Thursday, June 10, 2010

මහා මංගල සූත්රැය සහ නවීන ලෝකය - 3

දෙව් මිනිස් 'සැප' කැමති සත්වයන් විසින් විමසන ලද්දා වූ මංගල කරුණු උදෙසා මංගල සූත්රයය දේශනා කල බුදු රජානන් වහන්සේ, සත්වැනි ගාථාවේ සඳහන් කරන්නේ පාපයෙන් වැලකීම සම්බන්ධවයි. 'ආරති' 'විරති' යන වචන දෙක ත්රිපිටකයේ බොහෝ තැන්වලදී අපට හමුවේ. එහි තේරුම වන්නේ සියලුම පාපී ක්රියාවන්ගෙන්, සියලුම අවැඩ වලින්, දුශ්චරිතවලින් වැලකී සිටීම සහ ඒ පාපී දේවල් තුල නොගැලී සිටීමයි. අර්ථකථාවන් (අටුවා ) පිරික්සා බලන විට පෙනීයන කරුණක් වන්නේ පාපී අදහස් වලින් ඈත් වීම යනු සිතට නො ඉපදුනු පාපී අදහස් වලට හිස එසවීමට ඉඩ නොදීම වේ. පාපී සිතිවිලි සිත තුල නැගීමට, ඉඩක් නොමැති විට ඒ සිතිවිලි එලෙසම නැතිවේ. නැතහොත් ලෝභ, ද්වේශ, මෝහ යන අන්ධකාරී සතුරන්ගෙන් පාපී අදහස් වර්ධනය වී බලවත් වේ. සියලු පාපී දේවලින් වැලකී සිටීම නම්, කායෙන් හා වචනයෙන් වැලකී සිටීමයි. මානසික වශයෙන් පාපී දේවලින් වැලකීම තුල කායික වැලකීම සහ වාචසික වැලකීම අනිවාර්යඩයෙන්ම අන්තර්ගත වේ. නමුත් අටුවා වල සඳහන් වන්නේ මානසික වශයෙන් ගත් කල, කායික හා වාචසික වැලකීම ඇති වුවද මානසික වැලකීම අසම්පූර්ණව හෝ පැවතීමට ඉඩ ඇති බවයි. උදාහරණයක් වශයෙන් මෙසේ කිව හැක. 'යම් කිසිවෙක් සොරකම් කිරීමට සිතක් ඇති වූ විට මේ සොරකමෙන් මගේ පවුලට නින්දා ලැබෙයි සිතා ඉන් වැලකී සිටියි.' මෙහිදී ඇති වන්නේ සොරකම කිරීමේ චේතනාවයි, නමුත් අදින්නා දානා වේරමණී.. සික්ශා පදය සිහි වී එම සිත බැහැර කරන්නා, ආර්ය පුද්ගලයෙකුගේ ගණයට අයත් වෙයි. පාපීක්රියා යනුවෙන් කුමක් අදහස් වෙයිද? පාපී ක්රියා යනු භවයේ දුක් විඳීමට හා භවය දික් වීමට හේතු වන දෑ ය. එනම්, බොරුකීම, පරුෂ වදන් පැවසීම, ඕපාදූප වලට සහභාගි වීම, යනාදී අශිෂ්ටාචාර දේවල්ය. කායික වශයෙන් ගත් කල, සොරකම් කිරීම, ප්රාණගාතය,සහ කාමයෙහි වරදවා හැසිරීම මේ ගණයට අයිති වේ. මිථ්යා ආජීව වශයෙන් ගත් කල ආයුධ වෙලඳාම, මස් පිණිස සතුන් වෙලඳාම, වහල් වෙලඳාම, මත්පැන් හා මත්ද්ද්‍රව්ය වෙලඳාම, බොරුවෙන් වංචාවෙන් අන් අය රවටා මුදල් ඉපැයීම, ආදී වශයෙන් විශාල ලයිස්තුවක් ඇත. මෙහි අන්තර්ගත නොවුවද, හෘදය සාක්ෂියට අනුව කෙනෙක් ලොව රවටන්නේ නම් ඒ තැනැත්තා ඒ බව දනියි. මජ්ජ පානාච සංඤ්ඤමෝ.. යනුවෙන් අදහස් කෙරෙන්නේ සිහිය මුලාවෙන දේවල් පරිහරණය කිරීමෙන් වැලකී සිටීමයි. මත් පැන් පමණක් නොව, සිහිය වෙනස් කිරීමේ හැකියාව ඇති සෑම ද්රව්යයක්ම මීට ඇතුලත්ය. යථාර්ථය තේරුම් ගැනීමට අවුල් නොවූ සිහියක් අවශ්යය. සිහිය අවුල් කර නොගැනීම ගැන බුදුරජානන් වහන්සේ වදාලේ එබැවිනි. ‘අප්පමාදෝච ධම්මෙසු...’ යනු ධර්මයෙහි උද්යෝගී බවය. අටුවා වල සඳහන් පරිදි 'අප්පමාද..' යන පාලි වචනය සඳහා කරුණු තුනක් දක්වා ඇත. එනම්, වීර්යය, අවධානය නොහොත් සිහිය සහ ප්රඥාවයි. මේ තුන එකතු කල විට "උද්යෝගී බව" අප්රමාදය යන වචනයට වඩා සුදුසුය. මේ උද්යෝගී බව, සහ අප සතුව දැනට පවත්නා දේවල් රැක ගැනීමටත්, අපට පුරුදු කල යුතු දේවල් දියුණු කර ගැනීමටත් බුදු රජානන් වහන්සේ වදාල සේක. අප විසින් ප්රහාණය කල යුතු දේවල් වන්නේ අනවධානය, නොසැලකිලිවන්ත කම, අප්ර්වේසම, උදාසීනත්වය, නැවත නැවත මෙනෙහි නොකිරීම (ධර්මය )අධෛර්යය, සහ නොසලකාහැරීම වේ. මේ කරුණු දියුණු කර ගැනීම මංගල කරුණු වශයෙන් බුදු රජානන් වහන්සේ වදාලහ. එලෙසම එය මෙලොව පරලොව සුව පිණිස හේතු වන්නේය.



අටවැනි ගාථාවෙන් සඳහන් වන්නේ ඉතාමත් වටිනා එමෙන්ම අගනා ඔවදන් සමූහයකි. මේ කරුණු දීර්ඝ වශයෙන් සලකා බැලීම වටී. අද සමාජය මේ අතින් ඉතා පිරිහී ඇත. "ගරු කටයුත්තන්ට ගරු කිරීම" යනුවෙන් සාමාන්ය තේරුමක් දිය හැකි මේ වචන වලින් අදහස් කෙරෙන්නේ කුමක්ද? ගරු කටයුත්තෝ කවරහුද? එක් වරටම අපට පෙනී යන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්රිවිධ රත්නයද, දෙමාපියන්, ගුරුවරුන් ආදී අපි සාමාන්යයෙන් ගරු කරන අය බවයි. නමුත් ඒ පමණක් නොවේ. තවත් අය සිටිති. මේ බුදු රජානන් වහන්සේ වදාල ධර්මයයි. බුදු රජානන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු ගරු කිරීමට ගුරුවරයෙක් දිවැසින් බලා වදාල සේක. තමන් වහන්සේට වඩා උසස් කෙනෙක් නොමැති බව දුටු උන්වහන්සේ, තමන් වහන්සේ වදාල ධර්මය සිය ගුරුවරයා ලෙස පවත්වා ගෙන යාමට තීරණය කල සේක. සූත්ර දේශනා කියවන විට පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ බුදු රජානන් වහන්සේ තමා හමුවට පැමිනෙන කවරකු හට වුවද ගෞරව පූර්වකව සලකා ඇති බවයි. උදාහරණයක් ගත හොත් සාමඤ්ඤඵල සූත්රයේ මෙසේ දක්වා ඇත. අජාතසත්ත රජතුමා භාග්යවතුන් වහන්සේ හමුවූ අවස්ථාවේදී වූ සංවාදයේ ආරම්භයයි.


…Then, bowing down to the Blessed One, and saluting the community of monks with his hands palm-to-palm over his heart, he sat to one side. As he was sitting there, he said to the Blessed One: "I would like to ask the Blessed One about a certain issue, if he would give me the opportunity to explain my question."….


ගරු කල යුත්තන්ට ආසනයක් පැනවීම, දෙ අත් එක්කොට ආචාර කිරීම, ආදී සිරිත් තවමත් අප අතර යම්කිසි දුරකට පවතී. ගුරුවරයෙක් පන්තියට පැමිනෙන විට සිසුන් පුටුවෙන් නැගිට ආචාර කිරීම සාමාන්ය සිරිතකි. බොහෝවිට සිදුවන්නේ මාන්නය ඉහ වහා යාමෙන් සහ පුහු මමත්වය හිසට නැගීමෙන් තමාට ඉගැන්වූ ගුරුවරයා පසුකලෙක නොසලකා හැරීමය. ධර්මයෙහි නිසි පරිදි හැසිරීමට නිහතමානී බව අත්යාවශ්යය. නිහතමානිත්වයේ ඇති උත්තරීතර බව සිහිකරවන මංගල කරුණු කීපයක් බුදු සමිඳුන් අපට සිහි කරදී ඇත. මෙහි ගැබ් වී ඇති සාධකය වන්නේ 'මම' යනුවෙන් කිසිවෙක් නැති බවය. සමාජයේ යම් කෙනෙකුට දයාවක්, කරුණාවක් දැක්වීමෙන් එය ලබන්නාගේ සිතතුල ඇතිවන්නේ පහන් බවකි. (මෑතකදී මේ සංසදයේ පල වූ සටහනක් මට සිහි වේ. එහි පල වූයේ කවදාවත් නොදුටු පුද්ගලයෙකුට Good Morning, Good Afternoon කියා ආචාර කිරීම කිසිම පලක් නැති ක්රියාවක් බවය. බුදු හිමිගේ මංගල කරුණු වලට පටහැනිව පවසන ලද මේ වදන් පවසන්නා මාර සේනාවට අයිති වන්නේ එයින් ද්වේශය ඉපදී සසර තවත් දික් වන නිසාය.  තවද, ටිකකලක් විදේශ රටක ජීවත් වූ පසු, සමහර ලාංකිකයන්ට එක්තරා මානසික තත්වයක් ඇති වේ. ඊට අපි 'පිටරැටියාව' යයි කියමු. බොහෝ විට අපේම අතීතය අමතක කරන්නෝ මේ ආබාධයෙන් පෙලෙති.)


කෙනෙකුට ආචාර සමාචාර කිරීමෙන් එය දක්වන්නාගේ කිසිම දෙයක් නැති නාස්ති වන්නේද නැත. මෙය නොදැන ක්රිමයා කිරීමෙන් අනවශ්ය අඬදබර ඇත්වීම්ට හැකි බව අපි දනිමු.   දිනපතා ජීවිතයට මංගල සූත්රයේ ඇති ප්රායෝගිකත්වය කොපමණදැයි මෙයින් වැටහිය යුතුය. සන්තුට්ඨිච යනු ලද දෙයින් සතුටු වීමයි. භික්ෂූන් වහන්සේලාට මේ මංගල කරුණ අනිවාර්යයෙන්ම තිබිය යුතුය.   ලද දෙයින් සතුටු වන්නා ඉතා සන්තොසින් වාසය කරයි.   තමාට ඇති දෙයින් දිවි ගැට ගසා ගනියි. ඒ නිසා සිත තුල කරදර නැත. ආසාවන් නැත.   ලොවට නය වී නොයෙක් නොයෙක් භාණ්ඩ මිල දී ගන්නේ නැත.   විශාල සුව පහසු යහනක වුවද සිත කරදර කාරී නම් නින්ද යන්නේ නැත.   සිත සැනසී ඇත්නම් පැදුරක වුවද නින්ද යයි. එය මංගල කරුණක් ලෙස බුදු රජානන් වහන්සේ දේශනා කලේ ඒ නිසාය.   කතංඤ්ඤුතා යනු අද ලෝකයේ ශීග්රයෙන් නැති වී යන ගුණ ධර්මයකි. එනම් කෘතඥ තාවය හෙවත් කල ගුණ සැලකීමයි. සුලුවෙන් හෝ යම්කිසිවෙක් තමාට උදව්වක් කොට ඇද්ද, ඒ සඳහා කල ගුණ සැලකීම මංගල කරුණක් ලෙස බුදු හිමි වදාලහ.


මතු සම්බන්ධයි……………….

No comments: