ආනන්ද මහ රහතන් වහන්සේ ……3
ආනන්ද තෙරුන් වහන්සේ: මට අවශ්‍ය බීමට ජලය පමණකි, නැගණියනි.
ප්‍රකීර්ති: කුල හීනයන් වූ අපේ ලිඳෙන් කිසිවෙක් වතුර නොබොන්නේය, ස්වාමීනි.
ආනන්ද තෙරුන් වහන්සේ: මට අවශ්‍ය පිපාසය සංසිඳුවා ගැනීමට ජලය පමණකි. ජලයෙන් ඕනෑම කෙනෙකුගේ පිපාසය සංසිඳෙන්නේය.
" නජච්චා වසලෝ හෝති - න ජච්චා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රහ්මණෝ"
කිසිවෙක් උත්පත්තියෙන් වසලයෙක් නොවේ, උත්පත්තියෙන් බ්‍රාහ්මණයෙක්ද නොවේ. ... ඒ නිසා මට ඔබේ කුලයෙන් කිසිදු පලක් නැත. ජලය ස්වල්පයක් දුන මැනැවි..
තරුණිය බිය මුසු අති මහත් ගෞරවයෙන් යුතුව තෙරුන් වහන්සේ දෙසට නැඹුරුව උන්වහන්සේගේ පාත්‍රයට ජලය වත් කලාය. ඇයට සෙත් පැතූ ආනන්ද තෙරුන් වහන්සේ ආපසු හැරී ක්‍රමයෙන් නොපෙනී ගිය සේක.
අනද තෙරුන්ගේ නොපෙනී යන ශරීරය දෙස බලා සිටි තරුණියගේ සිතෙහි නා නා අදහස් මතු වන්නට විය. ශ්‍රාවස්තියේ ඇති එකම ලිඳ මෙයද? ඔහු යලිත් දිය සොයා ගෙන මෙතැනටම පැමිණෙයිද? ඔහුගේ ස්වරය කොතරම් මධුරද? රුව කොතරම් ශෝබනද? මම
මනුශ්‍යයෙක් බව දැනගත්තේ ඔහුගෙනි. ප්‍රකීර්ති ආලයෙන් මුසපත් වී ඇත. මේ අතර ප්‍රකීර්තිගේ මව සිය දුව ප්‍රමාද වීම ගැන කණස්සලු විය.
මව: ඔබ කුමක් කරන්නේද? මේ මද්දහනේ පොලොවට පා තැබීමටවත් අපහසුය.
ප්‍රකීර්ති: ඔහු ශෝභන සිරුරකින් හෙබි තරුණයෙකි. හිස මුඩු කොට කහ පැහැති සිවුරක් හැඳ පාත්‍රයක් අතේ ඇතිව ජලය ඉල්ලා ගෙන ලිඳ ලඟට පැමිණියේය.
මව: තරුණයෙක් හිස මුඩු කොට ඇත්නම් කෙසේ නම් ශෝභන වෙයිද? හිස මුඩු කරන්නේ ශෝභනත්වය නැති කිරීමට නොවේද?
ප්‍රකීර්ති: මට නම් ඔහු ඉතාමත් ශෝභනය. සිරුර රන් පැහැයෙන් බබලන්නේය.
මව: ඒ කිනම් කුලයේද?
ප්‍රකීර්ති: මනුශ්‍ය කුලයේය මැණියනි.
මව: ඔබ අපේ කුලය ඔහුට සැඟවුවා නොවේද?
ප්‍රකීර්ති: නොමැත මෑණියනි මම අපේ කුලය පැවසූ විට ඔහු ගාථාවකින් උත්පත්තියෙන් කිසිවෙක් වසලයෙක්වත් බ්‍රාහ්මණයෙක් වත් නොවන බව ඔහුගේ ගුරුතුමා පැවසූ බව කිව්වා.
මව: ඔහු වෙන කුමක් පැවසුවේද? මම මොහු ගැන සොයා බලන්නෙමි...
ප්‍රකීර්තිගේ මැණියෝ සිය දුවණියගේ සිත් ඇදී ගිය මේ අමුත්තා ගැන විපරම් කොට බැලීය. ඔහුගේ නම ආනන්දය. ඔහු බුද්ධශ්‍රාවකයෙක් බවත් ශාක්‍ය වංශයට අයත් බවත් ඇය සිය දියණියට පැවසූවේ ඉමහත් භීතියකිනි.
අපේ රජතුමා, කොසොල් රජතුමා, බුදුරජාණන් වහන්සේ හමුවට සෑමදාම පැමිණෙයි. එතුමා මෙය දැනගත්තොත් අපේ මුලු ගමම විනාශ කර දමාවි. මෑණියෙනි එසේ නම් බලගතු මන්ත්‍රයක් ජප කොට කෙසේ හෝ ආනන්ද මට ගෙන්වා දුන මැනවි. නැත්නම් මම දිවි නසා ගන්නෙමි.
මව: බුදු රජාණන් වහන්සේගේ මන්ත්‍රය ඉතාම බලගතුය. සියලුම මන්ත්‍ර වල බලයට වඩා එය බලගතුය. ඒ කෙසේ වෙතත් මම මන්ත්‍රය ජප කරමි. ප්‍රකීර්තිගේ මෑණියෝ ගෙමිදුලේ ගිනි ගොඩක් ගසා, මන්ත්‍රය ජප කිරීමට පටන් ගත්හ.
මන්ත්‍රය ජප වීම සමගම ක්‍රමයෙන් ආනන්ද තෙරුන් වහන්සේගේ සිත වික්ෂිප්ත වන්නට විය. තෙරුන් වහන්සේ ඒ කුල හීනයන්ගේ ග්‍රාමය දෙසට පියනගන්නට වූයේ නිතැතින්මය. ආනන්ද තෙරුන් ඈත එනු දුටු ප්‍රකීර්තිගේ මෑණියෝ වහාම ආසනයක් පණවන ලෙස
දියණියට අණ කලාය. ප්‍රකීර්තිද අතිශයින්ම ප්‍රීතියෙන් ආසණයක් පිලිවෙල කලාය.
වික්ෂිප්ත වූ සිතකින් පැමිණි ආනන්ද තෙරුන් වහන්සේ තරුණියගේ අඟරදඟර හා ඇයගේ මැණියන්ගේ කපටි කමද වටහා ගත්හ. බුදුරජාණන් වහන්සේ දිවැසින් ආනන්ද තෙරුන් අපසුතාවයක වැටී ඇති බව වටහාගෙන බුද්ධ මන්ත්‍රය සජ්ජායනා කිරීමට පටන් ගත් සේක. බුද්ධ මන්ත්‍රයේ සත්‍යයේ බලයෙන් ආනන්ද තෙරුන් වහන්සේ පියවි සිහිය ලැබූ සේක.
ආනන්ද තෙරුන් වහන්සේ ආපසු ජේතවනාරාමයට වැඩම කොට බුදු රජාණන් වහන්සේට නමස්කාර කොට එකත් පස්ව සිටි සේක. එවිට බුදු රජාණන් වහන්සේ, "ආනන්දය ඔබ සදක්ෂර විද්‍යා ඉගෙන ගත යුතුය. එය බුදුවරු සය නමක් හා සතර වරම් දෙවි, සහ සහම්පතී බ්‍රහ්ම රාජයාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එය උගත් කෙනෙක් කිසිම බන්ධනයකට අසු නොවන්නේය. බුදු රජාණන් වහන්සේ සදක්ෂර විද්‍යාව ආනන්ද තෙරුන්ට කට පාඩම් කරගන්නා ලෙස ඔවදන් දුන්නේය.
එවක් පටන් ප්‍රකීර්ති ආනන්ද තෙරුන් වහන්සේ පසුපස යාමට පටන් ගත්තාය. මෙයින් අතිශයින් ලජ්ජාවට පත් ආනන්ද තෙරුන් වහන්සේ පිඬුසිඟ යාම පසෙක තබා ආපසු ජේතවනාරාමයට ගොස් බුදු රජාණන් වහන්සේට මෙපුවත් සැලකර සිටියහ.
ප්‍රකීර්ති ජේතවනාරාමය ඇතුලට නොගොස් එහි ද්වාරය අසල නතර වූවාය. බුදු රජාණන් වහන්සේ ඇය කැඳවා ආනන්ද තෙරුන් පසුපස යන බව සැබෑවක්දැයි විමසා සිටි සේක.
ප්‍රකීර්ති: එසේය ස්වාමීනි.
බුදු රජාණන් වහන්සේ: ඔබගේ දෙමා පියන් කැමතිද?
ප්‍රකීර්ති: එසේය ස්වාමීනි.
දෙමාපියන්ට ආපසු යාමට සමුදුන් බුදු රජාණන් වහන්සේ ප්‍රකීර්ති කැඳවා " මේ ශ්‍රාවස්ති නුවර දහසක් තරුණයන් සිටිති. ඔබ ආනන්දට පමණක් ඇලුම් කරන්නේ කිමදැයි විචාල සේක.
ප්‍රකීර්ති: ඔබ වහන්සේ කියන ඕනම දෙයක් කරන්නෙමි.
ඇය පැමිණෙන විට බුදු රජාණන් වහන්සේ සිය ගනනක් භික්ෂූන් පිරිවරා ගෙන වැඩ සිටි සේක. ආනන්ද තෙරුන් වහන්සේද ඒ අතර සිටි සේක.
ප්‍රකීර්ති: බුදු රජාණන් වහන්ස, ඔබ අන කල ලෙස මම පැමිණියෙමි.
බුදු රජාණන් වහන්සේ: ඔබ දැන් ආනන්ද පිලි ගැනීමට සුදුසුය. මම ඔබගෙන් ප්‍රශ්නයක් අසමි.
ප්‍රකීර්ති: අසනු මැනවි ස්වාමීනි...
ප්‍රකීර්ති: දැන් මට ආනන්ද අවශ්‍ය නැත. ඔබගේ ඔවදන් මගේ මානසික රෝගය සුව කලේය.
ඇය සසුන් ගත වීමට අවසර පතා සිටියාය.
මේ බුද්ධ සාසනය, සිවු දිගින් ගලන්නා වූ මහා ගංගාවන් එකතු වී සැදෙන්නා වූ මහ සයුර සේය. කුමන ගංගාවක් එක් වුවත් එක්වන්නේ මහ සයුරටය. පෙර තිබූ සියලු භේද නැතිවී ඔබ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වන්නේය.
ප්‍රකීර්ති මෙහෙණිය නොබෝ කලකින් රහත් භාවය ලබා ගත්තීය.
හීන කුලයක කාන්තාවක් මහණ වී ඇති බව ශ්‍රාවස්තිය පුරා ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය. රාජ, මහා මාත්‍යාදීන් නොයෙක්
ප්‍රශ්න අසන්නට වූහ. කුල හීන කාන්තාවක් උසස් කුලයේ නිවසකට දානයකට වඩින්නේ කෙසේදැයි සියල්ලන්ටම පාහේ බරපතල ප්‍රශ්නයක් විය. අවසානයේ මේ ප්‍රශ්නය කොසොල් රජතුමාගේ කණටද වැටුනේය. කොසොල් රජතුමා වහාම බුදු රජාණන් වහන්සේ බැහැදැකීමට පැමිණියේය. බුදු රජාණන් වහන්සේ ප්‍රකීර්ති මෙහෙණියගේ අතීතය මෙසේ හෙලි කල සේක.
දිය හැකිදැයි ත්‍රිශංක විචාලේය. මුලදී විරුද්ධ වූ පුශ්කාර් ශාරී කුලය ගැන ත්‍රිශංක පැවසූ වදන් අසා පසුව එම විවාහයට කැමැත්ත දුන්නේය.
දිව්‍යාවදාන - ශිරාදූල කර්නාවදාන