Thursday, July 15, 2010

විල්පත්තු ඛෙදවාච්චකයේ තවත් මහකයන්...............

පසුගිය දිනෙක විල්පත්තුව සමග වු සටහනක් මගේ මතකය යලිත් අවදි කෙලේය. . මේ සටහන ලියන්නේ ඊට පිලිතුරු වශයෙනි. එම සටහනේ නොතිබූ දේත්, මගේ මතකයත්, මගේ අදහසුත් අලලා මේ සටහන ලියැවේ. චරිත් වීරක්කොඩි මහතාගේ "විල්පත්තු සිහිවටනය' අලලා මේ සටහන ලියැවෙයි.

මෙය සිදුවූයේ මා පාසැල් සිසුවෙක්ව සිටියදීය. අනුරාධපුර පුත්තලම් පාර ඉතාම පාලු පාරක් බව මා ඒ සමයේදීම අසා තිබුනි. ඉඳහිට යන ලොරියක් හෝ බස් රියක් හැරුණු විට මොටර් රථයක් මේ පාරෙන් යන්නේ කලාතුරකින්ය. වල් අලින් ගහන මේ පාර රාත්රයේ අන්ධකාරයෙන් වැසී ඇත. මේ අපරාධයේ මුලිකයා මේ පාර තම ක්රිඉයාවට සුදුසු යයි තෝරා ගන්නා ලද්දේ ද අපරාධයෙන් ගැලවීයාමට විය යුතුය. නමුත් ඔහුට දෛවය ඊට ඉඩ දුන්නේ නැත. කෙසේ හෝ හිසක් නැති මලකඳක් විල්ලුපත්තු හන්දියේ තිබී පොලිසියෙන් සොයාගත් බව පුවත් පත් වලින් අපි කියෙව්වෙමු. නමුත් පොලිසිය ක්රයාත්මක විය. හිස සුන් මලකඳ ඇඩ්ලින් විතාරණ යන තරුණියගේ බව පොලිසිය හඳුනා ගත්තේය. ජයලාල් ආනන්දගොඩ කොටුවීමට වැඩි කලක් නොගියේය. නොයෙක් දුෂ්කරතා මධ්ය‍යේ පොලිසිය ඉදිරියටම ගියේය.


කොළඹ සරසවියෙ මලමිනි තිබෙන තැ න
හැඩි දැඩි සිරුරකිය, ගෙල හඳුනා ගත නොහෙ න
රෙජිස්තර් පොතේ ලියැවී ඇති ලෙසි න
මරුවා මොහු වේය, ඇඩ්ලින් විතාර න

ඇඩිලින් විතාරණ තරුණිය මැරුවා ට
ජයලල් ආනන්දගොඩ චුදිතයා හ ට
හිමිවිය මරන දඩුවම නීතියට ර ට
සිරුරද අයිති වන්නේ නැහැපවුලක ට


මේ හැඩි දැඩි ආනන්දගොඩ නම් වූ ගුරුවරයා තමාට දාව මේ තරුණිය ගැබ් ගත් පසු ඇය විල්පත්තු හන්දියේදී තමා ගමන් ගත් මෝටර් රථයටම යට කොට ඒ තරුණිය සාහසික ලෙස ඝාතනය කල බවත් ඇයගේ හිස හඳුනා ගනීයයි බියෙන් සැඟවූ බවත් උසාවියේ ඔප්පුවිය. මේ මොනවා සිදු වුවත් මට වත් මා සිත තුල වත් විශේෂ යමක් සිදු නොවීය. සියල්ල සිතු වූයේ සිතූ පරිදිය . කාලය ගෙවී ගියේය. මම වෛද්ය විද්යාවලයට ඇතුලු වීමි. නවක වදකයටද මුහුන දී ඒ වදකයින්ගෙන්ද බේරී හා හා පුරා කියා මෘත ශරීරාගාරයට පිය නැගීමි. සිසුන් කන්ඩායම් පහක් හිස සහ බෙල්ල, පපුව , උදරය, කකුල්, අත් වශයෙන් කොටස් පහකට බෙදා අධ්යායනය කරනු ලැබේ. අපට ලැබී ඇති ශරීරය තුල ගෙල ප්රදේශය සම්පූර්නයෙන්ම විනාශ වී ඇත. අපි එයට හේතුව මහා චාර්යවරයා ගෙන් විමසා සිටියෙමු. ඒ ලැබුනු පිලිතුරෙන් මම කිලිපොලා සිටියෙමි. ඒ ජයලාල් ආනන්දගොඩය. පෝරකයට යාමේදී ගෙල ප්‍රදේශය විනාශ වන්නේ මෙහමලු


පුවත්පත් වලන් කියැවෙන ලෙසට මෙ යා
මහ අපරාද කරුවෙකි, මහ බරක් කි යා
මිය යන තෙක්ම ගෙලැ එල්ලා තබනු කි යා
දුන්නා තීන්දුව විනිසුරු තුමන් (ද ) _යා

දෙනෙතට දෙනත හමු වී නැහැ මගෙ ඔහු ට
කිසි දින කථා කර නැහැ ගත කල දින ටික ට
අද දින වුවද ඇස හා නොගැටේ ඇස ට
දෛවයෙ සරදමකි මේ හමු වුනේ ම ට

හැඩි දැඩි සිරුරකින් යුතු වුව නොමැත ප ණ
මිනී මරුවෙක්ය, අද නිසලව සිටි න.
ඔහුගෙ වරද පොත් වල ලියැවී තිබි න.
සිරුර කපන විට කිසිවක් හමු නොවු න.

හමු වී නැතත් ජීව්ත් වූ දවස් ව ල
නුඹ මිය ගියත් පෝරකයේ කඹය මු ල
වෙනසක් නොදුටුවෙමි, සිරුරෙහි ඇතුලෙ තු ල
මට කල උදව්වට පින මතු දින ඇදෙන ක ල

එක අපරාදයට දෙවරක් පව ගෙවෙ න
පුදුම ලෝකයකි මේ ජීවිතෙ ගෙව න
අද දින මිනී මරුවන් සිය ගනන් ව න
එක දඬුවමින් බෙරෙන හැටි බලනු මැ න


නියම වී තිබුනු ඔහුගේ ජීවිතය පෝරකයේදී එල්ලන විට ගෙලෙහි තිබූ සියලුම පථක එල්ලීමෙන් විනාශවී ගොස් ඇත. මිය ගොස් තිබුනද ඔහු තවම හැඩි දැඩිය. ඔහු ජීවත්ව සිටියදී කල කීදෑ පුවත් පත් වල තිබූ සැටි මට එකින් එක සිහි වෙන්න පටන් ගත්තේය. වරෙක මම බයෙන් බිරාන්ත වූයෙමි. ඔහුගෙ ශරීරය ඇල්ලීමට පවා මට අපහසු තාවයක් දැනෙන්නට විය. අනෙක් සිසුන් දිහා බලා මම ධෛර්යය උපදවා ගතිමි. කෙමෙන් කෙමෙන් මම ඊට පුරුදු වීමි. ඒ ශරීරය කපන විට ඔහු කිසි දිනෙක හඬක් නොනැගීය. පසුව මට ඔහු වෙනුවෙන් ඇතිවූයේ සානුකම්පික බවකි. ඔහුගේ හදවත තුල ඇති ධමනි ශිරා ආදීය ඉතා හොඳ තත්වයේ පැවතුනි. ඒවා ඉගෙන ගැනීමට වෙනත් සිසුහු පවා පැමිනියහ. මේ මාපිට පෙරලෙන්නේ තවත් ජීවිතයක අනෙක් පැත්තය. මට කථා කල හැක. අනෙක් ජීවිතයට කථාකල නොහැක. එහෙත් ඔහුගේ සුසුම් හඬ මට යාන්තමින් ඇසේ. ඔහුගේ කථාන්තරය ලොවට කියන ලෙස ඔහු මට කියයි. මා කියන්නෙ ඒ කථාන්තරයයි. කාමයන්ගෙන් මුසපත්ව ඔහු කාමයන් කරා ඈදී ගොස් ඉන් ගොඩ නොනගින තැනකට වැටුන බවත් මේ ඉරනම අත් වූ බවත් මට කියයි. කවදාවත් ඔහු කෙරෙහි වරදවා තේරුම් නොගන්නා ලෙසත් යම්කිසි භවයෙක යලිත් මේ මියගිය තරුණිය සරන පාවා ගෙන ඇය බිරිඳ කොට ගෙන වසන බවටත් ඔහු මට පොරොන්දු වෙයි.....

2 comments:

Isuru said...

ඇත්තටම හොඳ post එකක්.මං ගොඩක්ම ආස කරන SUBJECT එකක් තමා criminal cases.

ඉශාන් තිළිණ said...

ලස්සනට ලියලා තියනවා :)