Sunday, April 5, 2009

බුදු රදුන් තවම වැඩ වසති.......

අපේ රටේ නොයෙක් දෙසින් නොයෙක් දේවල් අපට අසන්නට ලැබේ. එයින් බොහෝ දේවල් අපරාධ හා සම්බන්ධය. මින් දශක හතරකට පෙර තිබූ ශාන්ත පරිසරය අද නැත. මේ සංසදයේ පවා නොයෙක් මාතෘකා යටතේ නොයෙක් දේවල් ලියැවෙයි. අපි යන්නේ කොහේද? අපේ අරමුණ කුමක්ද? බොහෝ අවස්ථාවල අපට අරමුණක් නැත. මී රැලක් තරඟයකට දුවන්නාක් මෙන් අපිද හැසිරෙන්නෙමු. අපි ඉන්ද්‍රියයන් පිනවීම සඳහා නොකරන දෙයක් නැත. නොයෙක් මාදිලියේ රූපවාහිනී, නොයෙක් අන්දමේ සිනමාවන්, දෙකන් පිනවීම සඳහා නොයෙක් අන්දමේ ශබ්ද, දිව පිනවීම සඳහා නොයෙක් අන්දමේ ආහාර වර්ග, කය පිනවීම සඳහා රාගාත්මක දර්ශන, අබිසරු ලියන්, මනැස පිනවීම සඳහා නොයෙකුත් විකාර, ආදී දේවල් වලින් මේ ලොව වියරු වැටී ඇත. මේ විනාශකාරී මුඛයෙන් ගැලවීමට තැත් කරන්නෝ විරලය. අපේ මුලු ජාතියම ගමන් කරන්නේ පිරිහීම දෙසටය. මෙවන් ලොවක ඔනෑම කෙනෙකුට අතර මං වීමට ඉඩ ඇත. සිදුහත් කුමරු තනි වූයේද මෙවැනි රජ දහනකය. රම්‍ය සුරම්‍ය සුභ වශයෙන් හැඳින්වුනු සිදුහත් කුමරුගේ මාලිගාවල පිරිමි පුලුටකුදු නොවීය. සිදුහත් කුමරු කම් සැපයෙහි ගිල්වා තැබීමට ශුද්ධෝදන රජතුමා මහත් ආයාසයක් ගත්තේය. නමුත් ඒ සියල්ල අතහැර දමා සිදුහත් කුමරු ශ්‍රමණ ජීවිතය ප්‍රිය කලේය. අපි ඒ උතුම් ජීවිතය පාඩමකට නොගන්නේ ඇයිදැයි සිතා ගැනීම අපහසුය.
මාර්ග ඵල හා නිවන යනු ඉතිහාසගත සිදුවීම් පමණක් බව සැලකෙන සමයෙක, තායිලන්තයේ දුත්ථංග කම්මත්තාන බික්ෂූන් ගැන ලියැවුනු පොත් වල සඳහන් පරිදි තවමත් තායිලන්තයෙන් රහතන් වහන්සේලා බිහිවන බව දැනගැනීම සොම්නස උපදවන කරුනක් විය. එයින් එක් රහතන් වහන්සේ නමක් සිය අත් දැකීම් දීර්ඝ වශයෙන් සිය ගෝල නමකට පවසා ඇත. උන්වහන්සේ අර්හත් ඵලයට පිවිසුනු මාර්ගය පවා සවිස්තරව ග්‍රන්ථාරූඪ කර ඇත. අද ලෝකයේ හැටියට ඉතා වටිනා ග්‍රන්ථයක් වන මේ පොත, නොමිලයේ පහත සඳහන් අඩවියෙන් බා ගත හැක. (http://www.luangta.com/English/site/books.php) මා කියවා තිබුනේ ප්‍රථම මුද්‍රණයයි. පසුව ශ්‍රී ලංකාවේ හා තායිලන්තයේ භික්ෂූන්ගේ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් දෙවැනි මුද්‍රණයක් පිටවිය. මේ දෙවැනි මුද්‍රණයේ (appendix one) අතිරේකයක් ඇත. ඒ උද්ඝෝෂකයින්ට පිලිතුරුය. පරිනිර්වාණයෙන් පසු බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා ශුන්‍යත්වයට නොයන බවත්, උන්වහන්සේලා සිරුරක් නොමැතිව වැඩවසන බවත් ස්ථිර වශයෙන් පහදා දී ඇත. මේ උත්තමයින් දහමෙහි හැසිරෙන පින්වතුන්ට පිහිට වී සසරින් එතර වීමට පිහිට වන බව ස්ථිර වශයෙන් කිව හැක.
පසුගිය මාසය තුල මම චාරිකාවක යෙදුනෙමි. මට පිටරටකින් වැඩම කරන ලද එක්තරා උපාසිකාවක් හමුවිය. ඒ උපාසිකා මැණියන්ගේ ඉල්ලීම පරිදි ඇයගේ වතගොත හෙලි කිරීමට නොහැක. ඉතා ස්වල්ප වශයෙන් යමක් කිව හැක. 1980 දශකයේ අග භාගයේ මිනීමරු ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇයගේ සැමියා ඝාතනය කොට ඔහු පෙති ගසා දමා තිබෙනු ඇය දැක ඇත. ඉන් සසර කලකිරුණු ඇය විදේශ ගත විය. විදේශයක සිට බවුන් වඩන්නා වූ මේ තෙරණියෝ හමුවට දෙවි දේවතාවන් පැමිණෙති. ඔවුන් සිරිතක් වශයෙන් රාත්‍රී පෙරයමෙන් පසුව පැමිනෙන බව ඇය මට පැවසුවාය. මේ තෙරණියන්ගේ කුටියට ආලෝකධාරා පැමිනෙන බව බොහෝ දෙනෙක් දැක ඇත. රාත්‍රී දෙකට පමණ පතිත වූ නිල්වන් ධාරාවක් මමත් දුටුවෙමි. වරෙක ගෞතම බුදුහිමි ඇයට දම් දෙසීමට පැමිණි බව ඒ මෑණියෝ පවසා ඇත. අවම වශයෙන් ඒ මෑණියෝ සකෘදාගාමී ඵලයට සමවැදී ඇතිබව මගේ හැඟීමයි. බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව තමා ලබා ඇති ඵල පිලිබඳව හෙලි නොකරන අය බහුලය. අපේ රටේ බුදුදහම ආධ්‍යාත්මිකව ගරා වැටී ඇත. අවුරුදු පන්සීයක බටහිර ආධිපත්‍යයෙන් පසු අපට මෙය සිදු වූ බව අපටම සිතාගත හැක. නමුත් අපි මේ ආගාධයෙන් ගොඩ ආ යුතුය. නැතිවී වී ගිය සංවරය නැවත නගා සිටු විය යුතුය. සෑම දෙනෙක්ම මේ පිලිබඳව සිත යොමු කල යුතුය. නැතහොත් අපි ගමන් කරන්නේ විනාශමුඛය කරාය.

29/4/2011
වසර දෙකකට ප්‍රථම ලියන ලද මේ සටහනට තවමත් ප්‍රතිචාර ලැබෙමින් පවතී. කරුණු නොදැන නොයෙක් දේ ප්‍රකාශ කරන්නන් වෙත පිලිතුරු එවීමට තරම් මට කාල වේලා නොමැත.  එමනිසා මේ අතිරේකය ඉදිරිපත් කිරීමට සිත් විය. අපි දැනුම ලබා ගන්නේ කියවීමෙනි, නැතහොත් ශ්‍රවනය කිරීමෙනි.  යම්කිසි දෙයක් කියවීමෙන් පසු සියලු කරුණු සලකා බලා මෙය සිදුවිය හැකිදැයි අපි අපගෙන්ම ප්‍රශ්න කරමු. සමහර දේවල් පිලිගත හැකි බව සිතෙයි නම් අපි ඒ බව පිලිගනිමු.   සමහර දේවල් පිලි නොගනිමු.  ඒ තමාගේ හෘදය සාක්ෂියට අනුවය.  ථෙරවාද බුදු දහම පවතින්නේ අපේ රටේ පමණක් නොව තායිලන්තය, බුරුමය, ලාඕස් යනාදී රටවලද පවතින්නේ ථෙරවාද බුදු දහමය.  ආධ්යාත්මික අතින් අපේ සංඝයා වහන්සේලාට වඩා ඉහල මට්ටමක තායිලන්ත සහ බුරුම ස්වාමීන් වහන්සේලා සිටින බව මගේ පිලිගැනීමයි.  ඒ නිගමනයට මා පැමිණියේ කරුණු හොඳට සලකා බලා බව කිව යුතුය.  තායිලන්තයේ භූරිදත්ත ස්වාමීන් වහන්සේගේ ජීවිත කථාව පිලිබඳව උන්වහන්සේගේ ප්‍රධාන ගෝල නම වන ආචාර්ය ඤාණසම්පන්නෝ හිමි පොත් කිහිපයක් ලියා ඇත.  ඒ පොතක (Biography of Acharya Mun) 170 වැනි පිටුවේ පමණ මෙසේ සඳහන් වේ. 

"...Most of the Buddhas who came to show their appreciation to Ãcariya Mun addressed him in much the following manner:
I, the Tathãgata, am aware that you have escaped from the harmful effects of that monstrous suffering which you endured in the prison of saÿsãra, ......  is enormous.  I have come to express my appreciation..."

suffering which you endured in the prison......"
මේ පොත මා කියවූයේ ඉතාම විශාල වූ සැකයකිනි.  අවසානයේ ඒ පොත රචනය කල හිමි නම වෙත මම විද්‍යත් ලිපියක් යැවුයේ මට එය පිලිගත නොහැකි වූ නිසාය.  උන්වහන්සේ මට පිලිතුරු එවීමට තරම නිහතමානී විය.  උන්වහන්සේ ගේ පැහැදිලි කිරීමෙන් පසු මට කරුණු පිලිගත් හැකි විය.  ඒ නයින් බලන කල කෙනෙකුට එය පිලිගත නොහැකි නම් එයට කමක් නැත. 
මේ වසර 2011 මුල ජනවාරි මාසයේ වයස 97 ක්වූ ඤාණසම්පන්නෝ හිමි අභාවයට පත් විය.

16 comments:

nuwansl.blogspot said...

සංතෝසයි සරත් මහත්මයා කාලෙකින් ඔබේ ලිපියක් බලන්න ලෑබුනේ...

Dasun Sameera - දසුන් සමීර said...

ඔව්. ඔබ තුමා නැවතත් දකින්න ලැබීම සතුට කරනක්. නිතර අළුත් ලිපියක් ලියා ඇත්දැයි සොයා බැලුවෙමි.

panhida said...

මෙවනි ලිපියක් කියවීමට ලැබිම පිලිබදව මා සතුටු වෙනවා

Pradeep said...

ඇත්තටම මොකො දොස්තර මහත්තයො වෙලා හිටියේ?

ඩනිෂ්ක said...

යළිත් ඔබ දැකීම සතුටක් :)

සරත් ගුණතුංග said...

මා පිලිගත් ඔබ සැමටම මගේ අවංක ස්තුතිය පිරිනමනවා. මා චාරිකාවක යන බව යාමට කලින් මම බෝධිනී දුවට පැවසුවා. මා ගිය ගමනෙන් දහම් ඇස තව තවත් පිරිසිදු වුනා. මා ලද අත් දැකීම් සංසදයේ මාර්ගයෙන් ඔබ වෙත ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා. ඔබ හැමට තෙරුවන් සරණයි.

Kanishka said...

බුදු හාමුදුරුවො ඇවිත් ධර්මය දේශනා කලා කියන එක පිලිගන්න අමාරුයි. බුදු හාමුදුරුවො පිරිනිවන් පෑව බව ඔබතුමත් පිලිගන්නවනෙ. මාර්ගඵල ලාභීන් තවමත් මේ ලෝකෙ ඉන්නව. ඒක ඇත්ත.

සරත් ගුණතුංග said...

පින්වත් කනිෂ්ක වෙත,

මටත් ඒ බව පිලිගැනීම අපහසු වුනා. මා ඉහත දක්වා ඇති මාර්ගය ඔස්සේ ගොස් එහ ඇති නොමිලයේ ලබා ගත හැකි දහම් පොත් කියවන්න. එහි ඇති The Biography of Achaarya Venerable Mun සහ Patipada යන පොත් දෙක යටත්පිරිසෙයින් කියවන්න. Biography of Acharya Mun කියන පොතේ මැද Appendix one කියවන්න. මේ පොත් ලියා ඇත්තේ අර්හත් ඵලයට සමවැදුණු උත්තමයෙක් විසින්. උන්වහන්සේගේ වයස 94කි. ඔබගේ ප්‍රශ්න වලට පිලිතුරු දීමට උන්වහන්සේ තවම වැඩ වසති. ඒ සටහන් වලට අනුව පිරිනිවන් පැම වනාහී දෙතිස් කුණුපයන්ගෙන් පිරුණු මේ ශරීරය අත්හැර දමා මාරයාට කිරීමට කිසිම වැඩක් නැති අමරණීය තත්වයකට පත්වීමයි. පිරිනිවන් පෑමෙන් ශුන්‍යත්වයකට පිවිසීමක් ඇති නොවේ. තවද, ආචාර්ය මන් හිමියෝ අර්හත් ඵලයට පිවිසි පසු දැනට පහල වී ඇති බුදු වරු 24 දෙනාම උන්වහන්සේට ආශීර්වාද කිරීමට පැමිණි බවත් සඳහන් වෙනවා. ග්‍රන්ථාරූඪ වී ඇති ත්‍රිපිටකය වතුර වීදුරුවකට සමාන නම් බුදු රදුන්ගේ දෙතොල් වලින් පිටවන ධර්මය මහා සාගරය හා සමාන බවත් එහි සඳහන් වෙනවා. මෙවන් පොත් කිහිපයක් කියැවූ පසු අපේ රටේ ඇති බුද්ධාගමේ අඩුපාඩු ඇති බව කණගාටුවෙන් වුවද කියන්න සිදු වී තිබෙනවා. ඉන් බුදු දහමට පටහැනි බවක් වෙන්නෙ නැහැ, අපිට බුදුහිමි පැවසුවේ "ඒහි පස්සිකෝ" කියල. තවද එම වෙබ් අඩවියේ Arahattamagga යනුවෙන් මධ්‍යස්ථ ප්‍රමාණයේ පොතක් ඇත. රහත් වීමේ මාර්ගය ඉන් සක්සුදක් සේ පැහැදිලි කොට ඇත. භාවනා කිරීමේදී නොමග යන තැන් උන්වහන්සේ හොඳට විස්තර කඔට ඇත. - තෙරුවන් සරණයි.

-බිன்ku- said...

ඔබතුමාගේ ලිපිය දුටුවත් ඒ වෙලාවේ ලියන්නට කාලවෙලා නොතිබු නිසා ප්‍රමාද වී සටහන් කරමි, අපේ රටේ බෞද්ධ දහමේ ඇතැම් තැන්වල අඩුපාඩු (එසේ කියනවාට වඩා වරද්දවා තේරුම් ගත් තැන් බොහොමයි ) මෙවැන් කතාවක් මම තායි තේරුන් කෙනෙකුගෙන් ඇසුවද විශ්වාස කලේ නැත්තේ ඒ නිසයි. මම තව දුරටත් මේ ගැන සොයන්නම්, මේ පුවත් ඇසුවාම මට තවත් ආසාවක් ඇති වුවා. මම ඉදිරියට බුදු දර්ශණය ඇතුළු කල චිත්‍රපයි කිහිපයක් දාන්නම්.

අමල් ඉෂාන්ත said...

ඉතින් සරත් මහත්තයෝ මම අහලා තියෙන විදිහට නිවන කියන්නේ මේ දුක් විඳින ජීවිතයේ කෙළවර. ඉතින් නිවන් දැක්කට පස්සෙත් ආත්මය හරි සැරි සරනවනම් ඉතින් එකේ තෙරුමක් නෑනේ

Aaloka said...

සරත් ගුණතුංග මහහත්මයානෙණි,
නැවත ඔබේ ලිපි දැකීමට ලැබීම සතුටක්, යහපත් අරමුණින් ඔබ ගන්නා සියළු උත්සාහයන්ට තුති!

නමුත් මෙවැනි මාතෘකා ලිවීමේදී අපි ටිකක් පරිස්සම් උනොත් හොඳයි නේද? මා දන්නවා ඔබ කරන්නෙ ඒ පොතේ පරිවර්තනයක් කියා. නමුත් මේ සටහනේ ලියවී තිබූ පහත ඡේදය, සම්පූර්ණයෙන්ම අප බුදු රදුන්ගේ ධර්මයට පටහැනියි.

"පරිනිර්වාණයෙන් පසු බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා ශුන්‍යත්වයට නොයන බවත්, උන්වහන්සේලා සිරුරක් නොමැතිව වැඩවසන බවත් ස්ථිර වශයෙන් පහදා දී ඇත. මේ උත්තමයින් දහමෙහි හැසිරෙන පින්වතුන්ට පිහිට වී සසරින් එතර වීමට පිහිට වන බව ස්ථිර වශයෙන් කිව හැක."

හැකි උනොත් ඉදිරියේදි සවිස්තරව මේ ගැන ලියන්නම්.
තෙරුවන් සරණයි!

Thamara said...

සරත් මහත්මයාට කියන්න පුලුන්ද පරිනිර්වාණයෙන් පසු බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා ශුන්‍යත්වයට නොයනනේ කෙසේද කියා. හැබයි මට පුලුවන් පටිච්ච සමුප්පන්නව (හේතු ඵල සහිතව) ශුන්‍යත්වයට පත් වෙන විදිය විස්තර කරන විදිය පෙන්වන්න. තවද සෝවාන්, සකෘදාගාමී ඵල ඇති අයගේ චිත්ත ස්භාවයත් විස්තර කරන්න. මින් අදහස් කරන්නේ ඔබගේ හෝ ඔබගේ ලිපි කියවන අයගෙ අදහස් නිගරු කිරීමේ අදහසින් නොව සද්ධර්මය පහදා දීම සහ එය විකෘර්ති කිරීමෙන් කරගන්නා වු අකුසල කර්මයෙන් ගලවා ගැනීම සදහාය.

amila chathuranga said...

සරත් මහත්මය මෙතන අපිට වැරදිලා තියෙන්නෙ කාලය කියන දේ සරල රේඛීයයි කියල අපි ක්‍රිස්තියානි මැවුම් වාදයට අනුව සිතන නිසා..ක්‍රිස්තියානින් සිය දෙවියන් වහන්සේ වරක් ොලාව වැවූවායැයි කියන පිලිගැන්ම නිසා එතැන් පටන් රේඛීයව කාල ගණනයේ නිරත වෙනවා. නමුත් බොදු අය කවදාවත් ලෝකය මැවුවාය..ලෝකය මෙදා ඇති වී මෙදා නැතිවෙනවාය කියන සංකල්පය පිලිගන්නෙ නෑ...
කාලය කියන සරල රේඛාව ඉරටුවක් කියල හිතල..ඒක වක්‍රයක් හෝ වෘත්තයක් බවට පරිවර්ථනය කලොත් කොහොමද තත්වය..ආන්න ඒ වගේ සංකීර්ණ තත්වයක් තමා මේ බුදු දහම කියනඑක තුල තියෙන්නෙ..
ගම්පොල වාදයෙදි ගුනානන්ද හිමි 1875දි කාලය ගැන අපූරු දේශනයක් දීල තියෙනවා.ඒකෙදිකියනව මුලින්ම බුදුවූ බුදුන් කෙනෙක් ඇත කියන සංකල්පය වෙන්න බැරි දෙයක් කියල...ඒක හරි සංකීර්ණයි..1875දි ගුනානන්ද හිමි ඒක කියල ගොඩ කාලයකට පස්සෙ තමා බටහිර අය කාලය සරල රේඛීය නෑ කියනෙ දේ ගැන හිතන්නෙ..මෙතන මම ෆයිට් කරන්න දගලනව නෙමෙ...
ඒත් අපි ඉපදුන දවසෙ ඉඳල ක්‍රිස්තියන් විද්‍යා ඉගෙනගතපු අපි හැමදේකම මූලය හොයන්න වෙහෛසෙනව..නමුත් ඕනෑම දෙයක නිශ්චිත පටන් ගැන්මක් හෝ නිශ්චිත අවසානයක් ගැන නියම බුද්ද දේශනාවෙ සඳහන් වෙනවාද කියන එක ගැටලුවක්..

සරත් ගුණතුංග said...

අභිධර්මයේ විස්තර වෙනවා රූප, චිත්ත චේතසික, සහ නිබ්බාණ වශයෙන් ලෝක ධාතූන් පවතින බව. නිවණ අසංඛත දහම්ක් හැටියට සඳහන් වෙනවා. සංඛත ධර්මතාවයන් තුල මේ ගති ගුන පවතින බව දහමෙහි විස්තර වෙනවා.

1. පටන් ගැන්මක් පෙනෙනවා.
2. වෙනස් වෙවී පවතින ස්වභාවයක් පෙනෙනවා.
3. අවසානයක් පෙනෙනවා.

මේ දහමට අනුව නිවණ අස්ංඛත දහමක් නිසා ඒකට මෙසේ විය යුතුයි කියා තහංචි දමන්න අපි කවුරුන්ද? නිවණට ගිය උතුමානන් වහන්සේලා කිසිම් අන්දමකින් ශුන්‍ය වී නැත.

Amali Mapa said...

ඔබතුමා පවසන්නේ මං භුරිදත්ත මහා තෙරුන් වහන්සේගේ පොත පිළිබඳවද? මෙතැන පොත් බොහොමයක් තිබෙනා නිසා කරුණාකර එම පොත කුමක් දැයි පැවසීය හැකි වේද?

සරත් ගුණතුංග said...

අමාලි මාපා මහත්මිය වෙත. එසේය, ඒ භූරිදත්ත තෙරුන්ගේ චරිතාපදානයයි. මගේ පරිවර්තනයෙන් පසුව ආචාර්ය කුසුමා තෙරණිය (ගෝතමී පාර, බොරැල්ල / )විසින් මේ පොත සම්පූර්ණවශයෙන් පරිවර්තනය කොට ඇත.