Sunday, March 18, 2012

කාරුණික නිවේදනයයි


කාරුණික දැන්වීමයි....

2010 වසරේ අගභාගයේ මාර්ග ඵල සහ නිවන ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ, යනුවෙන් යටගිය දවස යන මගේ බ්ලොග් සටහන ආශ්‍රයෙන් මට සටහන් කීපයක් පලකෙලෙමි.  ලංකාවේ පවතින බුද්ධාගම අනුව එහි ඇති කරුණු සංසන්දනය කල නොහැක.  මෙය පලකිරීම් වස් මට නොයෙක් දෙසින් දෝශාරෝපන එල්ල වීය. නම්ත් ඒ අවස්ථාවේදී මට මා හැර සහයෝගය දීමට කිසිවෙක් ඉදිරිපත් මොවූහ.  ඒ නිසා මා පටන් ගත් එම කාර්යය අවසන් නොකෙලෙමි.  මගේ මතකයේ අන්දමට එක්තරා පේරා දෙනියේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් මට බුද්ධාගම විකෘති නොකරන ලෙස තර්ජනය කෙලේය.  ඔහු නමින් ජීවන්ත විය.   නමුත් එපමනෙකි.  ඔහුගේ ගර්ජනාව පුස්සක් බවට හැරී මා ඇසූ ප්‍රශ්න වලට කිසිදු පිලිතුරක් නොලැබී ගියේය. 
මා මේ සටහන ලිවීම සඳහා උපයෝගී කොටගත් පොත දැන් සිහලට පරිවර්තනය කොට  නොමිලයේ ලබාගත් හැකිය.  එය කියවීමෙන් ඔබගේ සියලු පැන වලට පිලිතුරු ලබා ගත හැක.  මේ යොමුව ඔස්සේ ගොස් ඒ වටිනා පොත ලබා ගන්න.  එය කියවා ඔබට පිලිගත හැකි නම් පිලිගන්න.  පිලිගැනීමට අකැමැති නම් සසර තවත් දිගුකරගෙන ගමන් කරන්න.  ඒ ඔබගේම නිගමනයයි.


forestdhamma.org

Books » සිංහල (Sinhala)

Other languages:

http://www.forestdhamma.org/ebooks/sinhala/covers/dropshadow/Acariya_Mun__A_Spiritual_Biography-sinhala.jpg
අති උත්තම ආචාර්ය මන් භූරිදතත
By: ඉංගී‍්‍රසි භාෂාවෙන් සිංහලට
නවීන තායි බුදු දහමේ අති ශ්‍රේෂ්ඨ පුද්ගලයා ලෙස පූජණීය ආචාර්ය මන් භූරිදතත හිමි ප‍්‍රසිද්ධ වී ඇත. උන් වහන්සේගේ ජීවිත කාලයේදී දස අත පැතිරී ගිය ගුණ සමුදාය වූයේ ප‍්‍රධාන වශයෙන් උන් වහන්සේ තුළ පැවති අසාමාන්‍ය ධෛර්යය, තපස සහ තම අනුගාමිකයින් වෙත දැක්වූ ප‍්‍රබල විනය ගරුක භාවය වේ. පරිනිවීමෙන් දැන් වර්ෂ 50ක් පමණ ඉක්ම වී ඇතත් බෞද්ධ ජනතාවගේ ගෞරවණීය පිළිගැනීමේ විශිෂ්ටත්වයක් ඇත. එනම් බුදුරජාණන් වහන්සේගේ ආර්ය පර්යේෂණය තුළින් ජීවිත පරිනාමය වූ අපූර්ව සිද්ධිය මුන්වහන්සේගේ ජීවිත පරිනාමයේ ද දැක ගත හැකි බවය.
Download:
http://www.forestdhamma.org/ebooks/sinhala/covers/dropshadow/Mae_Chee_Kaew-sinhala.jpg
සිල්මාතා කායිව්
මෑත කාලයේ පහළ වූ රහත් තෙරණිය
By: Bhikkhu Dick Sīlaratano
මෙම පොත තම ජීවිත කාලය තුළ දී ම, බොදු මගෙහි හිනිපෙත්තට මගිය ස්ත‍්‍රියකගේ ජීවිත කතාවත්, ඇගේ භාවනා පුහුණුවත් හුවා දක්වන්නෙකි. ඇය හැඳින්වූයේ මයි චී කායිව්නමින් ය. මයි චී කායිව් කුඩා අවධියේ සිට ම ආධ්‍යාත්මික ජීවන රටාවකට හැඩ ගැසෙන බවක් ඇයට ම දැනුණි.ඇගේ ජීවිත කාලය තුළ, එවකට කීර්තියක් ඉසිලූ කම්මට්ඨානාචාර්යයන් මුණගැසීමට ඇය වාසනාවන්තියක් වූවාය. ඇය ඔවුනගේ උපදෙස් තදින් හදවතටගෙන දැඩි උද්‍යෝගයකින්, තම ප‍්‍රතිපත්ති පුහුණුවට එකතු කර ගත්තීය.
Download:
රහතුන් වහන්සේලා තවමත් ලොව පහල වෙති.  පාර්ලිමේන්තුවට ගොස් කුණුහරුපයෙන් බැණගන්නා දුස්සීල මහනුන් සිටින රටක රහතුන් නැති බවද, සත්‍යයෙකි.



9 comments:

Anonymous said...

දුශ්ශීල මහණුන් ඉන්න වග නම් ඇත්ත,
ඒත් අපෙ රටේ තවම සිල්වත් භික්ෂූන් වහන්සේ වැඩ සිටිනවා,
මාර්ගඵල ලැබූ අයත් මේ රටේ ඇති.
ඒ ගැන හිතා සතුටු වෙන්න බලමින් ඉහත කී දෙය ගැන නොසිතා ඉන්න වෙනවා.
දුශ්ශීල අය වැපුරූ දෙය නෙලා ගනී,
සිල්වතුන් වැපුරූ දෙය ඔවුන්ට.

Anonymous said...

දුශ්ශීල මහණුන් ඉන්න වග නම් ඇත්ත,
ඒත් අපෙ රටේ තවම සිල්වත් භික්ෂූන් වහන්සේ වැඩ සිටිනවා,
මාර්ගඵල ලැබූ අයත් මේ රටේ ඇති.
ඒ ගැන හිතා සතුටු වෙන්න බලමින් ඉහත කී දෙය ගැන නොසිතා ඉන්න වෙනවා.
දුශ්ශීල අය වැපුරූ දෙය නෙලා ගනී,
සිල්වතුන් වැපුරූ දෙය ඔවුන්ට.

නදී said...

ස්තූතියි කියවලා බලන්න ඔනේ අදම.

සරත් ගුණතුංග said...

@Gordonia ceylonica
ඔබ වැනි මහත්මයෙක්, විශේෂයෙන්ම මතු වෛද්‍ය වරයෙක් වීමේ බලාපොරොත්තු ඇති ශ්‍රේෂ්ට උතුම් කෙනෙක් මේ පොත කියවිය යුතුය. ඉන්ද්‍රියයන්ට වසඟ වී අපි මේ ගෙවන ජීවිතවලත් මේ ස්වාමීන් වහන්සේගේ ජීවිතයත් අතර කොතරම් වෙනස් කමක් ඇත්දැයි ඔබම සාක්ෂාත් කරගත යුතුය. බුදු රජාණන් වහන්සේගේ ධර්මය මේ ජීවිත්යේදීම අවබෝධ කරගත් හැකි බව මේ පොත කියවීමෙන් ඔබටම වැටහෙනු ඇත. ඔබට අවශ්‍ය නම් මට මේ පොතේ පිටපතක් එවිය හැක. තෙරුවන් සරණයි.

සරත් ලංකාප්‍රිය said...

ඔබතුමාට බොහොම පින්.. මම ඔබතුමාගේ සටහන අනුව ගිහින් ඒ පොත කියෙවුවා. අද සිංහල පරිවර්තනයත් බා ගත්තා. ඔබතුමා කියන දේ හරි..එය කියවීමෙන් මට නිවන පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලැබුනා කියා මා හිතනවා. ධර්ම ප්‍රචාරයට කියා මේ රටට ඇවිත් බුදු දහමට විනකරන අපේ රටේ චීවරදාරීන්ට වඩා සිල්වත් ගුණවත් හිමිවරුන් වෙනත් ජාතීන් අතරේ හමුවෙනවා. බොහෝ දුර ඉගෙනගෙන උසස් රැකියාවක් අතහැර ගිහි ජීවිතයෙන් නික්මුණු එවැනි හිමි නමකගෙන් භාවනා කිරීම උගැනීමට මාත් මගේ බිරිඳත් වාසනාවන්ත උනා.

සරත් ගුණතුංග said...

ලංකාප්‍රිය මහත්මයා, ඔබට තෙරුවන් සරණයි. යම්කිසි කෙනෙක් මේ සටහන කියවා එයින් අවබෝධයක් ලබන්නේ නම් මම ඉතා සතුටු වෙමි.

Anonymous said...

ගොඩාක් පිං. තමා කර ගත්තොත් තමන්ටය. අනුන් මත්තේ නැසී තම ජීවිතය විනාශ කර ගන්නවා වෙනුවට තෙරුවන්ට තම ජීවිතයම පූජා කර මේ ධර්මයම අවබෝධ කිරීමම තමයි වටින්නේ.

Anonymous said...

ඔබට බොහොම ස්තූතියි,
පිටපතක් එවන්නෙ කොහොමද?
ඔබ වෛද්‍යයවරයෙක් නිසා මටත් ඔබගෙන් උපදෙස් ගන්න හැකි වේවි.
ජීවිතේ හරිම පුදුමයි,
මේ ලෙඩ රෝග දකින විට ඇති වෙන්නේ පුදුම හැඟීමක්.
මේ සසර ඒකාන්තයෙන්ම දුක්ඛදායක එකක්.

සරත් ගුණතුංග said...

@ gornonia ඔබගේ පුද්ගලික ඊමේල් ලිපිනය මට එවන්න. මගේ ඊමේල් ලිපිනයට. මම පොත එවන්නම්.