Wednesday, December 31, 2008
ඖෂධ නොවන 'ඖෂධ' හෙවත් නෞෂධ
Sunday, December 28, 2008
යටගිය දවස ලන්ඩන් නුවර..........
මගේ පරණ පොතක පිටිපස්සෙ කවරෙ තිබුණ මේ දැන්වීම දැක්කම මට හිනා ගියා. මේක මගේ මතකයෙන් ඈත් වෙලයි තිබුනෙ. මොකක්දො හොයන්න පොත් පෙරලන කොට මේක මතුවුනා.
කතාව සම්පූර්ණ වෙන්න මම පොතේ නම සඳහන් වෙන විදියට පිටපතක් ලබා ගත්තා. ඇත්ත වශයෙන්ම, මේ දැන්වීම 1866 ලන්ඩන් නුවර ලයිම් හවුස් නම් ප්‍රාන්තයේ ඇති වූ කොලරා වසංගතයේදී ප්‍රසිද්ධ කරණ ලද දැන්වීමක්.
මේක හොඳට කියවන්න. කියවල තේරුම් ගන්න. අද පොලවට අඩි දහයක් උඩින් යන දොස්තරලට එදා තිබුන තත්වය කොහොමද කියල හිතා ගන්න පුලුවන් නේද?
කොහොමද අද තියෙන බලය දොස්තරලට ලැබුනෙ කොහොමද? දුන්නෙ කවුද?
Tuesday, December 23, 2008
ආපෝ තේජෝ වායෝ පඨවි................


අත් පා සිඳින ලද, බඩවැල් අදින ල ද
රූපයෙ සොඳුරු බව මොහොතින් නසන ල ද
මරුවා කොතැනකද නොපෙනෙන ලොවක අ ද
කෙලෙසින් හෙටක් වේදැයි අද සිතෙනව ද
මිය ගොස් තුන් දිනකි, ඒ සුන්දර මුහු න
ඉදිමී තැලී හැකිලී ලේ ඇද හැලෙ න
පනුවන් කටින් නාහෙන් දඟලන දුව න
ලෝ තතු සමග සිහිවෙයි සම්බුදු සර න
සැම හට පොදුයි මේ ඉරනම දැන ගන් න හැම සිරුරකට හිමි වන ඉරනම මෙන් න
උඬගු දනා මේ ලෝ තතු නොම දන් න
බුදු හිමි දෙසු දහම සිහියට අරගන් න
Sunday, December 14, 2008
බුදු සමය හා නවීන විද්‍යාව - අවුරුදු 2550 කට පසු.......................
Wednesday, December 10, 2008
විමැසීම
Friday, December 5, 2008
කවදා හැදෙයිද?
Wednesday, December 3, 2008
PATCH (HUNTER) ADAMS
2000 වසරේ WONCA (World Organization of Family Doctors) Christchurch - NZ ලෝක සම්මේලනයේ ආරාධනයක් පරිදි පැච් ඇඩම්ස් සම්මේලනයට සහභාගි වූයේ මෙසේය. බෙල්ලේ සිට පහලට බොත්තම් දමා ගෙන ටයි කෝට් හැඳ පැලඳ සිටි අයට ඔච්චම් කරමින් විකට ඇඳුමක් ඇඳගෙන, පාට දෙකක මේස් දෙකක් දමා ගෙන නවීන පන්නයේ කොන්ඩා මෝස්තරයකින් සැරසී සිටියේය. ප්‍රධාන අමුත්තාද ඔහුය. ශ්‍රී ලංකාව නියෝජනය කලේ මහාචාර්ය නන්දනී ද සිල්වා මැතිණියය. (ඡාය රූපය මා සතුය)
පැච් ඇඩම්ස් නම් වූ මේ මානව හිතවාදී ඇමෙරිකානු වෛද්‍යවරයා උතුම් මනුශ්‍යයෙකි. ඔහු ලොවට මානව හිතවාදී, සාමාන්‍ය බටහිර වෛද්‍ය ක්‍රමයට විරුද්ධ, රෝගීන්ගේම සතුට, හාස්‍යය පදනම් කොට ගත් වෛද්‍ය ක්‍රමයක් ලොවට හඳුන්වාදීමට උත්සාහ කලේය. ඒ උත්සාහය සෑහෙන දුරකට සාර්ථක විය. සාමාන්‍ය බටහිර වෛද්‍යවරුන් මෙන් ඔහු මුදල් පසුපස හඹා නොගියේය. රෝගීන්ගේ සැපපහසුව, ඔවුන්ගේ සුබ සාදක බව ඔහු ප්‍රධාන වශයෙන් සලකා බැලීය. ඔහුගේ අවධානය යොමු වූයේ පිළිකා ආදී රෝග ශරීර ගතව, සාමාන්‍ය බටහිර වෛද්‍යවරුන් අතහැර දැමූ රෝගීන්ය, නැතහොත් ස්වාභාවික ව්‍යසනයන්ට ගොදුරු වූ අසරණයින්ය. යුගෝස්ලාවියාව බිඳ වැටුණු පසු වෛද්‍ය කණ්ඩායම්ක් සමග ඔහු බොස්නියාවේ අසරණ වූ ලමයින් බැලීමට ගියේය. සුනාමි ව්‍යසනයේදී ලංකාවටද පැමිනියේය. ගාල්ලේ රෝහලට ඔහු පිවිසියේ අතේ මාලුවෙක් ඇතිව විකට ඇඳුමක් ඇඳගෙනය. බාහිර ලොව ගැන අබමල් රේනුවක් තරම් වත් දැනුමක් නැති එක්තරා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරියක් ඔහු මානසික රෝගියෙක්යැයි සිතා ඔහුට බැන වැදුනාය. ඒ අපේ වෛද්‍යවරුන්ගේ මහන්තත්වය නිසාය.
ඔහුගේ ජීවිතය අළලා චිත්‍රපටියක් පවා නිශ්පාදනය විය. ඒ එක්තරා ආයතනයක් සඳහා අරමුදල් එකතු කිරීමටය. ආයතනය රෝගීන් සඳහා වෙන්වූවකි. පැච් ඇඩම්ස්ගේ නියම නම හන්ටර් ඇඩම්ස්ය. ජීවිතයේ සිත්තැවුලක් නිසා ඔහු සිය දිවි නසා ගැනීමට තැත්කොට ඉන් ගැලවුනේය. ඊටපසු මානසික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගන්නා අතර රෝහල් වල ඇති අඩුපාඩු බටහිර වෛද්‍ය ක්රමයේ ඇති අඩුපාඩු ඔහු අධ්‍යයන කලේය. ඔහු වෛද්‍යවරයෙක් වීමට සිතා ගත්තේය. උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව ඉගෙනගනිද්දී, තමා හදාරණ වෛද්‍ය ශාස්ත්‍රය විවේචනය කල පැච් නිතර නිතර පීඨාධීපතිතුමා සමග ඝට්ඨන ඇතිකර ගත්තේය. ඒ නිසා දෙවරක් විශ්ව විද්‍යාලයෙන් ඔහු නෙරපණ ලදී. මහජන උද්ගෝෂණය නිසා නැවතත් ඔහු ඇතුලත් කර ගැනීමට සිදුවිය. බටහිර වෛද්‍යක්‍රම යල් පැනපු ක්‍රම බවත් ඉන් රෝගීන්ට සෙතක් නොවන බවත් ඔහු තදින් විශ්වාස කලේය. රෝගියාගේ අසනීප තත්වය (රෝගය නොවේ) ඔහු ජීවත් වන සමාජය හා තදින් බැඳී ඇති බව පැච් විශ්වාස කලේය. අසනීපයත්, ඒ පවුල මත පැටවෙන බරත් ඔහු ජීවත් වන සමාජයත් එකිනෙක බැඳී ඇතිබව ඔහු කියා සිටියේය. හාස්‍යය අළලා ගෙතුනු ප්‍රතිකාර ක්‍රම ඉතා ඉක්මනින් රෝගීන් අතර ජනප්‍රිය විය. ඒ නිසා ඔහු වටා රෝගීන් පමණක් නොව හෙදියන්ද රොක් වන්නට වූහ. ඔහුගේ උපාධි ප්‍රධානෝත්සවය ලෝකයේ ප්‍රසිද්ධ විය. උපාධි ප්‍රධානෝත්සවයේදී ඔහුගේ පීඨාධිපති "අවසානයේදී ඔබද පැමිණ ඇත" යනුවෙන් සාවඥ දෙයක් ප්‍රකාශ කලේය. පැච් පලමුව ඔහු දෙසට ගෞරවාන්විතව නැමී දෙවනුව කරලිය දෙසට නැමී ආචාර කලේය. ඔහු උපාධි කබාය හැරුනු විට වෙන කිසිම ඇඳුමක් ඇඳ නොසිටි බව දැනුනේ එවිටය.
Monday, December 1, 2008
ගැටලුව කොතැනද ?
Wednesday, November 26, 2008
මේ මොකක්ද දන්නවද?
විමසීම 1
Sunday, November 23, 2008
ඔන්න තවත් ලෙඩක්!
මේ මග ඔස්සේ යනවිට ඒ සටහන හමුවිය හැකිය. http://www.rivira.lk/2008/11/23/rivisara16.htm
ඔස්ටියෝ ආත්රයිටිස් යනු රෝගයක් වශයෙන් සැලකිය නොහැක. එය ඇත්ත වශයෙන්ම ජීවත් වීමේදී ඇතිවන ශාරීරික වෙනස් වීමකි. ඒ සඳහා යොදාගෙන ඇති නමද දෝෂ සහිතය. කුනුහරුපයක් වගේ නමක් යොදා අන්තිමට itis යනුවෙන් කෙලවර වන්නේ inflammation යන තත්වය ඇතිවිටය. නමුත් මේ අසනීපයේ එහෙම තත්වයක් නොමැත. ශරීරයේ බර උසුලා සිටින සංදි මෙම "රෝගයට" ගොදුරු වන බව එහි සඳහන් වෙයි. ශරීරයේ බර හන්දි වලින් උසුලන්නේ නැත්නම් කුමකින් බර උසුලනු හැකි වෙයිද? බුදුන් වහන්සේ ඉතා පැහැදිලිව මෙසේ දේශනා කොට ඇත. "සියලු දේ අනිත්‍යයය. ඒවායේ හට ගැනීමක් පෙනෙනු ඇත. විනාශ වන බවකුත් පෙනෙනු ඇත. මේ තත්ව දෙක අතර වෙනස් වෙමින් පවතින බවකුත් පෙනෙනු ඇත...." අපි උපදින්නෙමු, එසේම මිය යන්නෙමු. මිය යනතෙක් ක්‍රමයෙන් වයස් ගත වෙවී ජීවත් වෙන්නෙමු. මේ මිනිස් ශරීරය වෙනස් වෙමින් පවතින ස්වභාවයේ එක් අවස්ථාවක් "රෝගයක්" ලෙස හඳුන්වා දීමක් (osteo arthritis) මෙයින් සිදුවනු විනා ඇත්ත වශයෙන් රෝගයක් නැත. බටහිර වෛද්‍යවරුන් විසින් රෝගී සංකල්පය මේ තත්වයට මාට්ටු කොට මහා පරිමානයේ මුදල් කන්දරාවක් ගසා ගන්නේද? ඇත්ත වශයෙන්ම මේ තත්වය ඇතිව්න්නේ විෂ බීජයක් මගින් නොවේ. තරබාරු අයගේ හංදි ඉක්මනට ගෙවෙන බව කුඩා දරුවෙකුට උනත් වටහා ගත හැකිය. හංදි ජීවත් වන පඨකයන්ය. ඒවායේ ගෙවීමත් නැවත සෑදීමත් ස්වභාව ධර්මයේ ස්වාභාවික දේවල් අනුව සිදුවේ. මේවාට "මුක්කු ගැසීමට යාමෙන්" නැති ලෙඩ ඇති විය හැකිය. කාන්තාවන්ගේ හෝමෝන පිළිබඳ සම්බන්ධතාවයක්ද මේ සටහන මගින් පිලිබිඹු කෙරේ. කාන්තාවන් හා හෝමෝන පිළිබඳව යමක් සඳහන් කළයුතුය. මේ මාතෘකාව පිළිබඳව විශාල වශයෙන් වෛද්‍ය ලෝකයේ මතාන්තර පැනනැගී ඇත. කාන්තාවන්ගේ ජීවිතය සලකා බලන කල තාරුණ්‍යයේදී හෝමෝන උපරිම වශයෙන් ක්‍රියාකරන බව අපි දනිමු. ඒ මනුශ්‍ය සංහතියේ පැවැත්ම සඳහා ඊළඟ පරම්පරාව ලොවට බිහිකිරීමටය. ඉන් පසුව, කාන්තාවන්ගේ ශරීරවල වෙනස්කම් ඇතිවේ. මේ ස්වාභාවික වෙනස්කම්ය. මේ වෙනස්කම්ද අද "රෝග" වශයෙන් සැලකීමට පටන්ගෙන ඇත. ඒවාට පිලියම් කිරීමෙන් නැති "රෝග" ඇතිකරගෙන ඇත. කොටින්ම කිවහොත් "ලෙඩ දා ගනී" දැන් ලෝකයේ පවතින දෑ අනුව අපට කිසිවක් විචාරාත්මක නොවී පිලිගත නොහැක. සාමාන්‍යයෙන් "වාත" අමාරු යනු මේ වයස් ගත වීම නිසා උද්ගත වන ශාරීරික අපහසු තාවයයි. මේ සඳහා අපේ සාමාන්‍ය ගැමියා ගතානුගතික ලෙස සිංහල බෙහෙතක් පාවිච්චියෙන් ශාරීරික අපහසුතා සුව කර ගනියි. විශාල වශයෙන් මුදල් විය පැහැදම් කර ලබන "කෙටි තරංග ප්‍රතිකාරයත්" උණු අළු වලින් තැවීමත් අතර වෙනසක් නොමැත. මේ සඳහා නොයෙක් වර්ගයේ බටහිර බෙහෙත් වර්ගද ( ibuprofen, sulindac, diclofenac ආදී වශයෙන්) ඇත. මේ සෑම බෙහෙතකම ආමාශය කා දමන ගතියක්ද, වකුගඩු විනාශ කරන ගතියක්ද ඇත. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුය. මේ රෝගයක්ද? නැත්හොත් වයස්ගත වීමේදී ශරීරයට සිදුවන වෙනස් කමක්ද යනු ඔබ විසින්ම තෝරා ගත යුතුය. කෙසේ වුවද, ඔබේ අදහස් දැන ගැනීම මට අත්‍යාවශ්‍යය. ඒ නිසා අදහස් කරුණාකර ලියා තබන්න.
Friday, November 21, 2008
නම, ගම - පෙනිසිලින් !!! - මානව සන්නිවේදනය
Tuesday, November 18, 2008
පෙනිසිලින්, ඇම්පිසිලින් සහ කටුවැල්බටු
Sunday, November 16, 2008
පොඩි එකාගේ ලියුම
Thursday, November 13, 2008
අවාසනාවන්ත පර්යේෂණය - අපි අතර මං වීමු !!!
- විභාගය විශයයන් අටක් සහිත සාමර්ථය.
- සම්මාන පහක් එකවර ලබා ගැනීම
- ඉංග්‍රිසි වලට අනිවාර්යයෙන්ම සම්මානයක් තිබීම
බොහෝ දෙනෙක් ඉංග්‍රිසි වලින් සම්මානයක් තබා සාමාන්‍ය සාමර්ථයක් වත් ලබා ගැනීමට අපොහොසත් වූහ. යථාර්තය අපිට වැටහෙන්නට පටන් ගත්තේ එවිටය. ඒ අතර අපේ අධ්‍යාපනයේ අමිහිරි ජවනිකාවක් රඟදෙන්නට පටන් ගත්තේ අකුණු පහරක් ලෙසටය. ඉංග්‍රිසි සම්මානය සඳහා පසුව විභාගය ගත හැකි බවට විභාග දෙපාර්තමේන්තුව අපට ඉක්මනටම දන්වා එවීමෙන් යන්තම් සැනසීමක් ලද්දෙමු. ගුරුවරුන් හා පොත්පත් ආදී අත්‍යාවශ්‍ය දෑ නොමැති නිසා අපේ අධ්‍යාපන මාධ්‍යය මින්පසු ඉංග්‍රිසියෙන් කෙරෙන බවට දැන්වීමෙන් පසු අපි බිරාන්ත වීමු. අපි අන්තිමටම අසරණ වීමු. අපිට උදව්වට කිසිවෙක් ඉදිරිපත් නොවූහ. මෙත්තානන්ද මහත්මයා විශ්‍රාම ගොස්ය. වැඩි පුර ඉංග්‍රිසි පන්තියක් ආරම්භ කිරීමටවත් කවුරුවත් ඉදිරිපත් වූයේ නැත. උසස් පෙල පන්තිවල ඉගැන්වූ ගුරුවරු ඉතා දක්ෂ ගුරුවරුය. නමුත් ඔවුන්ට සිංහල බැරිය. අපි ඉගෙන ගත්තේ අංඩර දෙමලය. අපිට ප්‍රශ්න දෙකකි. එකක් ඉංග්‍රිසි ඉගෙනීමය. අනෙක විශයය ඉගෙනීමය. පාසැලෙන් අපට ලැබුණ කුඩම්මාගේ සැලකිල්ල නිසා අපේ උද්යෝගය හීන විය. සමහර සිසුහු ගුරුවරයා ඉංග්‍රිසියෙන් කියන දෑ, ඉංග්‍රිසි වචන සිංහලෙන් ලියා ගැනීමට තරම් අසරණ වූහ. ඒ සිසුන්ගේ තත්වය අතිශයින්ම කනගාටුදායක විය. ඔවුන් සා.පෙ. සමත් වූයේ ඉතා ඉහලින්ය, උසස් පෙල පන්තියේ ඔවුන්ම බඩ ගාති. බොහෝ සිසුහු උසස් අධ්‍යාපනය කර ගත නොහැකිව රැකියාවල් සොයා ගියහ. පාසැලෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය ගත හැක්කේ දෙවරකි. මේ නීතිය පවා වෙනස් කිරීමට පාසැල අපොහොසත් විය.
එක අතකින් මෙය අපරාධයකි. මේ පර්යේශනයට කිසිම ගුරුවරයෙකුගේ දරුවෙක් ගොදුරු නොවීය. හසු වූයේ ඉතා දක්ෂ දිවයිනේ නොයෙක් දෙසින් පැමිනි සාමාන්‍ය ශිෂ්‍යයන්ය. එකල ආධාර ලබන පාසැල් රජය සතු නොවීය. මේ පර්යේශනයෙන් අනාගතය අඳුරු කරගත් සිසුහු බොහෝ වෙති. ඒ ශිෂ්‍යයෝ තවමත් යටිතොල සපාගෙන නිශ්ශබ්දව හිඳිති !!! ඔවුන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකෙලේ නම් ඔවුන්ටද උසස් අධ්‍යාපනයේ රස විඳීමට හැකියාව ලැබීමට ඉඩ තිබිනි.
Tuesday, November 4, 2008
බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම -එය මෙසේ සිදු වූ වගයි
වාර්තා ගත වූ බ-චෙල් ගිවිසුමේ අවසානය පිලිබඳව සත්‍ය සිද්ධීන් මේ සමග අමුණා ඇත. ෆෙඩරලුන් නිසා ඉරූ බව කිවුවත්, තම පක්ෂයේම සිටි විරුද්ධ වාදීන් නිසා ගිවිසුම ඉරා දැමූ බව මෙයින් හොඳින් පැහැදිලි වේ. තවද, මේ සමගම ජේ ආර් ඇතුලු විරුද්ධවාදීන් මහනුවරට පා ගමනක් ආරම්භ කලේ, මේ ගිවිසුම උතුර හා නැගෙනහිර බෙදා වෙන්කොට ද්‍රවිඩයන්ට පාවා දෙන බවට පතුරවමිනි. ටැමිල්නේෂන් වෙබ් අඩවියේ ඒ පිලිබඳව මෙසේ සඳහන්ව ඇත "ඉතාලි ජාතික කෛරාටික මාකියවේලි සේ ජේ ආර්, නැවත වරක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය විය හැකිව තිබුණ අවස්ථාවක් මේ රටට අහිමි කලේය."