Sunday, April 19, 2009
මාර්ග, ඵල, සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ - 12
Sunday, April 12, 2009
මාර්ග, ඵල, සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ - 11
ඒ තීරණාත්මක දවසේ, උන්වහන්සේ අභ්‍යන්තර හා බාහිර වශයෙන් සිතට හසුවන සියලුම සංසිද්ධි විමසා බැලූ සේක. සියලුම මිත්ථායවන් සුණුවිසුනු කල උන්වහන්සේ ප්‍රීතියෙන් උද්දාම විය. විශාල මත්ස්‍යයෙක් මහ සයුරෙහි නිදහසේ පිහිනන්නාක් සේ පුබ්බේනිවාසානුස්සති ඥාණය මෙහෙයවා සිය අතීතයට එබී බැලූ සේක. තමාට වැරදුණු අඳුරු තැන් සිහි කොට යලිත් ඒ වරදම නොකිරීමට තරයේ ඉටා ගත් සේක.. උන්වහන්සේගේ හදවත වේගයෙන් ස්ඵන්දනය වන්නට වූයේ විස්තර කල නොහැකි ඉතා දීප්තිමත් ආලෝකයක් තුලට ඇතුලු වූ පසුය. (මේ පොත සම්පාදනය කල තෙරුන් වහන්සේ, භූරිදත්ත හිමියන් දුන් විස්තරය සම්පූර්ණ වශයෙන් ඒ අන්දමටම රචනය කිරීමට නොහැකි වීම ගැන මෙහිදී පාඨකයාගෙන් සමාව අයැද සිටී. පිට 155) හිර බැස යන යාමයේ භූරිදත්ත හිමි සක්මන් භාවනාවෙහි නිරත වූහ. උන්වහන්සේ පටිච්චසමුප්පාදය කෙරෙහි සිත යොමු කොට එකිනෙක අවස්ථා විමර්ශනය කරන්නට වූහ. "අවිජ්ජා පච්චයා සංඛාරා" යනාදී වශයෙන් පටන් ගෙන ප්‍රඥාව මෙහෙයවා විමැසන කල්හි, ඉපැදුනු කුතුහලය විස්තර කල නොහැකි තරම් විය. සත්වයා සසර සැරිසරන්නේ මේ පටිච්ච සමුප්පාදය හරියට නොදන්නා නිසා නොවේදැයි මෙනෙහි කල සේක. රාත්‍රී නවය පමණ වන විට උන්වහන්සේ හිඳගෙන භාවනා කල සේක. එතෙක් වේලා 'අවිද්‍යාව' ගැන මෙනෙහි කල උන්වහන්සේ පටිච්චසමුප්පාදය අනුලෝම වශයෙනුත් ප්‍රතිලෝම වශයෙනුත් එක් එක් අවස්ථා ගැන විමැසූ සේක. අලුයම තුන පමණ වෙන තෙක් නොකඩවා භාවනා කල උන්වහන්සේ අවසානයේ 'සතුරා' දුටු සේක. ඒ වෙනෙකෙක් නොව 'අවිද්යාවම' විය. කල්ප ගනනක් මුලුල්ලේ 'උපත-විපත' වශයෙන් සසර සැරිසැරුවේත් මේ සතුරා,- 'අවිද්යාවම' නිසාය. ඒ ස්වර්ණමය මොහොත ලඟා විය. උන්වහන්සේ 'අවිද්‍යාව' යලි නොනැගිටින සේ විනාශ කර දැමීය. ලොවට තවත් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේ නමක් බිහිවිය. දේව සමූහයා උන්වහන්සේට ගරු කිරීමට පැමිණියහ. මුලු ලොවම සසල වන බවක් උන්වහන්සේට දැනුනි. ඒ අසල ගම්මාන වල සිටි මනුශ්‍යයෝ මේ කිසිවක් ගැන දැන නොසිටියහ. ඔවුන් පුරුදු පරිද්දෙන් සිය ලෞකික දෛනික දේවල් ගැන යෙදී සිටියහ. ඒ විශ්මයජනක මොහොත පසුවූ පසු, ඉතිරි වූයේ ඉතාමත්ම පාරිශුද්ධ වූ විසුද්ධිධර්මය පමණකි. ඒ දහම භූරිදත්ත හිමිගේ චිත්තයත් ශරීරයත් හාත්පසම වෙලාගත්තේය. එහිදී ඇති වූ විශ්මයත් ප්‍රීති සුඛයත් විස්තර කල නොහැකි බව උන්වහන්සේ පැවසීය. ඒ රාත්‍රියේ ඉතිරිව තිබූ කාලය තුල උන්වහන්සේ බුදුරජානන් වහන්සේගේ පරෝපකාරය මෙනෙහි කලේ කෘතඥපූර්වකය. මේ අතිඋත්තම ගුරුතුමා සිය ධර්මයේ කිසිම තැනක පරස්පර විරෝධී දෙයක් පවසා නොමැති බවත්, ඒදහම අති පාරිශුද්ධ බවත් මෙනෙහි කලේ බුදුහිමි කෙරෙහි පහල වුනු අචල භක්තියෙනි. වරෙක තමා පහදා ගත් ධර්මය ඉතා ගැඹුරු බවත් සාමාන්‍ය කෙනෙකුට අවබෝධ කල නොහැකි බවත් උන්වහන්සේට සිතුනි. ඒ සමගම බුදු හිමි අනුගමණය කල මග ඔස්සේ තමා අන් මනුශ්‍යයින්ට පිහිට විය යුතු බවත් වැටහුනි. ධර්මය අන් මිනිසුන්ට උගන්වන්නේ ඒ සත්වයින්ට පිහිට වී මේ සසරෙන් එතර කරවීම උදෙසාය. කරුණා පෙරදැරිව බුදුන්වහන්සේ සැතැපුම් ගනන් දෙපයින්ම ඇවිද දහම් දෙසූ බව සිහි විය.දහමෙන් නැහැවුන හදවතක ඇත්තේ සතුට පමණකි. දුකක් එහි නොමැත. රහතුන් වහන්සේලාගේ ස්කන්ධයන්ද, අනෙක් මනුශ්‍යයින්ගේ ස්කන්ධ හා සමානය. නමුත් කෙලෙස් වලින් තොරය. නිවණ අවබෝධයෙන් පසු ස්කන්ධයන්ගේ වෙනසක් දක්නට නොමැත. සිරුර බිඳී යන විට චිත්තය "යථාදීපෝ චනිබ්බුතෝ" බවට පත්වෙන්නේය. ඒ පිරිසිදු චිත්තයත්, ධර්මයත් එකමය. ස්කන්ධයන් නැසී ගියද, පිරිසිදු ධර්මය අඩංගු චිත්තය එතැනින් වෙන්වී සදාකාලික වෙනස් ම්ගක් ගනියි. බුදුන් වහන්සේ "ධර්මය දකින්නේ යමෙක්ද, හේ මා දකියි..." යනුවෙන් ප්‍රකාශ කලේ ඒ නිසාය. දිව්‍ය සමූහයා ඉතා ප්‍රීතියෙන් භූරිදත්ත හිමි හමුවට පැමිණියද, උන්වහන්සේ ඔවුනට පසුව පැමිනෙනෙ ලෙසට ඉල්ලා සිටියේය. භූර්‍රිදත්ත හිමියන්ගේ නිවන් අවබෝධයෙන් පසු මෙතෙක් ලොව පහල වූ බුදුන් වහන්සේලා සිය ශ්‍රාවක රහතන් වහන්සේලා පිරිවරා ගෙන භුරිදත්ත හිමියන්ට ආශීර්වාද කිරීමට පැමින ඇත. (ඒ පිලිබඳ විස්තර මේ සටහන දිග වැඩි නිසා ඊලඟ කොටසේ- පිට 172 – The Most Exalted Appreciation – The Biography of Acharya Mun) මේ පොත සම්පාදනය කල ආචාර්ය මහාබූව ඥාණසම්පන්නෝ හිමියන් තවමත් තායිලන්තයේ බාන් ටාඩ් සංඝාරාමයේ වැඩවසති. යම්කිසි දෙයක් තව දුරටත් පැහැදිලි කිරීම අවශ්‍ය නම් උන්වහන්සේට විද්‍යුත් ලිපියක් යොමු කරන්න. . webluangta@gmail.com
Friday, April 10, 2009
මාර්ග, ඵල, සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ - 10
Sunday, April 5, 2009
බුදු රදුන් තවම වැඩ වසති.......
මාර්ග ඵල හා නිවන යනු ඉතිහාසගත සිදුවීම් පමණක් බව සැලකෙන සමයෙක, තායිලන්තයේ දුත්ථංග කම්මත්තාන බික්ෂූන් ගැන ලියැවුනු පොත් වල සඳහන් පරිදි තවමත් තායිලන්තයෙන් රහතන් වහන්සේලා බිහිවන බව දැනගැනීම සොම්නස උපදවන කරුනක් විය. එයින් එක් රහතන් වහන්සේ නමක් සිය අත් දැකීම් දීර්ඝ වශයෙන් සිය ගෝල නමකට පවසා ඇත. උන්වහන්සේ අර්හත් ඵලයට පිවිසුනු මාර්ගය පවා සවිස්තරව ග්‍රන්ථාරූඪ කර ඇත. අද ලෝකයේ හැටියට ඉතා වටිනා ග්රන්ථයක් වන මේ පොත, නොමිලයේ පහත සඳහන් අඩවියෙන් බා ගත හැක. (http://www.luangta.com/English/site/books.php) මා කියවා තිබුනේ ප්‍රථම මුද්‍රණයයි. පසුව ශ්‍රී ලංකාවේ හා තායිලන්තයේ භික්ෂූන්ගේ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් දෙවැනි මුද්‍රණයක් පිටවිය. මේ දෙවැනි මුද්‍රණයේ (appendix one) අතිරේකයක් ඇත. ඒ උද්ඝෝෂකයින්ට පිලිතුරුය. පරිනිර්වාණයෙන් පසු බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා ශුන්‍යත්වයට නොයන බවත්, උන්වහන්සේලා සිරුරක් නොමැතිව වැඩවසන බවත් ස්ථිර වශයෙන් පහදා දී ඇත. මේ උත්තමයින් දහමෙහි හැසිරෙන පින්වතුන්ට පිහිට වී සසරින් එතර වීමට පිහිට වන බව ස්ථිර වශයෙන් කිව හැක.
පසුගිය මාසය තුල මම චාරිකාවක යෙදුනෙමි. මට පිටරටකින් වැඩම කරන ලද එක්තරා උපාසිකාවක් හමුවිය. ඒ උපාසිකා මැණියන්ගේ ඉල්ලීම පරිදි ඇයගේ වතගොත හෙලි කිරීමට නොහැක. ඉතා ස්වල්ප වශයෙන් යමක් කිව හැක. 1980 දශකයේ අග භාගයේ මිනීමරු ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇයගේ සැමියා ඝාතනය කොට ඔහු පෙති ගසා දමා තිබෙනු ඇය දැක ඇත. ඉන් සසර කලකිරුණු ඇය විදේශ ගත විය. විදේශයක සිට බවුන් වඩන්නා වූ මේ තෙරණියෝ හමුවට දෙවි දේවතාවන් පැමිණෙති. ඔවුන් සිරිතක් වශයෙන් රාත්‍රී පෙරයමෙන් පසුව පැමිනෙන බව ඇය මට පැවසුවාය. මේ තෙරණියන්ගේ කුටියට ආලෝකධාරා පැමිනෙන බව බොහෝ දෙනෙක් දැක ඇත. රාත්‍රී දෙකට පමණ පතිත වූ නිල්වන් ධාරාවක් මමත් දුටුවෙමි. වරෙක ගෞතම බුදුහිමි ඇයට දම් දෙසීමට පැමිණි බව ඒ මෑණියෝ පවසා ඇත. අවම වශයෙන් ඒ මෑණියෝ සකෘදාගාමී ඵලයට සමවැදී ඇතිබව මගේ හැඟීමයි. බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව තමා ලබා ඇති ඵල පිලිබඳව හෙලි නොකරන අය බහුලය. අපේ රටේ බුදුදහම ආධ්‍යාත්මිකව ගරා වැටී ඇත. අවුරුදු පන්සීයක බටහිර ආධිපත්‍යයෙන් පසු අපට මෙය සිදු වූ බව අපටම සිතාගත හැක. නමුත් අපි මේ ආගාධයෙන් ගොඩ ආ යුතුය. නැතිවී වී ගිය සංවරය නැවත නගා සිටු විය යුතුය. සෑම දෙනෙක්ම මේ පිලිබඳව සිත යොමු කල යුතුය. නැතහොත් අපි ගමන් කරන්නේ විනාශමුඛය කරාය.
29/4/2011
වසර දෙකකට ප්‍රථම ලියන ලද මේ සටහනට තවමත් ප්‍රතිචාර ලැබෙමින් පවතී. කරුණු නොදැන නොයෙක් දේ ප්‍රකාශ කරන්නන් වෙත පිලිතුරු එවීමට තරම් මට කාල වේලා නොමැත. එමනිසා මේ අතිරේකය ඉදිරිපත් කිරීමට සිත් විය. අපි දැනුම ලබා ගන්නේ කියවීමෙනි, නැතහොත් ශ්‍රවනය කිරීමෙනි. යම්කිසි දෙයක් කියවීමෙන් පසු සියලු කරුණු සලකා බලා මෙය සිදුවිය හැකිදැයි අපි අපගෙන්ම ප්‍රශ්න කරමු. සමහර දේවල් පිලිගත හැකි බව සිතෙයි නම් අපි ඒ බව පිලිගනිමු. සමහර දේවල් පිලි නොගනිමු. ඒ තමාගේ හෘදය සාක්ෂියට අනුවය. ථෙරවාද බුදු දහම පවතින්නේ අපේ රටේ පමණක් නොව තායිලන්තය, බුරුමය, ලාඕස් යනාදී රටවලද පවතින්නේ ථෙරවාද බුදු දහමය. ආධ්‍යාත්මික අතින් අපේ සංඝයා වහන්සේලාට වඩා ඉහල මට්ටමක තායිලන්ත සහ බුරුම ස්වාමීන් වහන්සේලා සිටින බව මගේ පිලිගැනීමයි. ඒ නිගමනයට මා පැමිණියේ කරුණු හොඳට සලකා බලා බව කිව යුතුය. තායිලන්තයේ භූරිදත්ත ස්වාමීන් වහන්සේගේ ජීවිත කථාව පිලිබඳව උන්වහන්සේගේ ප්‍රධාන ගෝල නම වන ආචාර්ය ඤාණසම්පන්නෝ හිමි පොත් කිහිපයක් ලියා ඇත. ඒ පොතක (Biography of Acharya Mun) 170 වැනි පිටුවේ පමණ මෙසේ සඳහන් වේ.
Sunday, February 15, 2009
කරුණා දයා මෛත්‍රී උපේක්ෂා.....
Wednesday, February 11, 2009
දිය නෑම.................
Sunday, February 8, 2009
මරණය..... පිලිගැනීම සහ නොගැනීම
Friday, February 6, 2009
සුද්දගෙ වැඩ
Monday, February 2, 2009
මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 9
මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 8
Saturday, January 31, 2009
DEPTH OF FIELD
Pom-pom flower
Shooting data: shutter 1/2000 f=3.5 ISO=400
As the aperture is wide at 3.5, only part of the flower is in focus.
Shooting data: shutter 1/90, f=40, ISO=800
As the aperture is small the whole flower is in focus. Had to increase the sensitivity of the CCD to ISO 800 to increase the clarity of the photo.
THERE IS NO ROYALTY: ANYONE CAN USE THESE PHOTOS.