Sunday, March 14, 2010

බුද්ධාගම - නවීන විද්යා.වේ පදනම වශයෙන්.... 4

උතුරු තායිලන්තයේ චියෑංග් මායි විශ්ව විද්යාසලයේ 1991 අගෝස්තු 16 වැනි දින පූජ්යන ප්රාායුද් ප්රාුයුත්තෝ හිමියන් විසින් පවත් වන ලද දේශනයක් ඇසුරෙනි.


විද්යාඥයෝ, ඔවුන්ගේ විද්යාත්මක පරීක්ෂණවල සත්ය තාවය නිරීක්ෂනය කිරීම සඳහා විද්යාත්මක ක්රම භාවිතා කරති. මෙහිලා මූලික සාධක වනුයේ, නිරීක්ෂනය හා සත්යාපනයයි. නිරීක්ෂනයටද කෙලවරක් නොමැත. යලි සැකයක් මතු නොවන තෙක් නිරීක්ෂනය කිරීම සාමාන්යයෙන් විද්යායඥයින්ගේ සිරිතය. නමුත් ඒ සඳහා කොපමණ වෙරක් දැරුවද, අවසානය එය නොවේ. ඒ නිරීක්ෂනය සඳහා යොදාගත් උපකරණ සහ උපයෝගී කර ගත් විද්යාත්මක ක්ර්ම කාලයාගේ ඇවෑමෙන් යල් පනින බැවිනි. උදාහරණයක් වශයෙන් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය පිලිබඳ නියමය දෙස බලමු. මේ නියමය මුලු ලොවම සත්යයක් ලෙස පිලිගත් සිද්ධාන්තයකි. විසි වැනි සියවසේදී අයින්ස්ටයින් ඒ නියමය සම්පූර්ණ සත්යයක් බවට පිලිගත නොහැකි බවට කරුණු ඉදිරිපත් කලේය. අනුපරමාණුක තලයක, (subatomic level) නිව්ටන්ගේ නියමය නිෂ්ප්රභා වෙයි!!! නමුත් නිව්ටන් මේ නියමය ප්රනකාශ කල අවස්ථාවේදී අනුපරමාණුක ක්රියාන්විතය පිලිබඳව විපරම් කිරීමට උපකරණ නොතිබිනි. විද්යාත්මක නියාමයන් පවා කලින් කලට වෙනස් වන සුලුය. මේ නයින් බලන කල, විද්යාඥයින් සාමාන්ය ජනතාවගේ හාස්යයට පවා ලක් වී ඇත. සාමාන්ය දොරක් දෙස බලමු. දොරවල් ඇත්තේ අනවශ්යය පුද්ගලයින්, සතුන් ඇතුලුවීම වලකාලීමටය. විද්යා‍ත්මක තර්කයට අනුව:


    දොර බාගෙට වසා ඇත = දොර බාගෙට ඇරී ඇත.
    එසේ නම්, දොර සම්පූර්ණයෙන් වැසූ විට = සම්පූර්ණයෙන් ඇරී ඇත.


ඒ කියන්නේ, විද්යාවට අනුව, දොරවල් වලින් වැඩක් නැති බවද? නමුත් එය එසේ නොවන බව කුඩා දරුවෙකුට පවා වැටහෙන දෙයකි. විද්යාව සාමාන්ය ජනතාවගෙන් ඈතට යමින් පවතී. විද්යාව පරිහරණය කරන්නේ එක්තරා ප්‍රභූ කොටසක් පමණි. මේ ප්රභූන්ද යටත් පිරිසෙයින් දෙකොටසකට බෙදී ඇත. ඒ සාමාන්ය විද්යාඥයින් සහ විශේෂඥ විද්යාඥයින් වශයෙනි. ආගම සියලු ජන කොටස්ම පරිහරණය කරන්නා වූ දෙයකි. ආගම හා විද්යාව අතර ඇති ප්රධාන වෙනස් කම මෙය වේ. නමුත් මෙය මෙසේ නොවිය යුතුය. ආගම සහ විද්යාව යන දෙකම මානව සංහතියේ ශුභ සිද්ධිය උදෙසා විය යුතුය. විද්යාව මානව සංහතියේ අවබෝධය, තව පුලුල් කල යුතුය. විද්යාත්මක නිපදවීම් සෑමවිටම පාරිභෝගිකයාගේ මනැස සතුටු කරවීමට උත්සාහ කරයි. මේ නිපැයුම් වලට එක්තරා වාණිජත්වයක් මුසු වී ඇත. ඒ මගින් නිපදවන්නාගේ ආර්ථිකය ගොඩනගා ගැනීමට පුලුවන් බැවිනි. රූපවාහිනිය මානව සංහතියට දායාද වී දශක ගනනක් වී ඇත. මේ කාලය ඇතුලත රූපවාහිනියෙන් වන සේවය දියුණු වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. විශාල පෙට්ටියක් වශයෙන් බිහි වූ රූපවාහිනිය දැන් ඉතා කුඩා ඝන කමක් ඇති පැතලි රාමුවක් වශයෙන් පැමින ඇත. විද්යාත්මක වශයෙන් සුලු සුලු වෙනස් කම් ඇති වුවද, මානව සංහතියට ඇති වූ යහපතක් නැති තරම්ය. රූප වාහිනියෙන් පෙන්වන දේ අතරෙන් බොහෝ දේ මිනිස් මනසට හානිකිරීමට පිලිවන් දේවල්ය. අසීමිත ආසාවල් පසුපස දුවන, ලද දෙයින් සතුටු නොවන, රාගාත්මක දේවල් පසුපස හඹායන සමාජයක් මෙයින් බිහි වීඇත. සන්නි වේදනය ශීඝ්රයෙන් දියුණු වී ඇත. නමුත් සන්නිවේදනය බොහෝ සෙයින් භාවිතා වන්නේ මුලාව, මෝහය පසුපස හඹා යෑමටය. විද්යාව මේ සඳහා කිසිම වගකීමක් භාර නොගනියි. අලුතෙන් වෙළඳ පලට එන්නේ කුමක්ද, ඒ සඳහා වෙළඳ දැන්වීම් එමටය. පාරිභෝගිකයාගේ මනස රවටා සිය මඩිය තරකර ගැනීම එය නිපදවන්නන්ගේ අදිෂ්ඨානයය. අද ලෝකයේ ජංගම දුරකථන කොපමණ නිපදවෙයිද? හොඳට ක්රිනයා කරන ජංගම දුරකථනයක් තිබියදී වෙනත් එකක් ගන්නා අය කොපමණ ඇද්ද? මුලාව, මෝහය ආදී හානිකර දේවල්, විද්යාව නොනිසි ලෙස භාවිතා කිරීමෙන් සිදුවූ දේවල්ය. පරිගණකය දෙසම බලන්න. මිනිසාගේ වැඩ කටයුතු පහසු කර ලීම සඳහා නිපැදවුනු පරිගණකය ඉතා ප්රයෝජනවත් උපකරනයකි. අසූව දශකයේ මුලභාගයේ සාමාන්ය ජනතාව අතට පත්වුනු පරිගණකය, අද ලෝකයේ ප්රයෝජනයට වඩා පරිහානිය දෙසට ගමන් කරමින් සිටියි. බොරුව, වංචාව කරන හැටි පාසැල් ලමුන් පවා ප්රපසිද්ධියේ කියා සිටිති. අපේ රටේ අවාසනාවකට මෙන් ඔවුන් බෞද්ධ පාසැල් වල ලමයි වෙති. පරිගණකය මාර්ගයෙන් කරන වංචාද, බොරුව, හොරකම යන ගණයටම අයත් වෙයි. පරිගණක මාර්ගයෙන් කරන බොරුව, බොරුවක් නොවේය, කියා පවසන්නට පවා සමහරු නිර්දය වෙති. නමුත් බොරුව බොරුවමය. වංචාව වංචාවමය. සදාචාරය සදාචාරයමය. විද්යාව කලින් කලට වෙනස් වූවත්, සදාචාර ධර්මයන් වෙනස් නොවේ. විද්යාවේ අනුසාරයෙන් හොර බොරු කිරීමට පවා අද වරම් ලැබී ඇත. මේ සියලු අවිචාර දේවල්, අවිචාර සම්යේදීම, ආගමට පැටවීම සිදුවී ඇත. අද විද්යාව කෙරෙහි සාමාන්ය ජනතාව තුල ඇත්තේ අන්ධ භක්තියකි.


ලෝකයේ බොහෝ ආගම් ඇතත් ඇත්තේ එකම විද්යා වකි. ඉතිහාසය දෙස බැලූවිට එහි සත්යතාවය අපට වටහා ගත හැක. ආගම් බොහෝ ගනනක් හා එකම විද්යාවක් එකට පැවතීම, ලෝකයේ ස්වභාවය පිලිබඳව, විශ්වයේ ගුණාංග පිලිබඳව විග්රහ කිරීම, තවමත් විද්යාවට අපහසු වී ඇති බවක් පෙන්වයි.. ඒ නිසා තාවකාලික වශයෙන් හෝ ආගම් සමග එකම වේදිකාවකට ගොඩ වීමට විද්යාවට සිදු වී ඇත. විද්යාව, අවසානයේදී සත්ය්ය කරා එළඹුණු කල , (එසේ වුව හොත්) ඒ සත්යය මානව සංහතිය අසන ප්‍රශ්න වලට පරිපූර්ණ පිලිතුරු සපයන, පරම සත්යයක් හා ශ්රේෂ්ට සත්යයක්ද වනු ඇත. විද්යාව පිලිබඳ ඇති විශ්වාසය දෙදරා යන විට ඒ හා සමග පවතින ආගම් නව පුනර්ජීවණයක් ලබයි. සාමාන්ය ජන ජීවිතයේ ඇති ගැටලු වලට විද්යාව පිලිසරණක් දී නොමැත. විද්යානුසාරයෙන් ජනතාව සතුටු කිරීමට නොපිලිවන. ඔවුන්ගේ ගතිගුණ (වැරදි ) නිවැරදි කිරීමට නොපිලිවන. ආතතිය, සිත් වේදනා, දුක් කම් කටොලු, මානසික වේදනාවන් ආදී දේවල් සමනය කිරීමට විද්යාවට නොපිලිවන. තාවකාලික වශයෙන් මානසික ආතතිය ආදී රෝග වලට විද්යාකත්මක ප්රතිකාර ඇතත්, ඒවා සම්පූර්ණ යයි කිව නොහැක. රසායනික ද්ර ව්ය ශරීර ගත කිරීමෙන් අනර්ථකර අතුරු ඵල ඇතිවන බව නොරහසකි. විද්යාත්මක චින්තනයට අනුව, අනාගතයේදී, සතුට ගෙනදෙන බෙහෙත් නිපදවිය හැක. නමුත් ඒ බෙහෙත් වැටෙන්නේ උත්තේජක ගණයට මිස, ඖෂධ වශයෙන් නොවේ. මේ වැනි රසායනික ද්රව්ය නොයෙක් නම් වලින් ලොව පුරා දැනට ඇත. රහසිගතව මේ රසායනික ද්ර ව්ය ලොව පුරා අලෙවි වෙයි. තාවකාලික සුවයක් ලැබුනත් ඒවායේ ඇති උවදුර අතිශයින්ම භයානකය. දැනට වුවද ලෝකය සෑහෙන අමාරුවක වැටී ඇත. ආහාර වලට එකතු කරන කෘතිම ද්රව්ය, වගාවලට භාවිතා කරන කෘමිනාශක ද්රව්ය ආදී රසායනික ද්රව්ය  නිසා ඇති වී තිබෙන හානි අපට දැකගත හැකිය. නමුත් ප්රශ්නය මෙය නොවේ.... යථාදර්ශනය (perception) විය යුත්තේ සාරධර්මයි (values). ජීවිතයේ ඇති වංශවත් භාවයයි (quality of life). ආගමක අභිප්රාය විය යුත්තේ නිදහස් ජනතාවක් බිහි කිරීමයි. 'නිදහස්' වශයෙන් මෙහි අදහස් කරන්නේ බාහිර ද්රව්යයන්ගෙන් තොර ව, සතුටු විය හැකි ජීවන රටාවක් ගොඩනගා ගැනීමයි. බාහිර රසායනික ද්රව්ය භාවිතයෙන් සිදු වන්නේ සිය සතුටත්, දෛවයත් රසායනික ද්රව්ය වලටම භාරදීම පමණකි. කවදා හෝ මේ තත්වයක් ඇති වුව හොත් අපට සාමාන්ය මනුශ්යකයන් හැටියට පෙනී සිටීම අපහසු වනු ඇත. අපි කෘතිම ජනකායක් වීම වැලකිය නොහැක. එවිට ස්වාභාවික පරිසරයකට ඔරොත්තු නොදෙන කෘතිම මනුශ්ය කොට්ඨාශයක් වශයෙන් පොලෝ තලයෙන් අතු ගෑවී යාමට පවා පිලිවන. විද්යාවට, විද්යායනුසාරයෙන් මානව සංහතියේ එදිනෙදා ගැටළු නිරාකරණය කිරීමට නොපිලිවන. විද්යාවට, යහපත් හැසිරීම් රටාවක් උදෙසා මානව සංහතිය පෙළඹවීමට අපහසුය. අභ්යන්තර චිත්ත සන්තුෂ්ටියක් මානව සංහතියට ලඟාකරදීමද අපහසුය. විද්යායනුකූල 'සත්යය' අසම්පූර්ණය, එසේම අවිනිශ්චිතය... කවදා මතුවේදැයි පවා කිව නොහැක. තවද එම 'සත්යය' ද වෙනස් වෙමින් පවතී.


මනුශ්යයාට ආගමක් අවශ්ය ද? ලෝකයේ ආගම් පවතින්නේ ඇයි?   ඒ, දෛනික ගැටළුවලට, සම්පූර්ණ, එමෙන්ම ප්රායෝගික පිලිතුරක් මිනිසාට අවශ්ය බැවිනි. එම පිලිතුර සත්යාදපනය කල නොහැකි බැවින්ද, විද්යාවටද එසේ කිරීම අපහසු බැවින්ද, විශ්වාසය මත පිලිතුර රඳා පවතියි. තාක්ෂණික වශයෙන් යම්කිසි 'දියුණුවක්' ඇතිවුවද, ඒ දියුණුව භෞතික ලෝකයේ ද්රව්යමය දේවල්වල ප්රිගතියක් මිස නියම දියුණුවක් ලෙස සැලකිය හැක්කේ ඉතාමත් සුලු ප්රමානයක් පමණකි. මේ පිලිබඳව සලකා බලන විට සෑම ක්ෂේත්රයකම විද්යාවේ 'අත්වැරදි' , (භයානක අත්වැරදි) දැකිය හැක. මේ අත්වැරදි ඇතිවූයේද, ඉතා උග්ර අන්දමින් ඒ ඒ ද්රව්ය‍ පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. ක්ලෝරම්ෆෙනිකෝල් නම් වූ ඖෂධය සලකා බලමු. එය ලොවට හඳුන්වා දුන් පසු බහුල ලෙස එය භාවිතා විය. සන්නිපාත උණට පමණක් නොව ප්රතිජීවකයක් (antibiotic) ලෙස ඉතා බලසම්පන්න ඖෂධයක් ඇති බව වෛද්යවරු විශ්වාස කලහ. යලිත් වෙන ඖෂධයක් අවශ්ය නොවෙන බවට සමහරු විශ්වාස කලහ. ඊට දශකයකට පමණ පසු මෙම ඖෂධයෙන් ඇට මිදුලු අවපීඩනයට (bone marrow depression) ලක්වන බවත්, එයින් ලියුකීමියා නම් වූ පිලිකා රෝගය ඇතිවන බවත් පතල විනි. DDT (dichlordiphenyltrichloroethane) 1939 දී කෘමිනාශකයක් ලෙස ලොවට හැඳුන්වීය. දෙවැනි ලෝක මහා යුද්ධයේදී DDT මැලේරියා සහ ටයිෆස් මැඩ පැවැත්වීමට මහෝපකාරී විය. වැඩිකලක් ගත වීමට පෙර එය පිලිකා කාරකයක් බවට පතල විය. එසේම කෘමි නාශකබවද නැති වී ගියේය. දැන් ඒ ද්රව්යයෙන් නැසෙන්නේ කෘමින් නොව මනුශ්යයන්ය. තැලිඩෝමයිඩ් තවත් විද්යාදත්මක සරදමකි. නිද්රා කාරකයක් ලෙස 1950 දශකයේ අගභාගයේදී ලොවට හඳුන්වා දුන් මේ රසායනික ද්රව්ය  බහුල ලෙස ඇමෙරිකාවේ භාවිතා විය. වැඩි කල් නොගොස්ම එය විරූපී පිලිකා කාරකයක් ලෙස පතල විය. මේ ද්රාව්යද ලොවට හඳුන්වා දීමට පෙර පරීක්ෂණ-නිරීක්ෂණ වලට භාජන විය. මේ පාවෙන හිම කන්දක ඇසට පෙනෙන උඩ කොටස පමණි.


කොපමණ පරීක්ෂණ-නිරීක්ෂණ පැවැත්වුවත්, අනපේක්ශිත ප්රතිඵල ලැබෙන නිසා විද්යාව කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි බව ප්රඥාවන්ත ජනයා තේරුම් ගත්හ. ඒ නිසා ආධ්යාත්මික පිලිතුරක් සොයා යන්නෝ ක්ර්මයෙන් වැඩි වෙන බව පෙනෙයි.


(මතු සම්බන්ධයි..................)

1 comment:

indi said...

vidhya kiyanne....hemada wenas wanne....lodahama wenne,,,,,budahama nee,,,,wenas wanne......