Friday, July 29, 2011

ගරු කාලිංග ඇතුලත්මුදලි මහත්මයාට විවෘත ලිපියක්.

ගරු කාලිංග ඇතුලත්මුදලි  මහත්මයාට විවෘත ලිපියක්.

මේ ලිපිය ලියන්නේ ඔබ තුමා සමච්චලයකට ලක් කිරීමටවත් ඔබතුමා උපහාසයට ලක් කිරීමට වත් නොව, සදාචරවත් ධර්මයක් පහදා දීමටය.  ඔබේ පින්තූරය දූටු පමණින්ම (twitter) ඔබතුමා මට වඩා වයසින් හා ජීවිතයේ අත්දැකීම් වලින් ඉතා බාල බව මට වැටහුනා.  මම මෙය ලියන්නේ ඔබතුමා ගැන හිතානුකම්පාවකින් මිස ඔබ හා වෛරයකින් හෝ ක්‍රෝධයකින් නොවන බව කරුණාකර සලකන්න.  මගේ වෘත්තිය ගැන මට කිසිම ප්‍රශ්නයක් නැත.  අපි තවම ජාතියක් හැටියට, (ඒ කියන්නෙ සිංහල මිනිස්සු ) එකම භාෂාව කථා කරන ලෝකයේ සුලු ජාතියක් හැටියට ලෝක වාසීන් හඳුන් වන්නෙ.  අපිට නොයෙක් චෝදනා එල්ල වෙනව.  පිට රටක ඉන්න මට ඒව හොඳට ඇහෙනව.  සුනාමි සල්ලි ගසා කාපු හැටි මුලු ලොවම දන්නව.  ඔය වගේ චෝදනා ඇහෙන කොට ගොලුවන් බිහිරන් වගේ මුනිවත රකින්න අප්ට සිද්ධ වෙනවා.  ඒකට කමක් නැහැ.  අපි අපි කුලල් කා ගන්න ගියොත් වැඩේ තවත් නපුරු වෙනවා. ඒ නිසයි මම මේක ලියන්නෙ.  මම මේ රටට ආවෙ ලංකා දේශ පාලුවෙක් මගේ ඇට පොඩිකරනව කියල දේශපාලන තර්ජනයකට බයෙන්.  ඒකට දැන් වසර 39ක් වෙනවා. 

මේක කියවන අයට දැනගන්න මම මේක විස්තර වශයෙන් ලියන්නම්.  මගේ 'යටගිය දවස' යන බ්ලොග් එක හදිසියේම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ පල නොවෙන්න පටන් ගත්තා.  ඒ සම්බන්ධව මම ඉතාමත් නිහතමානී ලිපියක් ඔබ තුමාට එව්වා මතක ඇති.
2011/4/9 Sarath Gunatunga <>:
>
හිතවත් මහත්මයානනි,
>
> "
යට ගිය දවස" නම් වූ ශීර්ෂයෙන් යුතු මා ලියන බ්ලොග් එකේ සටහනක් අවසාන වශයෙන්
>
පලවූයේ 2011 අප්‍රේල් පලමුවැනි දිනදීය. ඉන් දින පහකට පසු පල කරන ලද මගේ අනෙක්
>
සටහන තවම පලවී නොමැත. සංසදයේ නීති අතර මේ වැනි අවස්ථාවක ක්‍රියා කරන අයුරු
>
සඳහන් කොට නැත. මෙවැනි අවස්ථාවක, එනම් දින 90කට ප්‍රථමයෙන් සටහන පල නොවුවහොත්
>
කුමක් කල යුතු දැයි දැන්වුවහොත් ඉතාමත් අගෙයි.
>
මේ සම්බන්ධයෙන් කුමක් සිදු වීදැයි මටත් දැන්වුවහොත් ඉතාමත් යහපති. මෙයින්
>
අදහස් කරන්නේ වැරදි සෙවීමක් නොව ඔබගෙන් සිදුවන අගනා සේවය තවත් අගය කිරීමක්
>
පමණක් බව කරුණාවෙන් සලකන්න.
>
>
>
මගේ බ්ලොග් සටහන් පිලිබඳ දත්ත මෙසේය.
>
>
නම: යටගිය දවස
>
>
මගේ නම: සරත් ගුණතුංග
>
>
බ්ලොග් ලිපිනය: http://sgunatunga.blogspot.com
>
මගේ ලිපිනය ( බ්ලොග් සඳහා) Sarath.Gunatunga01@gmail.com
>
>
මේ ලිපි ලැබුණ නොලැබුනු බව පවසා ලිපියක් එවන්නේ නම් ඉතාමත් අගේය. විද්‍යුත්
>
ලිපි පවා සමහර අවස්ථාවල නොලැබෙන බව නොරහසකි. ඒ නිසා ලිපිය ලැබුනු බව දන්වා
>
එවන්නේ නම් යහපති. එවැනි ලිපියක් එවීමට කටයුතු සකස් කිරීම ශ්‍රමය වැය නොකොට
>
ඉලෙක්ට්‍රෝන අනුසාරයෙන් කිරීමට පුලුවන් බව මම දනිමි. පරිගණක ශාස්ත්‍රයෙහි
>
විශේෂඥයන් වන ඔබට එය පහසුවෙන් කල හැක.
>
>
>
තමාගේ පුද්ගලික ශ්‍රමය කාලය වැය කොට කරන්නා වූ ඔබගේ සේවය ඉතාමත් අගය කොය සලකමි.
>
>
මීට හිතවත්
>
සරත් ගුණතුංග


මේ ලිපිය සහ වෙනත් ලිපි මම කිහිප වරක් ඔබ තුමාට එවා ඇත.  නමුත් මට පිලිතුරක් ලැබුනේ නැත.  අවසානයේ ඔබතුමාගේ අවධානය දිනා ගනු පිනිස අපහාසාත්මක නොවූ  නමුත් උපහාසාත්මක ලිපියක් ඔබගේ නම සහිත වෙන ලිපියකට පිලිතුරු වශයෙන් එව්වෙමි.   ඒ ලිපියට මට ලැබුනේ අපහාසාත්මක ලිපියක්.  ඒ ලිපිය පලකරන්නේ මහජන සංසදයක සියලු කටයුතු විනිවිද වියයුතු නිසාය.  එසේ නැතුව ඔබ සමච්චලයකට ලක් කිරීමට නොවේය.

----- Forwarded Message ----
> From: Sarath Gunatunga <>
> To: sinhala-bloggers@googlegroups.com
> Sent: Tue, 21 June, 2011 10:02:17 PM
> Subject: Re: [Sinhala-Bloggers] Re:
පණගැහෙන සින්ඩියට කාලෙකින්
>
>
රජතුමනි,
>
ඔබගේ උත්සාහය ප්‍රසංශනීයි. නම්ත් එය තවත් කරකැවෙන්නේ පරිපාලක මන්ඩලයේ සුව පහසුව
>
තකාය. පාඨකයන්ගෙන් එන ලියුම් ඔබ වහන්සේ විසින් බොහෝ වේලාවට නොසලකා හරින බව
>
පෙනේ. මා එසේ කියන්නේ මට එයසිදු වූ නිසාය. සමහර පාඨකයෝ අධ්‍යාපනික වශයෙන්
>
සරසවි වල ඉගෙන ගෙන ඇත්ත පරිඝණක විද්‍යාවෙ සමර්තයෝ නොවෙතො. මේ පිල්බඳව ඔබ
>
තුමාගේ අවධානය යොමු වෙතා.
> -
සරත් ගුණතුංග
>




From: Kalinga Athulathmudali
To: Sarath Gunatunga
Cc: Sinhala Bloggers' Union Admin
Sent: Wed, 22 June, 2011 4:31:29 AM
Subject: Re: Fw: [Sinhala-Bloggers] Re:
පණගැහෙන සින්ඩියට කාලෙකින්

අපි ලිපිවලට පිලිතුරු දෙන්න යන කාලය ගැන කතාකරන්න නම් ඔබ අපිට කන්න
අදින්න දෙන්න. පිට රට සුද්දන්ගේ පස්ස හෝදන ඔබ වගේ, බුදු දහම ගැන බ්ලොග්
ලියලා, කෙනෙකු අපහස් නොකර කතා කරන්න දන්නේ නැති ඔබ වැනි පරගැනිතයන් ගැන
අපි අනුකම්පා කරමු.

අපි කරන්නේ සේවයකි, එක කරන්නේ අපිට පුලුවන් වෙලාවටයි. මුලින්ම
මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න. අපි නම් අපේ රටට රජෙක් තමයි, ඔබ වගේ
සුද්දන්ට ආවඩා නැත.

එක අතකින් ඒ මහත්මයා හරිය.  යම් කිසි කෙනෙක් ශරීරයේ පිටුපස ගෙඩියක් වැනි රෝගයක් සමග පැමිනිය හොත්, මම මගේ වෘත්ත්යේ හැටියට එය සෝදා පිරිසිදු කොට වෙනත් ප්‍රතිකාරද කල යුතුය.  එසේ නැතුව, පස්සා සේදීම පමණක් මම කරන්නේ නැත. ( අනෙක මේ මහත්මයාගේ නුවනද සීමිත බව හැඟෙයි.  සුද්දා පස්ස පැත්ත සෝදන්නේ නැත.  ඔහු පුරුදු වී ඇත්තේ එය පිසදා ගැනීමටය.)   මේ ලිපිය මටද වැදුනි.  ඒ නිසා උපහාසාත්මක බව කැටි කොට පිලිතුරු ඇරියෙමි.

From: Sarath Gunatunga
To: Kalinga Athulathmudali
Sent: Wed, 22 June, 2011 4:43:09 AM
Subject: Re: Fw: [Sinhala-Bloggers] Re:
පණගැහෙන සින්ඩියට කාලෙකින්

එහෙමයි ස්වාමීනි. ලාංකික දේශපාලුවෙකුගේ තරවටුවකට බියවී මෙහි ආවා මිස මම කැමැත්තෙන් නොපැනියෙමි. ලිපියකට පිලිතුරු ලිවීම සාරධර්මයකි. ශ්‍රී ලාංකිකත්වය ඔබගේ හැසිරීමෙන් මොනවට පැහැදිලි වී ඇත.



From: Sarath Gunatunga
To: Kalinga Athulathmudali
Sent: Wed, 22 June, 2011 4:43:09 AM
Subject: Re: Fw: [Sinhala-Bloggers] Re:
පණගැහෙන සින්ඩියට කාලෙකින්



සමා වෙන්න ස්වාමීනි, මගේ මීට කලින් එවූ ලිපියෙන් ඔබේ සිත රිදුනේ නම් ගැත්තහුට අනුකම්පා කරන්න. ඔබට එසේ ආමන්ත්‍රණය කිරීමට සිත්වූයේ මීට කලකට පෙර ලියුම් කිහිපයක් එවූවත් කිසිදු පිලිතුරක් නොලද නිසා හිතවතකුගේ මාර්ගයෙන් එය විසඳා ගත්තෙමි. එවැනි බලතල ඇත්තේ මහ රජතුමෙකුටය. එනිසා ඔබ වහන්සේට මහරජතුමනි යනුවෙන් ආමන්ත්‍රණය කෙලෙමි. තවද ඔබ මේ සේවය කරන්නේ නොමිලයේ බවද දනිමි. නොමිලයේ සේවයක් කලද, සාමාන්‍ය මහාජනයා උදෙසා යම්කිසි සේවයක් කරයි නම් ශිෂ්ට සම්පන්න ලෝකයේ ඒ නිසා තමා කරන දෙය බූදලයක් මෙන් සැලකිය නොහැක. එය සියල්ලන්ගේම යහපත පිනිස විය යුතුය. එසේ කිරීමට නොහැකි නම් ඉල්ලා අස් විය යුතුය. මෙයද ලොව පිලිගත් සාර ධර්මයකි. ශ්‍රී ලංකාවට දියුණු විය නොහැක්කේ මේ නිසාය. මේ නයින් බලන කල ආචාර්ය මහින්ද බාලසූරිය මහතා උත්තරීතර පුද්ගලයෙකි. ජපන් ජාතිකයා 1945 විනාශ වී මුලු ලොවම පසු කලෙක දන ගැස්වූයේ ඒ ගුනය නිසාය. ඔබට තෙරුවන් සරණයි 

කෙසේ හෝ එදා සිට සිංහල සංසදය  මගේ ලිපි පල කරන්නේ නැත. 

මේ මහත්මයාගේ මාණසිකත්වය ගැන කිසිම දෙයක් ප්‍රකාශ නොකරන්නේ එය මේ ලිපිවලින් ඉතා පැහැදිලි නිසාය. නමුත් මේ මහත්මයා යම්කිසි මාණසික රෝගයකින් පෙලෙන්නේදැයි කිව නොහැක.   මම සුද්දන්ට 'ආවඩන්නේ' නැත.  සුද්දාගේ සමහර ක්‍රියාවලට නම් මම ආවඩන්නෙමි.  එක්වරක් මේ රටේ අගමැතිනිය ගමන් කල රථයේ වේගය කි:මී: 50/පැය ප්‍රදේශයක කි:මී: 80ක් ගමන් කල නිසා සාමාන්‍ය රථවාහන නිලධාරියෙක් ඒ බව නීතියට නිල වශයෙන් යොමු කලේය.  ඒ නිලධාරියා මාරු කලේවත්, අස් කලේවත් නැත.  රථය පැදවූ රියදුරා වරද පිලිගෙන දඩයද ගෙවා දැමීය.  ඒ අගමැතිනියම ජාතික මැතිවරණයේදී පරාජය වූවාය.  ජාතික රූපවාහිනිය ඔස්සේ ඇය විරුද්ධ පක්ෂයේ නායකයාට සුබ පතා, ඇය සිය පක්ෂයේ නායකත්වයද අත්හරින බවද පැවසීය.  හේතුව වශයෙන් ඇය කියා සිටියේ පක්ෂයේ පරාජය  වීම බව පැහැදිලිව කියා සිටියාය.  මම මෙය දකින්නේ උතුම් ගුණයක් ලෙසටය.  මට සිහිවන්නේ අපේම රට වන ශ්‍රී ලංකාවේ මෙවැනි දේවල් කවදා සිදු වෙයිද යන්න පමණකි.  හැමදාම සුද්දාට බැන බැන සිටිනු විනා සුද්දාගේ යහපත් ගුණ අපිට නොපෙනෙයි.

 යම්කිසි ව්‍යාපාරයක් හෝ ව්‍යාපෘතියක් ඕනෑම කෙනෙකුට පටන් ගත හැක.  එම ව්‍යාප්‍රතිය සාමාන්‍ය මහාජනයා උදෙසා විවෘත දින සිට එහි සාමාජිකත්වය සැටම එකසේ විය යුතුය. මෙය ගැන මා මීට පෙරද සඳහන් කල විටද මේ මහත්මයා 'අයිතිවාසිකම් කථාකරන බවට' මට දොස් නගා ඇත.  මහත්මයානෙනි, තාක්ෂණය දියුනු වුවද ශිෂ්ටත්වය දියුනු වී නොමැත.  ඒ ශිෂ්ටත්වය, සදාචාර ධර්ම දියුනු වන තෙක් කිසිවෙකුට දියුනු විය නොහැක.  මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුය.  ඔබගේ දුර්වලකම්  පැහැදිලිව පෙනුනද, මම ඔබතුමාට කිසිම අන්දමක අපහාසයක් කර නොමැත.

තෙරුවන් සරණයි.

3 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ගණන් ගන්න එපා තව සින්ඩි නැතුවායැ.... මයි කාර් මයි පැට්‍රල් තියරිය මහජන කටුයුතු වලදි යොදා ගන්න එකේ සදාචාරාත්මක ප්‍රශ්නයක් තියනව තමයි , ඒත් සම්පූර්ණ ආයෝජනය ඒ අයගේ නිසා අපිට ප්‍රශ්න කරන්න අයිතියක් නැ . හොඳම දේ අපි එතනින් අයින් වෙලා ඉන්න එක . එහෙම ප්‍රශ්නයක් තියනව නම් .

Nadun Ranaweera said...

අනේ ගනම් ගන්න එපා පිස්සු වැඩ මගේ එකත් ඔහොම අයින් කරා කාලකට ඉහතදි.

Chanaka Aruna Munasinghe said...

තමන් හට නොසමයන් වන කලට සම
මුවින් නොබැණ ඉවසනු සුදන ගරැ කම
නොමින් කුමුදු විකසිත වනු දැක දැකම
විළින් මෙන් තුඹුරැ මුකලිත වේය සැම
- සුභාශිතය -