Wednesday, April 6, 2011

සම්මා සම්බුදු ශ්රාවකයන් වහන්සේලා......4

ආනන්ද මහ රහතන් වහන්සේ ……4

වරක් බුදු රජාණන් වහන්සේ මෙසේ වදාල සේක.  "... මාගේ සාසනයේ බහුශ්‍රැත වූද, අධික ධාරණ ශක්තියක් ඇත්තා වූද, උතුම් වූ පිරිසිදු චරිතයක් ඇත්තා වූද, අතිශයින් කාර්යක්ෂම වූද, අතිශයින් විනීත උපස්ථායක කෙනෙක් වූද, එක් භික්ෂුවක් ඇත.  අන් කවරෙක් වත් නොව  ආනන්ද තෙරණුවෝය    දිනක් ගෝපක මොගල්ලාන නම් වූ භ්‍රාහ්මණයෙක් ආනන්ද තෙරුන් වහන්සේ වෙත පැමිණ, ඔබ වහන්සේ ඉතා ශ්‍රේෂ්ඨ තෙරුන් වහන්සේ කෙනෙක් වශයෙන් බුදු රජාණන් වහන්සේ සඳහන් කරයි.  එසේ වීමට බුදු රජාණන් වහන්සේ කොපමණ තරම් ධර්මයක් ඔබට දේශනා කොට ඇත්ද? ඊට පිළිතුරු වශයෙන් බ්‍රාහ්මණය, මම 82,000ක් තරම් වූ දේශනා බුදු රජාණන් වහන්සේගෙන් අසා ඇත්තෙමි.  සාරිපුත්ත ආදී වූ තෙරුන් ගෙන් දෙදහසක් පමණ වූ දේශනා අසා ඇත්තෙමි. සම්පූර්ණ වශයෙන් මම දේශනා අසූහාරදහසක් පමණ උගත්තෙමි යයි වදාල සේක..  ධාරණ ශක්තිය අතින් සසුනෙහි වෙනත් භික්ෂූන් සිටියද ආනන්ද තෙරුන් පමණ ධාරණ ශක්තියක් ඇති වෙන භික්ෂුවක් නොසිටියේය.  ආනන්ද තෙරුන්ගේ ධාරණ ශක්තිය අතීත භවයන්හිදී උන්වහන්සේ විසින් කරන ලද කුසල් සම්භාරයෙන්  ශක්තිමත් වී ඇත.  ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට, බුදු රජාණන් වහන්සේ දෙන උපදෙස් (සුතා, ධතා, වචසා පරිචිතා, මනසානු පේක්ඛිතා, දිට්ඨියා සුප්පටි විද්ධා) ආනන්ද තෙරුන් වහන්සේ අකුරටම පිලිපැදි සේක.  බුදු රජාණන් වහන්සේගේත් ආනන්ද තෙරුන් වහන්සේගේත් සසර සබැඳියාව අතිශයින්ම දීර්ග වන්නේය.  ආනන්ද තෙරුන් වහන්සේ ඕනෑම වේලාවක ඕනෑම කෙනෙකුට පිහිට වීමට සූදානම්ව සිටියහ.  මධුර ස්වරයකින් හා පියකරු ශරීර ශෝභාවකින් යුතු වූ උන්වහන්සේ සිත් ඇද ගන්නා සුලු ගති පැවතුම් වලින් යුක්ත විය.  කාරුණික නිහතමානී ගති පැවතුම් නිසා කාන්තා පක්ෂය ආනන්ද තෙරුන් වහන්සේට වැඩි ඇල්මක් දක්වන්නට වූහ.  එසේම ශාක්‍ය රාජ පවුලකින් පැවත එන, පිරිසිදු චරිතයකට හිමිකම් කියන උන්වහන්සේ තමා අති පූජ්‍ය බුදු රජාණන් වහන්සේගේ පුද්ගලික උපස්ථායකයානන් බවත් තමාට පැවරී ඇති භාර දූර වගකීමත් කිසිවිටෙක අම්තක නොකෙලේය.    ආනන්ද හිමියන්ට අනුරාගයෙන් බැඳුනු කාන්තාවන් බොහෝ සේ සිටින්නට ඇත.  උන්වහන්සේ හා බැඳුනු තෙරණියන්ද සිටින්නට ඇත.  නමුත් උන්වහන්සේ කිසි දිනක කිසි විටෙක චරිතය කිලිටි වන පරිදි කටයුතු කොට නැත.  මේ වෙනුවෙන් සාක්ෂි දරන්නේ බුදු හිමියන්මය.

කොසොල් රජතුමාගේ බිසෝවරු වරෙක් කොසොල් රජතුමාට මෙසේ පැවසූහ.  රජතුමනි, ඔබ වහන්සේ බුදු රජාණන් වහන්සේ බැහැ දැකීමට දිනකට තුන් වරක්  යන්නේය.  උන්වහන්සේගෙන් ධර්මය නිතරම ශ්‍රවණය කරන්නේය.  විශාකා වැනි කුල කාන්තාවන් පවා දිනපතා විහාරස්ථානයට ගොස් කුසල් රැස් කර ගනිති.  නමුත් අපි කාන්තාරයක අතර මං වී සිටින පිපාසාවෙන් පෙලෙන දුගීන් වැන්න. 
ඔබ වහන්සේ ආරාමයට යන විට, බුදු බණ ශ්‍රවනය කිරීමට අපවද කැටුව යන මැනවි. 

කාන්තාවන් කැටිව විහාරයට දිනපතා ගමන් කිරීම විහාරස්ථානයේ කටයුතු වලට, විශේෂයෙන් බුදු රජාණන් වහන්සේට බාධාවක් විය හැක.  ඒ නිසා ඔබ වෙනුවෙන් මම සුදුසු යමක් කරන්නෙමි යයි කොසොල් රජතුමා අන්තඃ පුරයේ බිසවුන්ට පැවසුවේය.   දිනක් කොසොල් රජතුමා බුදු රජාණන් වහන්සේ සමග සතුටු සාමීචි බස් පවසන අවස්ථාවෙක චත්තපානී නම් වූ අනාගාමී වූ ගිහි පුද්ගලයෙක් ගැන කොසොල් රජ තුමාට අසන්නට ලැබින.  කොසොල් රජතුමා චත්තපානී මාලිගයට කැඳවා අන්තඃ පුරයේ බිසෝ වරුන්ට ධර්මය උගන්වනු මැනැවැයි ආරාධනා කලේය.    මහ රජ තුමනි, අප වැනි ගිහියන්ට එය අකැපය.  ඒ නිසා බුදු රජාණන් වහන්සේගේ අනුග්‍රහයෙන් තෙරුන් වහන්සේ නමක් මෙම කටයුත්ත සඳහා යොදා ගන්නේ නම් මැනැවැයි පැවසීය.  එසේ රජතුමා ඒත්තු ගන්වා චත්තපානී, ඒ භාරදූර කාර්යයෙන් ගැලවුනේය.  රජතුමාද, මේ සිද්ධිය බිසෝවරුන්ට පවසා, මම බුදු රජාණන් වහන්සේ හමුවී තෙරුන් වහන්සේ නමක් මාලිගයට එවන ලෙස ඉල්ලා සිටින්නෙමැයි පැවසීය.  බිසෝ වරුනි, ඔබ කැමති මොන තෙරුන් වහන්සේගෙන් ධර්මය ඉගෙනීමටදැයි රජතුමා විචාලේය.  ආනන්ද තෙරුන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේ සාසනයෙහි ඇති ඉතාමත් සිරිමත් තෙරුන් වහන්සේය.  එසේම උන්වහන්සේගේ ස්වරයද මධුරය, විනීත ගති පැවතුම් ඇත්තේය.  අපි ආනන්ද තෙරුන් වහන්සේගෙන් ධර්මය ඉගෙනීමට කැමැත්තෙමු.  මේ බව බුදු රජාණන් වහන්සේට සැළ කිරීමෙන් පසු බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ කැඳවා රජ මාලිගයට ගොස් බිසෝවරුන්ට ධර්මය උගන්වන ලෙසට අණ කලේය.  

බුදු රජාණන් වහන්සේ එසේ වදාල ද කොසොල් රජතුමාට සැක ඇති වූ තැන්ද තිබුණි.  බුදු රජාණන් වහන්සේ කොසොල් රජ තුමාගේ සැක දුරු කලේ ආනන්ද තෙරුන් වහන්සේගේ ගුණ වර්ණනා කරමිනි.  උන්වහන්සේ සෝථාපන්න වූ තෙරුන් වහන්සේ නමක් බවත් කවදාවත් උන්වහන්සේගෙන් වරදක් සිදු නොවන බවත් වදාල සේක.  අන්තඃ පුරයෙහි බිසෝවරු පන්සියයක් පමණ වූහ.  ඒ බිසෝවරු ආනන්ද තෙරුන් වහන්සේගේ සුමධුර කට හඬට වශී වූහ.  ඒ සියල්ලම ධර්මය හොඳින් ඉගෙන ගත්හ.  ඒ බිසොවුන්ද, ඔවුන්ගේ නොසිඳී ඇති කාමාශාවන් නිසා ආනන්ද තෙරුන්ගේ කටහඬ ශ්‍රවණය කිරීමෙන්, ආනන්ද තෙරුන්ගේ රුව ඇති පුතුන් බිහි කලහ. අන්‍යාගමිකයෝ මේ සිද්ධියෙන් කොසොල් රජතුමාගේ සිත වෙනස් කිරීමට තැත් කලහ.  කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ හමුව මේ සිද්ධිය සැල කොට සිටියේය.  භාග්‍යවතුන් වහන්සේ කරුණු දක්වා කොසොල් රජතුමාගේ සිතෙහි ඇති වික්ෂිප්ත භාවය දුරු කලේය.    කොසොල් රජතුමාගේ සැකය දුරු වූ පසු, ඒ බිසෝවරුන්ගේ කුමාරවරු ආනන්ද තෙරුන් වහන්සේගේ භාරයේ තබන ලද්දේ කොසොල් රජතුමා විසිනි.  ඒ කුමාරවරු පන්සියයක් පමණ දෙනා වැඩිවියට එළඹෙත්ම ආනන්ද තෙරුන්ගෙන් පැවිද්ද ලබාගෙන අරහත් ඵලය ලබා ගත්හ.  

වරක් කොසොල් රජතුමාට කසී රටෙන් වටිනා සලු දහසක් පමණ ත්‍යාග වශයෙන් ලැබුණි.  මෙයින් පන්සියයක් පමණ සිය අන්තඃ පුරයේ බිසෝවරුන්ට රජතුමා ත්‍යාග වශයෙන් පිරිනැමීය.  බිසෝවරුන් ඒ සළු ආනන්ද තෙරුන්ට පූජා කලහ.  එයින් ඉක්බිති ඔවුන් පැරණි වස්ත්‍රම හැඳගෙන රජතුමා බොජුන් වලඳන ශාලාවට ගියහ.  රජතුමා අලුතෙන් එවන ලද වස්ත්‍ර තිබියදී පරණ වස්ත්‍ර ඇන්දේ කුමක් නිසාදැයි බිසෝවරුන්ගෙන් විචාලේය.    එදා ධර්ම දේශනය ඉතාමත්ම සුන්දර වූ බවත් ඒ නිසා ධර්ම ත්‍යාගයක් වශයෙන් ඒ සළු සියල්ලම ආනන්ද තෙරුන්ට පූජා කල බව බිසෝ වරු පැවසූහ.  ආනන්ද තෙරුන් වහන්සේ ඒ සලු පිලිගත්තේදැයි රජතුමා විමසීය.  එසේය ස්වාමීනි බිසෝවරු පිලිතුරු දුන්හ.  කොසොල් රජතුමාට, මේ ස්වාමීන් වහන්සේලා යම්කිසි සළුපිලි වෙලඳාමක් කරත්දැයි රජතුමාට සැක සිතින.  එතුමා කෑමෙන් පසු අතේ වතුර වියලීමටත් පෙර වහාම ආරාමයට ගියේය. 

කොසොල් රජතුමා භාග්‍ය වතුන් වහන්සේ බැහැ දැකීමට පෙර ප්‍රධාන ශාලාවට ගොස් ආනන්ද තෙරුන් වහන්සේ හමුවූහ.  තෙරුන් වහන්සේට නමස්කාර කොට එකත් පස්ව හිඳ, ප්‍රශ්න කීපයක් ඇසූහ.

කොසොල් රජතුමා: තෙරුන් වහන්ස, මගේ බිසවුන් හොඳින් ධර්මය ඉගෙන් ගනිත්ද?

ආනන්ද තෙරුන් වහන්සේ: එසේය මහ රජ ඔවුන් හොඳින් ධර්මය ඉගෙන ගනිති.

කොසොල් රජතුමා:  ඔවුන් ප්‍රශ්න අසයිද?

ආනන්ද තෙරුන් වහන්සේ:   එසේය මහරජ, අවශ්‍ය ප්‍රශ්නයක් ඇත්නම් ඔවුන් ඒය අසත්.

කොසොල් රජතුමා:    ඔබවහන්සේගේ සුව දුක් ඔවුන් විචාරයිද? ඔබවහන්සේට සළුපිලි පූජා කරත්ද?

 ආනන්ද තෙරුන් වහන්සේ:     එසේය මහරජ, මට සළු පන්සියයක් පමණ ඔවුන් මට පූජා කලෝය.

කොසොල් රජතුමා:      ඔබ වහන්සේ ඒ සියල්ල පිලිගත්තෙහිද?

ආනන්ද තෙරුන් වහන්සේ:    එසේය මහ රජ මම පිලිගත්තෙමි.

කොසොල් රජතුමා:     ස්වමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබට පිලි ගැනීමට නියම කොට ඇත්තේ සළු තුනක් පමණක් නොවේද?

ආනන්ද තෙරුන් වහන්සේ:    එසේය මහරජ භික්ෂුවකගේ පුද්ගලික භාවිතයට බුදු රජාණන් වහන්සේ සිවුරු තුනක් පමණක් නියම කොට ඇතත් ඊට වඩා පිලිගැනීමට නියමයක් කොට නොමැත.  වනගතව වෙසෙන තිස්ස තෙරුන් වහන්සේ වයස අවුරුදු හතේදී   කිරිපිඬු සහිත පාත්‍රා දහසක් එක දිනකදී  පූජා වශයෙන් ලද්දේය.  උන්වහන්සේ ඒ පාත්‍රා දහසම එය අවශ්‍ය වූ දහසක් භික්ෂූන්ට පූජා කලේය.  එසේම උන්වහන්සේ බුමුතුරුණු දහසක්ද ලද්දේය.  ඒ බුමුතුරුණුද උන්වහන්සේ එය අවශ්‍ය බික්ෂූන්ට පූජා කලේය.  මම පූජා වශයෙන් ලබාගත් සලුද එසේමය.  ඒ සලු ඉරී ගිය සිවුරු ඇති භික්ෂූන්ට මමද පූජා කලෙමි. 

කොසොල් රජතුමා:    ඒ භික්ෂූන් වහන්සේලා අලුත් සිවිරු ලද කල්හි පැරණි ඉරී ගිය සිවුරු වලට කුමක් කරන්නේද?

ආනන්ද තෙරුන් වහන්සේ:   ඒ ඉරීගිය සිවුරු පිලිසකර කොට පෙරවන වස්ත්‍ර මෙන් ඔව්න් පාවිච්චි කරති. 

කොසොල් රජතුමා:   ඒ වස්ත්‍රද ඉරී ගිය කල්හි ඔවුන් කුමක් කරත්ද?

ආනන්ද තෙරුන් වහන්සේ:  මහරජ එවිට ඔවුන් ඒ ඉරී ගිය තැන් කපා අස් කොට අඳන සිවුරු වශයෙන් පරිහරණය කරති. 

කොසොල් රජතුමා:    අඳන සිවුරු ඉරෙන කොට ඔවුන් කුමක් කරත්ද?

ආනන්ද තෙරුන් වහන්සේ:   එවිට ඒ වස්ත්‍ර ඇඳ ඇතිරිලි මෙන් ඔව්න් පාවිච්චි කරති.

කොසොල් රජතුමා:   ඒ වස්ත්‍රද ඉරී යන විට කුමක් කරත්ද?

ආනන්ද තෙරුන් වහන්සේ:  මහරජ එවිට ඔවුන් ඒ වස්ත්‍ර බිමට අතුරන වස්ත්‍ර ලෙස පරිහරණය කරති.

කොසොල් රජතුමා:  ඒවා ඉරෙන විට?

ආනන්ද තෙරුන් වහන්සේ:   එවිට පා පිස දැමීම සඳහා ඒවා පරිහරණය කරති.

කොසොල් රජතුමා:   එසේ කිරීමෙන් පසු කුමක් කරයිද?

ආනන්ද තෙරුන් වහන්සේ:  මහරජ, පහන් වූ සිතෙන් ශ්‍රද්ධාවන්ත කෙනෙක් පූජා කරන කිසිම දෙයක් විනාශ කිරීම අකැපය.  ඉරුනු පා පිස දමන රෙදි පසුව මැටි හා මිශ්‍ර කොට බිත්ති හා කුටිවල බිම පිලිසකර කිරීමට පාවිච්චි කරන්නෙමු. 

කොසොල් රජතුමා ආනන්ද තෙරුන් වහන්සේ කෙරෙහි අතිශයින්ම පැහැදුනේය. ඔබවහන්සේ සැක කිරීම ගැන මම පසුතැවෙන්නෙමි.  මම ඒ වෙනුවට යමක් කරන්නෙමි යයි සිතා ආරාමයෙහිම හිඳගෙන  මාලිගයට අනෙක් සලු පන්සියයත් එවන ලෙස පණිවුඩයක් යැවීය.  ඒ සළු පන්සියයද ආනන්ද තෙරුන් වහන්සේට කොසොල් රජතුමා පූජා කලේය. 

මේ අන්දමට ආනන්ද තෙරණුවෝ පූජා භාණඩ වශයෙන් බොහෝ අවස්ථාවලදී සළුපිලි ලබා ඇත.  වෙනත් භාණ්ඩද උන්වහන්සේට පූජා කල අය අපමණය. 

Tuesday, April 5, 2011

සම්මා සම්බුදු ශ්රාදවකයන් වහන්සේලා......4

සම්මා සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා......4

Friday, April 1, 2011

සම්මා සම්බුදු ශ්රා වකයන් වහන්සේලා......3

සම්මා සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා......3
ආනන්ද මහ රහතන් වහන්සේ ……3        

දිනක් පිඬු සිඟා වැඩි අනඳ තෙරනුවෝ මහ මගදීම දහවල් දානය වැලඳූ සේක.  ඉන්පසු දිය පොදක් සොයා අසල ඇති ලිඳක් කරා වැඩි සේක.  දිය අදින්නේ රූමත් තරුණියකි.  උන්වහන්සේ බිම බලාගෙන හිස් පාත්‍රය අල්ලා ගෙන ලිඳ ලඟ වැඩ සිටි සේක.
ප්‍රකීර්ති (තරුණිය ): ස්වාමීනි, ඔබ වහන්සේට කුමක් අවශ්‍ය දැයි විචාලාය.
ආනන්ද තෙරුන් වහන්සේ: නැගණියනි, මට දිය ටිකක් දුන මැනවි. 
ප්‍රකීර්ති: මම හීන කුලයකට අයත් වෙමි ස්වාමීනි.

ආනන්ද තෙරුන් වහන්සේ: මට අවශ්‍ය බීමට ජලය පමණකි, නැගණියනි. 

ප්‍රකීර්ති: කුල හීනයන් වූ අපේ ලිඳෙන් කිසිවෙක් වතුර නොබොන්නේය, ස්වාමීනි.

ආනන්ද තෙරුන් වහන්සේ:   මට අවශ්‍ය පිපාසය සංසිඳුවා ගැනීමට ජලය පමණකි.  ජලයෙන් ඕනෑම කෙනෙකුගේ පිපාසය සංසිඳෙන්නේය.

ප්‍රකීර්ති: මේ ලිඳේ ජලය පිරිසිදු වුවත් ඒ අප වැනි කුල හීනයන්ට පමනි.  උසස් කුලවන්තයින්ට මේ ලිඳේ ජලය අපිරිසිදු වන්නේය.  අපි වැනි කුල හීනයන් හැරුනු විට වෙන කිසි කෙනෙක් මේ ලිඳේ ජලය පානය කොට නැත ස්වාමීනි. 
ආනන්ද තෙරුන් වහන්සේ:  නැගනිය මම ඔබගේ කුලය ගැන ඇසුවේ නැත.  මට අවශ්‍ය ජලය ටිකක් පමණකි. 
ප්‍රකීර්ති: ස්වාමීනි, මේ රටේ ඇති උසස් කුල හා හීන කුල ගැන ඔබ වහන්සේ නොදන්නෙහිද?  මම හීන කුලයකට අයිති වෙමි
ආනන්ද තෙරුන් වහන්සේ: මට ඔබගේ කුලයෙන් කම් නැත. මට බීමට ජලය ටිකක් දුන මැනවි.
ප්‍රකීර්ති: ස්වාමීනි ඔබ වහන්සේට ජලය කෙසේ දෙම්ද? අර පෙනෙන මාලිගාවල සිටින්නේ උසස් කුලවන්තයින්ය.  ඔවුන් අප දුටු විගස සැඟවෙති. සැඟවී මුහුණ පවා සෝදා ගනිති. ජලය දීමට මම කෙසේ නම් ලංවෙම්ද? මගේ සෙවනැල්ල ඔබ වහන්සේගේ සිරුරට වැටුනොත් ඔබ වහන්සේ පවා හීන කුලයට වැටෙන්නේය. 
ආනන්ද තෙරුන් වහන්සේ:  මම කුල ගැන නොදනිමි නැගනියනි. ඔබත් මා වැනි මනුශ්‍යයෙක් වන්නේය. මා දන්නේ එපමණකි.  කුලය මනුශ්‍යයින් වෙන් කරන බවක් මා පිලිගන්නේ නැත. සියලුම මනුශ්‍යයෝ එක හා සමානය.  සැමෝටම නැගෙනහිරින් හිරු පායයි.  බටහිරෙන් බැසයයි.  හැම මනුශ්‍යයෙකුටම හිසක් අත් දෙකක් කකුල් දෙකක් කටක් නාසයක් ඇස් දෙකක් කන් දෙකක් ඇති බව දනිමි. දුකත් වේදනාවත් සැම කෙනෙකුටම එකසේ දැනෙන බවත් දන්නෙමි. ආහාර ගත් විට සැම කෙනෙකුගේම කුස පිරෙන බවත් දනිමි. කරුණු මෙසේ වන විට මනුශ්‍යයෝ එකිනෙකාට වෙනස් වන්නේ කෙසේද?

ප්‍රකීර්ති: ස්වාමීනි, උසස් කුලයක උපදින්නේ පෙර පින් කල අයයි.  අපි පව් කොට ඉපදී ඇත.  පින් කල අය මහාබ්‍රහ්මයාගේ මුඛයෙන් උපදිති.  පව් කල අය මහා බ්‍රහ්මයාගේ පා වලින් උපදිති.  අපට ශුද්ධ වූ වේද ධර්මය ඉගෙනීමට අවසර නැත.  ඒ නිසා අපි අතිශයින්ම හීන කුලයට අයත් වෙමු. 
ආනන්ද තෙරුන් වහන්සේ: නැගණිය, මාගේ ශාස්තෲන් වහන්සේ මෙසේ පවසා ඇත.

            " නජච්චා වසලෝ හෝති - න ජච්චා හෝති බ්‍රාහ්මණෝ
               කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රහ්මණෝ"
කිසිවෙක් උත්පත්තියෙන් වසලයෙක් නොවේ, උත්පත්තියෙන් බ්‍රාහ්මණයෙක්ද නොවේ. ... ඒ නිසා මට ඔබේ කුලයෙන් කිසිදු පලක් නැත. ජලය ස්වල්පයක් දුන මැනැවි..

තරුණිය බිය මුසු අති මහත් ගෞරවයෙන් යුතුව තෙරුන් වහන්සේ දෙසට නැඹුරුව උන්වහන්සේගේ පාත්‍රයට ජලය වත් කලාය.  ඇයට සෙත් පැතූ ආනන්ද තෙරුන් වහන්සේ ආපසු හැරී ක්‍රමයෙන් නොපෙනී ගිය සේක. 
අනද  තෙරුන්ගේ නොපෙනී යන ශරීරය දෙස බලා සිටි තරුණියගේ සිතෙහි නා නා අදහස් මතු වන්නට විය.  ශ්‍රාවස්තියේ ඇති එකම ලිඳ මෙයද?  ඔහු යලිත් දිය සොයා ගෙන මෙතැනටම පැමිණෙයිද?  ඔහුගේ ස්වරය කොතරම් මධුරද? රුව කොතරම් ශෝබනද?  මම
මනුශ්‍යයෙක් බව දැනගත්තේ ඔහුගෙනි.
   ප්‍රකීර්ති ආලයෙන් මුසපත් වී ඇත.  මේ අතර ප්‍රකීර්තිගේ මව සිය දුව ප්‍රමාද වීම ගැන කණස්සලු විය. 

මව:  ප්‍රකීර්ති ප්‍රකීර්ති, ඔබ කොහේද?
ප්‍රකීර්ති:   මෑණියනි මම මෙහේය, ලිඳ ලඟ.

මව: ඔබ කුමක් කරන්නේද? මේ මද්දහනේ පොලොවට පා තැබීමටවත් අපහසුය. 

ප්‍රකීර්ති:  මට ජලය ටිකක් දුන මැනවි……….”කොතරම් මධුර ස්වරයක්ද?
මව : ඔබගෙන් ජලය ඉල්ලුවේ කවරෙක්ද?

ප්‍රකීර්ති:  ඔහු ශෝභන සිරුරකින් හෙබි තරුණයෙකි.  හිස මුඩු කොට කහ පැහැති සිවුරක් හැඳ පාත්‍රයක් අතේ ඇතිව ජලය ඉල්ලා ගෙන ලිඳ ලඟට පැමිණියේය.

මව: තරුණයෙක් හිස මුඩු කොට ඇත්නම් කෙසේ නම් ශෝභන වෙයිද?  හිස මුඩු කරන්නේ ශෝභනත්වය නැති කිරීමට නොවේද? 

ප්‍රකීර්ති:  මට නම් ඔහු ඉතාමත් ශෝභනය.  සිරුර රන් පැහැයෙන් බබලන්නේය. 

මව: ඔහු අපේ කුලයේද?
ප්‍රකීර්ති:  ඔවු,ඔහු අපි එකම කුලයේ බව බව පැවසුවා.

මව: ඒ කිනම් කුලයේද?

ප්‍රකීර්ති:  මනුශ්‍ය කුලයේය මැණියනි.

මව:  ඔබ අපේ කුලය ඔහුට සැඟවුවා නොවේද?

ප්‍රකීර්ති:  නොමැත මෑණියනි මම අපේ කුලය පැවසූ විට ඔහු ගාථාවකින් උත්පත්තියෙන් කිසිවෙක් වසලයෙක්වත් බ්‍රාහ්මණයෙක් වත් නොවන බව ඔහුගේ ගුරුතුමා පැවසූ බව කිව්වා. 

මව: ඔහු වෙන කුමක් පැවසුවේද? මම මොහු ගැන සොයා බලන්නෙමි...

ප්‍රකීර්තිගේ මැණියෝ සිය දුවණියගේ සිත් ඇදී ගිය මේ අමුත්තා ගැන විපරම් කොට බැලීය.  ඔහුගේ නම ආනන්දය.  ඔහු බුද්ධශ්‍රාවකයෙක් බවත් ශාක්‍ය වංශයට අයත් බවත් ඇය සිය දියණියට පැවසූවේ ඉමහත් භීතියකිනි.

අපේ රජතුමා, කොසොල් රජතුමා, බුදුරජාණන් වහන්සේ හමුවට සෑමදාම පැමිණෙයි.  එතුමා මෙය දැනගත්තොත් අපේ මුලු ගමම විනාශ කර දමාවි. මෑණියෙනි එසේ නම් බලගතු මන්ත්‍රයක් ජප කොට කෙසේ හෝ ආනන්ද මට ගෙන්වා දුන මැනවි.  නැත්නම් මම දිවි නසා ගන්නෙමි. 

මව: බුදු රජාණන් වහන්සේගේ මන්ත්‍රය ඉතාම බලගතුය.  සියලුම මන්ත්‍ර වල බලයට වඩා එය බලගතුය.  ඒ කෙසේ වෙතත් මම මන්ත්‍රය ජප කරමි.  ප්‍රකීර්තිගේ මෑණියෝ ගෙමිදුලේ ගිනි ගොඩක් ගසා, මන්ත්‍රය ජප කිරීමට පටන් ගත්හ.  

මන්ත්‍රය ජප වීම සමගම ක්‍රමයෙන් ආනන්ද තෙරුන් වහන්සේගේ සිත වික්ෂිප්ත වන්නට විය.  තෙරුන් වහන්සේ ඒ කුල හීනයන්ගේ ග්‍රාමය දෙසට පියනගන්නට වූයේ නිතැතින්මය. ආනන්ද තෙරුන් ඈත එනු දුටු ප්‍රකීර්තිගේ මෑණියෝ වහාම ආසනයක් පණවන ලෙස
දියණියට අණ කලාය.  ප්‍රකීර්තිද අතිශයින්ම ප්‍රීතියෙන් ආසණයක් පිලිවෙල කලාය.
  
වික්ෂිප්ත වූ සිතකින් පැමිණි ආනන්ද තෙරුන් වහන්සේ තරුණියගේ අඟරදඟර හා ඇයගේ මැණියන්ගේ කපටි කමද වටහා ගත්හ.  බුදුරජාණන් වහන්සේ දිවැසින් ආනන්ද තෙරුන් අපසුතාවයක වැටී ඇති බව වටහාගෙන බුද්ධ මන්ත්‍රය සජ්ජායනා කිරීමට පටන් ගත් සේක.  බුද්ධ මන්ත්‍රයේ සත්‍යයේ බලයෙන් ආනන්ද තෙරුන් වහන්සේ පියවි සිහිය ලැබූ සේක.  

ආනන්ද තෙරුන් වහන්සේ ආපසු ජේතවනාරාමයට වැඩම කොට බුදු රජාණන් වහන්සේට නමස්කාර කොට එකත් පස්ව සිටි සේක.  එවිට බුදු රජාණන් වහන්සේ, "ආනන්දය ඔබ සදක්ෂර විද්‍යා ඉගෙන ගත යුතුය.  එය බුදුවරු සය නමක් හා සතර වරම් දෙවි, සහ සහම්පතී බ්‍රහ්ම රාජයාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී.  එය උගත් කෙනෙක් කිසිම බන්ධනයකට අසු නොවන්නේය. බුදු රජාණන් වහන්සේ සදක්ෂර විද්‍යාව ආනන්ද තෙරුන්ට කට පාඩම් කරගන්නා ලෙස ඔවදන් දුන්නේය. 

එවක් පටන් ප්‍රකීර්ති ආනන්ද තෙරුන් වහන්සේ පසුපස යාමට පටන් ගත්තාය.  මෙයින් අතිශයින් ලජ්ජාවට පත් ආනන්ද තෙරුන් වහන්සේ පිඬුසිඟ යාම පසෙක තබා ආපසු ජේතවනාරාමයට ගොස් බුදු රජාණන් වහන්සේට මෙපුවත් සැලකර සිටියහ.
ප්‍රකීර්ති ජේතවනාරාමය ඇතුලට නොගොස් එහි ද්වාරය අසල නතර වූවාය.  බුදු රජාණන් වහන්සේ ඇය කැඳවා ආනන්ද තෙරුන් පසුපස යන බව සැබෑවක්දැයි විමසා සිටි සේක. 

ප්‍රකීර්ති:  එසේය ස්වාමීනි.

බුදු රජාණන් වහන්සේ: කුමන කරුණක් උදෙසාද?
ප්‍රකීර්ති:  මගේ ස්වාමි පුරුෂයා කර ගැනීම්ටය ස්වාමීනි.

බුදු රජාණන් වහන්සේ:  ඔබගේ දෙමා පියන් කැමතිද?

ප්‍රකීර්ති:   එසේය ස්වාමීනි.

බුදු රජාණන් වහන්සේ:    මට එය පිලිගත නොහැක.. ඔබගේ දෙමාපියන් කැඳවා ගෙන එන්න.
ප්‍රකීර්ති:   වහාම ගෙදර දිව ගිය ප්‍රකීර්ති දෙමාපියන් කැඳවා ගෙන පැමිණියාය. 

බුදු රජාණන් වහන්සේ:   ඔබගේ දියණිය ආනන්ද තෙරුන් අවශ්‍ය බව පවසයි.  ඔබ ඊට කැමතිදැයි ඇසූ සේක. 
දෙමාපියෝ: එසේය ස්වාමීනි, ආනන්ද තෙරුන් නොමැති නම් ඇය දිවි නසා ගන්නා බව පවසයි. 

දෙමාපියන්ට ආපසු යාමට සමුදුන් බුදු රජාණන් වහන්සේ ප්‍රකීර්ති කැඳවා " මේ ශ්‍රාවස්ති නුවර දහසක් තරුණයන් සිටිති.  ඔබ ආනන්දට පමණක් ඇලුම් කරන්නේ කිමදැයි විචාල සේක. 

ප්‍රකීර්ති:    ආනන්ද ශෝභන සිරුරක් ඇත්තෙකි.  ඔහු නිසා මම නිදහසේ සිතන්නට ඉගෙන ගත්තෙමි.  මම නිදහස් මනුශ්‍ය දුවක් බව මම ඔහුගෙන් ඉගෙන් ගත්තෙමි.  සමාජයේ මුල්ලකට තල්ලු වී සිටි මා ඔහු නිසා ආලෝකය ලද්දෙමි. ඒ නිසා මම ඔහුට කැමැත්තෙමි.
බුදු රජාණන් වහන්සේ:    එසේ නම් ඔබට ආනන්ද පවරා දෙන්නෙමි.  මා කියන දේ ඔබ කලයුතු වෙයි. 

ප්‍රකීර්ති:     ඔබ වහන්සේ කියන ඕනම දෙයක් කරන්නෙමි.

බුදු රජාණන් වහන්සේ:    ඔබ ආනන්ද ඇඳ සිටින්නා වූ වැනි සිවුරක් ඇඳිය යුතුය.  ඔහු මෙන් හිස මුඩු කල යුතුය. 
වහාම ගෙදර දුව ගිය ප්‍රකීර්ති මවට මේ බව සැලකොට ඔවුන්ගේ විරෝධතාවය මධ්‍යයේ හිස මුඩු කොට කසාවත් හැඳ පැමිණියාය.  

ඇය පැමිණෙන විට බුදු රජාණන් වහන්සේ සිය ගනනක් භික්ෂූන් පිරිවරා ගෙන වැඩ සිටි සේක.  ආනන්ද තෙරුන් වහන්සේද ඒ අතර සිටි සේක. 
ප්‍රකීර්ති:     බුදු රජාණන් වහන්ස, ඔබ අන කල ලෙස මම පැමිණියෙමි.

බුදු රජාණන් වහන්සේ:     ඔබ දැන් ආනන්ද පිලි ගැනීමට සුදුසුය.  මම ඔබගෙන් ප්‍රශ්නයක් අසමි.

ප්‍රකීර්ති:    අසනු මැනවි ස්වාමීනි...

බුදු රජාණන් වහන්සේ:    ඔබ කැමති ආනන්දගේ කුමන ස්වභාවයටද?  නාසයද? ඇස් වලටද? ඇවිදින විලාශයටද? කථා කරන විලාශයටද? 

බුදු රජාණන් වහන්සේ මිනිස් සිරුරෙහි සෑදී ඇත්තේ කුණුප තිස් දෙකක් එකතු වීමෙන් බවත් එහි ඇති සුන්දරත්වයක් නොමැති බවත්, ඇය දුවන්නේ මායාවක් පසුපස බවත් ඇයට වැටහෙන සේ ධර්ම දේශනා කලහ.  දේශනාව අවසානයේ ප්‍රකීර්ති, බුදු රජාණන් වහන්ස, ඔබගේ දේශනාවෙන් මම පියවි සිහිය ලද්දෙමි.  ඔබ වහන්සේ දේශනා කරන දෙය මම වටහා ගත්තෙමි. 
බුදු රජාණන් වහන්සේ:     එසේ නම් ඔබට දැන් ආනන්ද සමග යා හැක. 

ප්‍රකීර්ති:      දැන් මට ආනන්ද අවශ්‍ය නැත.  ඔබගේ ඔවදන් මගේ මානසික රෝගය සුව කලේය. 

ඇය සසුන් ගත වීමට අවසර පතා සිටියාය. 

මේ බුද්ධ සාසනය, සිවු දිගින් ගලන්නා වූ මහා ගංගාවන් එකතු වී සැදෙන්නා වූ මහ සයුර සේය. කුමන ගංගාවක් එක් වුවත් එක්වන්නේ මහ සයුරටය.  පෙර තිබූ සියලු භේද නැතිවී ඔබ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වන්නේය. 

ප්‍රකීර්ති මෙහෙණිය නොබෝ කලකින් රහත් භාවය ලබා ගත්තීය. 
හීන කුලයක කාන්තාවක් මහණ වී ඇති බව ශ්‍රාවස්තිය පුරා ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය.  රාජ, මහා මාත්‍යාදීන් නොයෙක්
ප්‍රශ්න අසන්නට වූහ.  කුල හීන කාන්තාවක්
 උසස් කුලයේ නිවසකට දානයකට වඩින්නේ කෙසේදැයි සියල්ලන්ටම පාහේ බරපතල ප්‍රශ්නයක් විය.  අවසානයේ මේ ප්‍රශ්නය කොසොල් රජතුමාගේ කණටද වැටුනේය.  කොසොල් රජතුමා වහාම බුදු රජාණන් වහන්සේ බැහැදැකීමට පැමිණියේය. බුදු රජාණන් වහන්සේ ප්‍රකීර්ති මෙහෙණියගේ අතීතය මෙසේ හෙලි කල සේක. 

ඈත දිනක ගංගා නම් ගං ඉවුරු අසබඩ, ත්‍රිශංක නම් වූ හීන කුලයෙක ගම් ප්‍රධානියෙක් විය.  ඔහුට ශර්දුල කර්න නම් වූ අතිශයින් රූමත් පුතනුවෙක් විය.  මේ තරුණයා ත්‍රිවේද ඉතාමත් චතුර ලෙස උගත්තේය.  ඒ සමයේම පුශ්කාර් ශාරී නමි බ්‍රහ්මණයෙක්ද විය.  තම පුතු විවාහ වන වයස් වන විට මේ පුශ්කාර් ශාරී නම් බ්‍රාහ්මණයාගෙන් ඔහුගේ දියණිය වූ ප්‍රකීර්ති, ශර්දුල කර්නට සරණ පාවා
දිය හැකිදැයි ත්‍රිශංක විචාලේය.  මුලදී විරුද්ධ වූ පුශ්කාර් ශාරී කුලය ගැන ත්‍රිශංක පැවසූ වදන් අසා පසුව එම විවාහයට කැමැත්ත දුන්නේය. 
එදා ඒ රූමත් ප්‍රකීර්ති අද ප්‍රකීර්ති මෙහෙණිය වන්නේය.  හීන කුලයක උපන් ත්‍රිශංකගේ පුතනුවන් වූ ශර්දුල කර්න අද ආනන්ද තෙරණුවන් වන්නේය.  අද බුද්ධත්වය ලබා සිටින මා එදා ත්‍රිශංක විය. 

දිව්‍යාවදාන - ශිරාදූල කර්නාවදාන