Thursday, July 29, 2010

කුමුදු ලාල් පින්තු සිරිමතානනි

ඔබගේ ශිෂ්‍ය පරම්පරාව සේ මම ඔබ ඇසුරු කොට නැත. නමුත් අපි දෙදෙනාටම , කාටත් පොදුවූ ධර්මතාවයක් ඔස්සේ සංසදය ඇතුලතදීත් පිටතදීත් සාකච්ඡා කෙලෙමු. අද ඔබ මෙහි නොමැති නිසා අපි දෙදෙනා බෙදා ගදා ගත් දැනුම, සියල්ල්ලන්ගේම පහසුව තකා මම පල කරන්නෙමි. එහි වරදක් ඇතිනම් මට සමා වෙන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මරණය ගැන ඔබ පලකල සටහන් කෙරෙහි මගේ සිත් ඇදී ගියේ නිතැතිනි.

මෙය කාටත් පොදු වු , කාටවත් ගැලවිය නොහැකි ධර්මතාවයකි. කොපමන කල් තැබුවත්, පසු පසම එන, අපි සූදානම්ව සිටිය යුතු ධර්මතාවයකි. ඔබේ හදිසි වියොව අපට විශාල කම්පනයක් වූ වත්, එය ඔබට විශාල සිද්ධියක් වූ බවට සාක්ෂි නොමැත. "මරණය" ගැන ඔබ පවසා ඇති දේ ඊට සාක්ෂි දරයි.

Tue, 29 June, 2010 8:05:16 PM
Re: මරණය
From: Sarath Gunatunga
To: Kumudu Lal Pinto
--------------------------------------------------------------
http://www.forestsangha.org/ අජාන් චා හිමි
http://www.aimwell.org/ මහාසි සයදෝව් හිමි
-------------------------------------------------------------
form: Kumudu Lal Pinto 
To: Sarath Gunatunga 
Sent: Tue, 29 June, 2010
Subject: Re: මරණය

සම්මා සම්බුදු සරණයි.
හිතවත් සරත් ගුණතුංග මහතා වෙත,

එවන ලද විස්තරයට ස්තුතියි. මා පෞද්ගලිකව සිතන දෙයක් නම් අප ඍජුවම භාවිතා කරන බෞද්ධ ප්‍රතිපත්තිවලට වඩා යමක් බුදු දහමේ සැඟවී ඇති බවයි. උදාහරණ වශයෙන් අප ලෞකික දියුණුව සඳහා සිඟාලෝවාද පරාභව ආදී සූත්‍ර උදාහරණයට ගත්තත් අභිධර්මයේ එන සෝභණ චෛතසික ද ලෞකික වූ යම් දෙයකින් දියුණුව ලබා ගැනීමට යොදා ගත හැකි බව පෙනී ගොස් ඇත.

මා මරණය ගැන උනන්දුවක් දක්වන්නේ දැන් ජීවත් වූ ප්‍රමාණය ඇතැයි බොහෝ විට සිතෙන නිසා ත් මා කිසිවකුගෙන් යැපෙන්නේ නැති අතර මගෙන් ද කිසිවෙකු යැපෙන්නේ නැති බව ද අවබෝධ වී ඇති නිසාත් ය. මහාසි සයදෝව් ස්වාමීන් වහන්සේ වෙබ් අඩවිය ද සොයා ගත නොහැකි විය. Buddhanet වෙබ් අඩවිය ඉතා විශාල තොරතුරු ගබඩාවක් බැවින් කාලය අරගෙන එය හැදෑරීම වඩා සුදුසු යැයි සිතමි.
මෙසේ ඊ-මේල් මඟින් හෝ අදහස් හුවමාරු කර ගැනීමට පින්වත් අය සිටීම අපගේ වාසනාවක් බව හඟිමි.

නවතිමි. ඔබට තෙරුවන් සරණයි.

කුමුදු පින්තු
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
2010/6/29 
From: Sarath Gunatunga 
සම්මා සම්බුදු සරණයි
හිතවත් මහත්මයාණනි

මේ මාතෘකාව යටතේ ඔබ දෙවරක් බ්ලොග් අඩවියේ සටහන් ඉදිරිපත් කර ඇති නිසා ඔබට මේ ලිපිය ලිවීමට මට සිත් විය. අවුරුදු ගනනක් පටන් බුදු දහම පිලිබඳව මම ඉතා විශ්වාසයකින් හා කැප වීමකින් යුතුව කටයුතු කරන්නෙමි. ලංකාවෙන් පිට සිටි නිසා, මම ලාංකික බුදු දහමෙන් ඈත්ව සිටියෙමි. මට උපකාරී වුයේ Buddhanet, තායිලන්තයේ සහ මියන්මාරයේ ඇති ථේරවාද පොත් පත්ය. මගේ වාසනාවකට මේ පොත පත ඒ රටවල වෙසෙන ස්වාමීන් වහන්සේලා විසින් නොමිලයේ බෙදා දීම පිනිස අන්තර්ජාලයේ තැන්පත් කොට ඇත. මගේ දැනුම පෝෂණය වූයේ එසේය. මේ පොත් වල සම්පාදකයන් වූයේ ථේරවාද විශේෂඥයන් ලෙසින් ලොව සලකන ස්වාමීන් වහන්සේලාය. මරණය පිලිබඳව මා කියවා ඇති හොඳම පොත රචනය කොට ඇත්තේ මහාසි සයදෝව් ස්වාමීන් වහන්සේ විසිනි. ඒ පොත නොමිලයේ බෙදා හැරීම පිනිස උන්වහන්සේගේ වෙබ් අඩවියේ ඇත. උන්වහන්සේගේ පටිච්ච සමුප්පාදය නම් පොතේ මෙය ඉතා විස්තර සහිතව දක්වා ඇත. උන්වහන්සේ දක්වා ඇති විපස්සනා භාවනා ක්‍රමය බුදු රජානන් වහන්සේ විසින් දේශනා නොකල ක්‍රමයක් බව 1959 වසරේ බුරුම ධර්ම දූත පිරිසක් මෙරටට වැඩම කල අවස්ථාවේදී එක්තරා ලාංකික භික්ෂූන් පිරිසක් හඬ නැගූහ. ඊට වසර 30කට පසුව ජර්මන් ජාතික ඤාණපොනීක ස්වාමීන් වහන්සේ (මහනුවර forest hermitage හි වැඩ විසූ) ඒ ක්‍රමය බුදු රජාණන් වහන්සේ විසින් අනුමත කරන ලද ක්‍රමයක් බව ප්‍රකාශ කලේය. මේ බව ඤාණපොනීක ස්වාමීන් වහන්සේ ගේ Four Foundations of Mindfulness යන පොතේ දක්වා ඇත. 

කෙසේ හෝ මහාසි ස්වාමීන් වහන්සේ විපස්සනා භාවනාව පුහුනුවේදී එක්වරම කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මනුපස්සනා වශයෙන් හතරම නිරීක්ෂනය කරන අන්දම පහදා දී ඇත. මේ අන්දමට පුහුනු කරන විට 'මම' කියා කෙනෙක් නැති බවත්, එහි ඇත්තේ මේ ස්කන්ධ පමණක් බවත් විටින් විට පැහැදිලිව පෙනේ. තවද මහාසි හිමියන්ගේ පොතේ සඳහන් පරිදි විඤ්ඤාණය ඛන්ඩ වශයෙන් ඇති වී නැතිවී යයි. යමෙකු මිය යාමට ආසන්නව, මෙසේ ඇති වන විඤ්ඤානය, ශරීරය බිඳී ගිය පසු වෙනත් තැනක ලැඟුම් ගනියි.
ගිය වසරේ මම විශාල ශල්‍ය කර්මයකට භාජනය වුනා. මගේ ශල්‍ය වෛද්‍ය මන්ඩලය සියල්ලම කේරල දේශයෙන් මේ රටට පැමිනි අය වූහ. ශල්‍ය කර්මයට පෙර මට සිදුවිය හැකී ආපදා සියල්ලම ඔවුන් මට විස්තර වශයෙන් පැවසීය. ඒ අතර මියයාම මුල් තැනක් ගත්තේය. මම මරණයට බිය නොවීමි. ඒ වන විට මට අඩි දහයකට වඩා හති නොවැටී ගමන් කිරීම පවා අසීරු විය. මම සිනහ මුසු මුහුනකින් carry on regarless වශයෙන් පැවසුවෙමි.

මගේ හදවත පොටෑසියම් ක්ලෝරයිඩ් ද්‍රාවනයක් මගින් ක්‍රියා විරහිත කොට කෘතීම හදවත්කින් රුධිරය ශරීරයේ ධාවනය කරවන බව මම කල් තියා දැන සිටියෙමි. ශල්‍ය කර්මය පිලිබඳව කිසිම මතකයක් මට තිබුනේ නැත. සත්‍යවශයෙන් එය කල බවවත් මා දැන සිටියේ නැත. මම එය සලකන්නේ තාවකාලික මරනය ලෙසටය. විඤ්ඤානය ආපසු ඒ ශරීරය හා එකතුව ක්‍රියා කල අන්දම මටම පුදුම සහගත විය. යම් විදියකින් මා මිය ගියේ නම් විඤ්ඤාණය වෙන තැනකට යනු ඇත. ඒ පිලිබඳ මතකයක් මට තිබේද යන්න මට අවිනිශ්චිතය.
මේ පිලිබඳව ප්‍රසිද්ධ වශයෙන් හඬ නගා කීමට තරම් මට ශක්තියක් නොමැත. නමුත් ඔබ මේ පිලිබඳව උනන්දුවෙන් සලකා බලන බැවින් ඔබට දන්වන්නට සිතුවෙමි.

29/07/2010: මගේ ශල්‍ය කර්මයට අදට වසරක් පිරෙයි. කුමුදු මහතා නොපෙනී ගොස් ඇත. මට තවම කථා කල හැක. නමුත් හෙට ... ඒ මා විය හැක. අපගේ ජීවිත ඉතාම අවිනිශ්චිතය. නමුත් සොබාදහම එසේමය. එය කිසිදාක වෙනස් නොවනු ඇත. අප එය පිලිගත යුතුය. එයින් සැඟවිය නොහැක. තෙරුවන් සරණයි

සරත් ගුණතුංග
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඔබ විසින් රචිත සටහනකුත්, ඊට අඩාල වන මවිසින් රචිත සටහනකුත් මෙහි ලියැවී ඇත. ලාල් මහතානනි, ඔබට යහපතක්ම වේවා.

Thursday, July 15, 2010

විල්පත්තු ඛෙදවාච්චකයේ තවත් මහකයන්...............

පසුගිය දිනෙක විල්පත්තුව සමග වු සටහනක් මගේ මතකය යලිත් අවදි කෙලේය. . මේ සටහන ලියන්නේ ඊට පිලිතුරු වශයෙනි. එම සටහනේ නොතිබූ දේත්, මගේ මතකයත්, මගේ අදහසුත් අලලා මේ සටහන ලියැවේ. චරිත් වීරක්කොඩි මහතාගේ "විල්පත්තු සිහිවටනය' අලලා මේ සටහන ලියැවෙයි.

මෙය සිදුවූයේ මා පාසැල් සිසුවෙක්ව සිටියදීය. අනුරාධපුර පුත්තලම් පාර ඉතාම පාලු පාරක් බව මා ඒ සමයේදීම අසා තිබුනි. ඉඳහිට යන ලොරියක් හෝ බස් රියක් හැරුණු විට මොටර් රථයක් මේ පාරෙන් යන්නේ කලාතුරකින්ය. වල් අලින් ගහන මේ පාර රාත්රයේ අන්ධකාරයෙන් වැසී ඇත. මේ අපරාධයේ මුලිකයා මේ පාර තම ක්රිඉයාවට සුදුසු යයි තෝරා ගන්නා ලද්දේ ද අපරාධයෙන් ගැලවීයාමට විය යුතුය. නමුත් ඔහුට දෛවය ඊට ඉඩ දුන්නේ නැත. කෙසේ හෝ හිසක් නැති මලකඳක් විල්ලුපත්තු හන්දියේ තිබී පොලිසියෙන් සොයාගත් බව පුවත් පත් වලින් අපි කියෙව්වෙමු. නමුත් පොලිසිය ක්රයාත්මක විය. හිස සුන් මලකඳ ඇඩ්ලින් විතාරණ යන තරුණියගේ බව පොලිසිය හඳුනා ගත්තේය. ජයලාල් ආනන්දගොඩ කොටුවීමට වැඩි කලක් නොගියේය. නොයෙක් දුෂ්කරතා මධ්ය‍යේ පොලිසිය ඉදිරියටම ගියේය.


කොළඹ සරසවියෙ මලමිනි තිබෙන තැ           න
හැඩි දැඩි සිරුරකිය, ගෙල හඳුනා ගත නොහෙ න
රෙජිස්තර් පොතේ ලියැවී ඇති ලෙසි               න
මරුවා මොහු වේය, ඇඩ්ලින් විතාර                 න

ඇඩිලින් විතාරණ තරුණිය මැරුවා                 ට
ජයලල් ආනන්දගොඩ චුදිතයා හ                    ට
හිමිවිය මරන දඩුවම නීතියට ර                       ට
සිරුරද අයිති වන්නේ නැහැපවුලක                 ට


මේ හැඩි දැඩි ආනන්දගොඩ නම් වූ ගුරුවරයා තමාට දාව මේ තරුණිය ගැබ් ගත් පසු ඇය විල්පත්තු හන්දියේදී තමා ගමන් ගත් මෝටර් රථයටම යට කොට ඒ තරුණිය සාහසික ලෙස ඝාතනය කල බවත් ඇයගේ හිස හඳුනා ගනීයයි බියෙන් සැඟවූ බවත් උසාවියේ ඔප්පුවිය. මේ මොනවා සිදු වුවත් මට වත් මා සිත තුල වත් විශේෂ යමක් සිදු නොවීය. සියල්ල සිතු වූයේ සිතූ පරිදිය . කාලය ගෙවී ගියේය. මම වෛද්ය විද්යාවලයට ඇතුලු වීමි. නවක වදකයටද මුහුන දී ඒ වදකයින්ගෙන්ද බේරී හා හා පුරා කියා මෘත ශරීරාගාරයට පිය නැගීමි. සිසුන් කන්ඩායම් පහක් හිස සහ බෙල්ල, පපුව , උදරය, කකුල්, අත් වශයෙන් කොටස් පහකට බෙදා අධ්යායනය කරනු ලැබේ. අපට ලැබී ඇති ශරීරය තුල ගෙල ප්රදේශය සම්පූර්නයෙන්ම විනාශ වී ඇත. අපි එයට හේතුව මහා චාර්යවරයා ගෙන් විමසා සිටියෙමු. ඒ ලැබුනු පිලිතුරෙන් මම කිලිපොලා සිටියෙමි. ඒ ජයලාල් ආනන්දගොඩය. පෝරකයට යාමේදී ගෙල ප්‍රදේශය විනාශ වන්නේ මෙහමලු


පුවත්පත් වලන් කියැවෙන ලෙසට මෙ           යා
මහ අපරාද කරුවෙකි, මහ බරක් කි               යා
මිය යන තෙක්ම ගෙලැ එල්ලා තබනු කි        යා
දුන්නා තීන්දුව විනිසුරු තුමන් (ද ) _               යා

දෙනෙතට දෙනත හමු වී නැහැ මගෙ ඔහු        ට
කිසි දින කථා කර නැහැ ගත කල දින ටික      ට
අද දින වුවද ඇස හා නොගැටේ ඇස              ට
දෛවයෙ සරදමකි මේ හමු වුනේ ම               ට

හැඩි දැඩි සිරුරකින් යුතු වුව නොමැත ප       ණ
මිනී මරුවෙක්ය, අද නිසලව සිටි                   න.
ඔහුගෙ වරද පොත් වල ලියැවී තිබි                න.
සිරුර කපන විට කිසිවක් හමු නොවු            න.

හමු වී නැතත් ජීව්ත් වූ දවස් ව                       ල
නුඹ මිය ගියත් පෝරකයේ කඹය මු              ල
වෙනසක් නොදුටුවෙමි, සිරුරෙහි ඇතුලෙ තු ල
මට කල උදව්වට පින මතු දින ඇදෙන ක      ල

එක අපරාදයට දෙවරක් පව ගෙවෙ              න
පුදුම ලෝකයකි මේ ජීවිතෙ ගෙව               න
අද දින මිනී මරුවන් සිය ගනන් ව                න
එක දඬුවමින් බෙරෙන හැටි බලනු මැ          න


නියම වී තිබුනු ඔහුගේ ජීවිතය පෝරකයේදී එල්ලන විට ගෙලෙහි තිබූ සියලුම පථක එල්ලීමෙන් විනාශවී ගොස් ඇත. මිය ගොස් තිබුනද ඔහු තවම හැඩි දැඩිය. ඔහු ජීවත්ව සිටියදී කල කීදෑ පුවත් පත් වල තිබූ සැටි මට එකින් එක සිහි වෙන්න පටන් ගත්තේය. වරෙක මම බයෙන් බිරාන්ත වූයෙමි. ඔහුගෙ ශරීරය ඇල්ලීමට පවා මට අපහසු තාවයක් දැනෙන්නට විය. අනෙක් සිසුන් දිහා බලා මම ධෛර්යය උපදවා ගතිමි. කෙමෙන් කෙමෙන් මම ඊට පුරුදු වීමි. ඒ ශරීරය කපන විට ඔහු කිසි දිනෙක හඬක් නොනැගීය. පසුව මට ඔහු වෙනුවෙන් ඇතිවූයේ සානුකම්පික බවකි. ඔහුගේ හදවත තුල ඇති ධමනි ශිරා ආදීය ඉතා හොඳ තත්වයේ පැවතුනි. ඒවා ඉගෙන ගැනීමට වෙනත් සිසුහු පවා පැමිනියහ. මේ මාපිට පෙරලෙන්නේ තවත් ජීවිතයක අනෙක් පැත්තය. මට කථා කල හැක. අනෙක් ජීවිතයට කථාකල නොහැක. එහෙත් ඔහුගේ සුසුම් හඬ මට යාන්තමින් ඇසේ. ඔහුගේ කථාන්තරය ලොවට කියන ලෙස ඔහු මට කියයි. මා කියන්නෙ ඒ කථාන්තරයයි. කාමයන්ගෙන් මුසපත්ව ඔහු කාමයන් කරා ඈදී ගොස් ඉන් ගොඩ නොනගින තැනකට වැටුන බවත් මේ ඉරනම අත් වූ බවත් මට කියයි. කවදාවත් ඔහු කෙරෙහි වරදවා තේරුම් නොගන්නා ලෙසත් යම්කිසි භවයෙක යලිත් මේ මියගිය තරුණිය සරන පාවා ගෙන ඇය බිරිඳ කොට ගෙන වසන බවටත් ඔහු මට පොරොන්දු වෙයි.....

Saturday, July 3, 2010

මුස්ලිම් දරුවෙක් පුනර්භවය විස්තර කරයි

මුස්ලිම් දරුවෙක් පුනර්භවය විස්තර කරයි

පසුගිය භවයෙක මුස්ලිම් දරුවෙක්ව ඉපදී සිටි බව දැක්වෙන මෙම කථාපුවත වෛද්ය තිස්ස ජයවර්ධන මහත්මයා ඉදිරිපත් කරන ලද්දකි.



මේ පුරුක ඔස්සේ ගොස් කියවන්න.  04/07/2010 රිවිර පුවත් පත
http://www.rivira.lk/2010/07/04/rividahara4.htm