Thursday, February 25, 2010
බුද්ධාගම - නවීන විද්යා.වේ පදනම වශයෙන්.... 3
උතුරු තායිලන්තයේ චියෑංග් මායි විශ්ව විද්යාදලයේ 1991 අගෝස්තු 16 වැනි දින පූජ්යත ප්රා යුද් ප්රාුයුත්තෝ හිමියන් විසින් පවත් වන ලද දේශනයක් ඇසුරෙනි.
ආගම, සාමාන්ය ජනතාවකට සුදුසු, භක්තිය මත ගොඩ නැගුණු, සත්‍යාපනය කල නොහැකි, පද්ධතියක් වෙයි. මෙය සත්‍යාපනය නොකල බැවින් නිරන්තරයෙන්ම භක්තිය නිසා වර්ධනය වෙයි. කාලයාගේ ඇවෑමෙන් වෙනත් සිද්ධාන්තයක් බිහි වෙයි. ඒ සිද්ධාන්තයද සත්‍යය වශයෙන් පිලිගැනෙන්නේ සත්‍යාපනයෙන් තොරවය. භක්තියට අනුව කිසිම ප්‍රශ්නයකින් තොරව එයද පිලිගැනෙයි. කරුනු එසේ වුවද සමහරු පැරණි සිද්ධාන්තය පිලිබඳව විශ්වාසය තබති. මේ සියල්ල සිදු වන්නේ භක්තිය මතය. මේ නයින් බලන කල, එක අවස්ථාවක, එක කාල වකවානුවක ආගම් බොහෝ ගනණක් ලොවේ පැවතී ඇත.
මීට හේතුව කුමක්ද? මේ එවැනි විසඳුම් වල ස්වභාවයයි. සකලාංග පිලිතුරක් මෙසේම විය යුතුය. සත්‍යාපනය කල නොහැකිය. භක්තිය මතම රඳා පවතින මේ පිලිතුරු සියල්ල සත්‍යාපනය කල නොහැකිය. විද්යා නුකූල විසඳීම් ක්‍රමානුකූලය. එමෙන්ම ඒවාට කල් ගත වේ. විද්යාත්මක විසඳීමක එක් එක් අවස්ථා සත්යාපනය කරනු ලැබේ. එමෙන්ම විද්යාමනුකූල ක්ර්ම බුද්ධිමත් ලෙස ස්ථාපනය කොට ඇත. ඒ නිසා "ආගම් බොහෝ ඇත, නමුත් ඇත්තේ එකම විද්යා්වකි" වශයෙන් ප්රකාශ කල හැක.
ලොව ඇත්තේ එකම විද්යාවක් වුවද, කාලයෙන් කාලයට ඒ විද්යාව වෙනස් වෙයි. එක කලකට සත්ය වූ පිලිතුරක් වෙනත් කලකදී අසත්ය වෙයි. විශ්වයේ ස්වභාවය පිලිබඳ නියාය ධර්මයන් (theories) කලින් කලට වෙනස් වන සුලුය. එක කලකදී සත්ය වශයෙන් පිලිගත් කරුණක් තවත් කලකදී එසේ නොවෙයි. අනෙක් විද්යා ත්මක සිද්ධාන්තයද එසේමය. යම්කිසි සිද්ධාන්තයක් වලංගු කාල පරිච්ඡේදයට විද්යා ඥයින් විසින්ම "සුසමාදර්ශය" (Paradigm) වශයෙන් නම් කරන ලදී.
එක්තරා පසුගිය කාල වකවානුවක, විද්යාව, ටොලමිගේ (Ptolemy) උපකල්පනය (postulation) පරිදි විශ්වය භූකේන්ද්රී ය (geocentric) බව විද්යාඥයෝ පිලිගත්හ. ඊට පසු කලෙක කොපර්නිකස් (Copernicus) විස්තර කල සූර්යකේන්ද්රී (heliocentric-solar) පද්ධතිය ලොව පිලිගත්තේය. ඉන් පසු ඩෙකාටීස් ( Rene Descartes) සහ නිව්ටන් (Isaac Newton) යන විද්යාඥයින් විසින් විශ්ලේෂනය කල පරිදි ඒ ඒ පද්ධති ඒ ඒ කාල වකවානුවල ලෝකයේ භාවිතා විය. අද ප්රචලිතව ඇත්තේ නවීන භෞතික විද්යාවයි. මෙයද පසු කලකදී වෙනස් වී යනු ඇත. මේ නයින් බලන කල විද්යාවේ ස්වරූපය කාලානුරූපව වෙනස් වෙන සුලු බව පෙනී යයි. ක්වොන්ටම් සිද්ධාන්ත(quantum theory) හෝ සාපේක්ෂතා වාදයේ( theory of relativity) සිද්ධාන්ත වේවා, නවීන භෞතික විද්යාවේ දැනට භාවිත වන සිද්ධාන්ත නිව්ටන් සහ ඩෙකාටීස් ආදී පැරණි සුසීමාදර්ශ (paradigm) වල පැවතුනු සිද්ධාන්ත වලට වඩා බෙහෙවින් වෙනස්ය.
තවත් විශේෂ ආවේනික ලක්ෂණයක් ආගම තුල ගැබ් වී ඇත. පිටස්තර ලෝකය පමනක් නොව, මේවා නිරීක්ෂණය කරන මනුශ්යයාගේ අභ්යන්තර මනස ගැන ආගම උනන්දුය. විද්යාව එසේ නැත. එය නිරීක්ෂණය කරන්නේ පිටස්තර ලෝකය පමනි. ආගමික නිරීක්ෂණ පන්චේන්ද්රිනයයන්ට සීමා නොවේ. එය මනුශ්යෂයාගේ අභ්යතන්තරයේ දියුණුව උදෙසා නිර්මානය වූවකි. බොහෝ ආගම් වල බාහිර ස්වාභාවික ආපදා වලට හේතූන් වශයෙන් අද්භූත, අලෞකික වූ දේවබල, අස්වාභාවික බලවේග ආදී වශයෙන් හේතු දක්වා ඇත. මේ නිසා භූමි කම්පා, විදුලි කෙටීම ආදී ස්වාභාවික සිද්ධීන් සඳහා යාගහෝම, බිලිපූජා පැවැත්වීම ප්රතිකර්ම වශයෙන් නිර්දේශ විය. කෝලසන්නිය, මායාරෝගය (hysteria) ආදී මානසික රෝගවලට පවා යාඥා කිරීම, ගුප්ත ශාන්තිකර්ම ආදී ප්රතිකර්ම කල බවට ඉතිහාසය සාක්ෂි දරයි. විද්යාව, ක්ෂනික පිලිතුරක් සොයන්නේ නැත්තේ යම්කිසි අදාල වූ දත්ත මතුවෙනතෙක් විද්යාඥයෝ පර්යේශණ කරන නිසාය. ආගම් අතුරෙන් බුද්ධාගම, මිනිස් සංහතියේ චිරස්තිථිය උදෙසා දේශනා වුවද, මනුශ්යයාට ඇති සියලුම ගැටලු බාහිර පිටස්තර ලෞකික දේවල් වශයෙන් නොසැලකෙයි. හේතු ඵල දහම මත ගොඩ නැගී ඇති බුදුදහම, වැරදි ජීවන ක්රම වැනි මිනිසා තුලම ක්රි යාත්මක වන අභ්යන්තර කරුණු, මිනිසාට ඇතිවන උවදුරු වලට හේතු වශයෙන් දක්වා ඇත. අද ලොව ඇති බොහෝ ආගම්, මිනිසාට ඇති සමහර උවදුරු වලින් ගැලවීම සඳහා, යහපත් දිවි පෙවෙත, සරල වූ ජීවිතය, ආදී වශයෙන් සදාචාරමත්, අචාර ධර්ම වලින් පිරි ජීවන් මාර්ග නිර්දේශ කරති. සමහර විට සමහර ආගම්වල මේ පිලිවෙත සිදුවන්නේ හුදු භක්තිය හා මුසු වූ අවනත භාවය නිසා මිස, අවබෝධයකින් නොවේ. ආචාර ධර්මී චර්යාව (ethical behaviour) ඇතිවන්නේ බාහිර බලවේගයක් විසින් සිදු කෙරෙන්නේ යයි විශ්වාස කෙරෙන දඬුවමට ඇති බිය නිසාය. කලකට පෙර විද්යාවේ සත්යතාවයන් මනුශ්යි පන්චේන්ද්රිසයයන්ගෙන් ලැබෙන්නා වූ සංවේද මගින් සත්යාපපනය කිරීමට හැකි වුවත් අද එසේ නොවේ. පියවි ඇසින් දැක, පියවි කනෙන් අසා, අතින් අල්ලා නිගමනය කිරීමේ කාලයක් විද්යාවට තිබුනි. කාලයාගේ ඇවෑමෙන් පියවි ඇසින් දැකීමට අපහසු ක්ෂුද්ර දේවල් දැකීමට දුර දක්නය හා අනුදක්නය වැනි උපකරණ නිපදවීමට ව්ද්යාඥයන් පෙලඹුනහ. තවත් කල් යාමේදී, තවත් සංකීර්ණ උපකරණ රාශියක් ලොවට බිහිවිය. ඊටපසු ගණිත ශාස්ත්රයන් යොදා ගනිමින් සිද්ධාන්තවල සත්යාපනය කිරීමට විද්යාඥයින්ට සිදුවිය. අද ඒ සියල්ල පරයා පරිගණකය පෙරමුණේ සිටියි.
කාලය ගෙවී යත්ම, විද්යාවද සංකීර්ණ ස්වරූපයක් ගත්තේය. විද්යාත්මක සිද්ධාන්ත සත්යාපනය කිරීමට සුවිශේෂ උපකරණ භාවිතා කිරීමට සිදුවිය. ඒ නිසා විද්යාත්මක සිද්ධාන්ත පිලිබඳ කටයුතු අතලොස්සකට සීමා විය. ආගම එසේ නොවීය. එය සාමාන්යේ ජනතාවට විවෘතව තිබුනි. ආගම පිලිගැනීම හෝ නොපිලිගැනීම සාක්ෂි රහිතව කල හැකිය. තවද විද්යාවේ අනාගත දර්ශනය පුලුල් නොවුවහොත් විද්යාව අඳුරු මුල්ලකට තල්ලු වී යාමට ඉඩකඩ ඇත. විද්යාවේ සංකල්පය, මූල්ය වශයෙන් හෝ, ඉතා දුරින් පිහිටි, විශ්වයේ ඇති සංසිද්ධිවලට පිලිතුරු සැපයීමය. නමුත් මෙය කිසිදා සිදු නොවේ. සත්යය ලඟටම පැමිණි බවක් දැනුනත්, එය සැමවිටම අතින් ගිලිහී යයි.
කරුණු තවත් ව්යාකූල වීමට සිදුවන්නේ විද්යාවද දෙකොටසකට බෙදීමෙනි. විශේෂඥ විද්යාඥයින්ට වෙනම විද්යාවකුත්, සාමාන්ය ජනතාවට වෙන (තේරුම් ගැනීමට අපහසු ) විද්යාවකුත් බිහි වී ඇත. උදාහරණයක් වශයෙන් "ආලෝකය" විග්ර්හ කර ඇති පරිදි බලන්න. එක් විද්යාඥයින් කොටසක් ආලෝකය තරංග වර්ගයක් වශයෙන් අර්ථ දක්වා ඇත. තවත් කොටසක් ආලෝකය යනු ප්රොටෝන ධාරාවක් බව පවසති.. මේ දෙකේම සත්යතාවයක් ඇත. නමුත් සාමාන්ය කෙනෙකුට එය වටහා ගැනීම සමහර විට දුෂ්කර විය හැක. තාරකා විද්යාඥයෝ විශ්වයේ කලු ලප (ආවාට) (black holes) ඇති බව පවසති. නමුත් ඒ වෙනත් තාරකා බවත්, ඒ වස්තූන්ගේ ගුරුත්වාකර්ශනය ඉතා බලවත් නිසා අලෝක ධාරා පවා අපේ පෘථිවියට ලඟා නොවන බවත් පවසති. ?? සාමාන්ය මනුශ්යයෙක් මේ අදහස කෙසේ නම් හරියාකර ලෙස තේරුම් ගනියිද?
මෙපමණක් නොවේ.... ඒ විශ්වයේ ඇති ආවාට පිරී ඇත්තේ පදාර්ථ (matter) සහ ශක්තියෙන් (energy) බව විද්යාඥයෝ කියත්.. උදාහරණයක් ලෙස එක ආවාටයක් නිව් යෝක් නුවර ඇති එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල තරම් විශාල පරිමාවක පුරවා, එහි ඝනත්වය අසීමිත පරිදි වැඩි වී, ඉදිකටුවක් තරම් ප්රමාණයක පරිමාවකට භාජනය වී ඇති බවයි! සාමාන්ය මනුශ්යකයෙක් මෙය කෙසේ නම් වටහා ගනියිද? පුදුමය මෙය නොවේ. ඉදිකටුවක් තරම් කුඩා වුවද, එහි ස්කන්ධය එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල හා සමාන බවද පැවසේ. මෙය සිතන්නට පවා නුපුලුවන්ය. අපට කල හැක්කේ විශ්වාස කිරීම පමණකි. විද්යාව සමස්ත මනුශ්ය ජීවිතය සහ ලෝකය ගැන පිලිගත හැකි පිලිතුරක් දීමට අපොහොසත් වී ඇත. පන්චේන්ද්රිවයන් අනුසාරයෙන් නිගමණය කෙරෙන සත්යතාවයන් අභිබවා විද්යාව පෙරට ගොස් ඇත. තර්කමාත්රයන් විසඳෙන්නේ ගණිතඥයන් විසිනි. ඉන්පසු භෞතික විද්යාඥයෝ ඒවා විද්යානුකූලව පරිවර්තනය කරති. සත්යය, වීජ ගණිතමය සමීකරණ වලට හැරවෙයි. මේ සමීකරණද, සත්යයම නොවන අතර පිලිගත හැකි අන්දමකට සත්යයද නිරූපණය නොකරයි. ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය තේරුම් ගත් ඉංග්රිසි ජාතික විද්යාඥයෙක් වන ශ්රීමත් තෝමස් ඇඩිංටන්, එම වාදය සත්යාපනය කිරීමට ක්ර්මවේදයක් නිපදවීමෙන් ශ්රීමත් (sir) යන නම්බු නාමයෙන් පිදුම් ලැබීය. එතුමා මෙසේ පවසා ඇත..
“මානව සංහතිය යථාර්තය කරා ගෙන යාමට විද්යා්වට අපහසුය. විද්යාමවට හැකි වන්නේ අඳුරු සෙවනැලි වන් සංකේත වලින් සමන්විත ලොවක් මානව සංහතියට පෙන්වීම පමණි.”
තව කොටසක් ලඟදීම...............
Tuesday, February 23, 2010
බුද්ධාගම - නවීන විද්යා.වේ පදනම වශයෙන්.... 2
භූමි කම්පා, ගංවතුර, පිපිරෙන ගිනි කඳු ආදී ස්වාභාවික, මහාවිනාශකාරී ආපදා වලට මනුශ්යයා බියක් දැක්විය. ආදී මනුශ්යවයා මේ සංසිද්ධීන් (phenomena) කෙරෙහි අති මහත් බියක් දැක්වූයේ ස්වාභාවික වූ මේවායේ හටගැනීම ඔහු නොදැන සිටි නිසාය. එමෙන්ම ඒවායේ ප්රතිඵල අති භයංකාර විය. බොහෝ විට කිසිම දැනුම් දීමක් නැතිව මනුශ්යයාට බලපාන මේ ව්‍යසනවලට මිනිස් සංහතිය අතිශයින්ම බිය විය. මේ ස්වාභාවික විපත් වලට පිළිතුරක් සොයා ගැනීමට ඔහු වෙහෙසුනේද ඒ නිසාය. එම ගවේෂණය මිනිසා වටා ඇති ස්වාභාවික පරිසරය වෙතටම යොමු වුනි. ස්වාභාවික විපත් වලට පිළිතුරක් සොයා යන මානවයා, එක්තරා සන්ධි ස්ථානයකට පැමිණියේය. මේ සන්ධි ස්ථානය මානව ඉතිහාසයේ ඉතා වැදගත් වන්නේ විද්‍යාත්මක වශයෙන් හා ආගමික වශයෙන් එකම මූලෝත්පත්තියක් ඇති බැවිනි.
ඒ මූලෝත්පත්තිය අනුව අපට මෙසේ සඳහන් කල හැක.
1. ආගම බිහි වූයේ ස්වාභාවික විපත් වලින් ගැලවීමට මානවයා පිළිතුරක් සොයා යනවිටය.
2. විද්‍යාව බිහිවූයේ ස්වාභාවික දේවල් ගැන අධ්යයනය කිරීමේ ආශාව මානවයා තුල ඇති වූ විටය.
ස්වාභාවික විපත් වලින් ගැලවීමේ අභිලාශය ඔස්සේ ගවේෂණය කල මානවයා, ඒ විපත් වලට ඇති බිය නිසාම මේ සංසිද්ධීන් සිදුවන්නේ කෙසේදැයි විමැසීමට පෙලඹුනේය. මානව ඉතිහාසයේ සඳහන් ඇති පරිදි, මිසරය, මෙසපොතේමියාව ආදී ඉපැරණි සංස්කෘතිවල විද්‍යාත්මක සොබාදහම ගැන පර්යේශන පැවැත්වූවෝ ආගමික පසුබිමක් ඇත්තෝ වූහ.
එකම් මූලෝත්පත්තියක් මත බිහිවුවද, ඒ පසුබිම මත ම ආගම හා විද්යාව දෙපසට බෙදී ගොස් ඇත. එසේ සිදු වූයේ කුමක් නිසාද?
ස්වාභාවික විපත් ඉතා ඉක්මනින් මිනිසා විනාශය කරා ගෙනයයි. ඊට පිළිතුරද ක්ෂණික විය යුතුය. ඒ වනාහී උවදුර යොමු වී ඇති මිනිස් කොට්ඨාශය, ජීවිතයද, මරණයද යන දෙගිඩියාවෙන් භීතියට පත්ව ඇති බැවිනි. එවැනි අවස්ථාවක එවැනි උවදුරක් වහාම නතර කල යුතුය. එසේ නතර කිරීමේ ක්රිතයා දාමයක් ඇති විට,හෝ සොයා ගත් විට ඒ ක්‍රියාදාමය 'ආගම' වශයෙන් සංස්ථායීකරණය (institutionalize) විය.
ඈත අතීතයේ සිදු වූ මේ දේවල් අද දවසේ විචාරා බලන විට මුග්ධ දේවල් බව පෙනෙයි. නමුත් එදා සිටි මානවයා ගුප්ත චාරිත්‍ර විධි ගතානුගතිකව අනුගමනය කලහ. ආගමික මූලාදර්ශය මෙසේ බිහි වීමත් සමගම තව කොටසක් බිහි විය. ස්වාභාවික විපත් වල අනන්තර භාවය (immediacy) වියැකී ගිය පසු කරුණු සෙවීමටත්, ඒ කරුණු විශ්ලේෂණය කිරීමටත්, විශ්ලේෂණයෙන් ලැබෙන ප්‍රතිඵල අනුව පර්යේශන කිරීමටත් මේ කොටස වග බලා ගත්තේය. මෙසේ ක්රමානුකූල නිරීක්ෂණයෙන් හා පර්යේෂණයෙන් බිහි වූ ක්රමවේදයන් ‘විද්යාව’ වශයෙන් ප්‍රකට විය.
ආගම හා විද්යායව පිළිබඳව අපසාරිතාව (divergence) ඇතිවූයේ මෙසේය. ස්වාභාවික විපත් වලට මානවයා සොයා ගත් ක්ෂණික ප්රතිකර්මය, ක්රමානුකූල විචාරාත්මක බවෙන් තොර, විශ්වාසය සහ භක්තියෙන් පෝෂණය වූ සිද්ධාන්ත විය. ආගම බිහිවූයේ මෙසේය. ආගම ඉතා තදබල ලෙස භක්තිය මත රඳා පවතී. විද්යාව දෙස බලන කල, එය නිරීක්ෂන, පර්යේශන, පරීක්ෂණ මගින් නිගමන වලට පැමිණිය හැකි, ක්ර මානුකූල ක්රමවේදයක් අනුගමනය කරන වැඩ පිලිවෙලකි. මේ කාලසන්ධියේදී (වකවානුවේදී) විද්‍යාව සහ ආගම අතර ප්රාථමික නමුත් සුවිශේෂ වෙනසක් දැකිය හැක. ආගම බහුතර ජනතාවගේ ජීවිතයේ කොටසකි. එහි ක්රමානුකූල සම්ප්රදායයක් නොමැත. ඇත්තේ විශ්වාසය හා භක්තියයි. විද්යාව ඇත්තේ ඒ විද්යාව පිලිබඳව ආශාවක් ඇති ක්රමානුකූලව පර්යේශන, පරීක්ෂණ, නිරීක්ශන මගින් නිගමන වලට පැමිණෙන සාමාන්යයෙන් 'උගත්' ජන කොටසකටය.
ආගමෙහි මුල් ඇත්තේ භක්තිය තුලය. එහි සාරය ඇත්තේද භක්තිය තුලය. ආගම, වෙනස් නොවන, විශ්වාසදායක, ප්රශ්න නොනගින පරිසරයක්, ආගමේ චිරස්ත්ථිතිය උදෙසා පවත්වා ගත යුතය. විද්යාව, ක්ර්මානුකූලය. එහි අන්ධ භක්තියක් නැත. ඇත්තේ යලි සත්යාපණය කල හැකි පර්යේශන, පරීක්ෂන, නිරීක්ෂන මගින් ලබා ගන්නා විද්යාත්මක සත්යයන් පමණකි. ආගම, ජීවිතයේ ඇති ගැටලු වලට එක පිළිතුරක් සැපයීමට පෙලඹී ඇත. විද්යාව, විද්යාමාන වන සත්යගතාවයන් එකින් එක අමුණා සම්පූර්ණ චිත්රය දෙස බැලීමට පෙලඹී ඇත. ආගම සහ විද්යා ව යන මේ කොටස් දෙකට අමතරව තවත් කොටසක් බිහිවිය. ඒ කොටස ආගමෙහි කියැවෙන දේත්, විද්යාවෙන් කියැවෙන දේත් පිලිගත නොහැකි බව ප්රිකාශ කල කොටසකි. මොවුහු විද්යාත්මක විමැසීමක් කරන තෙක් නොසිට, තර්කානුකූලව, ප්රශ්න ඇසීමෙන් හා කරුණු සැලකීමෙන් ප්රශ්න නිරාකරණය කිරීමට සැරසුනු කොටසකි. මේ කොටස දර්ශණවාදීහු වශයෙන් හැඳින්වුනි.
මේ සංයම(disciplines) තුන ස්වභාදහම නම් වූ මිනුම් දණ්ඩ භාවිතා කොට සංසන්දනය කල විට අපට දැක ගත හැක්කේ මෙවැනි කරුණු ස්වල්පයකි.
විද්යාව: තවමත් නිරීක්ෂනය සහ සත්යානපනය කල හැකි බවට පරීක්ෂන පැවැත් වුවද නියම පිලිතුරක් නොමැත.
දර්ශනවාදය: සත්යාපනය කිරීම වෙනුවට පිලිතුරක් සොයන්නේ තර්කානුකූල, පිලිගතහැකි විශ්ලේෂනය තුලිනි.
ආගම: භක්තිය මත ගොඩනැඟුනු සත්යාපනයට ඉඩක් නොතබා සැදුනු පිලිතුරකි.
දර්ශනවාදයත්, විද්යාවත් බිහිවූයේ ආගමට පසුවය. ඒ දෙකොටසම ආගමට වඩා පෙහෙළි වූ විසඳුමක් දී ඇත. නමුත් දල වශයෙන් ගත් කල ඒ දෙපාර්ශවයේම විසඳුම අසම්පූර්නය. ඒ නිසා භක්තිය මත ගොඩ නැගුනු ආගම, භක්තියෙන්ම පෝෂණය වී තවමත් භක්තිය මතම පවතියි.
(තවත් කොටසක් ලඟදීම................)
Sunday, February 21, 2010
බුද්ධාගම - නවීන විද්යාපවේ පදනම වශයෙන්.... 1
නවීන විද්යාව විසින්, මිනිස් සංහතියට දායාද කර ඇති විද්යාත්මක නිපදවීම් අපමණය. සාමාන්ය දෛනික ජීවිතයේදී මේ බව පැහැදිලිය. මේ බව කිසිම කෙනෙකුට අනුමාන කල නොහැකිය. එය කෘතඥ පූර්වකව අප පිලිගත යුතුය. අද අපට ඉතා ඉක්මනින් රටකින් රටකට ගමන් කල හැකිය. දුම් රිය, බස් රථය, මෝටර රථය ආදී වූ මේ සියල්ලම විද්යාකත්මක නිපදවීම්ය. සන්නිවේදනය දෙස බලන විට දුරකථනය, ෆැක්ස් යන්ත්රරය, රූපවාහිනිය, විඩියෝ යන්ත්ර , සන්නිවේදනය උදෙසා නිපැයුණු කෘතිම චන්ද්රිකා නවීන විද්යාව විසින් මිනිස් සමාජයට දායාද කල මිනිස් ප්රජාවට හිතකර උපකරණ වශයෙන් හැඳින්විය හැක. වෛද්යය ලෝකයට දායාද කල දේවල්ද අපමණය. බොහෝ බෝවෙන ලෙඩ රෝග අද ඉතිහාසගත වී පවතියි. කොලරා රෝගය පවතින්නේ ඉතාම සුලු වශයෙනි. මහාමාරිය ලොවෙන් වඳ වී ඇත. වසූරියද ඒ ගණයේ තැබිය හැක. දැන් ඉතා සුලු ශල්ය් කර්මයක් ලෙස සලකන ඇපෙන්ඩිසයිටිස් දැන් දශක කිහිපයකට පෙර ඉතා බරපතල ශල්‍ය කර්මයක් වශයෙන් සලකන ලදී. රෝග විනිශ්චය උදෙසා නවීන උපකරණ බිහිවී ඇත. x-කිරන වෙනුවට CT යන්ත්‍ර, MRI සහ Ultrasound වශයෙන් මේවා හැඳින්විය හැක. කුමන දෙසකින් බැලුවත් මිනිස් ප්රජාවට හිතකර දේවල් නවීන විද්යාවෙන් බිහිවී ඇති බව පැහැදිලිය.
එසේම මිනිස් ප්‍රජාවට හානිකර දේවල්ද නවීන විද්‍යාව නිසා බිහි වී ඇති බව සත්‍යයකි. මිනිස් ප්‍රජාව වඳ කරවීමට, නැතහොත් මිහිපිටින් අතුගා දැමීමට නවීන විද්යා වේ 'හාස්කම්' වලින් පිලිවන. දෙවැනි ලෝක මහා සංග්රාමයේදී මිනීමරු ඇමෙරිකාව විසින් පරමාණු බෝම්බ දෙකක් හෙලා අහිංසක ජපන් ජනයා ලක්ෂ ගනණක් එක මොහොතකින් විනාශ කර දැමූහ. අදටත් මිනීමරු ඇමෙරිකාව මෙය සාධාරණීකරනය කිරීමට උත්සාහ දරයි. වියට් නාමයේ විශ වායු භාවිතා කොට ඇමෙරිකාව අත්හදා බැලීම් කලේ තිරිසනුන් ලෙසටය.
අපේ දෛනික ජීවිත පවා අනතුරේ පවතී. රසායනික ද්රව්ය පොහොර වලට, කෑම ද්රිව්ය වලට කලවම් කොට ඇත. සතුන්ට විශාල වශයෙන් හෝමෝන ආදී දේවල් දෙන්නේ වැඩි වැඩියෙන් ලාභ ලබා ගැනීමටය. මේ නයින් බලන කල විද්යාව, අපි ජීවත් වන ලෝකය ආක්‍රමණය කර ඇත, යනුවෙන් පැවසුවොත් එය අතිශයෝක්තියක් නොවේ. අපගේ අවබෝධය වන්නේ විද්යාව සහ සොබාදහම කොටස් දෙකක් වශයෙනි. සත්‍ය වශයෙන් විද්යාව යනු සොබාදහම ගැන අධ්‍යයනයයි. නමුත් සාමාන්ය ව්යිවහාරයේදී විද්යාව සහ විද්යාත්මක නිපැයුම් "කෘතිම" දේ වී ඇත. ("කෘතිම වකුගඩු")
විද්යාව සම්පූර්ණයෙන්ම ස්වාභාවික ලෝකය ආක්ර මණය කල කල්හි අපට ඉතුරුවන්නේ විද්යාත්මක වූ අස්වාභාවික ලෝකයකි. උත්පත්තියෙන් ස්වාභාවික වන අප දැනට ජීවත් වන්නේ ස්වාභාවික ලෝකයකය. නමුත් මෙසේ කටයුතු සිදුවුව හොත් අපට අස්වාභාවික ලොවක අස්වාභාවික ලෙස ජීවත් වීමට සිදුවිය හැක. ස්වභා දහම සමග නොසැඳෙන කල අපට නොයෙක් දුෂ්කරතාවලට මුහුන දීමට සිදුවනු ඇත. ශරීරයකින් හා මනසකින් සමන්විත ස්වාභාවිකව උපන් මනුශ්යයා ස්වාභාවික පරිසරයක ස්වාභාවිකව ජීවත් වෙයි. එක් එක් ජීවිත කාල පරිච්ඡේදයන්හි ඇතිවන ශාරීරික වෙනස්වීම් ස්වාභාවික ලෙස සලකන්නට ඔවුහු පුරුදු වූහ. නමුත් අද සිදුවී ඇත්තේ මනසේ ක්රියාකාරිත්වයට අනුකූලව ශරීරය ක්රියා කරවීමටය. රූප ලාවණ්යමය උදෙසා වෙහෙසන කාන්තාවන් බහුල වශයෙන් අපට දැකිය හැක. පිරිමින්ද එසේමය. මේ ශරීරය පාලනය කිරීමට අපට නොහැකිය. බුදුන් වහන්සේ වදාල පරිදි ශරීරය 'මම' නොවේ. හේතුඵල ධර්මයන්ගේ හේතූන් නිසා සතර මහා ධාතූන්ගෙන් සැදුම් ලත් මේ සිරුර ඒ ධාතුන්ගේ අභාවයත් සමගම අභාවයට යනු ඇත. මේ අකාලික වූ බුද්ධ දේශනයයි. සම තාරුණ්යමයේ පවත්වා ගැනීමට නොයෙක් ක්රීලම් වර්ග, ඉන්ජෙක්ෂන් වර්ග ලොවට බිහි වී ඇත. තාවකාලික වශයෙන් යම්කිසි වෙනසක් පෙනුනත් දීර්ග කාලීන වශයෙන් සොබා දහමට එරෙහි වීමෙන් පරදින්නේද ඔබමය. මේ අවස්ථාවේදී කරුණු දෙකෙන් එකක් ඔබට තෝරා ගත යුතු වෙයි.
1. කෘතිම ලොවක කෘතිම ජීවිතයක් ගත කරන්නද?
2. ස්වාභාවික ලොවක ස්වාභාවිකව ජීවිතයක් ගත කරන්නද?
ස්වාභාවික ජීවිතයේ මේ වෙනස ඇති කිරීමට එනම් කෘතිමත්වයක් බිහිකිරීමට ඉවහල් වන ප්රවධාන සාධකයට තාක්ෂණයයැයි කියනු ලැබේ.
තාක්ෂණයේ රඳාපැවැත්මට විද්යාවෙන් ලද දැනුම අවශ්ය ය. තාක්ෂණය උපයෝගී කොටගෙන මිනිස් සංහතිය, සිය සුඛ විහරණය සඳහා අවශ්යව දේවල් නිපදවා ගෙන ඇත. මේ නිසා තාක්ෂණයෙහි ක්රියාකාරිත්වය ද්විත්ව වශයෙන් සැලකිය හැක. එකක් තාක්ෂණයේ අනුසාරයෙන් සිය අවශ්යතාවයන්ට මෙවලම් නිපදවා ගැනීමය. දෙවැන්න මිනිස් ප්රජාවේ විනාශයට උත්ප්රේරකයක් වීමය. මේ සියල්ලටම පිළිතුරු උදෙසා විද්යාඥයින්ට අසංකීර්ණ විද්යාව (pure science) ගැන කථාකල හැක. විද්යාඥයින් සොයන්නේ විද්යාත්මක සිදුවීම් ගැන පමණි. අවශ්ය ඕනෑම කෙනෙකුට ඒ විද්යා ව අනුසාරයෙන් ඕනෑම දෙයක් කල හැක. කිසිම තහනමක් නොමැත. අතේ පොල් පරාල තබා ගෙන අනෙක් ජාතීන්ගේ ඉරටු කූරු ගැන නන් දොඩවන ඇමෙරිකාව මෙන් අනුන්ට තහනම්ය, අපිට පුලුවන්ය. එය විද්යාඥයන්ගේ වගකීමක් නොවනු ඇත. අවසාන ප්රතිඵලය වශයෙන් වගකීමෙන් තොර විද්යාත්මක විනාශකාරී දේවල් බිහිවී ඇ ත. මීට නිසිපිළිතුරක් ලැබෙන්නේ මිනිසා සදාචාරමත් වුව හොත් පමණකි. සදාචාරයක් නැතිවිට ආත්මාර්ථකාමිත්වය මිනිස්කම ඉක්මවා පෙරට එයි. පරමාණු බෝම්බයෙන් ලක්ෂ ගනන් ජපන් වැසියෝ මොහොතකින් වාෂ්ප වූයේ මිනිසා තවත් මිනිසෙකු කෙරෙහි සදාචාරවත් බවක් නොමැති නිසාය. මිනිසා සදාචාරයත් ආචාර ධර්මතාවයනුත් පසෙක දමා විද්යාවේ අනුසාරයෙන් ඉඳුරන් පිනවීම සඳහ කටයුතු කලහොත් සිදුවන්නේ විපතකි. ඉඳුරන් පිනවීමට ලොල් වීමෙන් රාගයත් තණ්හාවත් තව තවත් ශක්තිමත් වනු ඇත. මෝහයද මුලාවද ඇතුලු අනෙක් අකුසල්ද අධික වෙනු ඇත. සදාචාරය සහ ආචාරධර්මයන් නොමැති කල විද්යාව අතිශය විනාශකාරී විය හැක.
අද ලෝකය දෙස බලන කල විද්යාත්මක නිපැදවීම් ශීඝ්රයෙන් 'දියුණු වී' යම් කිසි කෙලවරකට සම්ප්රාප්ත වී ඇති බවක් පෙනෙයි. භෞතික ලෝකයේ කෙලවරට පැමින ඇති විද්යාඥයා දැන් දැන් මානසික ලෝකය පිලිබඳව පර්යේශණ පවත්වයි.
මනස හා පදාර්ථ (mind and matter)ලොව ඇති මූලධර්මවල අනුසාරය බව දාර්ශනිකයෝ ප්රකාශ කලහ. නමුත් කිසිම විද්යාඥයෙක් මනස පිළිබඳව පරිපූර්ණ විස්තරයක් කර නොමැත.. මේ විද්යාඥයන්ට මනස විදහා දැක්වීමට නොහැකි විය. මනස පිළිබඳව ඒකමතික තීරණයකට එලඹීමට පවා ඔවුහු අසමත් වී ඇත. මනස ඇත්තේ මොලයේය යන සිද්ධාන්තයට අනුව දූරඥානය, පරවත්ත ඥාණය (telepathy) දිව්යන චක්ෂුසය (clairvoyance), මනැස්චලනය (psychokinesis), මරණින් මතු පැවැත්ම, මරණාසන්න අත්දැකීම් යනාදී විද්යාවට ප්රතික්ෂේප නොකල හැකි සංසිද්ධි (phenomena) පහදා දීමට නොපිලිවන.
මනෝ විද්යාaඥයන් යැයි කියා ගන්නා පිරිස මනස ගැන පර්යේෂණ පවත්වන විට බාධක කිහිපයක් හමුවිය. මනස පිළිබඳව යම්කිසි සම්ම්මුතියකට පැමිණීමට අපහසු වූ නිසා ඔවුන් මනුශ්යියා සහ සතුන්ගේ හැසිරීම අධ්යනය කිරීමට පෙලඹුනහ. මනස මැනීමට මිනුම් දණ්ඩක් නොමැත. ඒ නිසා ඔවුන්ට මනෝ විද්යාඥයන් යනුවෙන් හැඳින්වීමට වඩා චර්යා නිරීක්ෂකයන්යැයි පැවසීම වඩා යෝග්යය. එමනිසා මනෝ විද්යාඥයෝ 'මනසක් ඇත' යන මතය ප්ර තික්ෂේප කරති. මොලය මනස වශයෙන් ක්රියා කරයි යන මතය පිළිගැනීමට කැමැත්තක් දක්වති. ඉහත සඳහන් කරුනු සලකා බලන විට ඔවුන් ගොලු වන්නේද මෙතැනය.
(තවත් කොටසක් ලඟදීම.............)
Sunday, April 19, 2009
මාර්ග, ඵල, සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ - 12
Sunday, April 12, 2009
මාර්ග, ඵල, සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ - 11
ඒ තීරණාත්මක දවසේ, උන්වහන්සේ අභ්‍යන්තර හා බාහිර වශයෙන් සිතට හසුවන සියලුම සංසිද්ධි විමසා බැලූ සේක. සියලුම මිත්ථායවන් සුණුවිසුනු කල උන්වහන්සේ ප්‍රීතියෙන් උද්දාම විය. විශාල මත්ස්‍යයෙක් මහ සයුරෙහි නිදහසේ පිහිනන්නාක් සේ පුබ්බේනිවාසානුස්සති ඥාණය මෙහෙයවා සිය අතීතයට එබී බැලූ සේක. තමාට වැරදුණු අඳුරු තැන් සිහි කොට යලිත් ඒ වරදම නොකිරීමට තරයේ ඉටා ගත් සේක.. උන්වහන්සේගේ හදවත වේගයෙන් ස්ඵන්දනය වන්නට වූයේ විස්තර කල නොහැකි ඉතා දීප්තිමත් ආලෝකයක් තුලට ඇතුලු වූ පසුය. (මේ පොත සම්පාදනය කල තෙරුන් වහන්සේ, භූරිදත්ත හිමියන් දුන් විස්තරය සම්පූර්ණ වශයෙන් ඒ අන්දමටම රචනය කිරීමට නොහැකි වීම ගැන මෙහිදී පාඨකයාගෙන් සමාව අයැද සිටී. පිට 155) හිර බැස යන යාමයේ භූරිදත්ත හිමි සක්මන් භාවනාවෙහි නිරත වූහ. උන්වහන්සේ පටිච්චසමුප්පාදය කෙරෙහි සිත යොමු කොට එකිනෙක අවස්ථා විමර්ශනය කරන්නට වූහ. "අවිජ්ජා පච්චයා සංඛාරා" යනාදී වශයෙන් පටන් ගෙන ප්‍රඥාව මෙහෙයවා විමැසන කල්හි, ඉපැදුනු කුතුහලය විස්තර කල නොහැකි තරම් විය. සත්වයා සසර සැරිසරන්නේ මේ පටිච්ච සමුප්පාදය හරියට නොදන්නා නිසා නොවේදැයි මෙනෙහි කල සේක. රාත්‍රී නවය පමණ වන විට උන්වහන්සේ හිඳගෙන භාවනා කල සේක. එතෙක් වේලා 'අවිද්‍යාව' ගැන මෙනෙහි කල උන්වහන්සේ පටිච්චසමුප්පාදය අනුලෝම වශයෙනුත් ප්‍රතිලෝම වශයෙනුත් එක් එක් අවස්ථා ගැන විමැසූ සේක. අලුයම තුන පමණ වෙන තෙක් නොකඩවා භාවනා කල උන්වහන්සේ අවසානයේ 'සතුරා' දුටු සේක. ඒ වෙනෙකෙක් නොව 'අවිද්‍යාවම' විය. කල්ප ගනනක් මුලුල්ලේ 'උපත-විපත' වශයෙන් සසර සැරිසැරුවේත් මේ සතුරා,- 'අවිද්‍යාවම' නිසාය. ඒ ස්වර්ණමය මොහොත ලඟා විය. උන්වහන්සේ 'අවිද්‍යාව' යලි නොනැගිටින සේ විනාශ කර දැමීය. ලොවට තවත් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේ නමක් බිහිවිය. දේව සමූහයා උන්වහන්සේට ගරු කිරීමට පැමිණියහ. මුලු ලොවම සසල වන බවක් උන්වහන්සේට දැනුනි. ඒ අසල ගම්මාන වල සිටි මනුශ්‍යයෝ මේ කිසිවක් ගැන දැන නොසිටියහ. ඔවුන් පුරුදු පරිද්දෙන් සිය ලෞකික දෛනික දේවල් ගැන යෙදී සිටියහ. ඒ විශ්මයජනක මොහොත පසුවූ පසු, ඉතිරි වූයේ ඉතාමත්ම පාරිශුද්ධ වූ විසුද්ධිධර්මය පමණකි. ඒ දහම භූරිදත්ත හිමිගේ චිත්තයත් ශරීරයත් හාත්පසම වෙලාගත්තේය. එහිදී ඇති වූ විශ්මයත් ප්‍රීති සුඛයත් විස්තර කල නොහැකි බව උන්වහන්සේ පැවසීය. ඒ රාත්‍රියේ ඉතිරිව තිබූ කාලය තුල උන්වහන්සේ බුදුරජානන් වහන්සේගේ පරෝපකාරය මෙනෙහි කලේ කෘතඥපූර්වකය. මේ අතිඋත්තම ගුරුතුමා සිය ධර්මයේ කිසිම තැනක පරස්පර විරෝධී දෙයක් පවසා නොමැති බවත්, ඒදහම අති පාරිශුද්ධ බවත් මෙනෙහි කලේ බුදුහිමි කෙරෙහි පහල වුනු අචල භක්තියෙනි. වරෙක තමා පහදා ගත් ධර්මය ඉතා ගැඹුරු බවත් සාමාන්‍ය කෙනෙකුට අවබෝධ කල නොහැකි බවත් උන්වහන්සේට සිතුනි. ඒ සමගම බුදු හිමි අනුගමණය කල මග ඔස්සේ තමා අන් මනුශ්‍යයින්ට පිහිට විය යුතු බවත් වැටහුනි. ධර්මය අන් මිනිසුන්ට උගන්වන්නේ ඒ සත්වයින්ට පිහිට වී මේ සසරෙන් එතර කරවීම උදෙසාය. කරුණා පෙරදැරිව බුදුන්වහන්සේ සැතැපුම් ගනන් දෙපයින්ම ඇවිද දහම් දෙසූ බව සිහි විය.දහමෙන් නැහැවුන හදවතක ඇත්තේ සතුට පමණකි. දුකක් එහි නොමැත. රහතුන් වහන්සේලාගේ ස්කන්ධයන්ද, අනෙක් මනුශ්‍යයින්ගේ ස්කන්ධ හා සමානය. නමුත් කෙලෙස් වලින් තොරය. නිවණ අවබෝධයෙන් පසු ස්කන්ධයන්ගේ වෙනසක් දක්නට නොමැත. සිරුර බිඳී යන විට චිත්තය "යථාදීපෝ චනිබ්බුතෝ" බවට පත්වෙන්නේය. ඒ පිරිසිදු චිත්තයත්, ධර්මයත් එකමය. ස්කන්ධයන් නැසී ගියද, පිරිසිදු ධර්මය අඩංගු චිත්තය එතැනින් වෙන්වී සදාකාලික වෙනස් ම්ගක් ගනියි. බුදුන් වහන්සේ "ධර්මය දකින්නේ යමෙක්ද, හේ මා දකියි..." යනුවෙන් ප්‍රකාශ කලේ ඒ නිසාය. දිව්‍ය සමූහයා ඉතා ප්‍රීතියෙන් භූරිදත්ත හිමි හමුවට පැමිණියද, උන්වහන්සේ ඔවුනට පසුව පැමිනෙනෙ ලෙසට ඉල්ලා සිටියේය. භූර්‍රිදත්ත හිමියන්ගේ නිවන් අවබෝධයෙන් පසු මෙතෙක් ලොව පහල වූ බුදුන් වහන්සේලා සිය ශ්‍රාවක රහතන් වහන්සේලා පිරිවරා ගෙන භුරිදත්ත හිමියන්ට ආශීර්වාද කිරීමට පැමින ඇත. (ඒ පිලිබඳ විස්තර මේ සටහන දිග වැඩි නිසා ඊලඟ කොටසේ- පිට 172 – The Most Exalted Appreciation – The Biography of Acharya Mun) මේ පොත සම්පාදනය කල ආචාර්ය මහාබූව ඥාණසම්පන්නෝ හිමියන් තවමත් තායිලන්තයේ බාන් ටාඩ් සංඝාරාමයේ වැඩවසති. යම්කිසි දෙයක් තව දුරටත් පැහැදිලි කිරීම අවශ්‍ය නම් උන්වහන්සේට විද්‍යුත් ලිපියක් යොමු කරන්න. . webluangta@gmail.com
Friday, April 10, 2009
මාර්ග, ඵල, සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ - 10
Sunday, April 5, 2009
බුදු රදුන් තවම වැඩ වසති.......
මාර්ග ඵල හා නිවන යනු ඉතිහාසගත සිදුවීම් පමණක් බව සැලකෙන සමයෙක, තායිලන්තයේ දුත්ථංග කම්මත්තාන බික්ෂූන් ගැන ලියැවුනු පොත් වල සඳහන් පරිදි තවමත් තායිලන්තයෙන් රහතන් වහන්සේලා බිහිවන බව දැනගැනීම සොම්නස උපදවන කරුනක් විය. එයින් එක් රහතන් වහන්සේ නමක් සිය අත් දැකීම් දීර්ඝ වශයෙන් සිය ගෝල නමකට පවසා ඇත. උන්වහන්සේ අර්හත් ඵලයට පිවිසුනු මාර්ගය පවා සවිස්තරව ග්‍රන්ථාරූඪ කර ඇත. අද ලෝකයේ හැටියට ඉතා වටිනා ග්‍රන්ථයක් වන මේ පොත, නොමිලයේ පහත සඳහන් අඩවියෙන් බා ගත හැක. (http://www.luangta.com/English/site/books.php) මා කියවා තිබුනේ ප්‍රථම මුද්‍රණයයි. පසුව ශ්‍රී ලංකාවේ හා තායිලන්තයේ භික්ෂූන්ගේ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් දෙවැනි මුද්‍රණයක් පිටවිය. මේ දෙවැනි මුද්‍රණයේ (appendix one) අතිරේකයක් ඇත. ඒ උද්ඝෝෂකයින්ට පිලිතුරුය. පරිනිර්වාණයෙන් පසු බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා ශුන්‍යත්වයට නොයන බවත්, උන්වහන්සේලා සිරුරක් නොමැතිව වැඩවසන බවත් ස්ථිර වශයෙන් පහදා දී ඇත. මේ උත්තමයින් දහමෙහි හැසිරෙන පින්වතුන්ට පිහිට වී සසරින් එතර වීමට පිහිට වන බව ස්ථිර වශයෙන් කිව හැක.
පසුගිය මාසය තුල මම චාරිකාවක යෙදුනෙමි. මට පිටරටකින් වැඩම කරන ලද එක්තරා උපාසිකාවක් හමුවිය. ඒ උපාසිකා මැණියන්ගේ ඉල්ලීම පරිදි ඇයගේ වතගොත හෙලි කිරීමට නොහැක. ඉතා ස්වල්ප වශයෙන් යමක් කිව හැක. 1980 දශකයේ අග භාගයේ මිනීමරු ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇයගේ සැමියා ඝාතනය කොට ඔහු පෙති ගසා දමා තිබෙනු ඇය දැක ඇත. ඉන් සසර කලකිරුණු ඇය විදේශ ගත විය. විදේශයක සිට බවුන් වඩන්නා වූ මේ තෙරණියෝ හමුවට දෙවි දේවතාවන් පැමිණෙති. ඔවුන් සිරිතක් වශයෙන් රාත්‍රී පෙරයමෙන් පසුව පැමිනෙන බව ඇය මට පැවසුවාය. මේ තෙරණියන්ගේ කුටියට ආලෝකධාරා පැමිනෙන බව බොහෝ දෙනෙක් දැක ඇත. රාත්‍රී දෙකට පමණ පතිත වූ නිල්වන් ධාරාවක් මමත් දුටුවෙමි. වරෙක ගෞතම බුදුහිමි ඇයට දම් දෙසීමට පැමිණි බව ඒ මෑණියෝ පවසා ඇත. අවම වශයෙන් ඒ මෑණියෝ සකෘදාගාමී ඵලයට සමවැදී ඇතිබව මගේ හැඟීමයි. බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව තමා ලබා ඇති ඵල පිලිබඳව හෙලි නොකරන අය බහුලය. අපේ රටේ බුදුදහම ආධ්‍යාත්මිකව ගරා වැටී ඇත. අවුරුදු පන්සීයක බටහිර ආධිපත්‍යයෙන් පසු අපට මෙය සිදු වූ බව අපටම සිතාගත හැක. නමුත් අපි මේ ආගාධයෙන් ගොඩ ආ යුතුය. නැතිවී වී ගිය සංවරය නැවත නගා සිටු විය යුතුය. සෑම දෙනෙක්ම මේ පිලිබඳව සිත යොමු කල යුතුය. නැතහොත් අපි ගමන් කරන්නේ විනාශමුඛය කරාය.
29/4/2011
වසර දෙකකට ප්‍රථම ලියන ලද මේ සටහනට තවමත් ප්‍රතිචාර ලැබෙමින් පවතී. කරුණු නොදැන නොයෙක් දේ ප්‍රකාශ කරන්නන් වෙත පිලිතුරු එවීමට තරම් මට කාල වේලා නොමැත. එමනිසා මේ අතිරේකය ඉදිරිපත් කිරීමට සිත් විය. අපි දැනුම ලබා ගන්නේ කියවීමෙනි, නැතහොත් ශ්‍රවනය කිරීමෙනි. යම්කිසි දෙයක් කියවීමෙන් පසු සියලු කරුණු සලකා බලා මෙය සිදුවිය හැකිදැයි අපි අපගෙන්ම ප්‍රශ්න කරමු. සමහර දේවල් පිලිගත හැකි බව සිතෙයි නම් අපි ඒ බව පිලිගනිමු. සමහර දේවල් පිලි නොගනිමු. ඒ තමාගේ හෘදය සාක්ෂියට අනුවය. ථෙරවාද බුදු දහම පවතින්නේ අපේ රටේ පමණක් නොව තායිලන්තය, බුරුමය, ලාඕස් යනාදී රටවලද පවතින්නේ ථෙරවාද බුදු දහමය. ආධ්යාත්මික අතින් අපේ සංඝයා වහන්සේලාට වඩා ඉහල මට්ටමක තායිලන්ත සහ බුරුම ස්වාමීන් වහන්සේලා සිටින බව මගේ පිලිගැනීමයි. ඒ නිගමනයට මා පැමිණියේ කරුණු හොඳට සලකා බලා බව කිව යුතුය. තායිලන්තයේ භූරිදත්ත ස්වාමීන් වහන්සේගේ ජීවිත කථාව පිලිබඳව උන්වහන්සේගේ ප්‍රධාන ගෝල නම වන ආචාර්ය ඤාණසම්පන්නෝ හිමි පොත් කිහිපයක් ලියා ඇත. ඒ පොතක (Biography of Acharya Mun) 170 වැනි පිටුවේ පමණ මෙසේ සඳහන් වේ.