, බුදු දහම ගැන බ්ලොග්
ලියලා, කෙනෙකු අපහස් නොකර කතා කරන්න දන්නේ නැති ඔබ වැනි පරගැනිතයන් ගැන
අපි අනුකම්පා කරමු.

අපි කරන්නේ සේවයකි, එක කරන්නේ අපිට පුලුවන් වෙලාවටයි. මුලින්ම
මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න. අපි නම් අපේ රටට රජෙක් තමයි, ඔබ වගේ
සුද්දන්ට ආවඩා නැත.

එක අතකින් ඒ මහත්මයා හරිය.  යම් කිසි කෙනෙක් ශරීරයේ පිටුපස ගෙඩියක් වැනි රෝගයක් සමග පැමිනිය හොත්, මම මගේ වෘත්ත්යේ හැටියට එය සෝදා පිරිසිදු කොට වෙනත් ප්‍රතිකාරද කල යුතුය.  එසේ නැතුව, පස්සා සේදීම පමණක් මම කරන්නේ නැත. ( අනෙක මේ මහත්මයාගේ නුවනද සීමිත බව හැඟෙයි.  සුද්දා පස්ස පැත්ත සෝදන්නේ නැත.  ඔහු පුරුදු වී ඇත්තේ එය පිසදා ගැනීමටය.)   මේ ලිපිය මටද වැදුනි.  ඒ නිසා උපහාසාත්මක බව කැටි කොට පිලිතුරු ඇරියෙමි.

From: Sarath Gunatunga
To: Kalinga Athulathmudali
Sent: Wed, 22 June, 2011 4:43:09 AM
Subject: Re: Fw: [Sinhala-Bloggers] Re:
පණගැහෙන සින්ඩියට කාලෙකින්

එහෙමයි ස්වාමීනි. ලාංකික දේශපාලුවෙකුගේ තරවටුවකට බියවී මෙහි ආවා මිස මම කැමැත්තෙන් නොපැනියෙමි. ලිපියකට පිලිතුරු ලිවීම සාරධර්මයකි. ශ්‍රී ලාංකිකත්වය ඔබගේ හැසිරීමෙන් මොනවට පැහැදිලි වී ඇත.



From: Sarath Gunatunga
To: Kalinga Athulathmudali
Sent: Wed, 22 June, 2011 4:43:09 AM
Subject: Re: Fw: [Sinhala-Bloggers] Re:
පණගැහෙන සින්ඩියට කාලෙකින්



සමා වෙන්න ස්වාමීනි, මගේ මීට කලින් එවූ ලිපියෙන් ඔබේ සිත රිදුනේ නම් ගැත්තහුට අනුකම්පා කරන්න. ඔබට එසේ ආමන්ත්‍රණය කිරීමට සිත්වූයේ මීට කලකට පෙර ලියුම් කිහිපයක් එවූවත් කිසිදු පිලිතුරක් නොලද නිසා හිතවතකුගේ මාර්ගයෙන් එය විසඳා ගත්තෙමි. එවැනි බලතල ඇත්තේ මහ රජතුමෙකුටය. එනිසා ඔබ වහන්සේට මහරජතුමනි යනුවෙන් ආමන්ත්‍රණය කෙලෙමි. තවද ඔබ මේ සේවය කරන්නේ නොමිලයේ බවද දනිමි. නොමිලයේ සේවයක් කලද, සාමාන්‍ය මහාජනයා උදෙසා යම්කිසි සේවයක් කරයි නම් ශිෂ්ට සම්පන්න ලෝකයේ ඒ නිසා තමා කරන දෙය බූදලයක් මෙන් සැලකිය නොහැක. එය සියල්ලන්ගේම යහපත පිනිස විය යුතුය. එසේ කිරීමට නොහැකි නම් ඉල්ලා අස් විය යුතුය. මෙයද ලොව පිලිගත් සාර ධර්මයකි. ශ්‍රී ලංකාවට දියුණු විය නොහැක්කේ මේ නිසාය. මේ නයින් බලන කල ආචාර්ය මහින්ද බාලසූරිය මහතා උත්තරීතර පුද්ගලයෙකි. ජපන් ජාතිකයා 1945 විනාශ වී මුලු ලොවම පසු කලෙක දන ගැස්වූයේ ඒ ගුනය නිසාය. ඔබට තෙරුවන් සරණයි 

කෙසේ හෝ එදා සිට සිංහල සංසදය  මගේ ලිපි පල කරන්නේ නැත. 

මේ මහත්මයාගේ මාණසිකත්වය ගැන කිසිම දෙයක් ප්‍රකාශ නොකරන්නේ එය මේ ලිපිවලින් ඉතා පැහැදිලි නිසාය. නමුත් මේ මහත්මයා යම්කිසි මාණසික රෝගයකින් පෙලෙන්නේදැයි කිව නොහැක.   මම සුද්දන්ට 'ආවඩන්නේ' නැත.  සුද්දාගේ සමහර ක්‍රියාවලට නම් මම ආවඩන්නෙමි.  එක්වරක් මේ රටේ අගමැතිනිය ගමන් කල රථයේ වේගය කි:මී: 50/පැය ප්‍රදේශයක කි:මී: 80ක් ගමන් කල නිසා සාමාන්‍ය රථවාහන නිලධාරියෙක් ඒ බව නීතියට නිල වශයෙන් යොමු කලේය.  ඒ නිලධාරියා මාරු කලේවත්, අස් කලේවත් නැත.  රථය පැදවූ රියදුරා වරද පිලිගෙන දඩයද ගෙවා දැමීය.  ඒ අගමැතිනියම ජාතික මැතිවරණයේදී පරාජය වූවාය.  ජාතික රූපවාහිනිය ඔස්සේ ඇය විරුද්ධ පක්ෂයේ නායකයාට සුබ පතා, ඇය සිය පක්ෂයේ නායකත්වයද අත්හරින බවද පැවසීය.  හේතුව වශයෙන් ඇය කියා සිටියේ පක්ෂයේ පරාජය  වීම බව පැහැදිලිව කියා සිටියාය.  මම මෙය දකින්නේ උතුම් ගුණයක් ලෙසටය.  මට සිහිවන්නේ අපේම රට වන ශ්‍රී ලංකාවේ මෙවැනි දේවල් කවදා සිදු වෙයිද යන්න පමණකි.  හැමදාම සුද්දාට බැන බැන සිටිනු විනා සුද්දාගේ යහපත් ගුණ අපිට නොපෙනෙයි.

 යම්කිසි ව්‍යාපාරයක් හෝ ව්‍යාපෘතියක් ඕනෑම කෙනෙකුට පටන් ගත හැක.  එම ව්‍යාප්‍රතිය සාමාන්‍ය මහාජනයා උදෙසා විවෘත දින සිට එහි සාමාජිකත්වය සැටම එකසේ විය යුතුය. මෙය ගැන මා මීට පෙරද සඳහන් කල විටද මේ මහත්මයා 'අයිතිවාසිකම් කථාකරන බවට' මට දොස් නගා ඇත.  මහත්මයානෙනි, තාක්ෂණය දියුනු වුවද ශිෂ්ටත්වය දියුනු වී නොමැත.  ඒ ශිෂ්ටත්වය, සදාචාර ධර්ම දියුනු වන තෙක් කිසිවෙකුට දියුනු විය නොහැක.  මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුය.  ඔබගේ දුර්වලකම්  පැහැදිලිව පෙනුනද, මම ඔබතුමාට කිසිම අන්දමක අපහාසයක් කර නොමැත.

තෙරුවන් සරණයි.

Wednesday, July 20, 2011

මේ ප්රිවෘත්තිය සත්ය යක්ද?

In the recent ‘Observer-Mobitel schoolboy player of the year’ competition the father of Ramith Rambukwella, has taken about 2 lakhs of newspapers from Lake House without paying money, it is learnt.

The beloved father is none other than Media Minister Keheliya Rambukwella. These papers have been taken from the delivery section of Lake House with the mediation of the Minister.

The relevant coupon was published in the ‘Sunday Observer’. This coupon had to be sent to elect the ‘schoolboy player’. With the help of these copons Ramith Rambukwella was able to lead by 50,000 than Satchitra Perera of Ananda College who was the runner-up.
Lanka Truth 20/7/11

මේ ප්‍රවෘත්තිය සත්‍යයක්ද?

ඔබ මෙය කියවන අවස්ථාව වන විට ප්‍රවෘත්තිය මේ පුවත් පතෙන් මකා දැමීමට ඉඩ ඇති නිසා ඉහත සඳහන් කොටස මෙහි මේ අන්දමට බහා ඇත.

තවද, පසුගියදා තබ්බෝවේ වනයෙන් හමු වූ දිවි පැටවුන්ගේ මවගේ හම වෙනත් ඇමතිවරයෙකුගේ නිවසක තිබී හමු වූ බවට ප්‍රවෘත්තියක් විය.  මාදෙවැනි වරට එය වාර්තා කිරීමට යද්දී ඒ ප්‍රවෘත්තිය අස් කොට තිබිණි.  මොවුන්ට කුමක් කල යුතුද??

Wednesday, May 18, 2011

ආනන්ද මහ රහතන් වහන්සේ …9

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මහා කස්සප තෙරුන් ආනන්ද තෙරුන් අමතා, “…. මේ වස්සාන සමයේ අපි රජගහ නුවර වස් වසමු, ඉන්පසු අපි ධර්ම සංඝයනාවක් පවත්වමු…” යයි පැවසූ සේක.    ඒ නිසා වනාන්තරයකට ගොස්, ඔබගේ ඉතිරි මාර්ග ඵල තුන  (සකදාගාමී, අනාගාමී, අර්හත් වශයෙන් ) සම්පූර්ණ කර ගත මැනැවැයි වදාල සේක .  එම යෝජනාවට ප්‍රතිචාරයක් වශයෙන්, ආනන්ද තෙරුන් වහන්සේ සිවුරු හා පාත්‍රයද රැගෙන කොසොල් රට බලා නික්මුනේය.  එහි වනගත ආරාමයකට එළඹ උන්වහන්සේ භාවනා යෝගී වූ සේක.  මේ ආරාමයට පැමිනි දෙවන දිනයේදීම උන්වහන්සේ සකදාගාමී ඵලයට සැපත් වූ සේක.  ආනන්ද තෙරුන් වහන්සේගේ පැමිණීම ගන ඇසූ කොසොල් ජනපදයේ වැස්සෝ, උන්වහන්සේ වෙත එළඹ බුදු රජාණන් වහන්සේ ගැන විපරම් කොට හඬා වැලපෙන්නට වූහ.  තවමත් රහත් බව නොලැබූ ආනන්ද තෙරුන්ටද බුදු හිමියන් පිලිබඳ මතකයන් යලි සිහියට නැගුණි. එයින් උන්වහන්සේගේ භාවනාවට බාධා පැන නැගුණි.  මෙය දුටු වනගතව වෙසෙන දිව්‍ය රාජයෙක් මේ තෙරුන් නොමැතිව සංඝායනාවක් පැවැත්විය නොහැකි බව දුටහ.   දෙව් තෙමේ ආනන්ද තෙරුන් වෙත ගොස්, "ස්වාමීනි, ඔබ වහන්සේ බුදු රජාණන් වහන්සේ නැති සොවින් මෙසේ වැලපෙද්දී වෙනත් කෙනෙක් අස්වසා ලන්නේ කෙලෙසදැ….”යි අසා සිටියහ.  තවද,” ස්වාමීනි ගෝතම වංශයට අයත් ඔබ වහන්සේ, මේ වනයට සැපත් වූයේ නිර්වානය ඉලක්කය ලෙස තබාගෙනය.  ඒ නිසා  පැමිණෙන මේ මිනිසුන් ගැන නොසිතා ඔබ වහන්සේ පැමිණි කාරණය පෙරටු කොට ගෙන භාවනා කරනු මැනැවැ..”යි ඉල්ලා සිටියහ.  ඒ දිව්‍ය පුත්‍රයාගේ වදනින් ආනන්ද තෙරුන් වහන්සේ තමා පැමිණි කාරණය කෙරෙහි යලිත් සිත යොමු කල සේක.  බුදු රජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් අනතුරුව ආනන්ද තෙරුන් වහන්සේ යම්කිසි ශාරීරික වෙහෙසකට පැමිණ   සිටියහ.  උන්වහන්සේ ජේතවනාරාමයට ගොස් එය පිලිසකර කොට ගත්හ.  වාස්සාන සමය එළඹෙත්ම, තනිවම රජගහ නුවරට ගොස්, සඞඝායනාව සඳහා සූදානම් විය.  අජාතසත්ත රජතුමා සංඝායනා මණ්ඩපය කරවා එහි කටයුතු අවසන් බව සංඝායනා කටයුතු භාර භික්ෂූන්ට දැන්වීය. සමහර භික්ෂූන් වහන්සේලා "ආනන්ද හිමියන් බුදු හිමි සමගම සිටි නිසා ආනන්ද හිමි නොමැතිව කුමන සංඝායනාවක්දැයි" ප්‍රශ්න කරන්නට වූහ.  එය කන වැකුනු ආනන්ද තෙරුන් වහන්සේට මහත් ශෝකයක් ඇතිවිය.  ඊට පසුවදා ධර්ම සංඝායනාව ආරම්භ කිරීමට පෙර රහත් බව ලබා ගැනීමට උන්වහන්සේ අදිටන් කර ගත්හ.   ආනන්ද තෙරුන් වහන්සේ වහාම විදර්ශනා භාවනාව වඩන්නට පටන් ගත්හ.  රාත්‍රියේ බොහෝ වේලාවක් උන්වහන්සේ ශරීරය පිලිබඳව සිහිය යොමු කොට ඒ ගැනම මණස යොමු කලහ.  නමුත් කිසිම ආධ්‍යාත්මික සමාපත්තියක් ලබා ගත නොහැකි වූ සේක.  මේ අවස්ථාවේදී උන්වහන්සේට බුද්ධ වචනය සිහියට පැමිණියේය.  ".. ආනන්දයෙනි, ඔබ මහත් වූ කුසලයකට හිමිකම් කියයි.  මා වැනි බුදු කෙනෙකුට උපස්ථාන කිරීම නිරර්ථක වැඩක් නොවේ.  මා විසින් මගේ මණස ඉතා බැරෑරුම් අන්දමට මෙහෙයවා ඇත.  නමුත් අවසානයේ මා ජය ගත්තෙමි.  ඒ නිසා අන්ත වලට නොගොස් කමටහන් වඩන්න..."  ආනන්ද තෙරුන් වහන්සේට සක්මන් භාවනාවෙන් ප්‍රමාණවත් ලෙස සිහිය යොමු කිරීමක් කිරීමට නොහැකි විය.  ඒ නිසා උන්වහන්සේ සිරුරට ටිකක් විවේක දීම සුදුසුයයි තීරණය කලේය.  එසේ කොට, දෙපා දොවාගෙන, ආරාමයට ඇතුලු වූ සේක.  සිය යහන ලඟට ගොස් ටිකක් සයනය  කරන්නෙමැයි සිතා ගෙන ඇලවීමට තැත් කලේය. 

නමුත් එකෙනෙහිම උන්වහන්සේගේ දෙපා පොලොවෙන් ඉහලට ඇදී ගියේය.  හිස කොට්ටයට පතිත වූයේද නැත.   ඒ අවස්ථාවේදීම උන්වහන්සේගේ සිත රාග , තණ්හා ආදී සියලු ක්ලේශයන්ගෙන් මිදී අර්හත් භාවයට පත් වූ සේක. 
බුදු රජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක  ආනන්ද තෙරුන් වහන්සේ අර්හත් භාවයට පත් වූයේ එසේය. 

සම්බුද්ධ සාසනයේ කිසිම ඉරියාපථ භාවනාවක නොයෙදුන අවස්ථාවක අර්හත් භාවය ලැබූ එකම බික්ෂූන් වහන්සේද ආනන්ද රහතන් වහන්සේය.
ඊට පසුවදා එනම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමස් සිවු දිනකින්, දහවල් දානයෙන් අනතුරුව සංඝායනවට සහභාගි වන භික්ෂූන් වහන්සේලා සංඝයනා මණඩපයට එක් රැස් වන්නට වූහ. 

ආනන්ද මහ රහතන් වහන්සේද, උදෑසන හිරු එලියෙන් පිබිදූන මහනෙල් මලක් සේ, සෘද්ධි බලයෙන් සප්තපන්නී ගුහාව වෙත වැඩම කොට උන්වහන්සේට උදෙසා පනවන ලද අසුනෙහි හිඳ ගත්හ. 
මේ සඳහා ආනන්ද රහතන් වහන්සේ දිරිමත් කල මහා කස්සප තෙරුන් වහන්සේ ආනන්ද තෙරුන්ගේ අර්හත් භාවය බුදු රජාණන් වහන්සේ සාධු, සාධු කියමින් සතුටු වන බව සිතූහ.  බුදු රජාණන් වහන්සේ නැති නිසා ඒ වෙනුවෙන් මහ කස්සප තෙරුන් තෙවරක් සාධු කියමින් ආනන්ද මහ රහතන් වහන්සේගේ අර්හත් භාවය සභාවට ප්‍රකාශ කලහ.  කෙසේ හෝ පිලිබඳව මත දෙකක් ඇත.  අනෙක් මතයට අනුව.  ආනන්ද තෙරුන් වහන්සේ අනෙක් භික්ෂූන් සමග ශාලාවට ඇතුල් වූයේ   නැත.  උන්වහන්සේ උදෙසා පනවන ලද ආසනය හිස්ව තිබියදී ඒ හිස් අසුන පිලිබඳව ප්‍රශ්න පැනනැංහේය. 

ආනන්ද තෙරුන් වහන්සේ කොයිදැයි ප්‍රශ්න ඇසෙද්දී ආනන්ද රහතන් වහන්සේ ශාලාවේ භූමිය තුලින් සෘද්ධියෙන් වැඩම කල බව පැවසේ.  කුම්න මහයක් සත්‍යදැයි මට කිව නොහැක.  කෙසේ හෝ ආනන්ද රහතන් වහන්සේ සප්තපන්නී ගුහාවට සෘද්ධි බලයෙන් වැඩමකල බව පමණක් ප්‍රකාශ කල හැක. ආනන්ද මහ රහතන් වහන්සේ අර්හත් භාවය ලබාගත් පසු සුද්ධාවාස බඹ ලෝ වාසී (සුද්ධාවාස බඹ ලොව වනාහී අනාගාමී වූවන් පිවිසෙන බඹලොවයි.  ඔවුන් ඒ බඹලොවේදීම යලි උපතක් කරා නොගොස් පිරිනිවෙන්නේය. )එක්තරා බලවත් බ්‍රහ්මයෙක් "ශාක්‍ය කුලයෙහි උපත ලද්දාවු  සම්බුද්ධ ධර්මයෙහි භාණඩාගාරික වන්නාවූ ආනන්ද මහ රහතන්වහන්සේ නිවන් අවබෝධ කොට ගෙන ඇත   යනුවෙන් ප්‍රකාශයක් කොට ඇත.
ප්‍රථම ධර්ම සංඝායනාවට පැමිණිනු  ජ්‍යේෂ්ඨ භික්ෂූන් වහන්සේලා ආනන්ද හිමියන් වෙත දෝශාරෝපණ පහක් එල්ල කලහ.

1. ආනනද තෙරුන් බුදු රජාණන් වහන්සේගෙන් භික්ෂූන්ට වෙනස් කල හැකි සුළු විනය නීති රීති ගැන නොවිමසීම.  ආනන්ද තෙරුන් වහන්සේ වරද පිලිගත් සේක. 
2. බුදු රජාණන් වහන්සේගේ සිවුර එලලන වේලෙහි ආනන්ද තෙරුන් වහන්සේ ඒ සිවුර පාගන ලද බවට චෝදනාවක් මතු විය.    ආනන්ද තෙරුන් වහන්සේ " ඒ සිවුර එලලන වේලෙහි මට උදව් කිරීමට කිසිවෙක් නොසිටියේය. ඒ නිසා එසේ කිරීමට මට සිදු විය.  ඒ බුදු රජාණන් වහන්සේ කෙරෙහි ඇති අප්‍රසාදයකින් හෝ අගෞරවයකින් නොව වෙන දෙයක් නොමැති නිසා එසේ කලෙමි" යයි ආනන්ද තෙරුන් වහන්සේ පිලිතුරු දුන්නේය.  ඒ සඳහා මම පාපෝච්චාරණය කරන්නෙමි.

3. බුදු රජාණන් වහන්සේ පිරිනිවි අවස්ථාවේ ආනන්ද තෙරුන් ප්‍රථමයෙන් කාන්තා පක්ෂයට බුද්ධ සිරුර වන්දනා කිරීමට ඉඩ සලසා දුන්නේය.ඔවුන්ගේ කඳුලු වලින් බුද්ධ සිරුර අපවිත්‍ර විය.  මේ වරද පිලිබඳව පාපෝච්චාරණය කරන්නැයි ජ්‍යේෂ්ඨ  භික්ෂූන් ආනන්ද තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ.  කාන්තාවන්ට යුහුසුලුව නිවෙස් වලට යා යුතු බැවින් මම එසේ කලෙමි.  එහි වරදක් මට නම් නොපෙනේ.  නමුත් මෙහි වැඩ සිටින ඔබ වහන්සේලාට ගෞරව කිරීමක් වශයෙන් මම පාපොච්චාරණය කරන්නෙමි. 
4. බුදු රජාණන් වහන්සේ චාපාල ස්ථූපය ආදී නොයෙක් ස්ථාන වලදී උන්වහන්සේගේ පරිනිර්වානය පිලිබඳව ප්‍රකාශයන් කරන ලදී.  එවන් අවස්ථාවක වසර සියයක් දක්වා ලෝකයාගේ හිත සුව පිණිස ජීවත් වන්නැයි ඔබ ඇරයුම් නොකෙලෙහිය.  මෙයත් ඔබේම වරදකැයි භික්ෂූන් කියා සිටියහ.  ඒ සෑම අවස්ථාවකම මාරයා විසින් මා ග්‍රහණය කොට සිටි බව මගේ විශ්වාසයයි.  ඒ නිසා මා අත වරදක් නැත.  නමුත් ඔබ හැමගේ අභිප්‍රාය පරිදි මම පාපෝච්චාරණය කරන්නෙමි.

5. ආනන්ද, ඔබ කාන්තා පක්ෂයට පැවිද්ද ලබා දීමට බොහෝ සෙයින් ක්‍රියා කලේය. මෙයද ඔබේම වරදකි. මේ සඳහා පාපොච්චාරණය කරන්න.  මහා ප්‍රජාපතී ගෝතමී, බුදු රජාණන් වහන්සේ බිලිඳෙකුව සිටි අවස්ථාවේදී සිය පුත් නන්ද කුමරු පසෙක තබා උන්වහන්සේට සිය කිරි පොවා ඇතිදැඩි කල සේක.  ඒ පිලිබඳව පැන නැගුනු කෘතඥතාවය නිසා මම එසි කලෙමි.  එහි මගේ වරදක් ඇතැයි නොසලකමි.  නමුත් ඔබේ ඉල්ලීම පරිදි මම පාපොච්චාරණය කරන්නෙමි.


 ආනන්ද මහ රහතන් වහන්සේගේ පරිනිර්වානය.
ආනන්ද මහ රහතන් වහන්සේ වසර 120ක් ජීවත් වූ සේක.   සිය ආයු කාලය අවසාන වී ඇති බව දැනගත් ආනන්ද හිමි පිරිනිවන් පාන්නට කල් පැමිණ ඇති බව දැන ගත්තේය.   රෝහිනී නදිය අසබඩ ගංගා ඉවුරු දෙකේම ජනයා ඔවුන්ගේ ඉවුරේ පිරිනිවෙන්නැයි ආනන්ද රහතන් වහන්සේට ඇවිටිලි කරන්නට වූහ.  එය සත්‍යයකි.  ආනන්ද රහතන් වහන්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතූන් සම්බන්ධයෙන් විශාල කෝලාහලයක් ඇතිවිය හැකි බව වටහා ගත්තේය.  එක් එක් පාර්ශවයේ ජනී ජනයා ඔවුන්ගේ ගංඉවුර වෙතට  යන ලෙස අවවාද කල  ආනන්ද රහතන් වහන්සේ, සත් වන දිනයේ ගඟ මධ්‍යයේ බඹ හතක් ඉහල අහසේ පලක් බැඳ හිඳ ගත් සේක.  එතැනදී ධර්ම දේශනයක් පැවැත්වූ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ සිය අදිෂ්ඨානය පරිද්දෙන්  පිරිනිවී සිරුර ගිනිජාලාවකින් භෂ්මාවශේෂ බවට පත්විය.  එසේම උන්වහන්සේගේ අධිෂ්ඨානය පරිද්දෙන් ශාරීරික ධාතුන් හරියටම අඩක් එක් ඉවුරක්ටත්, අනෙක් කොටස අනෙක් ඉවුරටත් පතිත විය.  ජනයා බුදු රජාණන් වහන්සේ පිරිනිවි දාට වඩා ශෝක වූ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.  බුදු හිමි පිරිනිවි කල අපට ආනන්ද තෙරුන් සිටියහ.  දැන් උන්වහන්සේද පිරිනිවී ඇත යනුවෙන් මාස ගනනක් ශෝක වූහ. 

Sunday, May 15, 2011

ආනන්ද මහ රහතන් වහන්සේ …8

චීන ත්‍රිපිටකයේ සඳහන් වන  සුරංගම සූත්‍රය ඇසුරෙනි. 

මේ සංවාදය පැවතුන කාලයේ ආනන්ද තෙරුන් වහන්සේ සෝවාන් ඵලයට පමණක් සම්ප්‍රාප්ත වී සිටියහ. 
බුදු රජාණන් වහන්සේ: ආනන්ද, ඔබත් මමත් එකම ලේ පරපුරකට අයත් වෙමු.  එසේම සහෝදර සෙනෙහසකින් යුතුව අපි ජීවත් වන්නෙමු.  මම ප්‍රශ්න කීපයක් අසන්නෙමි.  ඒවාට පිලිතුරු දෙනු මැනවි.  බුද්ධාගම පිලිබඳව ඔබ පැහැදුනේ කුමන කරුණක් නිසාද?  ඔබේ තාරුණ්‍යයත් ආසාවන් හා වෙනත් ලෞකික සැප සම්පත් අතහැරීමට හේතු වූයේ කුමන කරුනක් නිසාද?

ආනන්ද තෙරුන් වහන්සේ:  මාගේ ස්වාමීනි, ඔබගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කෙරෙහි මාගේ සිත ප්‍රථමයෙන් ඇදී ගියේය. අතිශයින්ම විශේෂ වූ එවැනි ලක්ෂණ විනිවිද පෙනෙන්නා වූ දීප්තිමත් පලිඟුවක තුලින් මෙන් මම පැහැදිලිවම දුටුවෙමි.  ඒ පුරුෂ ලක්ෂණ දුටු දින පටන් මම ඒ ගැන මහත් සතුටට පත් වූයෙමි.  ඒ දුර්ලභ පුරුෂ ලක්ෂණ සියලු කෙලෙස් වලින් දුරු වූ උතුම් කෙනෙකුට පමණක් පිහිටන බවත් සිහියට ගත්තෙමි.  රාග තණ්හාවෙන් මඩනා ලද කෙනෙකුගේ සිත අපිරිසිදුය.  ඔහුගේ සිහිය විකල්ය.
ඔබේ සිරුරෙන් විහිදෙන රන් පැහැ ගැන්වුනු ආලෝක ධාරා රාගාත්මක කෙනෙකුගේ සිරුරෙන් කිසිසේත් විහිදෙන්නේ නැත.  ඔබ වහන්සේගේ පිරිසිදු ශ්‍රේෂ්ඨ බව එයින් මට සක්සුදක් සේ පැහැදිලිය. ඒ නිසා ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වීමට මට සිත් විය. 

බුදු රජාණන් වහන්සේ: ආනන්දයෙනි, මේ ශාලාවේ රැස් වී සිටින්නා වූ සියලුම ශ්‍රාවකයෝ නිමක් නැති මේ සසරෙහි ස්වභාවය මනාව දත යුතුය.  මේ උද්වේගකාරී වේදනාවන් (විඳීම්) නිසා ඉමක් කොනක් නැතිව සසර පුරා සත්වයා සැරි සරණ බව දත යුතුය.
ආනන්ද තෙරුන් වහන්සේ:  එසේය ස්වාමීනි.

බුදු රජාණන් වහන්සේ: ආනන්දයෙනි, මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැකීමෙන් ඔබේ සිත  පහන් වූ බව ඔබ පවසන්නෙහිය.  ඒ සොම්නස් සහගත වේදනාව කෙසේනම් හටගත්තෙහිද?  කුමක් නිසා ඒ සතුට දැනුනේද? 
ආනන්ද තෙරුන් වහන්සේ: මගේ ඇස්වලින් ඒ ලක්ෂණ මම දුටුවෙමි.  මගේ මනසින් එය හඳුනාගතිමි.  එය දකින සෑම විටකම මට මහත් සොම්නසක් ඇතිවිය.  එහෙයින් ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වීමට මම ප්‍රිය කලෙමි. 

බුදු රජාණන් වහන්සේ:  ආනන්දය ඔබගේ ඇසට පෙනෙන දර්ශන ගැනත්, සිතට නැගෙන සිතුවිලි ගැනත් නිශ්චිත අවබෝධයක් නැත්නම් කවදාවත් ක්ලේශයන්ගෙන් නිදහස් වීමක් නොවන්නේය.   ඇසට පෙනෙන දර්ශන සතුට ගෙනදෙයි.  මනස ඒ දර්ශන බඳා අල්ලා ගනියි. ක්ලේශයන් වර්ධනය වෙයි.  ඇසට පෙනෙන දේවල් ගැන මනා අවබෝධයක් නැත්නම් මනස ගැන මනා අවබෝධයක් නැත්නම් මේ ලෞකික දේවල් තුලම ඇලී ගැලී සසර තුලම සත්වයා සැරි සරයි. 
බුදු රජාණන් වහන්සේ:  ආනන්දයෙනි, ඔබගේ ඇස් සහ මනස ශරීරයේ කොතනක නම් පිහිටා ඇත්ද?  ඒ ඇස් සඝ මනස ඔබට නොදැනුවත්ව කොතනකට ගමන් කරයිද?

ආනන්ද තෙරුන් වහන්සේ:  ස්වාමීනි, මගේ ඇස් මුහුනේ උඩ කොටසේ පිහිටා ඇත.  නමුත් මනස සිරුර තුල සැඟවී ඇත. 
 බුදු රජාණන් වහන්සේ:  නමුත් ආනන්ද ඔබ දැනට සිටින්නේ මේ ශාලාව තුලය.  ඔබට මේ ජේත වනයේ වනාන්තරය පෙනෙයිද?

 ආනන්ද තෙරුන් වහන්සේ:  එසේය ස්වාමීනි, මට මේ ජේත වනය හා එහි ඇති මේ රැස්වීම් ශාලාව පැහැදිලිවම පෙනෙයි.  එය පිහිටා ඇත්තේ ජේත වනය තුල අනාථ පිණ්ඩික සිටුතුමාගේ රමණීය උද්‍යානය තුලය. 
බුදු රජාණන් වහන්සේ:  ආනන්ද, ඔබට ප්‍රථම වශයෙන් පෙනෙන්නේ කුමක්ද?  මේ ශාලාව තුල සිටින අයද? වනාන්තරයද?  

ආනන්ද තෙරුන් වහන්සේ:  ස්වාමීනි මට ප්‍රථමයෙන්ම පෙනෙන්නේ ශාලාව තුල වැඩ සිටින ඔබ වහන්සේය.  ඊළඟට ශාලාව තුල සිටින ශ්‍රාවකයන් වහන්සේලා සහ අනෙකුත් පිරිස පෙනෙයි.  ඊලඟට මට මට වනාන්තරය දර්ශනය වෙයි.  
බුදු රජාණන් වහන්සේ: ආනන්දයෙනි, එය සත්‍යයෙකි. 

බුදු රජාණන් වහන්සේ: එසේනම් ආනන්දයෙනි, ශාලාවේ මෙතැන සිට බලන විට ඔබට පෙනෙන දර්ශන වෙනස් වශයෙන් හඳුනා ගන්නේ කෙසේද?
ආනන්ද තෙරුන් වහන්සේ: ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ ශාලාවේ දොරවල් සහ ජනේල මනා ලෙස විවෘතව ඇත.  ඒ නිසා මට මෙතැන සිට ඈත් දුර ඇති දෑ හොඳින් නිරීක්ෂණය කල හැක. 

මේ අවස්ථාවේ භග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ රන්පැහැයෙන් යුත් ශ්‍රී හස්තය දුග හැර ආනන්ද තෙරුන් වහන්සේගේ හිස අත ගා " ආනන්දය, ඔබ ඔබේ මනැස ඇත්තේ සිරුර තුල බව ප්‍රකාශ කලෙහිය.  ඒ මනැස ඇත්තේ සිරුර තුල නම්, ඔබට සිරුර තුල ඇති දේ මනාව දර්ශනය විය යුතුය.  නමුත් එසේ මනාව දර්ශනය වන කිසිවෙක් නොමැත.  එසේ නම් කෙනෙකුට සිය හදවත, අක්මාව, අතුනුබහන්, පෙනහලු සහ අනෙකුත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් මනාව දර්ශනය විය යුතුය.  නිය වැඩෙන අන්දම කෙස් වැඩෙන අන්දම පැහැදිලිව දිස්විය යුතුය. හදවත ස්ඵන්දනය වන අන්දම දර්ශනය විය යුතුය. ඒ නිසා මනැස ඇත්තේ සිරුර ඇතුලත යන බව පිලිගත් නොහැකිය.  

         ###############
වරක් බුදු රජාණන් වහන්සේගේ  ධර්ම දේශනාවකින් අනතුරුව, ආනන්ද තෙරුන් වහන්සේ වික්ෂිප්තව ඔබ මොබ බලමින් සිටි සේක.  උන්වහන්සේ ධර්ම දේශනයට මනා ලෙස සවන් යොමු කොට ශ්‍රවණය කල නමුත්, එය වටහා ගැනීම අපහසු විය. ඉඩයක් ලද සැනෙකින් බුදු රජාණන් වහන්සේ හමුවට ගිය ආනන්ද තෙරුන් වහන්සේ, "ස්වාමීනි භාග්‍ය වතුන් වහන්ස, ඔබ වහන්සේ අපට අනුකම්පාවෙන් කල දේශනය මට වටහා ගත  නොහැකි විය.  මට අනුකම්පා කොට එය තේරුම් කර දෙනු මනැවැයි" අයැද සිටියේය. 

ඒ ඉල්ලීම සලකා බැලූ බුදු රජාණන් වහන්සේ සේද රෙදි කඩක් ගෙන එහි ගැටයක් ගසා එහි රැස්ව සිටි භික්ෂූන්ට පෙන්වූ සේක.  භික්ෂූනි, මේ කුමක්දැයි විචාල සේක.
ස්වාමීනි ඒ සේද රෙදි කඩකි. ඔබ වහන්සේ විසින් ගසන ලද ගැටයක් එහි ඇත.  බුදු රජාණන් වහන්සේ තවත් ගැටයක් ගසා යලිත් එය කුමක්දැයි විචාල සේක.  ස්වාමීනි එය ගැට දෙකක් සහිත සේද රෙදි කඩකි.  ඒ අන්දමට බුදු රජාණන් වහන්සේ ගැට හයක් ගසා (වරකට එක ගැටයක් බැගින්) එය භික්ෂූන්ගෙන් විචාල සේක. 

ස්වාමීනි භාග්‍ය වතුන් වහන්ස, මේ රෙදි කඩ සේද නූලෙන් වියන ලද්දකි.  එහි ගැට හයක් ඇත. 
ආනන්දයෙනි මෙය සේද නූලෙන් වියන ලද රෙදි කඩකි.  එය සැබෑය.  ගැට ගැසීමෙන් එහි තත්වය වෙනස් නොවේ.  ඒ පෙර තිබූ රෙදි කඩමය. ගැට නිසා බාහිර පෙනුම වෙනස් වී ඇත.    බාහිර පෙනුම වෙනස් වුවත් මේ රෙදිකඩ වෙනස් නොවේ.  එය පෙරසේම රෙදි කඩකි.  ගැට වෙනස් කිරීමෙන් බාහිර පෙනුම වෙනස් කල හැක.  ඇස කණ නාසාදී ඉන්ද්‍රියයන් ගේ ස්වභාවයද එසේමය.  දොරටු සයකින් සංජානනය (perception) වන කරුණු අනුව සිත සලිත වෙයි.  පිරිසිදු සිතට ගලන්නා වූ කරුණු අනුව සිත වෙනස් වෙයි.  ඒ වෙනස් වන සිත වැරදි වූ විකල්ප වල එල්බ ගනියි.  එවිට අකුසල් එකතු වෙයි.  රාග ද්වේශ මෝහ යනාදී අකුසල් මුල් බැස ගනියි. එමෙන්ම සක්කාය දිට්ඨි විචිකිච්චා ආදී වූ දෘෂ්ටිද පහල වෙයි.  මේ ගැට හයක් සහිත සේද රෙදි කඩද ඒ හා සමානය.  දොරටු හයකින් ගලා එන්නා වූ අපිරිසිදු සන්තානයන් සිත අපිරිසිදු කරන්නා සේ මේ ගැට හය සේද රෙදි කඩෙහි දර්ශනීයත්වය අපිරිසිදු කරයි.  ගැට නොමැතිව මේ සේද රෙදි කඩ ඉතා පිරිසිදුවට දැකිය හැකි වෙයි.