Tuesday, February 23, 2010

බුද්ධාගම - නවීන විද්යා.වේ පදනම වශයෙන්.... 2

උතුරු තායිලන්තයේ චියෑංග් මායි විශ්ව විද්යාේලයේ 1991 අගෝස්තු 16 වැනි දින පූජ්යස ප්රාසයුද් ප්රාුයුත්තෝ හිමියන් විසින් පවත් වන ලද දේශනයක් ඇසුරෙනි.


භූමි කම්පා, ගංවතුර, පිපිරෙන ගිනි කඳු ආදී ස්වාභාවික, මහාවිනාශකාරී ආපදා වලට මනුශ්යයා බියක් දැක්විය. ආදී මනුශ්යවයා මේ සංසිද්ධීන් (phenomena) කෙරෙහි අති මහත් බියක් දැක්වූයේ ස්වාභාවික වූ මේවායේ හටගැනීම ඔහු නොදැන සිටි නිසාය. එමෙන්ම ඒවායේ ප්රතිඵල අති භයංකාර විය. බොහෝ විට කිසිම දැනුම් දීමක් නැතිව මනුශ්යයාට බලපාන මේ ව්‍යසනවලට මිනිස් සංහතිය අතිශයින්ම බිය විය. මේ ස්වාභාවික විපත් වලට පිළිතුරක් සොයා ගැනීමට ඔහු වෙහෙසුනේද ඒ නිසාය. එම ගවේෂණය මිනිසා වටා ඇති ස්වාභාවික පරිසරය වෙතටම යොමු වුනි. ස්වාභාවික විපත් වලට පිළිතුරක් සොයා යන මානවයා, එක්තරා සන්ධි ස්ථානයකට පැමිණියේය. මේ සන්ධි ස්ථානය මානව ඉතිහාසයේ ඉතා වැදගත් වන්නේ විද්‍යාත්මක වශයෙන් හා ආගමික වශයෙන් එකම මූලෝත්පත්තියක් ඇති බැවිනි.


ඒ මූලෝත්පත්තිය අනුව අපට මෙසේ සඳහන් කල හැක.


1. ආගම බිහි වූයේ ස්වාභාවික විපත් වලින් ගැලවීමට මානවයා පිළිතුරක් සොයා යනවිටය.


2. විද්‍යාව බිහිවූයේ ස්වාභාවික දේවල් ගැන අධ්යයනය කිරීමේ ආශාව මානවයා තුල ඇති වූ විටය.


ස්වාභාවික විපත් වලින් ගැලවීමේ අභිලාශය ඔස්සේ ගවේෂණය කල මානවයා, ඒ විපත් වලට ඇති බිය නිසාම මේ සංසිද්ධීන් සිදුවන්නේ කෙසේදැයි විමැසීමට පෙලඹුනේය. මානව ඉතිහාසයේ සඳහන් ඇති පරිදි, මිසරය, මෙසපොතේමියාව ආදී ඉපැරණි සංස්කෘතිවල විද්‍යාත්මක සොබාදහම ගැන පර්යේශන පැවැත්වූවෝ ආගමික පසුබිමක් ඇත්තෝ වූහ.


එකම් මූලෝත්පත්තියක් මත බිහිවුවද, ඒ පසුබිම මත ම ආගම හා විද්යා‍ව දෙපසට බෙදී ගොස් ඇත. එසේ සිදු වූයේ කුමක් නිසාද?


ස්වාභාවික විපත් ඉතා ඉක්මනින් මිනිසා විනාශය කරා ගෙනයයි. ඊට පිළිතුරද ක්ෂණික විය යුතුය. ඒ වනාහී උවදුර යොමු වී ඇති මිනිස් කොට්ඨාශය, ජීවිතයද, මරණයද යන දෙගිඩියාවෙන් භීතියට පත්ව ඇති බැවිනි. එවැනි අවස්ථාවක එවැනි උවදුරක් වහාම නතර කල යුතුය. එසේ නතර කිරීමේ ක්රිතයා දාමයක් ඇති විට,හෝ සොයා ගත් විට ඒ ක්‍රියාදාමය 'ආගම' වශයෙන් සංස්ථායීකරණය (institutionalize) විය.


ඈත අතීතයේ සිදු වූ මේ දේවල් අද දවසේ විචාරා බලන විට මුග්ධ දේවල් බව පෙනෙයි. නමුත් එදා සිටි මානවයා ගුප්ත චාරිත්‍ර විධි ගතානුගතිකව අනුගමනය කලහ. ආගමික මූලාදර්ශය මෙසේ බිහි වීමත් සමගම තව කොටසක් බිහි විය. ස්වාභාවික විපත් වල අනන්තර භාවය (immediacy) වියැකී ගිය පසු කරුණු සෙවීමටත්, ඒ කරුණු විශ්ලේෂණය කිරීමටත්, විශ්ලේෂණයෙන් ලැබෙන ප්‍රතිඵල අනුව පර්යේශන කිරීමටත් මේ කොටස වග බලා ගත්තේය. මෙසේ ක්රමානුකූල නිරීක්ෂණයෙන් හා පර්යේෂණයෙන් බිහි වූ ක්රමවේදයන් ‘විද්යාව’ වශයෙන් ප්‍රකට විය.


ආගම හා විද්යායව පිළිබඳව අපසාරිතාව (divergence) ඇතිවූයේ මෙසේය. ස්වාභාවික විපත් වලට මානවයා සොයා ගත් ක්ෂණික ප්රතිකර්මය, ක්රමානුකූල විචාරාත්මක බවෙන් තොර, විශ්වාසය සහ භක්තියෙන් පෝෂණය වූ සිද්ධාන්ත විය. ආගම බිහිවූයේ මෙසේය. ආගම ඉතා තදබල ලෙස භක්තිය මත රඳා පවතී. විද්යාව දෙස බලන කල, එය නිරීක්ෂන, පර්යේශන, පරීක්ෂණ මගින් නිගමන වලට පැමිණිය හැකි, ක්ර මානුකූල ක්රමවේදයක් අනුගමනය කරන වැඩ පිලිවෙලකි. මේ කාලසන්ධියේදී (වකවානුවේදී) විද්‍යාව සහ ආගම අතර ප්රාථමික නමුත් සුවිශේෂ වෙනසක් දැකිය හැක. ආගම බහුතර ජනතාවගේ ජීවිතයේ කොටසකි. එහි ක්රමානුකූල සම්ප්රදායයක් නොමැත. ඇත්තේ විශ්වාසය හා භක්තියයි. විද්යාව ඇත්තේ ඒ විද්යාව පිලිබඳව ආශාවක් ඇති ක්රමානුකූලව පර්යේශන, පරීක්ෂණ, නිරීක්ශන මගින් නිගමන වලට පැමිණෙන සාමාන්යයෙන් 'උගත්' ජන කොටසකටය.


ආගමෙහි මුල් ඇත්තේ භක්තිය තුලය. එහි සාරය ඇත්තේද භක්තිය තුලය. ආගම, වෙනස් නොවන, විශ්වාසදායක, ප්රශ්න නොනගින පරිසරයක්, ආගමේ චිරස්ත්ථිතිය උදෙසා පවත්වා ගත යුතය. විද්යාව, ක්ර්මානුකූලය. එහි අන්ධ භක්තියක් නැත. ඇත්තේ යලි සත්යාපණය කල හැකි පර්යේශන, පරීක්ෂන, නිරීක්ෂන මගින් ලබා ගන්නා විද්යාත්මක සත්යයන් පමණකි. ආගම, ජීවිතයේ ඇති ගැටලු වලට එක පිළිතුරක් සැපයීමට පෙලඹී ඇත. විද්යාව, විද්යාමාන වන සත්යගතාවයන් එකින් එක අමුණා සම්පූර්ණ චිත්රය දෙස බැලීමට පෙලඹී ඇත. ආගම සහ විද්යා ව යන මේ කොටස් දෙකට අමතරව තවත් කොටසක් බිහිවිය. ඒ කොටස ආගමෙහි කියැවෙන දේත්, විද්යාවෙන් කියැවෙන දේත් පිලිගත නොහැකි බව ප්රිකාශ කල කොටසකි. මොවුහු විද්යාත්මක විමැසීමක් කරන තෙක් නොසිට, තර්කානුකූලව, ප්රශ්න ඇසීමෙන් හා කරුණු සැලකීමෙන් ප්රශ්න නිරාකරණය කිරීමට සැරසුනු කොටසකි. මේ කොටස දර්ශණවාදීහු වශයෙන් හැඳින්වුනි.


මේ සංයම(disciplines) තුන ස්වභාදහම නම් වූ මිනුම් දණ්ඩ භාවිතා කොට සංසන්දනය කල විට අපට දැක ගත හැක්කේ මෙවැනි කරුණු ස්වල්පයකි.


විද්යාව: තවමත් නිරීක්ෂනය සහ සත්යානපනය කල හැකි බවට පරීක්ෂන පැවැත් වුවද නියම පිලිතුරක් නොමැත.


දර්ශනවාදය: සත්යාපනය කිරීම වෙනුවට පිලිතුරක් සොයන්නේ තර්කානුකූල, පිලිගතහැකි විශ්ලේෂනය තුලිනි.


ආගම: භක්තිය මත ගොඩනැඟුනු සත්යාපනයට ඉඩක් නොතබා සැදුනු පිලිතුරකි.


දර්ශනවාදයත්, විද්යාවත් බිහිවූයේ ආගමට පසුවය. ඒ දෙකොටසම ආගමට වඩා පෙහෙළි වූ විසඳුමක් දී ඇත. නමුත් දල වශයෙන් ගත් කල ඒ දෙපාර්ශවයේම විසඳුම අසම්පූර්නය. ඒ නිසා භක්තිය මත ගොඩ නැගුනු ආගම, භක්තියෙන්ම පෝෂණය වී තවමත් භක්තිය මතම පවතියි.


(තවත් කොටසක් ලඟදීම................)

4 comments:

NUWAN"s lane said...

අපේ ගුනතුංග මහත්මයා ආයෙත් ඈවිත්....සංතෝශයි.සංතෝශයි.....දෑන් ලිපිය කියවන්නම්.දෑක්ක ගමන් මෙ ලිව්වෙ.

අඛිල said...

ඉතින් බුද්ධාගමත් මේ විදිහට පැහැදිලි කළ හැකිද?

සරත් ගුණතුංග said...

දයාබර අඛිල, මේ කොටස් වශයෙන් පලවෙන සටහන් පෙලකි. තව ඉදිරියට පලවෙන සටහන් වලින් ඔබේ ප්‍රශ්නයට පිලිතුරු ලැබෙන බව මට මේ අවස්ථාවේ කියන්න පුලුවන්.

අඛිල said...

ගූණතුංග මහතාණෙනි.
ඉදිරියට පළවෙන ලිපිත් කියවන්නම්.