Wednesday, July 20, 2011

මේ ප්රිවෘත්තිය සත්ය යක්ද?

In the recent ‘Observer-Mobitel schoolboy player of the year’ competition the father of Ramith Rambukwella, has taken about 2 lakhs of newspapers from Lake House without paying money, it is learnt.

The beloved father is none other than Media Minister Keheliya Rambukwella. These papers have been taken from the delivery section of Lake House with the mediation of the Minister.

The relevant coupon was published in the ‘Sunday Observer’. This coupon had to be sent to elect the ‘schoolboy player’. With the help of these copons Ramith Rambukwella was able to lead by 50,000 than Satchitra Perera of Ananda College who was the runner-up.
Lanka Truth 20/7/11

මේ ප්‍රවෘත්තිය සත්‍යයක්ද?

ඔබ මෙය කියවන අවස්ථාව වන විට ප්‍රවෘත්තිය මේ පුවත් පතෙන් මකා දැමීමට ඉඩ ඇති නිසා ඉහත සඳහන් කොටස මෙහි මේ අන්දමට බහා ඇත.

තවද, පසුගියදා තබ්බෝවේ වනයෙන් හමු වූ දිවි පැටවුන්ගේ මවගේ හම වෙනත් ඇමතිවරයෙකුගේ නිවසක තිබී හමු වූ බවට ප්‍රවෘත්තියක් විය.  මාදෙවැනි වරට එය වාර්තා කිරීමට යද්දී ඒ ප්‍රවෘත්තිය අස් කොට තිබිණි.  මොවුන්ට කුමක් කල යුතුද??

Wednesday, May 18, 2011

ආනන්ද මහ රහතන් වහන්සේ …9

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මහා කස්සප තෙරුන් ආනන්ද තෙරුන් අමතා, “…. මේ වස්සාන සමයේ අපි රජගහ නුවර වස් වසමු, ඉන්පසු අපි ධර්ම සංඝයනාවක් පවත්වමු…” යයි පැවසූ සේක.    ඒ නිසා වනාන්තරයකට ගොස්, ඔබගේ ඉතිරි මාර්ග ඵල තුන  (සකදාගාමී, අනාගාමී, අර්හත් වශයෙන් ) සම්පූර්ණ කර ගත මැනැවැයි වදාල සේක .  එම යෝජනාවට ප්‍රතිචාරයක් වශයෙන්, ආනන්ද තෙරුන් වහන්සේ සිවුරු හා පාත්‍රයද රැගෙන කොසොල් රට බලා නික්මුනේය.  එහි වනගත ආරාමයකට එළඹ උන්වහන්සේ භාවනා යෝගී වූ සේක.  මේ ආරාමයට පැමිනි දෙවන දිනයේදීම උන්වහන්සේ සකදාගාමී ඵලයට සැපත් වූ සේක.  ආනන්ද තෙරුන් වහන්සේගේ පැමිණීම ගන ඇසූ කොසොල් ජනපදයේ වැස්සෝ, උන්වහන්සේ වෙත එළඹ බුදු රජාණන් වහන්සේ ගැන විපරම් කොට හඬා වැලපෙන්නට වූහ.  තවමත් රහත් බව නොලැබූ ආනන්ද තෙරුන්ටද බුදු හිමියන් පිලිබඳ මතකයන් යලි සිහියට නැගුණි. එයින් උන්වහන්සේගේ භාවනාවට බාධා පැන නැගුණි.  මෙය දුටු වනගතව වෙසෙන දිව්‍ය රාජයෙක් මේ තෙරුන් නොමැතිව සංඝායනාවක් පැවැත්විය නොහැකි බව දුටහ.   දෙව් තෙමේ ආනන්ද තෙරුන් වෙත ගොස්, "ස්වාමීනි, ඔබ වහන්සේ බුදු රජාණන් වහන්සේ නැති සොවින් මෙසේ වැලපෙද්දී වෙනත් කෙනෙක් අස්වසා ලන්නේ කෙලෙසදැ….”යි අසා සිටියහ.  තවද,” ස්වාමීනි ගෝතම වංශයට අයත් ඔබ වහන්සේ, මේ වනයට සැපත් වූයේ නිර්වානය ඉලක්කය ලෙස තබාගෙනය.  ඒ නිසා  පැමිණෙන මේ මිනිසුන් ගැන නොසිතා ඔබ වහන්සේ පැමිණි කාරණය පෙරටු කොට ගෙන භාවනා කරනු මැනැවැ..”යි ඉල්ලා සිටියහ.  ඒ දිව්‍ය පුත්‍රයාගේ වදනින් ආනන්ද තෙරුන් වහන්සේ තමා පැමිණි කාරණය කෙරෙහි යලිත් සිත යොමු කල සේක.  බුදු රජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් අනතුරුව ආනන්ද තෙරුන් වහන්සේ යම්කිසි ශාරීරික වෙහෙසකට පැමිණ   සිටියහ.  උන්වහන්සේ ජේතවනාරාමයට ගොස් එය පිලිසකර කොට ගත්හ.  වාස්සාන සමය එළඹෙත්ම, තනිවම රජගහ නුවරට ගොස්, සඞඝායනාව සඳහා සූදානම් විය.  අජාතසත්ත රජතුමා සංඝායනා මණ්ඩපය කරවා එහි කටයුතු අවසන් බව සංඝායනා කටයුතු භාර භික්ෂූන්ට දැන්වීය. සමහර භික්ෂූන් වහන්සේලා "ආනන්ද හිමියන් බුදු හිමි සමගම සිටි නිසා ආනන්ද හිමි නොමැතිව කුමන සංඝායනාවක්දැයි" ප්‍රශ්න කරන්නට වූහ.  එය කන වැකුනු ආනන්ද තෙරුන් වහන්සේට මහත් ශෝකයක් ඇතිවිය.  ඊට පසුවදා ධර්ම සංඝායනාව ආරම්භ කිරීමට පෙර රහත් බව ලබා ගැනීමට උන්වහන්සේ අදිටන් කර ගත්හ.   ආනන්ද තෙරුන් වහන්සේ වහාම විදර්ශනා භාවනාව වඩන්නට පටන් ගත්හ.  රාත්‍රියේ බොහෝ වේලාවක් උන්වහන්සේ ශරීරය පිලිබඳව සිහිය යොමු කොට ඒ ගැනම මණස යොමු කලහ.  නමුත් කිසිම ආධ්‍යාත්මික සමාපත්තියක් ලබා ගත නොහැකි වූ සේක.  මේ අවස්ථාවේදී උන්වහන්සේට බුද්ධ වචනය සිහියට පැමිණියේය.  ".. ආනන්දයෙනි, ඔබ මහත් වූ කුසලයකට හිමිකම් කියයි.  මා වැනි බුදු කෙනෙකුට උපස්ථාන කිරීම නිරර්ථක වැඩක් නොවේ.  මා විසින් මගේ මණස ඉතා බැරෑරුම් අන්දමට මෙහෙයවා ඇත.  නමුත් අවසානයේ මා ජය ගත්තෙමි.  ඒ නිසා අන්ත වලට නොගොස් කමටහන් වඩන්න..."  ආනන්ද තෙරුන් වහන්සේට සක්මන් භාවනාවෙන් ප්‍රමාණවත් ලෙස සිහිය යොමු කිරීමක් කිරීමට නොහැකි විය.  ඒ නිසා උන්වහන්සේ සිරුරට ටිකක් විවේක දීම සුදුසුයයි තීරණය කලේය.  එසේ කොට, දෙපා දොවාගෙන, ආරාමයට ඇතුලු වූ සේක.  සිය යහන ලඟට ගොස් ටිකක් සයනය  කරන්නෙමැයි සිතා ගෙන ඇලවීමට තැත් කලේය. 

නමුත් එකෙනෙහිම උන්වහන්සේගේ දෙපා පොලොවෙන් ඉහලට ඇදී ගියේය.  හිස කොට්ටයට පතිත වූයේද නැත.   ඒ අවස්ථාවේදීම උන්වහන්සේගේ සිත රාග , තණ්හා ආදී සියලු ක්ලේශයන්ගෙන් මිදී අර්හත් භාවයට පත් වූ සේක. 
බුදු රජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක  ආනන්ද තෙරුන් වහන්සේ අර්හත් භාවයට පත් වූයේ එසේය. 

සම්බුද්ධ සාසනයේ කිසිම ඉරියාපථ භාවනාවක නොයෙදුන අවස්ථාවක අර්හත් භාවය ලැබූ එකම බික්ෂූන් වහන්සේද ආනන්ද රහතන් වහන්සේය.
ඊට පසුවදා එනම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමස් සිවු දිනකින්, දහවල් දානයෙන් අනතුරුව සංඝායනවට සහභාගි වන භික්ෂූන් වහන්සේලා සංඝයනා මණඩපයට එක් රැස් වන්නට වූහ. 

ආනන්ද මහ රහතන් වහන්සේද, උදෑසන හිරු එලියෙන් පිබිදූන මහනෙල් මලක් සේ, සෘද්ධි බලයෙන් සප්තපන්නී ගුහාව වෙත වැඩම කොට උන්වහන්සේට උදෙසා පනවන ලද අසුනෙහි හිඳ ගත්හ. 
මේ සඳහා ආනන්ද රහතන් වහන්සේ දිරිමත් කල මහා කස්සප තෙරුන් වහන්සේ ආනන්ද තෙරුන්ගේ අර්හත් භාවය බුදු රජාණන් වහන්සේ සාධු, සාධු කියමින් සතුටු වන බව සිතූහ.  බුදු රජාණන් වහන්සේ නැති නිසා ඒ වෙනුවෙන් මහ කස්සප තෙරුන් තෙවරක් සාධු කියමින් ආනන්ද මහ රහතන් වහන්සේගේ අර්හත් භාවය සභාවට ප්‍රකාශ කලහ.  කෙසේ හෝ පිලිබඳව මත දෙකක් ඇත.  අනෙක් මතයට අනුව.  ආනන්ද තෙරුන් වහන්සේ අනෙක් භික්ෂූන් සමග ශාලාවට ඇතුල් වූයේ   නැත.  උන්වහන්සේ උදෙසා පනවන ලද ආසනය හිස්ව තිබියදී ඒ හිස් අසුන පිලිබඳව ප්‍රශ්න පැනනැංහේය. 

ආනන්ද තෙරුන් වහන්සේ කොයිදැයි ප්‍රශ්න ඇසෙද්දී ආනන්ද රහතන් වහන්සේ ශාලාවේ භූමිය තුලින් සෘද්ධියෙන් වැඩම කල බව පැවසේ.  කුම්න මහයක් සත්‍යදැයි මට කිව නොහැක.  කෙසේ හෝ ආනන්ද රහතන් වහන්සේ සප්තපන්නී ගුහාවට සෘද්ධි බලයෙන් වැඩමකල බව පමණක් ප්‍රකාශ කල හැක. ආනන්ද මහ රහතන් වහන්සේ අර්හත් භාවය ලබාගත් පසු සුද්ධාවාස බඹ ලෝ වාසී (සුද්ධාවාස බඹ ලොව වනාහී අනාගාමී වූවන් පිවිසෙන බඹලොවයි.  ඔවුන් ඒ බඹලොවේදීම යලි උපතක් කරා නොගොස් පිරිනිවෙන්නේය. )එක්තරා බලවත් බ්‍රහ්මයෙක් "ශාක්‍ය කුලයෙහි උපත ලද්දාවු  සම්බුද්ධ ධර්මයෙහි භාණඩාගාරික වන්නාවූ ආනන්ද මහ රහතන්වහන්සේ නිවන් අවබෝධ කොට ගෙන ඇත   යනුවෙන් ප්‍රකාශයක් කොට ඇත.
ප්‍රථම ධර්ම සංඝායනාවට පැමිණිනු  ජ්‍යේෂ්ඨ භික්ෂූන් වහන්සේලා ආනන්ද හිමියන් වෙත දෝශාරෝපණ පහක් එල්ල කලහ.

1. ආනනද තෙරුන් බුදු රජාණන් වහන්සේගෙන් භික්ෂූන්ට වෙනස් කල හැකි සුළු විනය නීති රීති ගැන නොවිමසීම.  ආනන්ද තෙරුන් වහන්සේ වරද පිලිගත් සේක. 
2. බුදු රජාණන් වහන්සේගේ සිවුර එලලන වේලෙහි ආනන්ද තෙරුන් වහන්සේ ඒ සිවුර පාගන ලද බවට චෝදනාවක් මතු විය.    ආනන්ද තෙරුන් වහන්සේ " ඒ සිවුර එලලන වේලෙහි මට උදව් කිරීමට කිසිවෙක් නොසිටියේය. ඒ නිසා එසේ කිරීමට මට සිදු විය.  ඒ බුදු රජාණන් වහන්සේ කෙරෙහි ඇති අප්‍රසාදයකින් හෝ අගෞරවයකින් නොව වෙන දෙයක් නොමැති නිසා එසේ කලෙමි" යයි ආනන්ද තෙරුන් වහන්සේ පිලිතුරු දුන්නේය.  ඒ සඳහා මම පාපෝච්චාරණය කරන්නෙමි.

3. බුදු රජාණන් වහන්සේ පිරිනිවි අවස්ථාවේ ආනන්ද තෙරුන් ප්‍රථමයෙන් කාන්තා පක්ෂයට බුද්ධ සිරුර වන්දනා කිරීමට ඉඩ සලසා දුන්නේය.ඔවුන්ගේ කඳුලු වලින් බුද්ධ සිරුර අපවිත්‍ර විය.  මේ වරද පිලිබඳව පාපෝච්චාරණය කරන්නැයි ජ්‍යේෂ්ඨ  භික්ෂූන් ආනන්ද තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ.  කාන්තාවන්ට යුහුසුලුව නිවෙස් වලට යා යුතු බැවින් මම එසේ කලෙමි.  එහි වරදක් මට නම් නොපෙනේ.  නමුත් මෙහි වැඩ සිටින ඔබ වහන්සේලාට ගෞරව කිරීමක් වශයෙන් මම පාපොච්චාරණය කරන්නෙමි. 
4. බුදු රජාණන් වහන්සේ චාපාල ස්ථූපය ආදී නොයෙක් ස්ථාන වලදී උන්වහන්සේගේ පරිනිර්වානය පිලිබඳව ප්‍රකාශයන් කරන ලදී.  එවන් අවස්ථාවක වසර සියයක් දක්වා ලෝකයාගේ හිත සුව පිණිස ජීවත් වන්නැයි ඔබ ඇරයුම් නොකෙලෙහිය.  මෙයත් ඔබේම වරදකැයි භික්ෂූන් කියා සිටියහ.  ඒ සෑම අවස්ථාවකම මාරයා විසින් මා ග්‍රහණය කොට සිටි බව මගේ විශ්වාසයයි.  ඒ නිසා මා අත වරදක් නැත.  නමුත් ඔබ හැමගේ අභිප්‍රාය පරිදි මම පාපෝච්චාරණය කරන්නෙමි.

5. ආනන්ද, ඔබ කාන්තා පක්ෂයට පැවිද්ද ලබා දීමට බොහෝ සෙයින් ක්‍රියා කලේය. මෙයද ඔබේම වරදකි. මේ සඳහා පාපොච්චාරණය කරන්න.  මහා ප්‍රජාපතී ගෝතමී, බුදු රජාණන් වහන්සේ බිලිඳෙකුව සිටි අවස්ථාවේදී සිය පුත් නන්ද කුමරු පසෙක තබා උන්වහන්සේට සිය කිරි පොවා ඇතිදැඩි කල සේක.  ඒ පිලිබඳව පැන නැගුනු කෘතඥතාවය නිසා මම එසි කලෙමි.  එහි මගේ වරදක් ඇතැයි නොසලකමි.  නමුත් ඔබේ ඉල්ලීම පරිදි මම පාපොච්චාරණය කරන්නෙමි.


 ආනන්ද මහ රහතන් වහන්සේගේ පරිනිර්වානය.
ආනන්ද මහ රහතන් වහන්සේ වසර 120ක් ජීවත් වූ සේක.   සිය ආයු කාලය අවසාන වී ඇති බව දැනගත් ආනන්ද හිමි පිරිනිවන් පාන්නට කල් පැමිණ ඇති බව දැන ගත්තේය.   රෝහිනී නදිය අසබඩ ගංගා ඉවුරු දෙකේම ජනයා ඔවුන්ගේ ඉවුරේ පිරිනිවෙන්නැයි ආනන්ද රහතන් වහන්සේට ඇවිටිලි කරන්නට වූහ.  එය සත්‍යයකි.  ආනන්ද රහතන් වහන්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතූන් සම්බන්ධයෙන් විශාල කෝලාහලයක් ඇතිවිය හැකි බව වටහා ගත්තේය.  එක් එක් පාර්ශවයේ ජනී ජනයා ඔවුන්ගේ ගංඉවුර වෙතට  යන ලෙස අවවාද කල  ආනන්ද රහතන් වහන්සේ, සත් වන දිනයේ ගඟ මධ්‍යයේ බඹ හතක් ඉහල අහසේ පලක් බැඳ හිඳ ගත් සේක.  එතැනදී ධර්ම දේශනයක් පැවැත්වූ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ සිය අදිෂ්ඨානය පරිද්දෙන්  පිරිනිවී සිරුර ගිනිජාලාවකින් භෂ්මාවශේෂ බවට පත්විය.  එසේම උන්වහන්සේගේ අධිෂ්ඨානය පරිද්දෙන් ශාරීරික ධාතුන් හරියටම අඩක් එක් ඉවුරක්ටත්, අනෙක් කොටස අනෙක් ඉවුරටත් පතිත විය.  ජනයා බුදු රජාණන් වහන්සේ පිරිනිවි දාට වඩා ශෝක වූ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.  බුදු හිමි පිරිනිවි කල අපට ආනන්ද තෙරුන් සිටියහ.  දැන් උන්වහන්සේද පිරිනිවී ඇත යනුවෙන් මාස ගනනක් ශෝක වූහ. 

Sunday, May 15, 2011

ආනන්ද මහ රහතන් වහන්සේ …8

චීන ත්‍රිපිටකයේ සඳහන් වන  සුරංගම සූත්‍රය ඇසුරෙනි. 

මේ සංවාදය පැවතුන කාලයේ ආනන්ද තෙරුන් වහන්සේ සෝවාන් ඵලයට පමණක් සම්ප්‍රාප්ත වී සිටියහ. 
බුදු රජාණන් වහන්සේ: ආනන්ද, ඔබත් මමත් එකම ලේ පරපුරකට අයත් වෙමු.  එසේම සහෝදර සෙනෙහසකින් යුතුව අපි ජීවත් වන්නෙමු.  මම ප්‍රශ්න කීපයක් අසන්නෙමි.  ඒවාට පිලිතුරු දෙනු මැනවි.  බුද්ධාගම පිලිබඳව ඔබ පැහැදුනේ කුමන කරුණක් නිසාද?  ඔබේ තාරුණ්‍යයත් ආසාවන් හා වෙනත් ලෞකික සැප සම්පත් අතහැරීමට හේතු වූයේ කුමන කරුනක් නිසාද?

ආනන්ද තෙරුන් වහන්සේ:  මාගේ ස්වාමීනි, ඔබගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කෙරෙහි මාගේ සිත ප්‍රථමයෙන් ඇදී ගියේය. අතිශයින්ම විශේෂ වූ එවැනි ලක්ෂණ විනිවිද පෙනෙන්නා වූ දීප්තිමත් පලිඟුවක තුලින් මෙන් මම පැහැදිලිවම දුටුවෙමි.  ඒ පුරුෂ ලක්ෂණ දුටු දින පටන් මම ඒ ගැන මහත් සතුටට පත් වූයෙමි.  ඒ දුර්ලභ පුරුෂ ලක්ෂණ සියලු කෙලෙස් වලින් දුරු වූ උතුම් කෙනෙකුට පමණක් පිහිටන බවත් සිහියට ගත්තෙමි.  රාග තණ්හාවෙන් මඩනා ලද කෙනෙකුගේ සිත අපිරිසිදුය.  ඔහුගේ සිහිය විකල්ය.
ඔබේ සිරුරෙන් විහිදෙන රන් පැහැ ගැන්වුනු ආලෝක ධාරා රාගාත්මක කෙනෙකුගේ සිරුරෙන් කිසිසේත් විහිදෙන්නේ නැත.  ඔබ වහන්සේගේ පිරිසිදු ශ්‍රේෂ්ඨ බව එයින් මට සක්සුදක් සේ පැහැදිලිය. ඒ නිසා ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වීමට මට සිත් විය. 

බුදු රජාණන් වහන්සේ: ආනන්දයෙනි, මේ ශාලාවේ රැස් වී සිටින්නා වූ සියලුම ශ්‍රාවකයෝ නිමක් නැති මේ සසරෙහි ස්වභාවය මනාව දත යුතුය.  මේ උද්වේගකාරී වේදනාවන් (විඳීම්) නිසා ඉමක් කොනක් නැතිව සසර පුරා සත්වයා සැරි සරණ බව දත යුතුය.
ආනන්ද තෙරුන් වහන්සේ:  එසේය ස්වාමීනි.

බුදු රජාණන් වහන්සේ: ආනන්දයෙනි, මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැකීමෙන් ඔබේ සිත  පහන් වූ බව ඔබ පවසන්නෙහිය.  ඒ සොම්නස් සහගත වේදනාව කෙසේනම් හටගත්තෙහිද?  කුමක් නිසා ඒ සතුට දැනුනේද? 
ආනන්ද තෙරුන් වහන්සේ: මගේ ඇස්වලින් ඒ ලක්ෂණ මම දුටුවෙමි.  මගේ මනසින් එය හඳුනාගතිමි.  එය දකින සෑම විටකම මට මහත් සොම්නසක් ඇතිවිය.  එහෙයින් ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වීමට මම ප්‍රිය කලෙමි. 

බුදු රජාණන් වහන්සේ:  ආනන්දය ඔබගේ ඇසට පෙනෙන දර්ශන ගැනත්, සිතට නැගෙන සිතුවිලි ගැනත් නිශ්චිත අවබෝධයක් නැත්නම් කවදාවත් ක්ලේශයන්ගෙන් නිදහස් වීමක් නොවන්නේය.   ඇසට පෙනෙන දර්ශන සතුට ගෙනදෙයි.  මනස ඒ දර්ශන බඳා අල්ලා ගනියි. ක්ලේශයන් වර්ධනය වෙයි.  ඇසට පෙනෙන දේවල් ගැන මනා අවබෝධයක් නැත්නම් මනස ගැන මනා අවබෝධයක් නැත්නම් මේ ලෞකික දේවල් තුලම ඇලී ගැලී සසර තුලම සත්වයා සැරි සරයි. 
බුදු රජාණන් වහන්සේ:  ආනන්දයෙනි, ඔබගේ ඇස් සහ මනස ශරීරයේ කොතනක නම් පිහිටා ඇත්ද?  ඒ ඇස් සඝ මනස ඔබට නොදැනුවත්ව කොතනකට ගමන් කරයිද?

ආනන්ද තෙරුන් වහන්සේ:  ස්වාමීනි, මගේ ඇස් මුහුනේ උඩ කොටසේ පිහිටා ඇත.  නමුත් මනස සිරුර තුල සැඟවී ඇත. 
 බුදු රජාණන් වහන්සේ:  නමුත් ආනන්ද ඔබ දැනට සිටින්නේ මේ ශාලාව තුලය.  ඔබට මේ ජේත වනයේ වනාන්තරය පෙනෙයිද?

 ආනන්ද තෙරුන් වහන්සේ:  එසේය ස්වාමීනි, මට මේ ජේත වනය හා එහි ඇති මේ රැස්වීම් ශාලාව පැහැදිලිවම පෙනෙයි.  එය පිහිටා ඇත්තේ ජේත වනය තුල අනාථ පිණ්ඩික සිටුතුමාගේ රමණීය උද්‍යානය තුලය. 
බුදු රජාණන් වහන්සේ:  ආනන්ද, ඔබට ප්‍රථම වශයෙන් පෙනෙන්නේ කුමක්ද?  මේ ශාලාව තුල සිටින අයද? වනාන්තරයද?  

ආනන්ද තෙරුන් වහන්සේ:  ස්වාමීනි මට ප්‍රථමයෙන්ම පෙනෙන්නේ ශාලාව තුල වැඩ සිටින ඔබ වහන්සේය.  ඊළඟට ශාලාව තුල සිටින ශ්‍රාවකයන් වහන්සේලා සහ අනෙකුත් පිරිස පෙනෙයි.  ඊලඟට මට මට වනාන්තරය දර්ශනය වෙයි.  
බුදු රජාණන් වහන්සේ: ආනන්දයෙනි, එය සත්‍යයෙකි. 

බුදු රජාණන් වහන්සේ: එසේනම් ආනන්දයෙනි, ශාලාවේ මෙතැන සිට බලන විට ඔබට පෙනෙන දර්ශන වෙනස් වශයෙන් හඳුනා ගන්නේ කෙසේද?
ආනන්ද තෙරුන් වහන්සේ: ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ ශාලාවේ දොරවල් සහ ජනේල මනා ලෙස විවෘතව ඇත.  ඒ නිසා මට මෙතැන සිට ඈත් දුර ඇති දෑ හොඳින් නිරීක්ෂණය කල හැක. 

මේ අවස්ථාවේ භග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ රන්පැහැයෙන් යුත් ශ්‍රී හස්තය දුග හැර ආනන්ද තෙරුන් වහන්සේගේ හිස අත ගා " ආනන්දය, ඔබ ඔබේ මනැස ඇත්තේ සිරුර තුල බව ප්‍රකාශ කලෙහිය.  ඒ මනැස ඇත්තේ සිරුර තුල නම්, ඔබට සිරුර තුල ඇති දේ මනාව දර්ශනය විය යුතුය.  නමුත් එසේ මනාව දර්ශනය වන කිසිවෙක් නොමැත.  එසේ නම් කෙනෙකුට සිය හදවත, අක්මාව, අතුනුබහන්, පෙනහලු සහ අනෙකුත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් මනාව දර්ශනය විය යුතුය.  නිය වැඩෙන අන්දම කෙස් වැඩෙන අන්දම පැහැදිලිව දිස්විය යුතුය. හදවත ස්ඵන්දනය වන අන්දම දර්ශනය විය යුතුය. ඒ නිසා මනැස ඇත්තේ සිරුර ඇතුලත යන බව පිලිගත් නොහැකිය.  

         ###############
වරක් බුදු රජාණන් වහන්සේගේ  ධර්ම දේශනාවකින් අනතුරුව, ආනන්ද තෙරුන් වහන්සේ වික්ෂිප්තව ඔබ මොබ බලමින් සිටි සේක.  උන්වහන්සේ ධර්ම දේශනයට මනා ලෙස සවන් යොමු කොට ශ්‍රවණය කල නමුත්, එය වටහා ගැනීම අපහසු විය. ඉඩයක් ලද සැනෙකින් බුදු රජාණන් වහන්සේ හමුවට ගිය ආනන්ද තෙරුන් වහන්සේ, "ස්වාමීනි භාග්‍ය වතුන් වහන්ස, ඔබ වහන්සේ අපට අනුකම්පාවෙන් කල දේශනය මට වටහා ගත  නොහැකි විය.  මට අනුකම්පා කොට එය තේරුම් කර දෙනු මනැවැයි" අයැද සිටියේය. 

ඒ ඉල්ලීම සලකා බැලූ බුදු රජාණන් වහන්සේ සේද රෙදි කඩක් ගෙන එහි ගැටයක් ගසා එහි රැස්ව සිටි භික්ෂූන්ට පෙන්වූ සේක.  භික්ෂූනි, මේ කුමක්දැයි විචාල සේක.
ස්වාමීනි ඒ සේද රෙදි කඩකි. ඔබ වහන්සේ විසින් ගසන ලද ගැටයක් එහි ඇත.  බුදු රජාණන් වහන්සේ තවත් ගැටයක් ගසා යලිත් එය කුමක්දැයි විචාල සේක.  ස්වාමීනි එය ගැට දෙකක් සහිත සේද රෙදි කඩකි.  ඒ අන්දමට බුදු රජාණන් වහන්සේ ගැට හයක් ගසා (වරකට එක ගැටයක් බැගින්) එය භික්ෂූන්ගෙන් විචාල සේක. 

ස්වාමීනි භාග්‍ය වතුන් වහන්ස, මේ රෙදි කඩ සේද නූලෙන් වියන ලද්දකි.  එහි ගැට හයක් ඇත. 
ආනන්දයෙනි මෙය සේද නූලෙන් වියන ලද රෙදි කඩකි.  එය සැබෑය.  ගැට ගැසීමෙන් එහි තත්වය වෙනස් නොවේ.  ඒ පෙර තිබූ රෙදි කඩමය. ගැට නිසා බාහිර පෙනුම වෙනස් වී ඇත.    බාහිර පෙනුම වෙනස් වුවත් මේ රෙදිකඩ වෙනස් නොවේ.  එය පෙරසේම රෙදි කඩකි.  ගැට වෙනස් කිරීමෙන් බාහිර පෙනුම වෙනස් කල හැක.  ඇස කණ නාසාදී ඉන්ද්‍රියයන් ගේ ස්වභාවයද එසේමය.  දොරටු සයකින් සංජානනය (perception) වන කරුණු අනුව සිත සලිත වෙයි.  පිරිසිදු සිතට ගලන්නා වූ කරුණු අනුව සිත වෙනස් වෙයි.  ඒ වෙනස් වන සිත වැරදි වූ විකල්ප වල එල්බ ගනියි.  එවිට අකුසල් එකතු වෙයි.  රාග ද්වේශ මෝහ යනාදී අකුසල් මුල් බැස ගනියි. එමෙන්ම සක්කාය දිට්ඨි විචිකිච්චා ආදී වූ දෘෂ්ටිද පහල වෙයි.  මේ ගැට හයක් සහිත සේද රෙදි කඩද ඒ හා සමානය.  දොරටු හයකින් ගලා එන්නා වූ අපිරිසිදු සන්තානයන් සිත අපිරිසිදු කරන්නා සේ මේ ගැට හය සේද රෙදි කඩෙහි දර්ශනීයත්වය අපිරිසිදු කරයි.  ගැට නොමැතිව මේ සේද රෙදි කඩ ඉතා පිරිසිදුවට දැකිය හැකි වෙයි. 

Tuesday, April 26, 2011

සිත (සිහිය, මනස ) අකීකරු සිත

බුද්ධ ධර්මයට අනුව, ආරම්භයත්, නාභිගත කේන්ද්‍රයත් සිත හෙවත් මනස වන්නා සේම විමුක්තිය කරා සම්ප්‍රාප්ත වූ රහතන් වහන්සේගේ  මනැසේ  අවසානයත් ඒ සිතම වන්නේය...  ( ඥාණපොනීක ස්වාමීන් වහන්සේ - The Heart of Buddhist Meditation B.P.S).

බටහිර විද්‍යාඥයෝ 'මනස' ගැන නොයෙක් නොයෙක් මත පහල කොට ඇත. වෛද්‍ය විද්‍යාවද මේ මත ඔස්සේ ගොස් මානසික රෝග වර්ගීකරණය කොට ඇත.   ඒ රෝග ලක්ෂණ අනුවය. නමුත් මේ රෝගීන්ගේ සිරුරු තුල කිසිම වෙනසක් අණ්වීක්ෂයකින් පවා සොයා ගැනීමට නොහැකිය.   අද වන තුරු කිසි විද්‍යාඥයෙක්  (ව්‍යවච්ඡේදනයෙන් පවා ) ශරීරය පිලිබඳව කිසිම අමුත්තක් මේ රෝගීන්ට ඇති බවක් පවසා නොමැත.  ඒ නිසා මානසික වෛද්‍යවරුන්ගේ පිලියම මොලයේ ක්‍රියා කාරිත්වය වෙනස් කිරීමට, සෛලවල ක්‍රියාකාරිත්වය වෙනස් කිරීමට රසායනික ද්‍රව්‍ය රෝගියාට නිර්දේශ කිරීමයි.  ඒ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන අනර්ථකර අතුරුඵලයන් ගැන සාමාන්‍යයෙන් වෛද්‍ය වරු නිශ්ශබ්දය.   මේ සටහනේ අරමුණ බටහිර මානසික වෛද්‍ය ක්‍රමය විවේචනය කිරීම නොවේ. 
1970 දශකයේ මුල භාගයේ පමණ බ්‍රයන් වයිස් නම් වන මනෝ වෛද්‍යවරයා අහම්බෙන් නව දෙයක් සොයා ගත්තේය.  ඔහු විසින් වශ්‍රීකරණය (hypnotize)  කරන ලද රෝගියෙක් ඔහු පිලිබඳව පැවසූ දෙයක් සත්‍ය පුවතක් වීම ඔහුගේම මවිතයට හේතු විය.  ඒ සත්‍ය පුවත කිසිවෙක් නොදන්නා බව ඔහු හොඳාකාරව දැන සිටියේය.  ඒ සමගම ඒ රෝගියාගේ ආබාධය පෙර භවයන් හා සම්බන්ධ බවත්  ඔහු වටහා ගත්තේය.  භාවනා ක්‍රම භාවිතයෙන් රෝගය සුව කල හැකි බවද ඔහු වටහා ගත්තේය.  මේ පිලිබඳව ලොවට කියා පෑමට ඔහු මුලදී මැලි වූවේය. 

 ලෝකයේ සෑම රටකම පාහේ පවතින බලගතු  වූ වෛද්‍ය සමාජයේ කුහක කම නිසාය.  වෛද්‍ය සමාජය අමුතුම සමාජයකි.   අලුත් මතයක් ඉදිරිපත් කරන්නෙක් "නීත්‍යානුකූලව" වැරදි බව ඔප්පු කරන්නට නීතිය යටතේ ඔවුන්ට බලය ඇත.  එක් එක් අංශයේ සිටින්නා වූ විශේෂඥයෝ "රට / ලොව පිලිගත් විශේෂඥයෝ" වීම ඊට හේතුවය.  ඕනෑම රටක නීතියට අනුව ප්‍රවීණයන් (experts) කොටසක් ඇත.  ඔවුන්ගේ මතය නීතිය අනුව අවසාන මතය වේ.   

ඔවුන් කරන දෙය "නීත්‍යානුකූලය".   පිලිගත් සම්ප්‍රදායික දේවල් හැර වෙන යමක් ප්‍රකාශ කිරීමෙන් ඒ ප්‍රකාශ කරන්නා පිස්සෙක් හැටියට  සැලකීමට වෛද්‍ය සමාජය පුරුදුව සිටිති.  එයින් වෘත්තීය වශයෙන් කොන් වීමට බයෙන් බොහෝ වෛද්‍යවරු, සම්මත වූ  එතෙක් පිලිගත් මතයට බැහැරව කිසි දෙයක් කීමට මැලි වෙති. 

 වෛද්‍ය මතයට අනුව  පුනරුත්පත්තියක් නැත.  මිය ගිය පසු සියල්ල හමාරය.  පුනර්භවය පිළිබඳ මතකයන් පිලිගැනෙන්නේ මේ මෑතක සිටය.

මේ අභියෝග හමුවේ බ්‍රයන් වයිස් මහතා මුහුණ පෑවේ වෘත්තීය වශයෙන් ඉතා අන්තරාදයක ප්‍රශ්නයකටය.  කෙසේ හෝ ධෛර්ය උපදවා ගෙන සාක්ෂි සහිතව තමා සොයා ගත් දේවල් ඔහු ලොවට ඉදිරිපත් කලේය.  ඉන් වූයේ බටහිර මනෝ වෛද්‍ය ශාස්ත්‍රය කොටස් දෙකකට බෙදීමය.  බ්‍රයන් වයිස් මහතා කියන දෙය පිලිගන්නා සහ නොපිලිගන්නා කොටස් වශයෙන් එය බෙදී ගියේය.  එයින් සිදු වූ හානියක් නැත.    කොටින්ම කියනවා නම් වයිස් මහතා උගන්වන්නේ වෙන කිසිවක් නොව වසර  2500 කටත් පෙර බුදු රජාණන් වහන්සේ ඉගැන්වූ සමථ භාවනා ක්‍රමයයේ මූලික කොටස පමණය.    ඔහු එය කෙලවරටම නොගොස් මෙලොවදී පමනක් සැනසුමක් ලබන අන්දමට එය අවසන් කරයි. 

අද ලෝකයේ හැටියට වයිස් මහතා ඉතා ප්‍රසිද්ධය. අද මහාචාර්ය පදවියකින් පවා පිදුම් ලබා ඇත.   ආනාපාන සති භාවනාව පුහුනු කිරීමෙන් මානසික රෝග මෙන්ම ශාරීරික ආබාධද  ඔහු  සුව කරන බවට ලොව පිලිගෙන ඇත.  එතුමාගේ අත්දැකීම් පිළිබඳව වටිනා ග්‍රන්ථ කිහිපයක්ද එතුමා එලිදක්වා ඇත.   ඒ මහතා විසින් රචිත සංයුක්ත තැටි කිහිපයක්ද වෙයි.  ඒ සංයුක්ත තැටි වල අඩංගු වන්නේ මොහොතින් මොහොත මග පෙන්වා, රෝගියාගේ සිත සන්සුන් කරන දේශන  මාලාවකි.    සිහි කල්පනාවෙන් එය ශ්‍රවනය කල හොත් මානසික සුවයක් ලැබෙන බව නොරහසකි.  එතනින් එය කෙලවර වෙයි. ඒ පිලිබඳව විස්තර මෙතැනින් බලන්න. 

 සිතට එක වරකට ඇතුලු විය හැක්කේ එක අදහසකට පමනි.  සිතට එන අදහස්  ඉතා කුඩා කාල පරිච්ඡේදයකින් වෙන්වී ඇත.  ඉක්මනින් අදහස් සිතට ඇතුලු වන විට මේ කාලය තවත් කුඩා වී පසුව එක් එක් අදහස් පටලැවෙන්නට පටන් ගනී.  මේ පටලැවීම නිසා සිත වික්ෂිප්ත වෙයි.   නොයෙක් මානසික රෝග ඇති වෙයි.  .  මේ රෝගීන්ගේ චර්යාව අනුව ඒ ඒ රෝගයට නමක් බටහිර විද්‍යාවට අනුව යෙදෙයි.    

නමුත්  අප තිලෝගුරු  සම්මා සම්බුදු රජාණන් වහන්සේ උගන්වා වදාල භාවනා ක්‍රම ඊට වඩා ප්‍රතිඵල සහිතය.  සම්පූර්ණය. පියවි මිනිස් සිත ඉක්මවූ අතුරු ඵල ලැබුණද එය භාවනාවේ අරමුණ නොවන බව බුදු රජාණන් වහන්සේ වදාල සේක.  අවසානය දක්වා සිත මෙහෙයවන අන්දම උන්වහන්සේ අපට උගන්වා ඇත.  අවාසනාවකට මෙන් අපි ඒවා පිලි පදින්නේ නැත.  ක්ලේශයන්ගෙන් තොර වූ නිර්මල සම්බුදු සිත අපට නොපෙනෙයි.  ශාරීරික වශයෙන් බුදුන් වහන්සේ ජීවමානව සිටි කල රූපය දැකිය හැකි වුවද, උන්වහන්සේගේ සිත දැකිය නොහැක.  සත්‍යය මේ යයි..”  බුදු රජාණන් වහන්සේ අපට ලොව පවත්නා සත්‍ය වූ ධර්මයන් උගන්වා ඇත.  එනම් සත්‍යය  යනු ලොව පවත්නා ධර්මයමය.  ධර්මය යනු සත්‍යයමය.  ".. යමෙක් ධර්මය දකින්නේ නම් හේ මා දකියි…” යනුවෙන්  උන්වහන්සේ  ප්‍රකාශ කලේ ඒ නිසාය.    බුදු රජාණන් වහන්සේ  'සිත' පිරිසිදු කිරීමේ කාර්යය පටන් ගන්නේ සීලයෙනි.   විසුද්ධි මාර්ගයේ මෙය විස්තර සහිතව දක්වා ඇත.  සීලය යනු කය, වචනය, සිත යන තුන් දොර පිරිසිදු කර ගැනීමයි.     සීලය නොයෙක් නොයෙක් මානසික තත්වයන්ට සුදුසු ලෙස බුදු රජාණන් වහන්සේ පෙන්වා දී ඇත.  සාමාන්‍ය මහා ජනයාට පංච සීලයත්, ඊට වඩා සීලයක් රැක ගන්නා කෙනෙකුට අට සීලයත්, දස සීලයත්, සාමණේර සික්ශා පද සහ අංග  227 කින් යුත් පැවිදි සීලයත් වෙන් වෙන් වශයෙන් බුදු රජාණන් වහන්සේ දහමෙහි දක්වා ඇත.  මේ සියල්ල ගමන් කරන්නේ එකම දිශාවකටය.  එනම් සසර කෙලවර කර ගැනීමටය.  එසේ කිරීමට  ප්‍රථමයෙන්  සිත පිරිසිදු කර ගැනීම අත්‍යාවශ්‍යය.    සිත කිලිටි කරන අකුසල් ප්‍රධාන වශයෙන් තුනකි... ඒ තුන  රාග, ද්වේශ, මෝහ යනුවෙන් නම් වෙයි.   මේ අකුසල් වලින් මිදී සසර කෙලවර කර ගැනීමට නම් බුදු රජාණන් වහන්සේ පහදා දුන් ගමන් මාර්ගයේ ගමන් කල යුතුය.
 සිත ඉතාමත් අද්භූතය.  එය ගමන් කරන්නේ විදුලියටත් වඩා වැඩි වේගයකිනි.  සුව උපදවන තැන් තදින් අල්ලා ගැනීමේ බලයක් සිතෙහි තිබේ.  මේ නිසාම මනුෂ්‍යයා කරදර පොදි බැඳ ගනියි.    

එක තැනක එක අරමුණක සිත තබා ගැනීම ඉතාමහ් අසීරු කාර්යයකි.  කායික වශයෙන් මාංශ පේශීන් වර්ධනය වීමට ඒ මාංශ පේශීන් ව්‍යායාම කරන්නා සේම සිත වර්ධනය වීමට සිත එක අරමුණක දීර්ඝ කාලයක් තබා ගත යුතුය.  හික්මවන ලද සිත ඉතාමත්ම බලසම්පන්නය.  විශ්වයේ ඇති ඉතාම තේජවත් බලය හික්මවන ලද සිතය.   මේ බව බුදු රජාණන් වහන්සේ ධර්ම දේශනා ඔස්සේ කිහිප අවස්ථාවක  වදාල සේක.  ".. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.." වශයෙන් දේශනා කලේ සිතිවිලි නිසා කර්මය ඇතිවෙයි යන අර්ථය ඇතිවය.  පටිච්ච සමුප්පාදයෙහි " අවිජ්ජා පච්චයා සංඛාරා.. සංඛාරා පච්චයා විඤ්ඤාණ.." වශයෙන් සිත මුල් කොට ගෙන මේ සසරෙහි සත්වයා සැරි සරණ අන්දම බුදු හිමි පැහැදිලි කොට ඇත.  රූප ස්කන්ධය වශයෙන් හඳුන්වන මේ ශරීරයෙහි හටගැන්මද සිත නිසා ඇති වී ආහාර ප්‍රත්‍යයෙන් පෝෂණය වන බව බුදු හිමි දේශනා කොට ඇත.   සිල් රැකීමෙහි අභිමතාර්ථය වන්නේ දමනය වූ සිතක් උපදවා ගැනීමයි. දමනය වූ සිතක් ඇති කල සීලය තවත් වර්ධනය වෙයි.   සීලය රැක ගැනීමට සංවේද ඉන්ද්‍රියයන් සංවර කර ගැනීම අත්‍යාවශ්‍යය.  සිත් ඇද ගන්නා සුලු දේවල් කෙරෙහි ඇදී යන සිත ඒවා අයිති කර ගැනීමට  පෙලඹෙයි.  "සත්‍යය ඇති සැටි දැකීමෙන්" හෙවත් විදර්ශනාවෙන් එය වලක්වා ගත හැකිය. බුදු රජාණන් වහන්සේ පන් සාලිස් වසක් මුලුල්ලේ දේශනා කරේ මේ ධර්මයය. 
තෙරුවන් සරණයි....
මතු සම්බන්ධයි.....