අපේ රටේ නොයෙක් දෙසින් නොයෙක් දේවල් අපට අසන්නට ලැබේ. එයින් බොහෝ දේවල් අපරාධ හා සම්බන්ධය. මින් දශක හතරකට පෙර තිබූ ශාන්ත පරිසරය අද නැත. මේ සංසදයේ පවා නොයෙක් මාතෘකා යටතේ නොයෙක් දේවල් ලියැවෙයි. අපි යන්නේ කොහේද? අපේ අරමුණ කුමක්ද? බොහෝ අවස්ථාවල අපට අරමුණක් නැත. මී රැලක් තරඟයකට දුවන්නාක් මෙන් අපිද හැසිරෙන්නෙමු. අපි ඉන්ද්‍රියයන් පිනවීම සඳහා නොකරන දෙයක් නැත. නොයෙක් මාදිලියේ රූපවාහිනී, නොයෙක් අන්දමේ සිනමාවන්, දෙකන් පිනවීම සඳහා නොයෙක් අන්දමේ ශබ්ද, දිව පිනවීම සඳහා නොයෙක් අන්දමේ ආහාර වර්ග, කය පිනවීම සඳහා රාගාත්මක දර්ශන, අබිසරු ලියන්, මනැස පිනවීම සඳහා නොයෙකුත් විකාර, ආදී දේවල් වලින් මේ ලොව වියරු වැටී ඇත. මේ විනාශකාරී මුඛයෙන් ගැලවීමට තැත් කරන්නෝ විරලය. අපේ මුලු ජාතියම ගමන් කරන්නේ පිරිහීම දෙසටය. මෙවන් ලොවක ඔනෑම කෙනෙකුට අතර මං වීමට ඉඩ ඇත. සිදුහත් කුමරු තනි වූයේද මෙවැනි රජ දහනකය. රම්‍ය සුරම්‍ය සුභ වශයෙන් හැඳින්වුනු සිදුහත් කුමරුගේ මාලිගාවල පිරිමි පුලුටකුදු නොවීය. සිදුහත් කුමරු කම් සැපයෙහි ගිල්වා තැබීමට ශුද්ධෝදන රජතුමා මහත් ආයාසයක් ගත්තේය. නමුත් ඒ සියල්ල අතහැර දමා සිදුහත් කුමරු ශ්‍රමණ ජීවිතය ප්‍රිය කලේය. අපි ඒ උතුම් ජීවිතය පාඩමකට නොගන්නේ ඇයිදැයි සිතා ගැනීම අපහසුය.
මාර්ග ඵල හා නිවන යනු ඉතිහාසගත සිදුවීම් පමණක් බව සැලකෙන සමයෙක, තායිලන්තයේ දුත්ථංග කම්මත්තාන බික්ෂූන් ගැන ලියැවුනු පොත් වල සඳහන් පරිදි තවමත් තායිලන්තයෙන් රහතන් වහන්සේලා බිහිවන බව දැනගැනීම සොම්නස උපදවන කරුනක් විය. එයින් එක් රහතන් වහන්සේ නමක් සිය අත් දැකීම් දීර්ඝ වශයෙන් සිය ගෝල නමකට පවසා ඇත. උන්වහන්සේ අර්හත් ඵලයට පිවිසුනු මාර්ගය පවා සවිස්තරව ග්‍රන්ථාරූඪ කර ඇත. අද ලෝකයේ හැටියට ඉතා වටිනා ග්‍රන්ථයක් වන මේ පොත, නොමිලයේ පහත සඳහන් අඩවියෙන් බා ගත හැක. (http://www.luangta.com/English/site/books.php) මා කියවා තිබුනේ ප්‍රථම මුද්‍රණයයි. පසුව ශ්‍රී ලංකාවේ හා තායිලන්තයේ භික්ෂූන්ගේ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් දෙවැනි මුද්‍රණයක් පිටවිය. මේ දෙවැනි මුද්‍රණයේ (appendix one) අතිරේකයක් ඇත. ඒ උද්ඝෝෂකයින්ට පිලිතුරුය. පරිනිර්වාණයෙන් පසු බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා ශුන්‍යත්වයට නොයන බවත්, උන්වහන්සේලා සිරුරක් නොමැතිව වැඩවසන බවත් ස්ථිර වශයෙන් පහදා දී ඇත. මේ උත්තමයින් දහමෙහි හැසිරෙන පින්වතුන්ට පිහිට වී සසරින් එතර වීමට පිහිට වන බව ස්ථිර වශයෙන් කිව හැක.
පසුගිය මාසය තුල මම චාරිකාවක යෙදුනෙමි. මට පිටරටකින් වැඩම කරන ලද එක්තරා උපාසිකාවක් හමුවිය. ඒ උපාසිකා මැණියන්ගේ ඉල්ලීම පරිදි ඇයගේ වතගොත හෙලි කිරීමට නොහැක. ඉතා ස්වල්ප වශයෙන් යමක් කිව හැක. 1980 දශකයේ අග භාගයේ මිනීමරු ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇයගේ සැමියා ඝාතනය කොට ඔහු පෙති ගසා දමා තිබෙනු ඇය දැක ඇත. ඉන් සසර කලකිරුණු ඇය විදේශ ගත විය. විදේශයක සිට බවුන් වඩන්නා වූ මේ තෙරණියෝ හමුවට දෙවි දේවතාවන් පැමිණෙති. ඔවුන් සිරිතක් වශයෙන් රාත්‍රී පෙරයමෙන් පසුව පැමිනෙන බව ඇය මට පැවසුවාය. මේ තෙරණියන්ගේ කුටියට ආලෝකධාරා පැමිනෙන බව බොහෝ දෙනෙක් දැක ඇත. රාත්‍රී දෙකට පමණ පතිත වූ නිල්වන් ධාරාවක් මමත් දුටුවෙමි. වරෙක ගෞතම බුදුහිමි ඇයට දම් දෙසීමට පැමිණි බව ඒ මෑණියෝ පවසා ඇත. අවම වශයෙන් ඒ මෑණියෝ සකෘදාගාමී ඵලයට සමවැදී ඇතිබව මගේ හැඟීමයි. බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව තමා ලබා ඇති ඵල පිලිබඳව හෙලි නොකරන අය බහුලය. අපේ රටේ බුදුදහම ආධ්‍යාත්මිකව ගරා වැටී ඇත. අවුරුදු පන්සීයක බටහිර ආධිපත්‍යයෙන් පසු අපට මෙය සිදු වූ බව අපටම සිතාගත හැක. නමුත් අපි මේ ආගාධයෙන් ගොඩ ආ යුතුය. නැතිවී වී ගිය සංවරය නැවත නගා සිටු විය යුතුය. සෑම දෙනෙක්ම මේ පිලිබඳව සිත යොමු කල යුතුය. නැතහොත් අපි ගමන් කරන්නේ විනාශමුඛය කරාය.
29/4/2011
වසර දෙකකට ප්‍රථම ලියන ලද මේ සටහනට තවමත් ප්‍රතිචාර ලැබෙමින් පවතී. කරුණු නොදැන නොයෙක් දේ ප්‍රකාශ කරන්නන් වෙත පිලිතුරු එවීමට තරම් මට කාල වේලා නොමැත. එමනිසා මේ අතිරේකය ඉදිරිපත් කිරීමට සිත් විය. අපි දැනුම ලබා ගන්නේ කියවීමෙනි, නැතහොත් ශ්‍රවනය කිරීමෙනි. යම්කිසි දෙයක් කියවීමෙන් පසු සියලු කරුණු සලකා බලා මෙය සිදුවිය හැකිදැයි අපි අපගෙන්ම ප්‍රශ්න කරමු. සමහර දේවල් පිලිගත හැකි බව සිතෙයි නම් අපි ඒ බව පිලිගනිමු. සමහර දේවල් පිලි නොගනිමු. ඒ තමාගේ හෘදය සාක්ෂියට අනුවය. ථෙරවාද බුදු දහම පවතින්නේ අපේ රටේ පමණක් නොව තායිලන්තය, බුරුමය, ලාඕස් යනාදී රටවලද පවතින්නේ ථෙරවාද බුදු දහමය. ආධ්යාත්මික අතින් අපේ සංඝයා වහන්සේලාට වඩා ඉහල මට්ටමක තායිලන්ත සහ බුරුම ස්වාමීන් වහන්සේලා සිටින බව මගේ පිලිගැනීමයි. ඒ නිගමනයට මා පැමිණියේ කරුණු හොඳට සලකා බලා බව කිව යුතුය. තායිලන්තයේ භූරිදත්ත ස්වාමීන් වහන්සේගේ ජීවිත කථාව පිලිබඳව උන්වහන්සේගේ ප්‍රධාන ගෝල නම වන ආචාර්ය ඤාණසම්පන්නෝ හිමි පොත් කිහිපයක් ලියා ඇත. ඒ පොතක (Biography of Acharya Mun) 170 වැනි පිටුවේ පමණ මෙසේ සඳහන් වේ.
මේ පොත මා කියවූයේ ඉතාම විශාල වූ සැකයකිනි. අවසානයේ ඒ පොත රචනය කල හිමි නම වෙත මම විද්‍යත් ලිපියක් යැවුයේ මට එය පිලිගත නොහැකි වූ නිසාය. උන්වහන්සේ මට පිලිතුරු එවීමට තරම නිහතමානී විය. උන්වහන්සේ ගේ පැහැදිලි කිරීමෙන් පසු මට කරුණු පිලිගත් හැකි විය. ඒ නයින් බලන කල කෙනෙකුට එය පිලිගත නොහැකි නම් එයට කමක් නැත. මේ වසර 2011 මුල ජනවාරි මාසයේ වයස 97 ක්වූ ඤාණසම්පන්නෝ හිමි අභාවයට පත් විය.
මාර්ග ඵල හා නිවන යනු ඉතිහාසගත සිදුවීම් පමණක් බව සැලකෙන සමයෙක, තායිලන්තයේ දුත්ථංග කම්මත්තාන බික්ෂූන් ගැන ලියැවුනු පොත් වල සඳහන් පරිදි තවමත් තායිලන්තයෙන් රහතන් වහන්සේලා බිහිවන බව දැනගැනීම සොම්නස උපදවන කරුනක් විය. එයින් එක් රහතන් වහන්සේ නමක් සිය අත් දැකීම් දීර්ඝ වශයෙන් සිය ගෝල නමකට පවසා ඇත. උන්වහන්සේ අර්හත් ඵලයට පිවිසුනු මාර්ගය පවා සවිස්තරව ග්‍රන්ථාරූඪ කර ඇත. අද ලෝකයේ හැටියට ඉතා වටිනා ග්‍රන්ථයක් වන මේ පොත, නොමිලයේ පහත සඳහන් අඩවියෙන් බා ගත හැක. (http://www.luangta.com/English/site/books.php) මා කියවා තිබුනේ ප්‍රථම මුද්‍රණයයි. පසුව ශ්‍රී ලංකාවේ හා තායිලන්තයේ භික්ෂූන්ගේ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් දෙවැනි මුද්‍රණයක් පිටවිය. මේ දෙවැනි මුද්‍රණයේ (appendix one) අතිරේකයක් ඇත. ඒ උද්ඝෝෂකයින්ට පිලිතුරුය. පරිනිර්වාණයෙන් පසු බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා ශුන්‍යත්වයට නොයන බවත්, උන්වහන්සේලා සිරුරක් නොමැතිව වැඩවසන බවත් ස්ථිර වශයෙන් පහදා දී ඇත. මේ උත්තමයින් දහමෙහි හැසිරෙන පින්වතුන්ට පිහිට වී සසරින් එතර වීමට පිහිට වන බව ස්ථිර වශයෙන් කිව හැක.
පසුගිය මාසය තුල මම චාරිකාවක යෙදුනෙමි. මට පිටරටකින් වැඩම කරන ලද එක්තරා උපාසිකාවක් හමුවිය. ඒ උපාසිකා මැණියන්ගේ ඉල්ලීම පරිදි ඇයගේ වතගොත හෙලි කිරීමට නොහැක. ඉතා ස්වල්ප වශයෙන් යමක් කිව හැක. 1980 දශකයේ අග භාගයේ මිනීමරු ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇයගේ සැමියා ඝාතනය කොට ඔහු පෙති ගසා දමා තිබෙනු ඇය දැක ඇත. ඉන් සසර කලකිරුණු ඇය විදේශ ගත විය. විදේශයක සිට බවුන් වඩන්නා වූ මේ තෙරණියෝ හමුවට දෙවි දේවතාවන් පැමිණෙති. ඔවුන් සිරිතක් වශයෙන් රාත්‍රී පෙරයමෙන් පසුව පැමිනෙන බව ඇය මට පැවසුවාය. මේ තෙරණියන්ගේ කුටියට ආලෝකධාරා පැමිනෙන බව බොහෝ දෙනෙක් දැක ඇත. රාත්‍රී දෙකට පමණ පතිත වූ නිල්වන් ධාරාවක් මමත් දුටුවෙමි. වරෙක ගෞතම බුදුහිමි ඇයට දම් දෙසීමට පැමිණි බව ඒ මෑණියෝ පවසා ඇත. අවම වශයෙන් ඒ මෑණියෝ සකෘදාගාමී ඵලයට සමවැදී ඇතිබව මගේ හැඟීමයි. බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව තමා ලබා ඇති ඵල පිලිබඳව හෙලි නොකරන අය බහුලය. අපේ රටේ බුදුදහම ආධ්‍යාත්මිකව ගරා වැටී ඇත. අවුරුදු පන්සීයක බටහිර ආධිපත්‍යයෙන් පසු අපට මෙය සිදු වූ බව අපටම සිතාගත හැක. නමුත් අපි මේ ආගාධයෙන් ගොඩ ආ යුතුය. නැතිවී වී ගිය සංවරය නැවත නගා සිටු විය යුතුය. සෑම දෙනෙක්ම මේ පිලිබඳව සිත යොමු කල යුතුය. නැතහොත් අපි ගමන් කරන්නේ විනාශමුඛය කරාය.
29/4/2011
වසර දෙකකට ප්‍රථම ලියන ලද මේ සටහනට තවමත් ප්‍රතිචාර ලැබෙමින් පවතී. කරුණු නොදැන නොයෙක් දේ ප්‍රකාශ කරන්නන් වෙත පිලිතුරු එවීමට තරම් මට කාල වේලා නොමැත. එමනිසා මේ අතිරේකය ඉදිරිපත් කිරීමට සිත් විය. අපි දැනුම ලබා ගන්නේ කියවීමෙනි, නැතහොත් ශ්‍රවනය කිරීමෙනි. යම්කිසි දෙයක් කියවීමෙන් පසු සියලු කරුණු සලකා බලා මෙය සිදුවිය හැකිදැයි අපි අපගෙන්ම ප්‍රශ්න කරමු. සමහර දේවල් පිලිගත හැකි බව සිතෙයි නම් අපි ඒ බව පිලිගනිමු. සමහර දේවල් පිලි නොගනිමු. ඒ තමාගේ හෘදය සාක්ෂියට අනුවය. ථෙරවාද බුදු දහම පවතින්නේ අපේ රටේ පමණක් නොව තායිලන්තය, බුරුමය, ලාඕස් යනාදී රටවලද පවතින්නේ ථෙරවාද බුදු දහමය. ආධ්යාත්මික අතින් අපේ සංඝයා වහන්සේලාට වඩා ඉහල මට්ටමක තායිලන්ත සහ බුරුම ස්වාමීන් වහන්සේලා සිටින බව මගේ පිලිගැනීමයි. ඒ නිගමනයට මා පැමිණියේ කරුණු හොඳට සලකා බලා බව කිව යුතුය. තායිලන්තයේ භූරිදත්ත ස්වාමීන් වහන්සේගේ ජීවිත කථාව පිලිබඳව උන්වහන්සේගේ ප්‍රධාන ගෝල නම වන ආචාර්ය ඤාණසම්පන්නෝ හිමි පොත් කිහිපයක් ලියා ඇත. ඒ පොතක (Biography of Acharya Mun) 170 වැනි පිටුවේ පමණ මෙසේ සඳහන් වේ.
"...Most of the Buddhas who came to show their appreciation to Ãcariya Mun addressed him in much the following manner:
I, the Tathãgata, am aware that you have escaped from the harmful effects of that monstrous suffering which you endured in the prison of saÿsãra, ...... is enormous. I have come to express my appreciation..."suffering which you endured in the prison......"