Thursday, November 24, 2011

දෙවැනි ලෝක මහා යුද්ධයේ ප්‍රථම ආඥාව...


දෙවැනි ලෝක මහා යුද්ධයේ ප්‍රථම ආඥාව...

1939 වසරයි.  බල කාමයෙන් උමතු වූ නාසි වාදී උන්මත්තකයෙක් වූ ඇඩොල්ෆ් හිට්ලර් අහිංසක ජර්මන් යුදෙව්වරු  මිලියන ගනනක් මරා දමා, ලොව දෙවනත් කිරීමට සූදානම් වී ඊට අර අඳිමින් සිටි අවිනිශ්චිත අවස්ථාවකි මේ.  . ඒ වන විට පවා ජර්මනියේ විසූ යුදෙව්වන් විශාල ප්‍රමාණයක් ඝාතණය කොට තිබිනි. 

යුද්ධය ආරම්භ කිරීමට හිට්ලර් තෝරා ගත්තේ දුර්වල රාජ්‍යයක්ව පැවැති අසල් වැසි පෝලන්තයයි.  ඒ සඳහා ඔහු සැලසුම් කලේද කූට උපායක් මගිනි.  පෝලන්තය ප්‍රථමයෙන් ජර්මනිය ආක්‍රමණය කල බවට ඔහු ලෝකයට ඒත්තු ගැන්වීමට තැත් කලේය.  ඒ වන විට ජර්මනිය යුද ටැංකි තනන්නේත්, ප්‍රහාරක අහස් යානා නිපද වන්නේත් කා උදෙසාදැයි එංගලන්තයේ චර්චිල් නිරතුරුවම ප්‍රශ්න කලේය. 

පෝලන්තය ආක්‍රමණය කල යුතු බවට හිට්ලර් රහසිගත ආඥා පත්‍රයක් නිකුත් කරන්නේ මේ සමගය.  1939 වසරේ අගෝස්තු මාසයේ යම් දිනක ලියැවුනු මේ ලියවිල්ල කෙසේ ඉතිරිවූවාදැයි කිසිවෙක් නොදනිති.  යුද්ධය අවසානයේදී නාසීහු සියලු යුද ලිය කියවිලි පුලුස්සා විනාස කර දැමූහ. 

මේ ලියවිල්ල ජර්මන් නාවික හමුදාවට අයත් බව සැලකේ.  කෙසේ හෝ මෙය මිත්‍ර ජාතීන් අතට පත් විය.  නිවුරම්බර්ග් නඩු විභාගයේදී  මේ සටහන C-126-G වශයෙන් නම් වී ඉදිරිපත් කරන ලදී.

 මෙය ලියා ඇත්තේ ජර්මන් භාෂාවෙනි.     ටයිම් ලයිෆ් පොත් සමාගම මගින් දෙවැනි ලෝක මහා යුද්ධය පිලිබඳව සත්‍ය සිද්ධීන් අලලා පොත් පෙලක් නිකුත් කිරීම ආරම්භ වූ යේ 1970 දශකයේ අග භාගයේදීය. 

එතැන් පටන් දෙමසකට පොතක් වශයෙන් නිකුත් වූ මේ පොත් පෙල සමග මේ ඓතිහාසික ලියවිල්ලේ පිටපතක්ද පාඨකයින්ට බෙදා දෙන ලදී

. මේ ආඥාවේ මුල් පිටපත ලෝකයේ ඇති එකම ආඥා පිටපත වශයෙන් සැලකෙයි.   

 කාලයාගේ ඇවෑමෙන් එහි පැහැය දුර්වණ්ර්‍ වී ඇත.   ලන්ඩනයේ යුද කෞතුගාගාරයේ මෙහි මුල් පිටපත සුරක්ෂිතව තැන්පත් වී ඇත.

යුද්ධයෙන් පැරදී ගෙන එනවිට නාසීහු සිය සියලු රහස් ලියකියවිලි විනාශ කලහ.  හිට්ලර්ගේ අත්සන සහිත මේ සටහන කෙසේ විනාශ නොවී ඉතිරි වීදැයි කිව නොහැක.  .   

ඉතිහාසගත සටහනක් වශයෙන් පමණක් මා මේ සටහන තබා ගත්තෙමි. එහෙත්  ලෝකයේ බිහි වූ වියරුම උන්මත්තකයා  වන ඇඩොල්ෆ් හිට්ලර්ගේ අත්සනද එහි ඇත.  

ප්‍රථම සේයා රූ හතර ඒ මුල් පිටපතේ සේයා රූ වෙති.  ඊලඟ සේයා රූ දෙක මේ සටහනේ ඉංග්‍රිසි පරිවර්තනය වෙයි. හතර වැනි සේයා රුවේ මැද ඇත්තේ හිට්ලර්ගේ අත්සනය. 



















































































Tuesday, November 15, 2011

සම්බුද්ධ ශ්රාොවකයන් වහන්සේලා 2


සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා 2

සංජය නම් වූ පිරිවැජියාගේ විරුද්ධත්වය මධ්‍යයේ භාග්‍යවතුන් වහන්සේ හමු වීමට පිටත් වූ උපතිස්ස සහ කෝලිත නම් වූ දෙමිතුරෝ බුදුරජාණන් වහන්සේ එදා වැඩ සිටි වේළුවනයට ලඟා වූහ.  ඔවුන් ලඟා වන විට බුදු රජාණන් වහන්සේ පැවිදි සහ නොපැවිදි ශ්‍රාවකයට ධර්මය දේශනා කරමින් උන් සේක.  දුර සිටම ඒ දෙදෙනාගේ පැමිණීම දුටු බුදු රජාණන් වහන්සේ, "මේ සසුනේ පැවිදිව උත්තුංග බුද්ධ ශ්‍රාවකයින් වන්නා වූ උපතිස්ස සහ කෝලිත නම් වූ මිතුරන් දෙදෙනා පැමිණෙති" යයි ප්‍රකාශ කල සේක.  

බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණි උපතිස්ස සහ කෝලිත, උන්වහන්සේට ගෞරවාන්විතව වැඳ නමස්කාර කොට එක් පසෙකට වී හිඳ ගත්හ.  අවස්ථාවක් ලද විට ඒ දෙදෙනම   "ස්වාමීනි අපට ඔබවහන්සේ යටතේ පැවිද්ද දුන මැනැව"යි පැවිද්ද ඉල්ලා සිටියහ.  "භික්ෂූනි, එව, ධර්මය මනා සේ දේශනා කොට ඇත. ඒ දහම අනුගමනය කොට සසරින් මිදෙන්න" යයි ඒහි භික්ෂු ප්‍රව්‍රජ්‍යායෙන් ඒ දෙදෙනම පැවිදි කර වූ සේක.  ඒ දෙමිතුරන් පැවිදි කරවූ පසු උන්වහන්සේ සිය ධර්ම දේශනය එතැන් සිට යලිත් දේශනාව ආරම්භ  කල සේක.  ධර්ම දේශනය අවසානයේ ඒ දෙමිතුරන් හැරුණු විට රැස්ව සිටි සියලු පැවිදි ශ්‍රාවකයෝ අර්හත් ඵලයට ලඟා වූහ.  ඒ දෙමිතුරන් තවම සාවක පාරමී ඥාණය නොලද නිසා අර්හත් ඵලයට නොපැමිණියහ.  පැවිද්ද ලද පසු උපතිස්ස සැරියුත් නමින්ද, කෝලිත මහා මොගල්ලාන  හෙවත් මුගලන්  යන නමින්ද හඳුන්වනු ලැබූහ.  පැවිදි වූ පසු මුගලන් තෙරුන් මගධ රට කල්ලවාල යන ග්‍රාමයේ විසූහ. පැවිදි වී සත්වැනි දින භාවනාවේ නියුක්තව සිටින විට  උන්වහන්සේට අලසකම හා ථීන මිද්දය දැනෙන්නට විය. (මේ බව අංගුත්තර නිකායේ දක්වා තිබේ (AN 7:58 ). බුදු රජාණන් වහන්සේ ඒ අවස්ථාවේ උන්වහන්සේ හමුවට වැඩම කල සේක.  චාපාල සූත්‍රය දේශනා කල සේක. 

එහි අන්තර්ගත වූයේ අලස බව හා ඨීන මිද්දය දුරු කිරීම පිලිබඳවයි.  මේ යොමුව ඔස්සේ එය කියවන්න  http://www.accesstoinsight.org/tipitaka/an/an07/an07.058.than.html

භාග්‍යවතුන් වහන්සේ චාපාල සූත්‍රය දේශනා කරද්දී සඳහන් කල ධාතු කර්මස්ථානය ශ්‍රවනය කිරීමෙන් මුගලන් තෙරුන් වහන්සේ සාවක පාරමී සම්පූර්ණ කල සේක.   

සැරියුත් තෙරණුවෝ රජගහ නුවර සමීපයේ සූකරකත ලෙනෙහි වාසය කල අතර පිඬු සිඟා පිණිස රජගහ නුවරට වැඩම කල සේක.  පැවිද්ද ලබා සති දෙකක ඇවෑමෙන් බුදු රජාණන් වහන්සේ සැරියුත් තෙරණුවන්ගේ බෑනණුවන් කෙනෙක් වන දීඝ නාඛට දහම් දෙසූහ. සැරියුත් තෙරණුවෝ බුදු හිමි පිටුපසින් හිටගෙනම උන්වහන්සේට පවන් සැලූහ.  භාග්‍යවතුන් වහන්සේ දේශනා කල දේශනයට සවන් දුන් සැරියුත් තෙරණුවෝ ඒ ඉරියව්වෙන්ම සිට පටිසම්භිධා ඥාණයද ලැබ අරහත් ඵලයට සම්ප්‍රාප්ත වූ සේක.  දීඝ නාඛද සෝතා පන්න විය.    මේ යොමුව බලන්න.           http://www.accesstoinsight.org/tipitaka/mn/mn.074.than.html
 
එදිනම දවස ගෙවී යන කල්හි, සැන්දෑ සෙවනැලි දිගුවත්ම බුදු රජාණන් වහන්සේ මහා සංඝයා රැස්කරවා, සැරියුත් සහ මහා මොග්ගල්ලාන යන තෙරුන්වහන්සේලා අගසව් තනතුරු වලට පත් කරවූ සේක.  ඊට කලින් පැවිද්ද ලද තෙරුන් වහන්සේලා සිටියදී මේ තනතුරු සැරියුත් සහ මහා මොගල්ලාන තෙරුන් වහන්සේලාට පිරිනැමීම නිසා සංඝයා අතර නොමනාපයක් ඇති විය.  පස් වග තවුසන් හා කාශ්‍යප සහෝදරයෝ,  සැරියුත් හා මොගල්ලාන තෙරුන් වහන්සේලාට වඩා පැවිද්ද අතින් ජ්‍යේඨයෝ වූහ. මේ නිසා විශාල වශයෙන් නොවුවත් යම් කිසි කසුකුසුවක් ඇති විය.  මේ කසුකුසුව බුදු රජාණන් වහන්සේගේ කණටද වැකුණේය.  බුදු රජාණන් වහන්සේ මේ කසුකුසුව පිලිබඳව කරුණු පැහැදිලි කල සේක.

  කොන්ඩඤ්ඤ තෙරුන් වහන්සේ පෙර භවයෙක නව වරක් එකම අස්වැන්න ලද කාලයෙක දන් දුන් නමුත් අගසව් තනතුර නොපැතූ බවත්, පැතුවේ අර්හත් ඵලය පමණක් බවත් දේශනා කොට වදාල සේක.  

 එසේම, අනෝම දස්සී බුදුන් දවස සාරද සහ සිරිවද්දක යන බ්‍රාහ්මණ කුල පුත්‍රයන් දෙදෙනා (මේ භවයේ සැරියුත් සහ මුගලන්  )දන් දී අගසව තනතුරු ප්‍රාර්ථනා කල බවත් ඒ නිසා ඒ තෙරුන් දෙදෙනාට අගසව් තනතුරු දුන් බවත් දේශනා කලහ. 
(අනෝම දස්සී බුදුන්ගෙන් ධර්මය ශ්‍රවණය කල අය තවමත් දීර්ඝ ආයුෂ ඇති බ්‍රහ්ම ලෝක වල වාසය කරන්නාහ.)   
ඒ නිසා අග සව් තනතුරු ලැබුණේ ඔවුන්ගේ ප්‍රාර්ථනා අනුව බව බුදු රජාණන් වහන්සේ පැහැදිලි කල සේක.  (මේ තොරතුරු අංගුත්තර නිකායේ ටීකා වන්ගෙන් හා ධම්මපදයේ ටීකාවන්ගෙන් උපුටා ගත් බව ඥාණපොනීක හිමි ප්‍රකාශ කොට ඇත.)     
සැරියුත් තෙරණුවන්ගේ චරිතයේ උතුම් බව උන්වහන්සේ ගිහිව සිටි කාලයේදීම පැහැදිලිවම දැකිය හැක.  කෝලිතට පොරොන්දු වූ පරිදි 'ගැලවීමේ ධර්මය' හමු වූ විගස එය කෝලිතට දැන්වීය. අස්සජි තෙරුන් සංක්ෂේප කොට දැක් වූ පටිච්ච සමුප්පාද ධර්මයේ කොටසක් ශ්‍රවණය කිරීමෙන් එය අවබෝධ කර ගැනීමට තරම් මුහුකුරා ගිය නුවණක්ද උන්වහන්සේට තිබිණ.  නොමග ගිය ප්‍රථම ගුරුවරයා වූ සංජය කෙරෙහි පවා සැරියුත් හිමි දැක්වූයේ දයානුකම්පාවකි.  මේ ශ්‍රේෂ්ට වූ  උත්තුංග චරිතයෙක උපාංගයන්ය.  සැරියුත් තෙරණුවෝ, උන්වහන්සේට ධර්මය හඳුන්වා දුන් අස්සජි තෙරුණ්ට දිවි තිබෙන තාක් කල් ගෞරව දැක්වීමට තරම් නිහතමානී වූ සේක.  අස්සජි තෙරුන් හා සැරියුත් තෙරුන් එකම සංඝාරාමයක වසන අවස්ථාවන් හිදී බුදු රජාණන් වහන්සේට වන්දනා කොට ඊළඟට අස්සජි තෙරුන්ට වන්දනා කිරීම සැරියුත් තෙරුන් වහන්සේගේ සිරිතක් විය.  තමාට බුද්ධ ධර්මය හඳුන්වා දුන් ගුරුවරයා ලෙසට සැරියුත් තෙරණුවෝ අස්සජි තෙරුණ්ට උපහාර දැක්වූයේ එලෙසටය. අස්සජි තෙරණුවෝ සැරියුත් තෙර්ණුවන් වෙසෙන සංඝාරාමය හැර වෙන සංඝාරාමයක වෙසෙත් නම් අස්සජි තෙරණුවන් වසන්නා වූ සංඝාරාමය දෙසට හැරී පසඟ පිහිටුවා වැඳ නමස්කාර කිරීමෙන් සිය ගෞරවය දක්වන සේක.   
 (සූත්‍ර නිපාතයේ සඳහන් නාවා සූත්‍රයේ ටීකාවේ සහ ධම්ම පදයේ 392 වැනි ගථාවේ ටීකාවල මේ බව සඳහන් වෙයි.)   
අර්හත් භාවය ලද්දා වූ සැරියුත් තෙරණුවෝ ලොවට පෙන්වන්නේ මහඟු වූ ආදර්ශයකි.  මේ දුටු නවක තෙරුන්වහන්සේලා සැරියුත් තෙරුන්ගේ මේ උදාර ක්‍රියාව තේරුම් ගත නොහැකිව සැරියුත් තෙරණුවෝ තවමත් බ්‍රාහ්මණ ගති පැවතුම් අත හැර නොමැති බව ප්‍රකාශ කලහ.  මෙය කන වැකුනු බුදු රජාණන් වහන්සේ සැරියුත් තෙරණුවන් වඳින්නේ උන්වහන්සේගේ ගුරු අස්සජි තෙරුන් මිස වෙන කිසිවක් නොවේයයි වදාලහ.   මේ කරුණ අරභයා බුදු රජාණන් වහන්සේ නාවා සූත්‍රය ( දෙවි වරු ඉන්ද්‍ර දෙවියන්ට ගෞරව දක්වන්නා සේම මනුෂ්‍යයාද තමා ධර්මය උගත්තා වූ ගුරු තුමාට ගෞරව දැකිවිය යුතුය. වශයෙන්....) මේ යොමුව බලන්න.    http://www.accesstoinsight.org/tipitaka/sn/sn22/sn22.101.than.html
සැරියුත් තෙරණුවන්ගේ කෘතඥතාවය විදහා දක්වන තවත් පුවතක් රාධ තෙරුන් වහන්සේගේ කථාවෙන් දැක්විය හැක.  (ධම්මපදයේ 76 වැනි ගාථාවේ ටීකාවේ මේ පුවත දක්වා ඇත.) සැවැත් නුවර සංඝාරාමයේ විසූ දුප්පත් බ්‍රාහ්මණයෙක් විය.  ඒ බ්‍රාහ්මණයා ගෙවත්ත පිරිසිදු කිරීම් වශයෙන් සුළු සුළු කාර්‍ය්‍ය සංඝාරාමය උදෙසා සිදු කලේය.  සංඝයා වහන්සේලා ඒ බ්‍රාහ්මණයාට ආහාර පාන සැපයීය.  නමුත් කිසිවෙක් ඔහු මහණ කිරීමට ඉදිරිපත් නොවීය.   දිනක් කරුණාවෙන් ලොව බලා වදාරණ බුදු රජාණන් වහන්සේ ඔහුට අර්හත් ඵලය ලැබිය හැකි සේ පින උදා වී ඇති බව දුටු සේක. .    ඒ මොහොතේම සංඝයා රැස් කර වූ බුදු රජාණන් වහන්සේ  මේ දුගී බ්‍රහ්මණයාගෙන් යම්කිසි උදව්වක් ලබා ගත්  බවක් යමෙකුට මතක ඇත්දැයි විමසා සිටි සේක.  එවිට සැරියුත් තෙරුන් වහන්සේ දිනක් පිඬු සිඟා වඩින විට, මේ බ්‍රාහ්මණයා තමා සිඟමන් ලද්දා වූ බත් හැන්දක් සැරියුත් තෙරණුවන්ට පූජා කල බැව් සඳහන් කල සේක.   බුදු හිමි සැරයුත් තෙර්ණුවන් අමතා "රාධ" යන නමින් මේ දුගී බ්‍රාහ්මණයාට පැවිද්ද ලබා දෙන ලෙස පවසා සිටි සේක.  බුදු රජාණන් වහන්සේගේ අණ පරිදි රාධ තෙරුන් මහණ කල සැරියුත් හිමි කල යුතු දෑ සියල්ලම රාධ හිමියන්ට ඉගැන්වීය.  නොබෝ කලකින් රාධ හිමි සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පත්විය. 
රාධ තෙරුන්ගේ අර්හත් භාවයෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලා ප්‍රසංශා මුඛයෙන් සැරියුත් හිමියන් ගැන  කථා කලහ.  බුදු රජාණන් වහන්සේ වර්තමානයේ පමණක් නොව අතීතයේදී පවා සාරිපුත්ත හිමි කෘතඥතාවය මනාව පුහුණු කල බව දේශනා කලහ. ඒ උදෙසා උන්වහන්සේ  අලීන චිත්ත ජාතකය රැස්ව සිටි භික්ෂූන් වහන්සේලාට වදාල සේක.  මේ යොමුව බලන්න.    http://jathakakatha.org/newhome/index.php?option=com_content&view=article&id=685:153----&catid=53:151-200-&Itemid=96

ඊලඟ කොටස ලඟදීම......... 

Saturday, November 12, 2011

ගැහැණු දරුවෙක් මල්වර වීමත් රෝගයක්ද?


 ගැහැණු දරුවෙක් මල්වර වීමත් රෝගයක්ද?

සෛල දෙකක සංයෝගයෙන් හටගන්නා වූ මිනිස් කලලය ක්‍රමයෙන් වර්ධනය වී අවසානයේ මරණයෙන් විනාශයට පත් වෙයි.  මේ  මරණය දක්වා  වර්ධනය වීම ස්වාභාවික සිදු වීම්ය.     ශරීරයේ ඇතිවන වෙනස් වීම් බොහෝ සෙයින් ස්වාභාවිකය.   සාමාන්‍යයෙන් ස්වාභාවික නොවූ අසාමාන්‍යව සිදුවන වෙනස් වීම් අපි රෝග වශයෙන් හඳුන්වමු.   ඒ රෝගද රෝග නිධාන වශයෙන් තවත් වර්ගීකරණය වෙයි.  උදාහරණ වශයෙන් මැලේරියාව රෝගයකි.  දිය වැඩියාව රෝගයකි.  අධික රුධිර පීඩනය, ඇදුම ආදියද රෝග වශයෙන් හැඳින්විය හැක.  නමුත් මිනිස් ශරීරයට සිදුවන ස්වාභාවික වෙනස් වීම් රෝග වශයෙන් හැඳින්වීම තරමකට හාස්‍යජනකය. එසේම එය වැරදි සහගතය.  එයින් සිදු වන්නේ ජනතාව මංමුලා කිරීම පමණකි.  එය පිලිගන්නා තැනැත්තාද මෝඩ ගණයට අයත්ය.  කවුරු කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අසා,  යම් කිසි තීරණයකට එළඹිය යුතුය.

අපේ වෛද්‍ය සමාජය නොයෙක් හේතූන් මත සමාජය මුලා කොට ඇත.  ඒ බොහෝ සෙයින් වාණිජමය හේතූන් මතය.  මෙය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ.  ලෝකයේ සෑමරටකම සිදුවන දෙයකි.   මේ සටහන රචණය කිරීමට සිත් වූයේ මේ සටහන කියවූ පසුය. 


මෙයින් කිසිම වෛද්‍ය වරයෙක් හෝ වෛද්‍ය විශේෂඥ හෝ මහාචාර්ය වරයෙක් විවේචනය කිරීම මගේ අභිප්‍රාය නොවේ.  සිදු වන්නේ කරුණු දැක්වීමක් පමණය.  යථාර්තය පිලිගැනීම ඔබ සතුය. 



දල වශයෙන් අස්ථියක වැඩීම ඉහත් සඳහන් චිත්‍රයෙන් විස්තර වේ.  මෙහි දකුනු පැත්තේ ඇති අස්ථියේ Compact bone  වශයෙන් සඳහන් වී ඇත්තේ මේරූ අස්ථියයි.  මේ Compact bone යන කොටස තුලද චක්‍රා කාරයෙන් සෑදුනු කැල්සියම් අන්තර්ගත ලවණ සහිත ඉතාමත් ශක්තිමත් දෙයකි.  මේ කැල්සියම් ලවණ අස්ථියකටම ආවේනික වූ එක්තරා ව්‍යහයකට අනුව, කුඩා වායු ගෝල අන්තර්ගත රටාවකට සෑදී ඇත.  ජීවිතයේ එක් එක් අවස්ථාවන්ට අනුව අස්ථියද වෙනස් වෙයි. අස්ථිය ඉතා තද වුවද අනෙක් පඨක සේම ජීවත්වන පඨකයකි.   මේ සියල්ල ස්වාභාවික දේවල්ය.  කිසිම රෝගී ස්වභාවයක් මෙයින් පිලිබිඹු නොවේ.    
ජීවිතයේ අවසාන භාගය ලඟා වන විට එහි තුල ඇති වායුමය කොටස් වැඩි වීමට පටන් ගනී.  ඒ අස්ථියක සාමාන්‍ය ස්වහාවයයි.  ඔස්ටියෝපොරෝසිස්  කියන්නේ මේ වෙනස් වීමටය, හෙවත්, අස්ථියේ ඇති කැල්සියම් අඩංගු ලවණ හා ඇති වායු ප්‍රමාණය වැඩි වීමටයි.

     මේක ස්වාභාවිකව ඇතිවන දෙයක් නිසා රෝගයක් වන්නේ කෙසේද?  එසේ නම් දත් ඒමත් ලෙඩක් විය යුතුයි.  මල්වර වීමත් ලෙඩක් විය යුතුයි.  

යම්කිසි වාණිජමය හේතුවක් නිසා මෙය ලෙඩක් වශයෙන් ලොවට වෛද්‍ය සමාජය මගින් ඇත අතීතයේ හඳුන්වා දුන් බව විය හැකිය.    අස්ථියෙක ව්‍යුහයේ වෙනස් වීම් නිසා එය දුර්වල වෙයි.  ඒ නිසා අස්ථිය බිඳිය හැක.  අස්ථිය බිඳී ගියේ රෝගයක් නිසා නොව අස්ථිය දුර්වල වීම නිසාය.    අස්ථි පද්ධතියේ ඝනත්වය මැනීමෙන් මේ ස්වභාවය කොතරම් දුරට විහිදී ඇත්දැයි සෙවීමට නොයෙක් ඉතා මිල අධික මානණයන්ද සොයා ගෙන ඇත.  නොයෙක් ඖෂධ වර්ගද ලොවේ ඇත.  මේ සියල්ලම නවීන දේවල්ය.  ඒවායේ දීර්ඝ කාලීන අතුරු ඵල ගැන තවම සඳහනක් නොමැත.  සාමාන්‍ය ව්‍යායාම සහිත ජීවිතයක් ගත කරන්නේ නම් අපේ පැරැන්නන් මෙන් මේ කිසිම අර්බුධයකට මුහුන දීමට සිදු නොවනු ඇත. 
 
සමහර වෛද්‍යවරු මේ ක්‍රියාකාරිත්වයට ඔස්ටියොපොරොසිස් යන නම වැරදි බව හඳුනාගෙන දැන් දැන් මෙනස් නමකින් මේ තත්වය හඳුන්වා දීමට තැත් කරත්.  OSTEOPENIA  යන නම් භාවිතයෙනි.  එහි දැක්වෙන්නා වූ ප්‍රධාන කරුණ නම් මෙය රෝගයක් වශයෙන් හඳුන්වා නොදීමයි.  -Phenia යන නම වෛද්‍ය ලෝකයේ බොහෝ සෙයින් භාවිතා වේ. රුධිරයේ ශ්වේතාණු අඩු වීම Leukopenia වශයෙන්ද ඒවායේ වැඩි වීම Leukophilia  වශ්යෙන්ද හැඳින් වේ.  මේවා රෝග නොව යම්කිසි රෝගයක ලක්ෂණ පමණක් බව හඳුනා ගත යුතුය.   දැනට වර්ෂ ගනනකට ඉහතදී ඔස්ටියොපොරොසිස් වලට පිලියමක් වශයෙන් කාන්තාවන්ගේ හෝමෝනයක් වන ඊස්ට්‍රොජන් භාවිතා කරන ලදී.  එයින් පියයුරු වල පිලිකා ආදී ඊට වඩා භයානක රෝග ඇතිවීම නිසා එය වහාම අත් හිටුවන ලදී.