Tuesday, June 1, 2010

මහා මංගල සූත්ර ය සහ නවීන ලෝකය - 2

මහා මංගල සූත්‍රයේ  තුන්වැනි ගාථාවෙන් සඳහන් වන්නේ වාසය කිරීමට සුදුසු ස්ථානය පිලිබඳවයි.   'පතිරූප දේස වාසෝ..'   යනුවෙන් කියවෙන්නේ සුදුසු පෙදෙසක වාසය කිරීමයි. සුව පහසු, පිරිසිදු හොඳ පරිසරයක වාසය කලයුතු බව බුදු රජානන් වහන්සේ වදාල සේක. හොඳ පරිසරයක යනුවෙන් අදහස් වන්නේ, ධර්මය ශ්ර වනය කිරීමට ධර්මයෙහි හැසිරීමට ඉඩ කඩ ඇති පෙදෙසක වාසය කල යුතු බවයි.    අසල් වාසීන් නිතර නිතර ආරාවුල් ඇතිකරගන්නේ නම්, එය සමගියට, සමාදානයට බාධාවකි.    මංගල කරුනු අනුව එවැනි පරිසරයකින් ඈත් විය යුතුය. සිටින පරිසරය නිතර නිතර ජලගැලීම්, භූමිකම්පා අදියෙන් පීඩාවට නොවන ප්රදේශයක් විය යුතුය. ස්වාභාවික කරුණුවලින් පීඩා ඇතිවන ප්රදේශයක වාසය කිරීමෙන් ධර්මයෙහි හැසිරීමට අපහසු තත්වයක් උදා කරවයි.   'පුබ්බේ ච කත පුඤ්ඤතා..'. යනුවෙන් කියවෙන්නේ   'පෙර පින් කොට ඇති බවයි'. පෙර භවයන්හිදී කුසල් සිදු කොට ඇති බව වැදගත් ස්ථානයක් ගනියි. අවිද්යා ව නිසා පටිච්ච සමුප්පාදය ගැන කිසි දැනුමක් නොමැති ජනයා චේතනාවවන්ගෙන් කර්ම රැස් කරගනිති. මේ චේතනාවන්ගෙන් 'වේදනා' ඇති වේ.  එමගින් තන්හාව ඇතිවේ. තන්හාව නිසා බැඳීම් ඇති වේ. බැඳීම් නිසා භව, ජාති ජරා ව්යාධි, ආදී දුක් කන්දරාවම හිස මතුපිටට පතිත වේ. මේ චක්ර යට හසු වූ පසු ගැලවුමක් නොමැත. පෙර පින් කොට ඇත්නම් සිය කර්මයන්හි බලවත් කම අනුව, ධර්මයෙහි හැසිරීමට අවස්ථාවන් ලැබෙනු ඇත. ධර්මයෙහි හැසිරීමෙන් විද්යාව පහල වේ. එවිට පටිච්ච සමුප්පාදයේ පුරුක් ගලවා දැමිය හැක. අකුසල් රැස් කර ගෙන උපත ලබන තැනැත්තා සිය අකුසලයේ විපාක විඳිනු ඇත. බුදු රජානන් වහන්සේ දල වශයෙන් අකුසල්වල ඵල විපාක දල වශයෙන් මෙසේ දක්වා ඇත. පෙර භවයක අන් සත්වයන් හට (මනුශ්යයන් ඇතුලුව ) වද හිංසා පමුණුවා ඇත්තේ නම් ඒ තැනැත්තාට මේ භවයේදී ලෙඩ රෝග ආදියෙන් පීඩාවට පත් විය හැක. නිරන්තරයෙන් කෝප සහගත වී නම් මේ භවයේදී විරූපී වන්නේය.   මසුරු වී නම් මේ භවයේදී දිලිඳු වෙයි.   පෙර භවයේ කුසල් මේ භවයේදී ආරෝග්යයෙන්ද, අත මිට සරු බවද,  උසස් උපතකින්ද, යුක්ත වෙයි. පුබ්බේච කත පුඤ්ඤතා මංගල කරුණක් වශයෙන් බුදු රජානන් වහන්සේ දැක්වූයේ එබැවිනි. පෙර පින් කර ඇති බව මේ භවයට බල පාන්නේ එලෙසය.   බුදු රජානන් වහන්සේ දේශනා කොට ඇත්තේ හොඳ හෝ නරක වුව,  තම කර්මයට හිමි කරු තමාම වෙන බවයි.   අත්ත සම්මා පනිධිච යනුවෙන් අදහස් වන්නේ  'සිත මනාව පිහිටුවා ගැනීමයි.'   සිත මනාව පිහිටුවා නොගැනීමෙන්, ලෝභ, දෝෂ, සහ මෝහ යන් අකුසල් මුල් ආශ්රිතව හටගත් නොයෙක් අකුසල්  සිතෙහි හට ගනී, ඒ චිත්ත ක්රියාවන්ට නැංවීමෙන් කයෙන් වචනයෙන් හා ක්රියාවෙන් යන තුන් දොරින්ම අකූසල් සිදුවේ. මේ අකුසල් සියල්ල සසර දික්වීමට හේතු වෙයි. සිත මනාව පිහිටුවා ගැනීමෙන්, කුසල චිත්තයන් හට ගනියි, එනම් ත්යාගශීලීබව,  කරුනා, මෛත්රී  ආදී කුසල චිත්තයන් පහල වේ. මේ කුසල් වලින් සසර කොට කර ගැනීමට මාර්ගය පහල වෙයි. මංගල සූත්රය ඉතාමත්ම ගැඹුරුය.   බුදුන් වහන්සේගෙන් දේව සමූහයා විමසුවේ සුවයෙන් සිටීමට උපකාර වන මංගල කරුනු ය.   දෙවියන්, මනුශ්යයින් 'සුව' යනුවෙන් විමැසුවේ සන්තෝශයෙන් විසීමය.  එනම් එහි ගැබ් වී ඇත්තේ ලෞකික බවකි.   බුදු හිමි ලෞකික බව ඉක්මවා ගිය සදාකාලික සුවය දක්වා කරුණු ඉදිරිපත් කලහ.   බුදු රජානන් වහන්සේ ඉතා මත් ප්රඥා ගෝචරව මංගල කරුණු එකිනෙක ගෙනහැර පාන්නේ සීල, සමාධි ප්රඥා වශයෙන් කරුණු පෙන්වා, නිවනට යන මාර්ගය ය.   මේ සා මහත් උත්සාහයකින් එය පෙන්වන බුදු සමිඳුන්ගේ ප්ර්ඥාව අසීමිතය. තවම අපි සූත්ර ය පටන් ගත් තැනය. පසුව මෙය විග්රහ කොට බලමු. ලෝකයේ බොහෝ ජනයා දිවි ගෙවන්නේ අයහපත් ලෙසටය. අන් අයට කරදරයක් වන ලෙසටය. පාපී ලෙසටය. එසේම සමහරු සදාචාරවත් ලෙස දිවි ගෙවති. සදාචාර මනුශ්යයා මෙලොවත් පරලොවත් යහපත් වෙයි. සිත මනාව පිහිටුවා ගැනීමෙන් තමාගේ යහපතට පිහිට වන කරුණු පිලිබඳව මෙයින් අදහස් කෙරේ.



සතරවැනි ගාථාවෙන් කියැවෙන්නේ දැන උගත් බවයි. 'බාහු සච්චම් ච..'යනුවෙන් අදහස් කෙරෙන්නේ ධර්මය වටහා ගැනීමයි. බුදු රජානන් ජීවමාන ව සිටි සමයේ ධර්මය ඉගෙන ගත්තේ ශ්රතවනය කොට ධාරණය කර ගැනීමෙනි. ධර්ම ආචාර්ය වරුන් සමග සාකච්ඡා කොට මනා කොට ධාරනය කර ගැනීම මංගල කරුණක් ලෙස බුදු හිමි වදාලේ උගත් ධර්මයෙන් සිය ජීවිතය හැඩ ගස්වා ගැනීමට උපකාරී වන නිසාය. උගත් ධර්මය පවසන්නේ සීලය ආරක්ෂා කල යුතු බවයි. සීලය ආරක්ෂා කිරීමෙන් අකුසල් නූපදී. බාහු සිප්පම් ච යනු නොයෙක් නොයෙක් ශිල්පයන්හි ප්ර්ගුණ වීමයි. අකුසල් නොවන ශිල්පයන්හි ප්රුගුණත්වය බුදු හිමි මංගල කරුණක් ලෙස වදාලහ. විනයෝ ච සුසික්ඛිතෝ.. වශයෙන් කියැවෙන්නේ මනාව හික්මුනු විනයකින් යුතු බවයි. සමාන්ය ගෘහ පතියෙකුට මෙයින් අදහස් වන්නේ මේ දස අකුසල් වලින් වැලකී සිටීමයි.


1. කායික අකුසල්: සොරකම් කිරීම, ප්රාහණ ගාතය, කාමයෙහි වරදවා හැසිරීම


2. වාචසික අකුසල්: බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන පැවසීම, ඕපාදූප වල යෙදීම,


3. චිත්ත අකුසල්: තණ්හාව, ද්වේශය, වැරදි මත දැරීම


මේ දස අකුසල්, සය වැනි ගාථාව සමග සම්බන්ධ බවක් පෙනෙයි. මේ අන්දමට දිවි ගෙවන සත් පුරුෂයා තව තවත් පිනෙහි දහමෙහි ඇලී සිටීමට ප්රි යකරයි. (සාසනයේ පැවිදි වූ භික්ෂූන් වහන්සේ නමකට බුදු රජානන් වහන්සේ විසින් වෙනම විනය නීති පනවා ඇත.)


සුභාසිතා ච යාවාචා යනුවෙන අදහස් කරන්නේ යහපත් වචන ප්රවකාශ කිරීමයි. ධර්මය උගන්වන විට, ඒ උගන්වන ධර්මය


1. සත්යය විය යුතු බවද


2. යහපත් සිතට ප්රිය උපදවන වචන විය යුතු බවද


3.මෛත්රීස සහගත විය යුතු බවද


4. අර්ථවත් විය යුතු බවද


අදහස් කෙරේ. (ආචාර්ය ආර්.එල්. සෝනි - පරිවර්තනය )


පස්වැනි ගාථාවෙන් සිය දෙමාපියන්ට සැලකිය අන්දම විස්තර කෙරේ. බටහිර රටවල දෙමාපිය උපස්ථානයක් නොමැත. වයසට ගිය කල ඔවුන් වැඩිහිටි නිවාසවලට යැවෙන්නේ බොහෝ විට අකැමැත්ත මධ්යයේය. අපේ රටේද වැඩිහිටි නිවාස යන වචනය දැන් දැන් අසන්න ලැබෙයි.


දෙමව්පියන්ට භෞතික දේ පමණක් දීමෙන් ඒ දෙමාපියන්ට ඇති ණය ගෙවිය නොහැකි බව බුදු රජානන් වහන්සේ පෙන්වා දී ඇත. ඔවුන් දහමෙහි පැහැදී නැත්නම් ඔවුන්ට දහම් ඇස පහල වන පරිදි කටයුතු කලයුතුය. දෙමාපියන්ට සලකන අයුරු බුදු හිමි සිගාල නම් වූ තරුණයාට විස්තර වශයෙන් දේශනා කොට ඇත. දෙමාපියන්ට සැලකීම මංගල කරුණක් බව බුදුන් වදාල සේක. පුත්ත දාරස්ස සංඝහො.. යනුවෙන් අදහස් කෙරෙන්නේ අඹුදරුවන්ට සංග්‍රහ කිරීමයි. ලොව විකෘති වීගෙන යන මේ වගේ කාලයෙක, සිය ආත්මාර්ථකාමී අදහස් මුදුන් පත් කර ගැනීමට අඹුදරුවන් දමා යන, දරුවන් මරා දමන, සමයෙක, බුදු හිමි පවසා ඇති මේ ඔවදන් කීයෙන් කීදෙනෙකුට මතක් වේද? එමි ඔවදන් පිලි නොපදින තැනැත්තා බොහෝ විට දිට්ඨධම්ම වේදනීය කර්මයකටම හසුවී විපාක ලබන්නේය. අනාකුලාච කම්මන්තා යනු, නිරවුල් කර්මාන්තයයි.


දානංච ධම්ම චරියාච යන සය වැනි ගාථාවෙන් සඳහන් වන්නේ 'දීම''ට වඩා එහි පසුපස ඇති චිත්තයේ ස්වභාවයයි. 'දාන' උසස්, මධ්ය.ම, සහ එතරම් උසස් නොවූ වශයෙන් දානය දෙන තැනැත්තාගේ සිතෙහි ස්වාභාවය අනුව වර්ගී කරණය කල හැක. ඒ අවස්ථාවේ දන් දුන් සිතෙහි ස්වභාවය, ලෝභ වීද, ත්යාගශීලී වීද ඒ දෙකම එකතු වූ චිත්තයක්ද වශයෙන් ගත් කල ආනිසංස ද වෙනස් වෙයි. ද්රව්යමය දේවල් හැරුණු විට 'දානය' යහපත් සිතකින් පිලිගැන්වූ මෛත්රී සහගත සිනාවක් හෝ කරුණා පෙරදැරිවකරන ලද වදන් පෙලක් වුවද විය හැක. දානමය පුණ්ය ක්රියවන්හි යෙදෙන්නාගේ සිත තව තවත් පිරිසිදු වෙයි. තන්හාව තුනී වෙන අතර, අන් අය කෙරෙහි කරුණාව වර්ධනය වෙයි. එක් යහපත් ක්රි්යාවලියක් යහපත් ක්රිවයා පෙලක් ඉපදීමට සමත් වෙයි. ද්රහව්යමය දානය ලබන්නා වූ භික්ෂූන් වහන්සේලාද ධර්ම දානය මහ ජනයාට හිත සුව පිනිස පූජා කරති. දාන අතුරෙන් උතුම් දානය ධර්ම දානය බව බුදු රජානන් වහන්සේ වදාල සේක. නෑදෑයින්ට සංග්රහ කිරීම, සහ නිරවුල් කර්මාන්තයද මංගල කරුණු වශයෙන් බුදු රජානන් වහන්සේ හඳුන්වා දුන් සේක මෙහි දී බලවත් වන්නේ චේතනාවයි.


මතු සම්බන්ධයි................



1 comment:

Kaniskha Dilshan said...

ඉතාම වටින ලිපියක්.