කාරුණික දැන්වීමයි....
2010 වසරේ අගභාගයේ මාර්ග ඵල සහ නිවන ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ, යනුවෙන් යටගිය දවස යන මගේ බ්ලොග් සටහන ආශ්රයෙන් මට සටහන් කීපයක් පලකෙලෙමි. ලංකාවේ පවතින බුද්ධාගම අනුව එහි ඇති කරුණු සංසන්දනය කල නොහැක. මෙය පලකිරීම් වස් මට නොයෙක් දෙසින් දෝශාරෝපන එල්ල වීය. නම්ත් ඒ අවස්ථාවේදී මට මා හැර සහයෝගය දීමට කිසිවෙක් ඉදිරිපත් මොවූහ. ඒ නිසා මා පටන් ගත් එම කාර්යය අවසන් නොකෙලෙමි. මගේ මතකයේ අන්දමට එක්තරා පේරා දෙනියේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් මට බුද්ධාගම විකෘති නොකරන ලෙස තර්ජනය කෙලේය. ඔහු නමින් ජීවන්ත විය. නමුත් එපමනෙකි. ඔහුගේ ගර්ජනාව පුස්සක් බවට හැරී මා ඇසූ ප්‍රශ්න වලට කිසිදු පිලිතුරක් නොලැබී ගියේය.
මා මේ සටහන ලිවීම සඳහා උපයෝගී කොටගත් පොත දැන් සිහලට පරිවර්තනය කොට නොමිලයේ ලබාගත් හැකිය. එය කියවීමෙන් ඔබගේ සියලු පැන වලට පිලිතුරු ලබා ගත හැක. මේ යොමුව ඔස්සේ ගොස් ඒ වටිනා පොත ලබා ගන්න. එය කියවා ඔබට පිලිගත හැකි නම් පිලිගන්න. පිලිගැනීමට අකැමැති නම් සසර තවත් දිගුකරගෙන ගමන් කරන්න. ඒ ඔබගේම නිගමනයයි.
Books » සිංහල (Sinhala)
Other languages:

අති උත්තම ආචාර්ය මන් භූරිදතත
By: ඉංගී්රසි භාෂාවෙන් සිංහලට
නවීන තායි බුදු දහමේ අති ශ්‍රේෂ්ඨ පුද්ගලයා ලෙස පූජණීය ආචාර්ය මන් භූරිදතත හිමි ප්‍රසිද්ධ වී ඇත. උන් වහන්සේගේ ජීවිත කාලයේදී දස අත පැතිරී ගිය ගුණ සමුදාය වූයේ ප්‍රධාන වශයෙන් උන් වහන්සේ තුළ පැවති අසාමාන්‍ය ධෛර්යය, තපස සහ තම අනුගාමිකයින් වෙත දැක්වූ ප්‍රබල විනය ගරුක භාවය වේ. පරිනිවීමෙන් දැන් වර්ෂ 50ක් පමණ ඉක්ම වී ඇතත් බෞද්ධ ජනතාවගේ ගෞරවණීය පිළිගැනීමේ විශිෂ්ටත්වයක් ඇත. එනම් බුදුරජාණන් වහන්සේගේ ආර්ය පර්යේෂණය තුළින් ජීවිත පරිනාමය වූ අපූර්ව සිද්ධිය මුන්වහන්සේගේ ජීවිත පරිනාමයේ ද දැක ගත හැකි බවය.Download:

සිල්මාතා කායිව්
මෑත කාලයේ පහළ වූ රහත් තෙරණිය
By: Bhikkhu Dick Sīlaratano
මෙම පොත තම ජීවිත කාලය තුළ දී ම, බොදු මගෙහි හිනිපෙත්තට මගිය ස්ත්‍රියකගේ ජීවිත කතාවත්, ඇගේ භාවනා පුහුණුවත් හුවා දක්වන්නෙකි. ඇය හැඳින්වූයේ ”මයි චී කායිව්” නමින් ය. මයි චී කායිව් කුඩා අවධියේ සිට ම ආධ්‍යාත්මික ජීවන රටාවකට හැඩ ගැසෙන බවක් ඇයට ම දැනුණි.ඇගේ ජීවිත කාලය තුළ, එවකට කීර්තියක් ඉසිලූ කම්මට්ඨානාචාර්යයන් මුණගැසීමට ඇය වාසනාවන්තියක් වූවාය. ඇය ඔවුනගේ උපදෙස් තදින් හදවතටගෙන දැඩි උද්යෝගයකින්, තම ප්‍රතිපත්ති පුහුණුවට එකතු කර ගත්තීය.Download:
රහතුන් වහන්සේලා තවමත් ලොව පහල වෙති. පාර්ලිමේන්තුවට ගොස් කුණුහරුපයෙන් බැණගන්නා දුස්සීල මහනුන් සිටින රටක රහතුන් නැති බවද, සත්‍යයෙකි.