Thursday, November 24, 2011

දෙවැනි ලෝක මහා යුද්ධයේ ප්‍රථම ආඥාව...


දෙවැනි ලෝක මහා යුද්ධයේ ප්‍රථම ආඥාව...

1939 වසරයි.  බල කාමයෙන් උමතු වූ නාසි වාදී උන්මත්තකයෙක් වූ ඇඩොල්ෆ් හිට්ලර් අහිංසක ජර්මන් යුදෙව්වරු  මිලියන ගනනක් මරා දමා, ලොව දෙවනත් කිරීමට සූදානම් වී ඊට අර අඳිමින් සිටි අවිනිශ්චිත අවස්ථාවකි මේ.  . ඒ වන විට පවා ජර්මනියේ විසූ යුදෙව්වන් විශාල ප්‍රමාණයක් ඝාතණය කොට තිබිනි. 

යුද්ධය ආරම්භ කිරීමට හිට්ලර් තෝරා ගත්තේ දුර්වල රාජ්‍යයක්ව පැවැති අසල් වැසි පෝලන්තයයි.  ඒ සඳහා ඔහු සැලසුම් කලේද කූට උපායක් මගිනි.  පෝලන්තය ප්‍රථමයෙන් ජර්මනිය ආක්‍රමණය කල බවට ඔහු ලෝකයට ඒත්තු ගැන්වීමට තැත් කලේය.  ඒ වන විට ජර්මනිය යුද ටැංකි තනන්නේත්, ප්‍රහාරක අහස් යානා නිපද වන්නේත් කා උදෙසාදැයි එංගලන්තයේ චර්චිල් නිරතුරුවම ප්‍රශ්න කලේය. 

පෝලන්තය ආක්‍රමණය කල යුතු බවට හිට්ලර් රහසිගත ආඥා පත්‍රයක් නිකුත් කරන්නේ මේ සමගය.  1939 වසරේ අගෝස්තු මාසයේ යම් දිනක ලියැවුනු මේ ලියවිල්ල කෙසේ ඉතිරිවූවාදැයි කිසිවෙක් නොදනිති.  යුද්ධය අවසානයේදී නාසීහු සියලු යුද ලිය කියවිලි පුලුස්සා විනාස කර දැමූහ. 

මේ ලියවිල්ල ජර්මන් නාවික හමුදාවට අයත් බව සැලකේ.  කෙසේ හෝ මෙය මිත්‍ර ජාතීන් අතට පත් විය.  නිවුරම්බර්ග් නඩු විභාගයේදී  මේ සටහන C-126-G වශයෙන් නම් වී ඉදිරිපත් කරන ලදී.

 මෙය ලියා ඇත්තේ ජර්මන් භාෂාවෙනි.     ටයිම් ලයිෆ් පොත් සමාගම මගින් දෙවැනි ලෝක මහා යුද්ධය පිලිබඳව සත්‍ය සිද්ධීන් අලලා පොත් පෙලක් නිකුත් කිරීම ආරම්භ වූ යේ 1970 දශකයේ අග භාගයේදීය. 

එතැන් පටන් දෙමසකට පොතක් වශයෙන් නිකුත් වූ මේ පොත් පෙල සමග මේ ඓතිහාසික ලියවිල්ලේ පිටපතක්ද පාඨකයින්ට බෙදා දෙන ලදී

. මේ ආඥාවේ මුල් පිටපත ලෝකයේ ඇති එකම ආඥා පිටපත වශයෙන් සැලකෙයි.   

 කාලයාගේ ඇවෑමෙන් එහි පැහැය දුර්වණ්ර්‍ වී ඇත.   ලන්ඩනයේ යුද කෞතුගාගාරයේ මෙහි මුල් පිටපත සුරක්ෂිතව තැන්පත් වී ඇත.

යුද්ධයෙන් පැරදී ගෙන එනවිට නාසීහු සිය සියලු රහස් ලියකියවිලි විනාශ කලහ.  හිට්ලර්ගේ අත්සන සහිත මේ සටහන කෙසේ විනාශ නොවී ඉතිරි වීදැයි කිව නොහැක.  .   

ඉතිහාසගත සටහනක් වශයෙන් පමණක් මා මේ සටහන තබා ගත්තෙමි. එහෙත්  ලෝකයේ බිහි වූ වියරුම උන්මත්තකයා  වන ඇඩොල්ෆ් හිට්ලර්ගේ අත්සනද එහි ඇත.  

ප්‍රථම සේයා රූ හතර ඒ මුල් පිටපතේ සේයා රූ වෙති.  ඊලඟ සේයා රූ දෙක මේ සටහනේ ඉංග්‍රිසි පරිවර්තනය වෙයි. හතර වැනි සේයා රුවේ මැද ඇත්තේ හිට්ලර්ගේ අත්සනය. 



















































































4 comments:

Chanaka Aruna Munasinghe said...

දෙවෙනි ලෝක යුද්ධයේදී පීඩාවට පත්වූ යුදෙවු ජාතිකයන්ගෙන් බිහිවූ ඊශ්‍රායලය, ඉරානය සමඟ යුද්ධ ප්‍රකාශ කර තුන්වන ලෝක යුද්ධයකට අත වැනීම කණගාටුවට කාරණයක්.

සරත් ගුණතුංග said...

@චානක, ලෝභය, ද්වේශය, මෝහය අකුසල මූල තුන හැටියට අපේ බුද්ධාගමේ උගන්වනවා. ඇත්ත වශයෙන්ම ලෝකයේ තියෙන සියලුම අපරාධවලට මුල් වෙන්නෙත් මේ තුනම තමයි. හිට්ලර් විසින් රචිත Mein Kampf යන පොතේ එක් තැනක සටහන් වෙනවා 'All the clerks I saw were Jews and all the Jews I saw were clerks...'කියල. ඒ වාක්‍යයෙන් ප්‍රකාශ වෙන්නෙ හිට්ලර් තුල යුදෙව්වන් කෙරෙහි තුබූ ද්වේශයයි. එය ලියලා වැඩෙත්ම ඔහුගේ සිත තව තවත් අපරාධ වලටම යොමු වුනා. ඒ එදා. අද යුදෙව්වරු ඔබ පවසන්නාක් මෙන් ඉරානය හා යුද වැදීමට සැරසෙනවා. මේ පරමානු යුද සමයේ යුද්ධයක් කියන්නෙ මහා විපත්ති දායක කාලයක්. ඒ වුනත් මෝහය නිසා හොඳ නරක කියා දෙයක් මොවුන්ට පේන්නෙ නැහැ. ඒ නිසා ලෝකාන්තය කොයි මොහොතක ලඟා වේදැයි කීම පවා අසීරුය. නමුත් එසේ නොවේවායි අපි පතමු.
දෙවැනි ලෝක මහා යුද්ධයෙන් අනාථ වූ අය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ආදී වූ රටවලට සරණාගතයින් ලෙස පිටත් කර එව්වා. ඕස්ට්විච් වදකාගාරය අවසාන මොහොතේ මිත්‍ර ජාතීන් විසින් නිදහස් කර ගත්තා. විෂ වායු කුටියට නියමව ඝාතනය කිරීමට නියමව සිටි පෝලන්ත ජාතික යුවලක් මට හමුවුනා. ඔවුන් තුලින් විද්‍යාමාන වූ භය මටම අදහා ගැනීමට තරම් අපහසු වුනා. මා වෛද්‍ය වරයෙක් බව දැනගත් විගස ඒ කාන්තාව මා දෙස බැලීමට තරම් බියපත් වුනා. ඇය කිසිසේත් මා විශ්වාස කලේ නැහැ. සතියකට වරක් ඇය හා හමුව සාකච්ඡා කිරීමෙන් ඇයගේ බිය ස්වල්ප වශයෙන් අඩුවුනා. ඒ වන විට වියපත් වීමෙන් හා රෝගා බාද ශරීර ගත වීමෙන් ඇය දුබලව සිටියා. තවත් බොහෝ කලකට පසු මා දෙන ඖෂධ භාවිතා කිරීමට තරම් විශ්වාස සහගත වුනා. ඇය ප්‍රථමයෙන් මා දුටුවේ නාසි වෛද්‍යවරයෙක් ලෙසට බව ඇය පසුව මා සමග පැවසුවා. ඔවුන් ඉතා කෲර බවත් රෝගීන්ට පයින් පවා ගසනු ඇය දුටු බවත් මට පැවසුවා. ඇයගේ එක් ඇසක් මා හමුවන විටදී පවා අන්ධව තිබුනා. ඒ වෙලාවට ඖෂධ නොලැබීම නිසා බව ඇයගේ කථාවෙන් පැහැදිලි වුනා. ඒ යුවලට එකම පුතෙක් ලැබුනා. 2000 වසර මුල භාගයේ ඒ යුවලම අභාවප්‍රාප්ත වුනා. පාසැල් අවධියේ යුද පුවත් මා දුටුවේ චිත්‍රපටි මගින් පමනි. යුද්ධයට මුහුන දුන් භටයන්, යුද හිරකරුවන් හා මරණයට නියම වූ අහිංසකයන් හමු වීමෙන් පසු යුද්ධය කොතරම් බියකරුදැයි හිතා ගැනීම පවා අපහසුය. ද්වේශය ඉහ වහා ගිය පසු කෙලවර කොතැනකදැයි සිතා ගැනීම අපහසුය.

Chanaka Aruna Munasinghe said...

දෙවෙනි ලෝක යුද්ධයෙන් වැඩියෙන්ම පීඩාවට පත්වූ ජාතියම තුන්වන ලෝක යුද්ධයක් ඇතිවිය හැකි ආකාරයෙන් කටයුතු කිරීමයි පුදුමය.

Anonymous said...

ඔබතුමා සුවෙන් ද?
දිගු කලකින් නොදුටු නිසා මෙතෙන්ට ආවෙ.