Thursday, July 29, 2010

කුමුදු ලාල් පින්තු සිරිමතානනි

ඔබගේ ශිෂ්‍ය පරම්පරාව සේ මම ඔබ ඇසුරු කොට නැත. නමුත් අපි දෙදෙනාටම , කාටත් පොදුවූ ධර්මතාවයක් ඔස්සේ සංසදය ඇතුලතදීත් පිටතදීත් සාකච්ඡා කෙලෙමු. අද ඔබ මෙහි නොමැති නිසා අපි දෙදෙනා බෙදා ගදා ගත් දැනුම, සියල්ල්ලන්ගේම පහසුව තකා මම පල කරන්නෙමි. එහි වරදක් ඇතිනම් මට සමා වෙන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මරණය ගැන ඔබ පලකල සටහන් කෙරෙහි මගේ සිත් ඇදී ගියේ නිතැතිනි.

මෙය කාටත් පොදු වු , කාටවත් ගැලවිය නොහැකි ධර්මතාවයකි. කොපමන කල් තැබුවත්, පසු පසම එන, අපි සූදානම්ව සිටිය යුතු ධර්මතාවයකි. ඔබේ හදිසි වියොව අපට විශාල කම්පනයක් වූ වත්, එය ඔබට විශාල සිද්ධියක් වූ බවට සාක්ෂි නොමැත. "මරණය" ගැන ඔබ පවසා ඇති දේ ඊට සාක්ෂි දරයි.

Tue, 29 June, 2010 8:05:16 PM
Re: මරණය
From: Sarath Gunatunga
To: Kumudu Lal Pinto
--------------------------------------------------------------
http://www.forestsangha.org/ අජාන් චා හිමි
http://www.aimwell.org/ මහාසි සයදෝව් හිමි
-------------------------------------------------------------
form: Kumudu Lal Pinto 
To: Sarath Gunatunga 
Sent: Tue, 29 June, 2010
Subject: Re: මරණය

සම්මා සම්බුදු සරණයි.
හිතවත් සරත් ගුණතුංග මහතා වෙත,

එවන ලද විස්තරයට ස්තුතියි. මා පෞද්ගලිකව සිතන දෙයක් නම් අප ඍජුවම භාවිතා කරන බෞද්ධ ප්‍රතිපත්තිවලට වඩා යමක් බුදු දහමේ සැඟවී ඇති බවයි. උදාහරණ වශයෙන් අප ලෞකික දියුණුව සඳහා සිඟාලෝවාද පරාභව ආදී සූත්‍ර උදාහරණයට ගත්තත් අභිධර්මයේ එන සෝභණ චෛතසික ද ලෞකික වූ යම් දෙයකින් දියුණුව ලබා ගැනීමට යොදා ගත හැකි බව පෙනී ගොස් ඇත.

මා මරණය ගැන උනන්දුවක් දක්වන්නේ දැන් ජීවත් වූ ප්‍රමාණය ඇතැයි බොහෝ විට සිතෙන නිසා ත් මා කිසිවකුගෙන් යැපෙන්නේ නැති අතර මගෙන් ද කිසිවෙකු යැපෙන්නේ නැති බව ද අවබෝධ වී ඇති නිසාත් ය. මහාසි සයදෝව් ස්වාමීන් වහන්සේ වෙබ් අඩවිය ද සොයා ගත නොහැකි විය. Buddhanet වෙබ් අඩවිය ඉතා විශාල තොරතුරු ගබඩාවක් බැවින් කාලය අරගෙන එය හැදෑරීම වඩා සුදුසු යැයි සිතමි.
මෙසේ ඊ-මේල් මඟින් හෝ අදහස් හුවමාරු කර ගැනීමට පින්වත් අය සිටීම අපගේ වාසනාවක් බව හඟිමි.

නවතිමි. ඔබට තෙරුවන් සරණයි.

කුමුදු පින්තු
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
2010/6/29 
From: Sarath Gunatunga 
සම්මා සම්බුදු සරණයි
හිතවත් මහත්මයාණනි

මේ මාතෘකාව යටතේ ඔබ දෙවරක් බ්ලොග් අඩවියේ සටහන් ඉදිරිපත් කර ඇති නිසා ඔබට මේ ලිපිය ලිවීමට මට සිත් විය. අවුරුදු ගනනක් පටන් බුදු දහම පිලිබඳව මම ඉතා විශ්වාසයකින් හා කැප වීමකින් යුතුව කටයුතු කරන්නෙමි. ලංකාවෙන් පිට සිටි නිසා, මම ලාංකික බුදු දහමෙන් ඈත්ව සිටියෙමි. මට උපකාරී වුයේ Buddhanet, තායිලන්තයේ සහ මියන්මාරයේ ඇති ථේරවාද පොත් පත්ය. මගේ වාසනාවකට මේ පොත පත ඒ රටවල වෙසෙන ස්වාමීන් වහන්සේලා විසින් නොමිලයේ බෙදා දීම පිනිස අන්තර්ජාලයේ තැන්පත් කොට ඇත. මගේ දැනුම පෝෂණය වූයේ එසේය. මේ පොත් වල සම්පාදකයන් වූයේ ථේරවාද විශේෂඥයන් ලෙසින් ලොව සලකන ස්වාමීන් වහන්සේලාය. මරණය පිලිබඳව මා කියවා ඇති හොඳම පොත රචනය කොට ඇත්තේ මහාසි සයදෝව් ස්වාමීන් වහන්සේ විසිනි. ඒ පොත නොමිලයේ බෙදා හැරීම පිනිස උන්වහන්සේගේ වෙබ් අඩවියේ ඇත. උන්වහන්සේගේ පටිච්ච සමුප්පාදය නම් පොතේ මෙය ඉතා විස්තර සහිතව දක්වා ඇත. උන්වහන්සේ දක්වා ඇති විපස්සනා භාවනා ක්‍රමය බුදු රජානන් වහන්සේ විසින් දේශනා නොකල ක්‍රමයක් බව 1959 වසරේ බුරුම ධර්ම දූත පිරිසක් මෙරටට වැඩම කල අවස්ථාවේදී එක්තරා ලාංකික භික්ෂූන් පිරිසක් හඬ නැගූහ. ඊට වසර 30කට පසුව ජර්මන් ජාතික ඤාණපොනීක ස්වාමීන් වහන්සේ (මහනුවර forest hermitage හි වැඩ විසූ) ඒ ක්‍රමය බුදු රජාණන් වහන්සේ විසින් අනුමත කරන ලද ක්‍රමයක් බව ප්‍රකාශ කලේය. මේ බව ඤාණපොනීක ස්වාමීන් වහන්සේ ගේ Four Foundations of Mindfulness යන පොතේ දක්වා ඇත. 

කෙසේ හෝ මහාසි ස්වාමීන් වහන්සේ විපස්සනා භාවනාව පුහුනුවේදී එක්වරම කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මනුපස්සනා වශයෙන් හතරම නිරීක්ෂනය කරන අන්දම පහදා දී ඇත. මේ අන්දමට පුහුනු කරන විට 'මම' කියා කෙනෙක් නැති බවත්, එහි ඇත්තේ මේ ස්කන්ධ පමණක් බවත් විටින් විට පැහැදිලිව පෙනේ. තවද මහාසි හිමියන්ගේ පොතේ සඳහන් පරිදි විඤ්ඤාණය ඛන්ඩ වශයෙන් ඇති වී නැතිවී යයි. යමෙකු මිය යාමට ආසන්නව, මෙසේ ඇති වන විඤ්ඤානය, ශරීරය බිඳී ගිය පසු වෙනත් තැනක ලැඟුම් ගනියි.
ගිය වසරේ මම විශාල ශල්‍ය කර්මයකට භාජනය වුනා. මගේ ශල්‍ය වෛද්‍ය මන්ඩලය සියල්ලම කේරල දේශයෙන් මේ රටට පැමිනි අය වූහ. ශල්‍ය කර්මයට පෙර මට සිදුවිය හැකී ආපදා සියල්ලම ඔවුන් මට විස්තර වශයෙන් පැවසීය. ඒ අතර මියයාම මුල් තැනක් ගත්තේය. මම මරණයට බිය නොවීමි. ඒ වන විට මට අඩි දහයකට වඩා හති නොවැටී ගමන් කිරීම පවා අසීරු විය. මම සිනහ මුසු මුහුනකින් carry on regarless වශයෙන් පැවසුවෙමි.

මගේ හදවත පොටෑසියම් ක්ලෝරයිඩ් ද්‍රාවනයක් මගින් ක්‍රියා විරහිත කොට කෘතීම හදවත්කින් රුධිරය ශරීරයේ ධාවනය කරවන බව මම කල් තියා දැන සිටියෙමි. ශල්‍ය කර්මය පිලිබඳව කිසිම මතකයක් මට තිබුනේ නැත. සත්‍යවශයෙන් එය කල බවවත් මා දැන සිටියේ නැත. මම එය සලකන්නේ තාවකාලික මරනය ලෙසටය. විඤ්ඤානය ආපසු ඒ ශරීරය හා එකතුව ක්‍රියා කල අන්දම මටම පුදුම සහගත විය. යම් විදියකින් මා මිය ගියේ නම් විඤ්ඤාණය වෙන තැනකට යනු ඇත. ඒ පිලිබඳ මතකයක් මට තිබේද යන්න මට අවිනිශ්චිතය.
මේ පිලිබඳව ප්‍රසිද්ධ වශයෙන් හඬ නගා කීමට තරම් මට ශක්තියක් නොමැත. නමුත් ඔබ මේ පිලිබඳව උනන්දුවෙන් සලකා බලන බැවින් ඔබට දන්වන්නට සිතුවෙමි.

29/07/2010: මගේ ශල්‍ය කර්මයට අදට වසරක් පිරෙයි. කුමුදු මහතා නොපෙනී ගොස් ඇත. මට තවම කථා කල හැක. නමුත් හෙට ... ඒ මා විය හැක. අපගේ ජීවිත ඉතාම අවිනිශ්චිතය. නමුත් සොබාදහම එසේමය. එය කිසිදාක වෙනස් නොවනු ඇත. අප එය පිලිගත යුතුය. එයින් සැඟවිය නොහැක. තෙරුවන් සරණයි

සරත් ගුණතුංග
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඔබ විසින් රචිත සටහනකුත්, ඊට අඩාල වන මවිසින් රචිත සටහනකුත් මෙහි ලියැවී ඇත. ලාල් මහතානනි, ඔබට යහපතක්ම වේවා.

Thursday, July 15, 2010

විල්පත්තු ඛෙදවාච්චකයේ තවත් මහකයන්...............

පසුගිය දිනෙක විල්පත්තුව සමග වු සටහනක් මගේ මතකය යලිත් අවදි කෙලේය. . මේ සටහන ලියන්නේ ඊට පිලිතුරු වශයෙනි. එම සටහනේ නොතිබූ දේත්, මගේ මතකයත්, මගේ අදහසුත් අලලා මේ සටහන ලියැවේ. චරිත් වීරක්කොඩි මහතාගේ "විල්පත්තු සිහිවටනය' අලලා මේ සටහන ලියැවෙයි.

මෙය සිදුවූයේ මා පාසැල් සිසුවෙක්ව සිටියදීය. අනුරාධපුර පුත්තලම් පාර ඉතාම පාලු පාරක් බව මා ඒ සමයේදීම අසා තිබුනි. ඉඳහිට යන ලොරියක් හෝ බස් රියක් හැරුණු විට මොටර් රථයක් මේ පාරෙන් යන්නේ කලාතුරකින්ය. වල් අලින් ගහන මේ පාර රාත්රයේ අන්ධකාරයෙන් වැසී ඇත. මේ අපරාධයේ මුලිකයා මේ පාර තම ක්රිඉයාවට සුදුසු යයි තෝරා ගන්නා ලද්දේ ද අපරාධයෙන් ගැලවීයාමට විය යුතුය. නමුත් ඔහුට දෛවය ඊට ඉඩ දුන්නේ නැත. කෙසේ හෝ හිසක් නැති මලකඳක් විල්ලුපත්තු හන්දියේ තිබී පොලිසියෙන් සොයාගත් බව පුවත් පත් වලින් අපි කියෙව්වෙමු. නමුත් පොලිසිය ක්රයාත්මක විය. හිස සුන් මලකඳ ඇඩ්ලින් විතාරණ යන තරුණියගේ බව පොලිසිය හඳුනා ගත්තේය. ජයලාල් ආනන්දගොඩ කොටුවීමට වැඩි කලක් නොගියේය. නොයෙක් දුෂ්කරතා මධ්ය‍යේ පොලිසිය ඉදිරියටම ගියේය.


කොළඹ සරසවියෙ මලමිනි තිබෙන තැ           න
හැඩි දැඩි සිරුරකිය, ගෙල හඳුනා ගත නොහෙ න
රෙජිස්තර් පොතේ ලියැවී ඇති ලෙසි               න
මරුවා මොහු වේය, ඇඩ්ලින් විතාර                 න

ඇඩිලින් විතාරණ තරුණිය මැරුවා                 ට
ජයලල් ආනන්දගොඩ චුදිතයා හ                    ට
හිමිවිය මරන දඩුවම නීතියට ර                       ට
සිරුරද අයිති වන්නේ නැහැපවුලක                 ට


මේ හැඩි දැඩි ආනන්දගොඩ නම් වූ ගුරුවරයා තමාට දාව මේ තරුණිය ගැබ් ගත් පසු ඇය විල්පත්තු හන්දියේදී තමා ගමන් ගත් මෝටර් රථයටම යට කොට ඒ තරුණිය සාහසික ලෙස ඝාතනය කල බවත් ඇයගේ හිස හඳුනා ගනීයයි බියෙන් සැඟවූ බවත් උසාවියේ ඔප්පුවිය. මේ මොනවා සිදු වුවත් මට වත් මා සිත තුල වත් විශේෂ යමක් සිදු නොවීය. සියල්ල සිතු වූයේ සිතූ පරිදිය . කාලය ගෙවී ගියේය. මම වෛද්ය විද්යාවලයට ඇතුලු වීමි. නවක වදකයටද මුහුන දී ඒ වදකයින්ගෙන්ද බේරී හා හා පුරා කියා මෘත ශරීරාගාරයට පිය නැගීමි. සිසුන් කන්ඩායම් පහක් හිස සහ බෙල්ල, පපුව , උදරය, කකුල්, අත් වශයෙන් කොටස් පහකට බෙදා අධ්යායනය කරනු ලැබේ. අපට ලැබී ඇති ශරීරය තුල ගෙල ප්රදේශය සම්පූර්නයෙන්ම විනාශ වී ඇත. අපි එයට හේතුව මහා චාර්යවරයා ගෙන් විමසා සිටියෙමු. ඒ ලැබුනු පිලිතුරෙන් මම කිලිපොලා සිටියෙමි. ඒ ජයලාල් ආනන්දගොඩය. පෝරකයට යාමේදී ගෙල ප්‍රදේශය විනාශ වන්නේ මෙහමලු


පුවත්පත් වලන් කියැවෙන ලෙසට මෙ           යා
මහ අපරාද කරුවෙකි, මහ බරක් කි               යා
මිය යන තෙක්ම ගෙලැ එල්ලා තබනු කි        යා
දුන්නා තීන්දුව විනිසුරු තුමන් (ද ) _               යා

දෙනෙතට දෙනත හමු වී නැහැ මගෙ ඔහු        ට
කිසි දින කථා කර නැහැ ගත කල දින ටික      ට
අද දින වුවද ඇස හා නොගැටේ ඇස              ට
දෛවයෙ සරදමකි මේ හමු වුනේ ම               ට

හැඩි දැඩි සිරුරකින් යුතු වුව නොමැත ප       ණ
මිනී මරුවෙක්ය, අද නිසලව සිටි                   න.
ඔහුගෙ වරද පොත් වල ලියැවී තිබි                න.
සිරුර කපන විට කිසිවක් හමු නොවු            න.

හමු වී නැතත් ජීව්ත් වූ දවස් ව                       ල
නුඹ මිය ගියත් පෝරකයේ කඹය මු              ල
වෙනසක් නොදුටුවෙමි, සිරුරෙහි ඇතුලෙ තු ල
මට කල උදව්වට පින මතු දින ඇදෙන ක      ල

එක අපරාදයට දෙවරක් පව ගෙවෙ              න
පුදුම ලෝකයකි මේ ජීවිතෙ ගෙව               න
අද දින මිනී මරුවන් සිය ගනන් ව                න
එක දඬුවමින් බෙරෙන හැටි බලනු මැ          න


නියම වී තිබුනු ඔහුගේ ජීවිතය පෝරකයේදී එල්ලන විට ගෙලෙහි තිබූ සියලුම පථක එල්ලීමෙන් විනාශවී ගොස් ඇත. මිය ගොස් තිබුනද ඔහු තවම හැඩි දැඩිය. ඔහු ජීවත්ව සිටියදී කල කීදෑ පුවත් පත් වල තිබූ සැටි මට එකින් එක සිහි වෙන්න පටන් ගත්තේය. වරෙක මම බයෙන් බිරාන්ත වූයෙමි. ඔහුගෙ ශරීරය ඇල්ලීමට පවා මට අපහසු තාවයක් දැනෙන්නට විය. අනෙක් සිසුන් දිහා බලා මම ධෛර්යය උපදවා ගතිමි. කෙමෙන් කෙමෙන් මම ඊට පුරුදු වීමි. ඒ ශරීරය කපන විට ඔහු කිසි දිනෙක හඬක් නොනැගීය. පසුව මට ඔහු වෙනුවෙන් ඇතිවූයේ සානුකම්පික බවකි. ඔහුගේ හදවත තුල ඇති ධමනි ශිරා ආදීය ඉතා හොඳ තත්වයේ පැවතුනි. ඒවා ඉගෙන ගැනීමට වෙනත් සිසුහු පවා පැමිනියහ. මේ මාපිට පෙරලෙන්නේ තවත් ජීවිතයක අනෙක් පැත්තය. මට කථා කල හැක. අනෙක් ජීවිතයට කථාකල නොහැක. එහෙත් ඔහුගේ සුසුම් හඬ මට යාන්තමින් ඇසේ. ඔහුගේ කථාන්තරය ලොවට කියන ලෙස ඔහු මට කියයි. මා කියන්නෙ ඒ කථාන්තරයයි. කාමයන්ගෙන් මුසපත්ව ඔහු කාමයන් කරා ඈදී ගොස් ඉන් ගොඩ නොනගින තැනකට වැටුන බවත් මේ ඉරනම අත් වූ බවත් මට කියයි. කවදාවත් ඔහු කෙරෙහි වරදවා තේරුම් නොගන්නා ලෙසත් යම්කිසි භවයෙක යලිත් මේ මියගිය තරුණිය සරන පාවා ගෙන ඇය බිරිඳ කොට ගෙන වසන බවටත් ඔහු මට පොරොන්දු වෙයි.....

Saturday, July 3, 2010

මුස්ලිම් දරුවෙක් පුනර්භවය විස්තර කරයි

මුස්ලිම් දරුවෙක් පුනර්භවය විස්තර කරයි

පසුගිය භවයෙක මුස්ලිම් දරුවෙක්ව ඉපදී සිටි බව දැක්වෙන මෙම කථාපුවත වෛද්ය තිස්ස ජයවර්ධන මහත්මයා ඉදිරිපත් කරන ලද්දකි.



මේ පුරුක ඔස්සේ ගොස් කියවන්න.  04/07/2010 රිවිර පුවත් පත
http://www.rivira.lk/2010/07/04/rividahara4.htm

Thursday, June 10, 2010

මහා මංගල සූත්රැය සහ නවීන ලෝකය - 3

දෙව් මිනිස් 'සැප' කැමති සත්වයන් විසින් විමසන ලද්දා වූ මංගල කරුණු උදෙසා මංගල සූත්රයය දේශනා කල බුදු රජානන් වහන්සේ, සත්වැනි ගාථාවේ සඳහන් කරන්නේ පාපයෙන් වැලකීම සම්බන්ධවයි. 'ආරති' 'විරති' යන වචන දෙක ත්රිපිටකයේ බොහෝ තැන්වලදී අපට හමුවේ. එහි තේරුම වන්නේ සියලුම පාපී ක්රියාවන්ගෙන්, සියලුම අවැඩ වලින්, දුශ්චරිතවලින් වැලකී සිටීම සහ ඒ පාපී දේවල් තුල නොගැලී සිටීමයි. අර්ථකථාවන් (අටුවා ) පිරික්සා බලන විට පෙනීයන කරුණක් වන්නේ පාපී අදහස් වලින් ඈත් වීම යනු සිතට නො ඉපදුනු පාපී අදහස් වලට හිස එසවීමට ඉඩ නොදීම වේ. පාපී සිතිවිලි සිත තුල නැගීමට, ඉඩක් නොමැති විට ඒ සිතිවිලි එලෙසම නැතිවේ. නැතහොත් ලෝභ, ද්වේශ, මෝහ යන අන්ධකාරී සතුරන්ගෙන් පාපී අදහස් වර්ධනය වී බලවත් වේ. සියලු පාපී දේවලින් වැලකී සිටීම නම්, කායෙන් හා වචනයෙන් වැලකී සිටීමයි. මානසික වශයෙන් පාපී දේවලින් වැලකීම තුල කායික වැලකීම සහ වාචසික වැලකීම අනිවාර්යඩයෙන්ම අන්තර්ගත වේ. නමුත් අටුවා වල සඳහන් වන්නේ මානසික වශයෙන් ගත් කල, කායික හා වාචසික වැලකීම ඇති වුවද මානසික වැලකීම අසම්පූර්ණව හෝ පැවතීමට ඉඩ ඇති බවයි. උදාහරණයක් වශයෙන් මෙසේ කිව හැක. 'යම් කිසිවෙක් සොරකම් කිරීමට සිතක් ඇති වූ විට මේ සොරකමෙන් මගේ පවුලට නින්දා ලැබෙයි සිතා ඉන් වැලකී සිටියි.' මෙහිදී ඇති වන්නේ සොරකම කිරීමේ චේතනාවයි, නමුත් අදින්නා දානා වේරමණී.. සික්ශා පදය සිහි වී එම සිත බැහැර කරන්නා, ආර්ය පුද්ගලයෙකුගේ ගණයට අයත් වෙයි. පාපීක්රියා යනුවෙන් කුමක් අදහස් වෙයිද? පාපී ක්රියා යනු භවයේ දුක් විඳීමට හා භවය දික් වීමට හේතු වන දෑ ය. එනම්, බොරුකීම, පරුෂ වදන් පැවසීම, ඕපාදූප වලට සහභාගි වීම, යනාදී අශිෂ්ටාචාර දේවල්ය. කායික වශයෙන් ගත් කල, සොරකම් කිරීම, ප්රාණගාතය,සහ කාමයෙහි වරදවා හැසිරීම මේ ගණයට අයිති වේ. මිථ්යා ආජීව වශයෙන් ගත් කල ආයුධ වෙලඳාම, මස් පිණිස සතුන් වෙලඳාම, වහල් වෙලඳාම, මත්පැන් හා මත්ද්ද්‍රව්ය වෙලඳාම, බොරුවෙන් වංචාවෙන් අන් අය රවටා මුදල් ඉපැයීම, ආදී වශයෙන් විශාල ලයිස්තුවක් ඇත. මෙහි අන්තර්ගත නොවුවද, හෘදය සාක්ෂියට අනුව කෙනෙක් ලොව රවටන්නේ නම් ඒ තැනැත්තා ඒ බව දනියි. මජ්ජ පානාච සංඤ්ඤමෝ.. යනුවෙන් අදහස් කෙරෙන්නේ සිහිය මුලාවෙන දේවල් පරිහරණය කිරීමෙන් වැලකී සිටීමයි. මත් පැන් පමණක් නොව, සිහිය වෙනස් කිරීමේ හැකියාව ඇති සෑම ද්රව්යයක්ම මීට ඇතුලත්ය. යථාර්ථය තේරුම් ගැනීමට අවුල් නොවූ සිහියක් අවශ්යය. සිහිය අවුල් කර නොගැනීම ගැන බුදුරජානන් වහන්සේ වදාලේ එබැවිනි. ‘අප්පමාදෝච ධම්මෙසු...’ යනු ධර්මයෙහි උද්යෝගී බවය. අටුවා වල සඳහන් පරිදි 'අප්පමාද..' යන පාලි වචනය සඳහා කරුණු තුනක් දක්වා ඇත. එනම්, වීර්යය, අවධානය නොහොත් සිහිය සහ ප්රඥාවයි. මේ තුන එකතු කල විට "උද්යෝගී බව" අප්රමාදය යන වචනයට වඩා සුදුසුය. මේ උද්යෝගී බව, සහ අප සතුව දැනට පවත්නා දේවල් රැක ගැනීමටත්, අපට පුරුදු කල යුතු දේවල් දියුණු කර ගැනීමටත් බුදු රජානන් වහන්සේ වදාල සේක. අප විසින් ප්රහාණය කල යුතු දේවල් වන්නේ අනවධානය, නොසැලකිලිවන්ත කම, අප්ර්වේසම, උදාසීනත්වය, නැවත නැවත මෙනෙහි නොකිරීම (ධර්මය )අධෛර්යය, සහ නොසලකාහැරීම වේ. මේ කරුණු දියුණු කර ගැනීම මංගල කරුණු වශයෙන් බුදු රජානන් වහන්සේ වදාලහ. එලෙසම එය මෙලොව පරලොව සුව පිණිස හේතු වන්නේය.



අටවැනි ගාථාවෙන් සඳහන් වන්නේ ඉතාමත් වටිනා එමෙන්ම අගනා ඔවදන් සමූහයකි. මේ කරුණු දීර්ඝ වශයෙන් සලකා බැලීම වටී. අද සමාජය මේ අතින් ඉතා පිරිහී ඇත. "ගරු කටයුත්තන්ට ගරු කිරීම" යනුවෙන් සාමාන්ය තේරුමක් දිය හැකි මේ වචන වලින් අදහස් කෙරෙන්නේ කුමක්ද? ගරු කටයුත්තෝ කවරහුද? එක් වරටම අපට පෙනී යන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්රිවිධ රත්නයද, දෙමාපියන්, ගුරුවරුන් ආදී අපි සාමාන්යයෙන් ගරු කරන අය බවයි. නමුත් ඒ පමණක් නොවේ. තවත් අය සිටිති. මේ බුදු රජානන් වහන්සේ වදාල ධර්මයයි. බුදු රජානන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු ගරු කිරීමට ගුරුවරයෙක් දිවැසින් බලා වදාල සේක. තමන් වහන්සේට වඩා උසස් කෙනෙක් නොමැති බව දුටු උන්වහන්සේ, තමන් වහන්සේ වදාල ධර්මය සිය ගුරුවරයා ලෙස පවත්වා ගෙන යාමට තීරණය කල සේක. සූත්ර දේශනා කියවන විට පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ බුදු රජානන් වහන්සේ තමා හමුවට පැමිනෙන කවරකු හට වුවද ගෞරව පූර්වකව සලකා ඇති බවයි. උදාහරණයක් ගත හොත් සාමඤ්ඤඵල සූත්රයේ මෙසේ දක්වා ඇත. අජාතසත්ත රජතුමා භාග්යවතුන් වහන්සේ හමුවූ අවස්ථාවේදී වූ සංවාදයේ ආරම්භයයි.


…Then, bowing down to the Blessed One, and saluting the community of monks with his hands palm-to-palm over his heart, he sat to one side. As he was sitting there, he said to the Blessed One: "I would like to ask the Blessed One about a certain issue, if he would give me the opportunity to explain my question."….


ගරු කල යුත්තන්ට ආසනයක් පැනවීම, දෙ අත් එක්කොට ආචාර කිරීම, ආදී සිරිත් තවමත් අප අතර යම්කිසි දුරකට පවතී. ගුරුවරයෙක් පන්තියට පැමිනෙන විට සිසුන් පුටුවෙන් නැගිට ආචාර කිරීම සාමාන්ය සිරිතකි. බොහෝවිට සිදුවන්නේ මාන්නය ඉහ වහා යාමෙන් සහ පුහු මමත්වය හිසට නැගීමෙන් තමාට ඉගැන්වූ ගුරුවරයා පසුකලෙක නොසලකා හැරීමය. ධර්මයෙහි නිසි පරිදි හැසිරීමට නිහතමානී බව අත්යාවශ්යය. නිහතමානිත්වයේ ඇති උත්තරීතර බව සිහිකරවන මංගල කරුණු කීපයක් බුදු සමිඳුන් අපට සිහි කරදී ඇත. මෙහි ගැබ් වී ඇති සාධකය වන්නේ 'මම' යනුවෙන් කිසිවෙක් නැති බවය. සමාජයේ යම් කෙනෙකුට දයාවක්, කරුණාවක් දැක්වීමෙන් එය ලබන්නාගේ සිතතුල ඇතිවන්නේ පහන් බවකි. (මෑතකදී මේ සංසදයේ පල වූ සටහනක් මට සිහි වේ. එහි පල වූයේ කවදාවත් නොදුටු පුද්ගලයෙකුට Good Morning, Good Afternoon කියා ආචාර කිරීම කිසිම පලක් නැති ක්රියාවක් බවය. බුදු හිමිගේ මංගල කරුණු වලට පටහැනිව පවසන ලද මේ වදන් පවසන්නා මාර සේනාවට අයිති වන්නේ එයින් ද්වේශය ඉපදී සසර තවත් දික් වන නිසාය.  තවද, ටිකකලක් විදේශ රටක ජීවත් වූ පසු, සමහර ලාංකිකයන්ට එක්තරා මානසික තත්වයක් ඇති වේ. ඊට අපි 'පිටරැටියාව' යයි කියමු. බොහෝ විට අපේම අතීතය අමතක කරන්නෝ මේ ආබාධයෙන් පෙලෙති.)


කෙනෙකුට ආචාර සමාචාර කිරීමෙන් එය දක්වන්නාගේ කිසිම දෙයක් නැති නාස්ති වන්නේද නැත. මෙය නොදැන ක්රිමයා කිරීමෙන් අනවශ්ය අඬදබර ඇත්වීම්ට හැකි බව අපි දනිමු.   දිනපතා ජීවිතයට මංගල සූත්රයේ ඇති ප්රායෝගිකත්වය කොපමණදැයි මෙයින් වැටහිය යුතුය. සන්තුට්ඨිච යනු ලද දෙයින් සතුටු වීමයි. භික්ෂූන් වහන්සේලාට මේ මංගල කරුණ අනිවාර්යයෙන්ම තිබිය යුතුය.   ලද දෙයින් සතුටු වන්නා ඉතා සන්තොසින් වාසය කරයි.   තමාට ඇති දෙයින් දිවි ගැට ගසා ගනියි. ඒ නිසා සිත තුල කරදර නැත. ආසාවන් නැත.   ලොවට නය වී නොයෙක් නොයෙක් භාණ්ඩ මිල දී ගන්නේ නැත.   විශාල සුව පහසු යහනක වුවද සිත කරදර කාරී නම් නින්ද යන්නේ නැත.   සිත සැනසී ඇත්නම් පැදුරක වුවද නින්ද යයි. එය මංගල කරුණක් ලෙස බුදු රජානන් වහන්සේ දේශනා කලේ ඒ නිසාය.   කතංඤ්ඤුතා යනු අද ලෝකයේ ශීග්රයෙන් නැති වී යන ගුණ ධර්මයකි. එනම් කෘතඥ තාවය හෙවත් කල ගුණ සැලකීමයි. සුලුවෙන් හෝ යම්කිසිවෙක් තමාට උදව්වක් කොට ඇද්ද, ඒ සඳහා කල ගුණ සැලකීම මංගල කරුණක් ලෙස බුදු හිමි වදාලහ.


මතු සම්බන්ධයි……………….

Tuesday, June 1, 2010

මහා මංගල සූත්ර ය සහ නවීන ලෝකය - 2

මහා මංගල සූත්‍රයේ  තුන්වැනි ගාථාවෙන් සඳහන් වන්නේ වාසය කිරීමට සුදුසු ස්ථානය පිලිබඳවයි.   'පතිරූප දේස වාසෝ..'   යනුවෙන් කියවෙන්නේ සුදුසු පෙදෙසක වාසය කිරීමයි. සුව පහසු, පිරිසිදු හොඳ පරිසරයක වාසය කලයුතු බව බුදු රජානන් වහන්සේ වදාල සේක. හොඳ පරිසරයක යනුවෙන් අදහස් වන්නේ, ධර්මය ශ්ර වනය කිරීමට ධර්මයෙහි හැසිරීමට ඉඩ කඩ ඇති පෙදෙසක වාසය කල යුතු බවයි.    අසල් වාසීන් නිතර නිතර ආරාවුල් ඇතිකරගන්නේ නම්, එය සමගියට, සමාදානයට බාධාවකි.    මංගල කරුනු අනුව එවැනි පරිසරයකින් ඈත් විය යුතුය. සිටින පරිසරය නිතර නිතර ජලගැලීම්, භූමිකම්පා අදියෙන් පීඩාවට නොවන ප්රදේශයක් විය යුතුය. ස්වාභාවික කරුණුවලින් පීඩා ඇතිවන ප්රදේශයක වාසය කිරීමෙන් ධර්මයෙහි හැසිරීමට අපහසු තත්වයක් උදා කරවයි.   'පුබ්බේ ච කත පුඤ්ඤතා..'. යනුවෙන් කියවෙන්නේ   'පෙර පින් කොට ඇති බවයි'. පෙර භවයන්හිදී කුසල් සිදු කොට ඇති බව වැදගත් ස්ථානයක් ගනියි. අවිද්යා ව නිසා පටිච්ච සමුප්පාදය ගැන කිසි දැනුමක් නොමැති ජනයා චේතනාවවන්ගෙන් කර්ම රැස් කරගනිති. මේ චේතනාවන්ගෙන් 'වේදනා' ඇති වේ.  එමගින් තන්හාව ඇතිවේ. තන්හාව නිසා බැඳීම් ඇති වේ. බැඳීම් නිසා භව, ජාති ජරා ව්යාධි, ආදී දුක් කන්දරාවම හිස මතුපිටට පතිත වේ. මේ චක්ර යට හසු වූ පසු ගැලවුමක් නොමැත. පෙර පින් කොට ඇත්නම් සිය කර්මයන්හි බලවත් කම අනුව, ධර්මයෙහි හැසිරීමට අවස්ථාවන් ලැබෙනු ඇත. ධර්මයෙහි හැසිරීමෙන් විද්යාව පහල වේ. එවිට පටිච්ච සමුප්පාදයේ පුරුක් ගලවා දැමිය හැක. අකුසල් රැස් කර ගෙන උපත ලබන තැනැත්තා සිය අකුසලයේ විපාක විඳිනු ඇත. බුදු රජානන් වහන්සේ දල වශයෙන් අකුසල්වල ඵල විපාක දල වශයෙන් මෙසේ දක්වා ඇත. පෙර භවයක අන් සත්වයන් හට (මනුශ්යයන් ඇතුලුව ) වද හිංසා පමුණුවා ඇත්තේ නම් ඒ තැනැත්තාට මේ භවයේදී ලෙඩ රෝග ආදියෙන් පීඩාවට පත් විය හැක. නිරන්තරයෙන් කෝප සහගත වී නම් මේ භවයේදී විරූපී වන්නේය.   මසුරු වී නම් මේ භවයේදී දිලිඳු වෙයි.   පෙර භවයේ කුසල් මේ භවයේදී ආරෝග්යයෙන්ද, අත මිට සරු බවද,  උසස් උපතකින්ද, යුක්ත වෙයි. පුබ්බේච කත පුඤ්ඤතා මංගල කරුණක් වශයෙන් බුදු රජානන් වහන්සේ දැක්වූයේ එබැවිනි. පෙර පින් කර ඇති බව මේ භවයට බල පාන්නේ එලෙසය.   බුදු රජානන් වහන්සේ දේශනා කොට ඇත්තේ හොඳ හෝ නරක වුව,  තම කර්මයට හිමි කරු තමාම වෙන බවයි.   අත්ත සම්මා පනිධිච යනුවෙන් අදහස් වන්නේ  'සිත මනාව පිහිටුවා ගැනීමයි.'   සිත මනාව පිහිටුවා නොගැනීමෙන්, ලෝභ, දෝෂ, සහ මෝහ යන් අකුසල් මුල් ආශ්රිතව හටගත් නොයෙක් අකුසල්  සිතෙහි හට ගනී, ඒ චිත්ත ක්රියාවන්ට නැංවීමෙන් කයෙන් වචනයෙන් හා ක්රියාවෙන් යන තුන් දොරින්ම අකූසල් සිදුවේ. මේ අකුසල් සියල්ල සසර දික්වීමට හේතු වෙයි. සිත මනාව පිහිටුවා ගැනීමෙන්, කුසල චිත්තයන් හට ගනියි, එනම් ත්යාගශීලීබව,  කරුනා, මෛත්රී  ආදී කුසල චිත්තයන් පහල වේ. මේ කුසල් වලින් සසර කොට කර ගැනීමට මාර්ගය පහල වෙයි. මංගල සූත්රය ඉතාමත්ම ගැඹුරුය.   බුදුන් වහන්සේගෙන් දේව සමූහයා විමසුවේ සුවයෙන් සිටීමට උපකාර වන මංගල කරුනු ය.   දෙවියන්, මනුශ්යයින් 'සුව' යනුවෙන් විමැසුවේ සන්තෝශයෙන් විසීමය.  එනම් එහි ගැබ් වී ඇත්තේ ලෞකික බවකි.   බුදු හිමි ලෞකික බව ඉක්මවා ගිය සදාකාලික සුවය දක්වා කරුණු ඉදිරිපත් කලහ.   බුදු රජානන් වහන්සේ ඉතා මත් ප්රඥා ගෝචරව මංගල කරුණු එකිනෙක ගෙනහැර පාන්නේ සීල, සමාධි ප්රඥා වශයෙන් කරුණු පෙන්වා, නිවනට යන මාර්ගය ය.   මේ සා මහත් උත්සාහයකින් එය පෙන්වන බුදු සමිඳුන්ගේ ප්ර්ඥාව අසීමිතය. තවම අපි සූත්ර ය පටන් ගත් තැනය. පසුව මෙය විග්රහ කොට බලමු. ලෝකයේ බොහෝ ජනයා දිවි ගෙවන්නේ අයහපත් ලෙසටය. අන් අයට කරදරයක් වන ලෙසටය. පාපී ලෙසටය. එසේම සමහරු සදාචාරවත් ලෙස දිවි ගෙවති. සදාචාර මනුශ්යයා මෙලොවත් පරලොවත් යහපත් වෙයි. සිත මනාව පිහිටුවා ගැනීමෙන් තමාගේ යහපතට පිහිට වන කරුණු පිලිබඳව මෙයින් අදහස් කෙරේ.



සතරවැනි ගාථාවෙන් කියැවෙන්නේ දැන උගත් බවයි. 'බාහු සච්චම් ච..'යනුවෙන් අදහස් කෙරෙන්නේ ධර්මය වටහා ගැනීමයි. බුදු රජානන් ජීවමාන ව සිටි සමයේ ධර්මය ඉගෙන ගත්තේ ශ්රතවනය කොට ධාරණය කර ගැනීමෙනි. ධර්ම ආචාර්ය වරුන් සමග සාකච්ඡා කොට මනා කොට ධාරනය කර ගැනීම මංගල කරුණක් ලෙස බුදු හිමි වදාලේ උගත් ධර්මයෙන් සිය ජීවිතය හැඩ ගස්වා ගැනීමට උපකාරී වන නිසාය. උගත් ධර්මය පවසන්නේ සීලය ආරක්ෂා කල යුතු බවයි. සීලය ආරක්ෂා කිරීමෙන් අකුසල් නූපදී. බාහු සිප්පම් ච යනු නොයෙක් නොයෙක් ශිල්පයන්හි ප්ර්ගුණ වීමයි. අකුසල් නොවන ශිල්පයන්හි ප්රුගුණත්වය බුදු හිමි මංගල කරුණක් ලෙස වදාලහ. විනයෝ ච සුසික්ඛිතෝ.. වශයෙන් කියැවෙන්නේ මනාව හික්මුනු විනයකින් යුතු බවයි. සමාන්ය ගෘහ පතියෙකුට මෙයින් අදහස් වන්නේ මේ දස අකුසල් වලින් වැලකී සිටීමයි.


1. කායික අකුසල්: සොරකම් කිරීම, ප්රාහණ ගාතය, කාමයෙහි වරදවා හැසිරීම


2. වාචසික අකුසල්: බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන පැවසීම, ඕපාදූප වල යෙදීම,


3. චිත්ත අකුසල්: තණ්හාව, ද්වේශය, වැරදි මත දැරීම


මේ දස අකුසල්, සය වැනි ගාථාව සමග සම්බන්ධ බවක් පෙනෙයි. මේ අන්දමට දිවි ගෙවන සත් පුරුෂයා තව තවත් පිනෙහි දහමෙහි ඇලී සිටීමට ප්රි යකරයි. (සාසනයේ පැවිදි වූ භික්ෂූන් වහන්සේ නමකට බුදු රජානන් වහන්සේ විසින් වෙනම විනය නීති පනවා ඇත.)


සුභාසිතා ච යාවාචා යනුවෙන අදහස් කරන්නේ යහපත් වචන ප්රවකාශ කිරීමයි. ධර්මය උගන්වන විට, ඒ උගන්වන ධර්මය


1. සත්යය විය යුතු බවද


2. යහපත් සිතට ප්රිය උපදවන වචන විය යුතු බවද


3.මෛත්රීස සහගත විය යුතු බවද


4. අර්ථවත් විය යුතු බවද


අදහස් කෙරේ. (ආචාර්ය ආර්.එල්. සෝනි - පරිවර්තනය )


පස්වැනි ගාථාවෙන් සිය දෙමාපියන්ට සැලකිය අන්දම විස්තර කෙරේ. බටහිර රටවල දෙමාපිය උපස්ථානයක් නොමැත. වයසට ගිය කල ඔවුන් වැඩිහිටි නිවාසවලට යැවෙන්නේ බොහෝ විට අකැමැත්ත මධ්යයේය. අපේ රටේද වැඩිහිටි නිවාස යන වචනය දැන් දැන් අසන්න ලැබෙයි.


දෙමව්පියන්ට භෞතික දේ පමණක් දීමෙන් ඒ දෙමාපියන්ට ඇති ණය ගෙවිය නොහැකි බව බුදු රජානන් වහන්සේ පෙන්වා දී ඇත. ඔවුන් දහමෙහි පැහැදී නැත්නම් ඔවුන්ට දහම් ඇස පහල වන පරිදි කටයුතු කලයුතුය. දෙමාපියන්ට සලකන අයුරු බුදු හිමි සිගාල නම් වූ තරුණයාට විස්තර වශයෙන් දේශනා කොට ඇත. දෙමාපියන්ට සැලකීම මංගල කරුණක් බව බුදුන් වදාල සේක. පුත්ත දාරස්ස සංඝහො.. යනුවෙන් අදහස් කෙරෙන්නේ අඹුදරුවන්ට සංග්‍රහ කිරීමයි. ලොව විකෘති වීගෙන යන මේ වගේ කාලයෙක, සිය ආත්මාර්ථකාමී අදහස් මුදුන් පත් කර ගැනීමට අඹුදරුවන් දමා යන, දරුවන් මරා දමන, සමයෙක, බුදු හිමි පවසා ඇති මේ ඔවදන් කීයෙන් කීදෙනෙකුට මතක් වේද? එමි ඔවදන් පිලි නොපදින තැනැත්තා බොහෝ විට දිට්ඨධම්ම වේදනීය කර්මයකටම හසුවී විපාක ලබන්නේය. අනාකුලාච කම්මන්තා යනු, නිරවුල් කර්මාන්තයයි.


දානංච ධම්ම චරියාච යන සය වැනි ගාථාවෙන් සඳහන් වන්නේ 'දීම''ට වඩා එහි පසුපස ඇති චිත්තයේ ස්වභාවයයි. 'දාන' උසස්, මධ්ය.ම, සහ එතරම් උසස් නොවූ වශයෙන් දානය දෙන තැනැත්තාගේ සිතෙහි ස්වාභාවය අනුව වර්ගී කරණය කල හැක. ඒ අවස්ථාවේ දන් දුන් සිතෙහි ස්වභාවය, ලෝභ වීද, ත්යාගශීලී වීද ඒ දෙකම එකතු වූ චිත්තයක්ද වශයෙන් ගත් කල ආනිසංස ද වෙනස් වෙයි. ද්රව්යමය දේවල් හැරුණු විට 'දානය' යහපත් සිතකින් පිලිගැන්වූ මෛත්රී සහගත සිනාවක් හෝ කරුණා පෙරදැරිවකරන ලද වදන් පෙලක් වුවද විය හැක. දානමය පුණ්ය ක්රියවන්හි යෙදෙන්නාගේ සිත තව තවත් පිරිසිදු වෙයි. තන්හාව තුනී වෙන අතර, අන් අය කෙරෙහි කරුණාව වර්ධනය වෙයි. එක් යහපත් ක්රි්යාවලියක් යහපත් ක්රිවයා පෙලක් ඉපදීමට සමත් වෙයි. ද්රහව්යමය දානය ලබන්නා වූ භික්ෂූන් වහන්සේලාද ධර්ම දානය මහ ජනයාට හිත සුව පිනිස පූජා කරති. දාන අතුරෙන් උතුම් දානය ධර්ම දානය බව බුදු රජානන් වහන්සේ වදාල සේක. නෑදෑයින්ට සංග්රහ කිරීම, සහ නිරවුල් කර්මාන්තයද මංගල කරුණු වශයෙන් බුදු රජානන් වහන්සේ හඳුන්වා දුන් සේක මෙහි දී බලවත් වන්නේ චේතනාවයි.


මතු සම්බන්ධයි................



Thursday, May 20, 2010

කරුණු විකෘති කිරීම 2

කරුණු විකෘති කිරීම 2



මේ සටහන, කරුණු විකෘති කොට දක්වා ඇති වෙන වෙබ් අඩවියකට ප්රතිචාරයක් වශයෙනි. 

 ඒ බ්ලොග් අඩවියට, විරුද්ධව දක්වන ප්ර්තිචාර පල නොකරන බැවින් නියම තතු මෙසේ ඉදිරිපත් කිරීමට සිදු වී ඇත.


1915 සිංහල මුස්ලිම් කෝලාහලය පටන් ගත්තේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටින් සිංහල බෞද්ධ පෙරහරක් බෙර වාදනය කර ගෙන යාමෙනි. නමුත් මීට කලින් මුස්ලිම් වරුන්ගේ යටිකූට්ටු ක්රියා කලාපය නිසා සිංහලයන්ට ඔවුන් එපා වී තිබින. 1911 දී ලංකාවේ ජනගහනය 4,106,350 විය.  ඉන් 24.32% උඩරට සිංහලද, 41.81% පහත රට සිංහලද, 23.79% ද්රවිඩ ජාතිකයින්ද, (ඉන් අඩක් මෑතකදී මෙරටට ගෙන්වා ගත් ද්රවිඩයින්ද, ) 6.45% මුස්ලිම් (මුවර්)ජනයාද  3.5% බ්රිතාඤ්ඤ සහ බර්ගර් ජාතිකයෝද වූහ.   අටවැනි සිය වසේ පටන් සුලු වශයෙන් මුස්ලිම් ජනයා මෙරටට සංක්ර්මණය වුවත් පසුව මලබාර් වෙරල සමීපයෙන් පැමිණි මුස්ලිම් වරු කිසි ප්රතිපත්තියක් නැති දුෂ්ට පිරිසක් වූහ.  කෙසේ හෝ මුස්ලිම් වරු සිංහලයන් අභිභවා,  රජවරුන්ට සහ අනෙක් පාලකයන්ට කේලාම් කියමින් සිය අභිමතාර්ථයන් මුදුන් පත් කර ගැනීමට මාන බැලූහ.  සමහර සිංහල ජනයා ඔවුන් යුදෙව්වන් හා සමාන කලහ. ඊට ප්රධාන හේතුව වූයේ ඔවුන් විසින් ගෙන ගිය කූට ජාවරම්ය.   ගිනි පොලියට මුදල් දීම සහ ඒ මගින් දුප්පතුන්ගේ වස්තුව කුනු කොල්ලයට සූරා කෑම,  සිංහල තරුණ ලඳුන් අපයෝජනයට ගැනීම,  ඔවුන් විසින් පවත්වා ගෙන ගිය ව්යාපාර වල බඩු හිඟය  ව්යාජ ලෙස ඇති කොට, එයින් සිංහල ජනයා පීඩාවට පත් කිරීම ඉන් සමහරකි. සිංහල තරුණ ලඳුන් අපයෝජනයට ගැනීම නිසා කුපිත වූ ජනතාව මුස්ලිම් ව්යාපාර කිහිප වරක් වර්ජනය කර ඇති බවට ඉතිහාසයේ ලියැවී ඇත.


සිංහල රාජ සමයේ වුවද, කේලාම් කීමෙන් රාජ පාක්ෂික භාවය දිනා ගැනීමට මොවුහු සමත් වූහ. ඒ මගින් කොල්ල කා ගත් තාන්න මාන්න, නම්බු නාම, තමන්ගේ උතුම් හැසිරීම නිසා ලද බවට අද කියා පාන බවක් පෙනේ. නමුත් ඉතිහාසය නොමැකෙන පරිද්දෙන් ලියැවී ඇත. බ්රිතාඤ්ඤයින්ගේ "එකිනෙකා කොටවා පාලනය කිරීම" යන සිද්ධාන්තය නවසීලන්තය, ඉන්දියාව සහ ශ්රී ලංකාව යන රටවල බොහෝ සේ ක්රියාත්මක වී ඇත. ඉන්දියාව හා ලංකාවේ ජනතාව බුද්ධිමත් පිරිසක් හෙයින් බ්රිතාඤ්ඤ ජාතිකයාගේ කපටි කම් හඳුනා ගනු ලදුව ඔවුන් සාම කාමීව පිට කරනු ලැබූහ. මහත්මා ගාන්ධි, "සුද්දා පිට වී යන විට ඔහු මිතුරකු සේ යන්න දෙන්නැයි" කීවේ එබැවිනි. ඒත් සුද්දා ඒ රටෙත් මුස්ලිම් වරු උසි ගන්වා පකිස්ථානයක් බිහි කර ගත්තේ ඔවුන්ගේම ලාභ ප්යෝජනය තකා ගෙනය. ඒත් ඩේවිඩ් මිලිබෑන්ඩ් වැනි අය තවමත් ඇඟිලි දිගු කරති. ලංකාවේ සුලුතර ජනතා කොටස් දෙකෙක් වූ ද්ර විඩ සහ මුස්ලිම් වරු විශේෂ වරප්රසාද බ්රිතාඤ්ඤයයාගෙන් ලබා ගත්තේ එලෙසය. ඔවුන්ට වරප්රසාද දීමෙන් එක් එක් ජාතීන් අතර ගැටුමක් ඇති කිරීම සුද්දා ගේ ප්රතිපත්තිය විය. තොප්පිය හැරෙන අතට ගමන් කරන මුස්ලිම් වරයාද, 'කල දුටු කල වල ඉහ ගත්තේය.' ඒ මදිවට ඔව්න්ගේ පවු සෝදා සුදු හුනු ගාන්නාක් මෙන් ඉතිහාසය විකෘති කිරීමටද තැත් කරයි. 1915 කෝලාහලය ඇතිවූයේ මේ සිදුවීම් මධ්යයේය. බ්රිතාඤ්ඤ ජාතිකයා නිර්දය ලෙස 1915 කැරැල්ල මැඩ පැවැත්වූයේ සිංහල ජනතාවට විරුද්ධවය. උඩරට වතුවල සිටි බ්රි‍තාඤ්ඤ ජාතික වතුකාරයන්ද, ස්වේච්ඡා භටයින් ලෙස තුවක්කුද රැගෙන මුර සේවයට එක්වූහ. මුස්ලිම් වරුන්ගේ බොරු සාක්ෂි මත ඔවුන් විසින් නඩු නොඅසා වෙඩි තබා මරා දැමූ සංඛ්යාරව 63කි.  
මුස්ලිම් වරු රාජකීය මෙහෙකරුවන් වූයේ මෙසේය. මේ කරුණු ඉතිහාස ගත වී ඇත.

විමර්ශන මූලාශ්රඩය
1 Blackton, C.S.: The action phase of the 1915 riots. Journal of Asian Studies, Feb.1970, vol.29, no.2, pp.235-254.

11 Kearney, R.N.: The 1915 riots in Ceylon – a symposium; Introduction. Journal of Asian Studies, Feb.1970, vol.29, no.2, pp.219-222.
111 Fernando, P.T.M.: The post riots campaign for justice. Journal of Asian Studies, Feb.1970, vol.29, no.2, pp.255-266.

Tuesday, May 18, 2010

මහා මංගල සූත්රකය සහ නවීන ලෝකය - 1

ගෞතම බුදු රජාණන් වහන්සේ මනුශ්යයාගේ හිත සුව පිණිස දේශනා කල මහා මංගල සූත්රය එදාට වඩා අද සමාජයට ගැලපෙන බව පෙනෙන්නේ අද සමාජයේ ඇති සංකීර්ණ භාවය නිසාය.   බුදු රදුන් ජීවමානව වැඩසිටි කාලයේ පවා මිත්යා දෘෂ්ටික පිරිස් සමාජයේ සිටියහ. ඒ සමගම බුද්ධිමත් ජනයාද, සිත දියුණු කල මාර්ග ඵල ලාභීහුද, සිටියහ.   බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ දේශනා පැවැත්වූවේ හුදෙක් මහජනයාගේ දියුණුව පිනිසය. සමාජයේ සිටින සෑම තරාතිරමක කෙනෙකුටම ආගම් භේදයකින් තොරව මංගල සූත්රයේ ඇති ඔවදන් පිලිපැදිය හැකිය. ලොව ජීවත් වන ජාතීන් නොයෙක් හේතූන් නිසා ඇනකොටා ගන්නා සමයෙක,  මංගල සූත්රයය වැනි සාමකාමී ජීවන පිලිවෙතකට මගපාදා දෙන ඔවදන් සමූහයක අගය මිලකල නොහැක.   ලංකාව පිරිසිදු බුද්ධාගම ඇති රටක් හැටියට අපි උදම් අනමු.   උදේ හවස මංගල සූත්රොය සජ්ජායනා කෙරෙන නමුත් ඒ මහානුභාව සම්පන්න සූත්රය පිලිපදින්නෝ විරලය.   යම් කෙනෙකුගේ ජීවන රටාව මහා මංගල සූත්රයේ සඳහන් පරිදි සකස් කර ගනියි නම්,  මෙලොව වශයෙන් දියුණුවක් ඉතා ඉක්මනින් ලඟා කරගත හැක.  පවුලේ සමගිය ඇතිකල්හි, ඒ සමගිය ඊලඟ පුරුකට විහිදෙයි.  එවිට නිරායාසයෙන්ම සාමකාමී, අපරාධවලින් තොර සමාජයක් බිහිවනු ඇත. නමුත් අපි අපටම සත්යදායක විය යුතුය. ලොව රවටා කිසිම පලක් නැත.   බුදු සමයේ පවා සුභ නිමිති, අසුභ නිමිති, ගැන විශ්වාස, යම්කිසි දෙයක් පටන් ගැනීමට සුභ වේලාවක් බැලීම වැනි සිරිත් අද දින මෙන් බුදු හිමි වැඩසිටි කාලයේත් නොඅඩුව තිබිණි.   බුදු රජාණන් වහන්සේ සුභ අසුභ නිමිති, වාසනාවන්ත නිමිති සහ අන්ධ විශ්වාසය මත ගොඩ නැගුණු නොයෙකුත් මතාන්තර තරයේම ප්රතික්ෂේප කල සේක. මේ නිසා මිනිසාගේ සිතෙහි දියුණුවට, ක්රියාකාරිත්වයට ලැබුණේ විශාල රුකුලකි.  ඒමගින් සමාජයේ අභ්යන්තර සම්බන්ධතාවයන් වර්ධනය විය.   මහා මංගල සූත්රය ලොවට කොතරම් වැඩදායීදැයි,  ඒ සූත්රභය විචාරාත්මකව කියවා බැලීමේදී පැහැදිලිය.  ප්රථමයෙන් යහපත් පවුල් දිවියකට මග පෙන්වන බුද්ධ සන්නසක් ලෙස සකස් වූ මේ සූත්ර‍ය, සමාජයීය වගකීම් සහ සදාචාරාත්මක භාවයෙහි වැදගත්බව පැහැදිලි කරයි.



නිහතමානී බව,  කෘතඥතාවය,ඉවසීම, සහ නිර්මලත්වය ගැන මංගල සූත්රමය ප්ර සංශා සහගතව සඳහන් වෙන මේ සුත්රයය මිනිසුන් සඳහා පමණක් නොව වෙනත් ලෝක වාසීන්ටද දේශනා කරණ ලද්දකි.  මංගල කරුණු වටහා දීමෙන් සුභ නිමිති, අසුභ නිමිති, නැකැත් බැලීම් ආදී අන්ධ විශ්වාසයෙන් කෙරෙන කටයුතුවල නිශ්ඵල බවද මෙයින් පෙන්වයි.  දැන් සූත්රය දෙස බලමු....


බුදු රජාණන් වහන්සේ ගේ මහා පරිනිර්වාණයෙන් තෙමසකට පසු, රජගහ නුවර සප්තපන්නී ගුහාවෙහි රහතන් වහන්සේලා පන්සියයක් එකතුව පිරිසිදු බුද්ධ වචනය ආරක්ෂා කිරීමට ප්රථම ධර්ම සංගායනාව පවත්වන ලදී. මෙහිදී උපාලි මහ රහතන් වහන්සේ සහ ආනන්ද මහ රහතන් වහන්සේලා විසින් විනය සහ සූත්ර පිටකයන් කියවන ලදී. "මා විසින් මෙසේ අසන ලදී..." (ඒවම් මේ සුතං...)යනුවෙන් සුත්ර දේශනාවේ ප්රථමයෙන් කියවෙන්නේ මේ සූත්ර දේශනා සියල්ලක්ම ශ්රවනය කොට මතක තබා ගෙන සිටි ආනන්ද රහතන් වහන්සේ එම දේශනාවෙහි නිවැරදි බව ප්රත්යසක්ෂ කිරීමක් ලෙසටය. එතැන් පටන් වට්ට ගාමිණී අභය රජ දවස (ක්රි .පූ.80 දී පමණ ) ත්රිපිටකය මාතලේ අලුවිහාරයේදී ග්රන්ථාරූඪ කෙරෙන තෙක් දහමට ලැදි සංඝයා වහන්සේලා විසින් බුද්ධ වචනය මතකයේ රඳවාගෙන ආරක්ෂා කරන ලදී.


එකල්හි බුදු රජාණන් වහන්සේ හමුවීමට දේව ලෝක වල සිට දෙවි වරුන් පැමිනියහ. දෙවි දේවතාවන් පැමිණෙන්නේ ඔවුන්ට විසඳාගත නොහැකි ප්රශ්න බුදු රජණන් වහන්සේගෙන් අසා දැන ගැනීමටය. එක් එක් දිව්ය ලෝක වල සිටින දෙවි වරු විවිධය. ඔව්න් උත්පත්තිය ලබා ඇති ලෝකය අනුව ඔවුන්ගේ ස්වභාවය වෙනස් වෙයි. ඔවුන් ගමන් කරන විට ආලෝකය විහිදේ. "ජේතවනං ඕභාසෙත්වා..." වශයෙන් ඒ ආලෝක ධාරාවන් සූත්රයෙහි විස්තර කොට ඇත. (මිනිසුන් හමුවට දෙවි දේවතාවන් දැනට වුවත් මැදියම් රැය ඉක්ම ගිය කල්හි පැමිණෙන බව තායිලන්තය, බුරුමය සහ ලංකාව වැනි රටවල් වලින් අද දවසේ පවා වාර්තා වේ.) මේ දෙව් දේවතාවන් වුවද අනිත්ය් දුක්ඛ අනාත්ම යන දහමට යටත් වේ. මංගල සූත්රයේ දෙවියන් හා ඇති සම්බන්ධතාවය මෙයයි. සූත්රයේ ප්රථම ගාථාවෙන් භාග්ය වතුන් වහන්සේට ඉදිරිපත් කල ප්‍රශ්නය කියැවේ. මෙහි ඇති ප්‍රධාන කරුණු මෙසේ දැක්විය හැක.


1. දෙවිවරු සහ මනුශ්යයෝ සතුට සහ ආරක්ෂාව ප්‍රිය කරති. ඒ ආරක්ෂාව රැඳී ඇත්තේ සුභ, වාසනාවන්ත යනාදී කරුණු අනුවය.


2. බොහෝ කලක සිට මංගල කරුණු, අසුභ කරුණු යනු මොනවාදැයි ඔවුහු සොයා බලා ඇත.


3. මේ විමැසුමට හේතුව සිය පුද්ගලික සැපත හා ආරක්ෂාවයි.


4. මේ තාක් කල් ඔවුනට උතුම් මංගල කරුණු ගැන ඒකමතික තීරණයකට එළඹීමට නොහැකි වී ඇත.


5. මහා ප්රඥාවෙන් යුතු වූ බුදු රජාණන් වහන්සේ හමු වීමට සිදු වූයේ එබැවිනි.


6. මිනිස් ලොව හා දෙව් ලොව වල ඇති වූ මේ ප්රශ්නය නිරාකරණය උදෙසා බුදුරජාණන් වහන්සේගේ පිහිට පතා ඇත.


7.දෙවියන්ගේ සහ මිනිසුන්ගේ යහපත උදෙසා බුදුරජාණන් වහන්සේ මේ ප්රශ්නය සම්පූර්ණයෙන්ම නිරාකරණය කලසේක.


මේ ප්රඅශ්නය තුල කරුණු දෙකක් අඩංගු වේ.


1. දේව සහ මනුශ්ය ලෝක වල වැසියනට චිත්ත සන්තෝෂය ඉතාමත් වැදගත් අභිලාෂයකි.


2. මේ ලෝකවල වැසියෝ “සතුට” උදෙසාම කල් ගත කරති.


කාමලෝක තුල ඇති "සතුට" රඳා පවතින්නේ කරුණු කිහිපයක් මතය. එනම් සතුටු වීමට ඇති 'තන්හාව', 'ආයතන'වල බලවත්කම, සහ ඒ ලෝකවල ඇති විවිධ වස්තූන්ගේ ස්වභාවයයි. නමුත් සියලුම කම් සැප අනිත්යයි. බුදුරජාණන් වහන්සේ මේ ප්රකශ්නය මතුවෙනවාත් සමගම එහි ඇති බරපතල කමද වටහාගත් සේක. ආශාවන් ඇත්තේ සතුට උදෙසාය. ඒ ආශාවන් පසුපස දුවන්නා කවදාවත් සැනසීමක් ලබන්නේ නැත. බුදුරජාණන් වහන්සේ ඉතාමත් ප්රඥාගෝචරව, ප්ර්ශ්න කොට ඇති සුභ අසුභ කරුණු ගැන අමතක නොකොට, සරළ ලෙසින් සාමාන්ය වත් පිලිවෙත් වලින් පටන් ගෙන නිවන් මග දක්වා ගාථා දොලහකින් සූත්රය දේශනා කල සේක. නිවන අවබෝධ කල පසු තණ්හාව සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇත. කාමයන්හි ඇලී ගැලී සිටීමෙන් දුකක් විනා සැපක් නැති බව බුදු රජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල පහදා දී ඇත. උන්වහන්සේ මෙලොව වශයෙන් යහපත්ව ජීවත්වීම, සහ පරලොව යහපත සඳහා කටයුතු සකස් කර ගැනීම පිලිබඳව දුන් ඔවදන් පෙල අතර "සැපත" පිලිබඳව විශේෂ යමක් දේශනා කර නොමැත. උන්වහන්සේගේ සූක්ෂම ඥාණයත්, නියම පිලිතුරත් අඩංගු මේ සූත්රවය ඉතාමත් ප්රඥාගෝචරය.


දෙවැනි ගාථාවෙන් ආශ්ර.ය කලයුත්තන් පිලිබඳ විස්තරයක් කියැවේ. ආශ්රයෙන් කෙනෙකු වරදට පෙළඹිය හැක.   බුදු සමයේදී දෙව්දත් තෙරුන්ගේ පෙළඹවීමෙන් අජාතසත්ත රජු සෝතාපන්න වූ සිය පියා මරවා අපාගත වූ සැටි සූත්ර වල උදාහරණයක් ලෙස සඳහන්ය. අපට දිනපතා ජීවිතයේදී මේ පිළිබඳව නොයෙක් නොයෙක් උදාහරණ හමුවේ. වයසින් මුහුකුරා ගියද, සමහරුන්ගේ අදහස්, චින්තනය යහපත් නොවේ. එවැනි අය ආශ්රය නොකල යුතු බව බුදුරදුන් වදාලහ. මේ නිසා ඒ පුද්ගලයින් පත්වන්නේ ඉතාමත් අවාසනාවන්ත තත්වයකටය. පාසැල් ජීවිතයේදී හමුවන මිතුරන් නිසා බොහෝ ලමයින්ගේ ජීවිත හොඳ හෝ නරක අතට යා හැකි බව දන්නා කරුණකි. හොඳින් පාඩම් කරගෙන තමන්ගේ වැඩ කරගෙන යන ලමයෙක් අතරට නිකම් කාලය නාස්ති කරන ලමයෙක් වැටුනොත් සිදුවිය හැකි විනාශය ඉතාමත් දරුණුය. මේ ගාථාවේම, "පිදිය යුත්තන් පිදීම" මංගල - උත්තමම් වශයෙන් දක්වා ඇත. පිදිය යුත්තෝ කවරහුද? බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේගේ ශ්රාවක සංඝයා, මාපිය ගුරුවරු ආදීහුය. මේ පිරිස් අපේ ජීවිත සැපවත් කිරීම උදෙසා වෙහෙසන උතුම් පුද්ගලයෝ වෙති.  අද දවසේ සමහර අය පුහු මාන්නයක් සිතට ගෙන ගරු කටයුත්තන් නොසලකා හරිති.  එයින් සිදුවන්නේ තමාගේම පරිහානියයි. ගරුකටයුත්තන් කෙසේ වුවත් සිය සමගාමිකයන් පවා නොසලකා හරිති.  නිහතමානී බව ඔවුන් කෙරෙන් පලාගොස් ඇත. ඔවුන්ට ඇත්තේ මිත්යාදෘෂ්ටියකි. නිතර නිතර මේ අය අනෙක් අය හා රන්ඩු දබර ඇතිකර ගනිති. සමාජයේ ජීවත් වීම අපහසුය.  බුදු රජාණන් වහන්සේගේ දහමට පිටුපා වෙනස් මගක ගමන් කරන ඔවුන් අයිති වන්නේ මාර සේනාවටය. ඒ ඔවුන් මේ සසර තව තවත් දික් කරන නිසාය.   නමුත් ඔවුන් බෞද්ධයින් යයි කියා ගනිති..   ඒ නමින් පමණය.


මතු සම්බන්ධයි..

Thursday, May 13, 2010

කරුණු විකෘති කිරීම

කරුණු විකෘති කිරීම



පසු ගිය කාල වකවානුවලදී මුස්ලිම් ජනයා ඉතාම්ත් සාමකාමී ලෙස සිංහල බෞද්ධයා සමග ජීවත් වූ බවක් හා කරුණු විකෘති කොට, මුස්ලිම් ආගම ලෝකයේ ඉතාමත්ම සාමකාමී පිරිසිදු ආගම ලෙස හුවා දක්වන බ්ලොග් අඩවියක, පූජ්ය එල්ලාවල මේධානන්ද හිමියන් විවේචනය කොට තිබුනි. එය දුටු නිසා මම දන්නා කරුණු ස්වල්පයක් ගෙනහැර දක්වා මේ සටහන ලියන්නට සිත් වුනි. දැනට ලංකාවේ සිටින මුස්ලිම් ජනතාව පරම්පරා පහක් හෝ හතක් පමන මේ රටේ ජීවත් වී ඇත. මේධානන්ද හිමි පවසන ආකාරයට මොවුන්ගේ මුල් රට අරාබි දේශයයි. මේ රටේ ඉපදුන නිසා මේ රට මවු රට බවට සැලකීම වරදක් නැත. නමුත් ඔවුන් හොඳ පුර වැසියන් වීද? සත්තකින්ම නැත. සාමාන්ය යෙන් මුස්ලිම් ජනයා ඉතාම කෛරාටික බවට සමාජයේ පිලිගැන්මක් ඇත. මෙය කොතනින් පටන් ගත්තාදැයි කීම පවා අපහසුය. නමුත් අතීතයේ සිදුවුනු ඉතිහාසගත සිදුවීම් මේ කරුණු සඳහා සාක්ෂිදරයි. ලංකා 1 බ්ලොග් අඩවියේ සටහන් අතර 1915 සිංහල-මුස්ලිම් කෝලාහලය පිලිබඳ වචනයකුදු නොමැත. එක්කෝ කිසිවෙක්වත් මේ පිලිබඳව නොදන්නවා ඇත, නැතහොත් ගොලුවන් බිහිරන් අන්ධයින් සේ කරුණු මග හැර සිටීමට උත්සාහ දරනු ඇත. ලංකා ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් ගැන වාර්තා වේ.


1915 වෙසක් පොහෝ දින ගම්පොලදී මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටින් බෙර වාදනය කරමින් ගිය බෞද්ධ පෙරහැරකට මුස්ලිම්වරු ගල් ගසා බෞද්ධයින් අවුස්සා ගත්හ. එකල තිබුනේ බ්රිතාඤ්ඤ රජයයි. සැමදාම බෞද්ධයින්ට කෙනෙහිලිකම් කල බ්රිතාඤ්ඤ ජාතිකයෝ මුස්ලිම් වරුන් විසින් නොමග යවන ලදුව, මුස්ලිම් පල්ලි ඉදිරිපිටින් බෙරවාදනය තහනම් කරමින් නීතියක් පැනවූහ. මුස්ලිම්වරුන් කෛරාටික ලෙස බ්රිිතාඤ්ඤ නිලධාරීන් රවටා මෙය කල බව සැලකේ. එකල සුලුතරයක් වූ මුස්ලිම් ජනතාවගේ සාමකාමී සහජීවනය මෙයද? මේ අවස්ථාවේදී අනගාරික ධර්මපාල තුමා "බ්රි තාඤ්ඤ ජාතිකයාට ජර්මානුවා යම් සේද, බෞද්ධයාට මුස්ලිම් මිනිසාද එසේමය," යනුවෙන් අනාගත වාක්යයක්ද පලකලේය. 1950 දශකයේදී ආනන්ද විද්යායලයේ සයවැනි පන්තිවලට "පියසිරිගේ පාසැල් සමය" යනුවෙන් වී.ඩී.ද. ලැනරෝල් මහතා විසින් රචිත පොතක් කියවීම සඳහා නියමිතව තිබුනි. මේ පොතේ පසුබිම සිංහල මුස්ලිම් කෝලාහලය පිලිබඳව විය. කඩුවෙල, බෝමිරිය, කැලණි මිටියාවත පසුබිම් කර රචිත මේ පොත ලැනරෝල් මහතාගේ පුද්ගලික අත්දැකීම් විය. එකල මුස්ලිම් ප්රභාකරන් කෙනෙක් නොසිටියද, කරුණු මෙසේ විය. කපිතාන් හෙන්රි පෙද්රිස්ට වෙඩි තබා හොර රහසේ වැලලීම, සිංහල නායකයින් නඩු නොඅසා මරා දැමීම, සිරගත කිරීම ආදී නොපනත් කම් බොහෝ සෙයින් සිදු වුනි. ලංකාවේ ප්රථම අගමැති ඩී.එස්.සේනානායක මහතාද සිරගත විය. කුපිත වූ බෞද්ධයාද මුස්ලිම් පල්ලි විනාශ කලේය. සමහර මුස්ලිම් වරු ජීවිතයන්ද වන්දි ගෙවූහ. රජය විශ්වාස කලේ මේ 1818 මෙන් රාජ්ය විරෝධී ව්යාපාරයක් ලෙසටය. අවසානයේ රජයට හොරෙන් රහසේ එංගලන්තයට පනිවුඩයක් යවා, මෙරට උන් ආන්ඩුකාරයා ආපසු එංගලන්තයටම කැඳවා ගන්නා ලදී.


කරුණු මෙසේ තිබියදී, සාමාකාමී සහජීවනයක් ගැනත්, බෞද්ධයන් සමග හොඳින් ජීවත්වීම ගැනත් කවර කථාද? මේ ලංකා ඉතිහාසයෙන් පිටුවකි. ගෝලීය වශයෙන් මේ පුරුක ඔස්සේ බලන්න.


http://www.youtube.com/watch?v=l-y1SNddKnw&feature=related

බෞද්ධයන්ට 1915දී අකුල් හෙලා, ඔවුන් ප්‍රකෝප කොට මෙතරම් විනාශයක් කර තිබියදීත්, යලිත් මුස්ලිම් ජනතාව සමග එකට ක්‍රියා කිරීම පිළිබඳව මුස්ලිම්වරු බෞද්ධයන්ට නය ගැති විය යුතුය. එසේම මේධානන්ද හිමියන් විවේචනයට භාජනය කිරීමද හෙලා දැකිය යුතුය.

Saturday, March 27, 2010

බුද්ධාගම - නවීන විද්යාිවේ පදනම වශයෙන්.... 5

උතුරු තායිලන්තයේ චියෑංග් මායි විශ්ව විද්යාcලයේ 1991 අගෝස්තු 16 වැනි දින පූජ්ය ප්රායයුද් ප්රාුයුත්තෝ හිමියන් විසින් පවත් වන ලද දේශනයක් ඇසුරෙනි.



විද්යාවේ දියුණුව සමගම මිනිසාගේ අවබෝධයත්,  බුද්ධියත් දියුණු විය. විද්යාත්මක නිපදවීම් වලින් මිනිසා උද්දාම වී සිටියේය. විද්යාව තුලින් විශ්වයේ රහස් සොයාගෙන, සත්ය ය කරා යාමට හැකි බවට මනුශ්යයා පිලිගත් කාල වකවානුවකි ඒ.  විද්යාව,  ආගමට වඩා විශ්වාස කල මිනිසා, ආගම පිලිබඳව සැක ඇති කර ගැනීමට පවා පෙලඹුණු යුගයක් තිබුනි.  සමහරු විද්යාව මත විශ්වාසය තබා ආගම අතහැර දැමූ බවට, හෝ නොසලකා හැරී බවට පවා සාක්ෂි ඇත. විද්යාව  දියුණු වී ඇති රටවල,  සමාජය දෙස බලන විට,  ඒ  ඒ  රටවල මිනිසුන්ගේ ආධ්යාත්මික භාවයේ හෝ ජීවන රටා වල, (විද්යාව එපමණ දියුනු නැති රටවල මිනිසුන් සමග සසඳන විට,)  ආධ්යාත්මික භාවයේ හෝ ජීවන රටාවේ දියුණුවක් නොපෙනෙයි. සමහරු තවමත් විද්යාව දෙස බලන්නේ යම්කිසි ගුප්ත, 'අරුම පුදුම' දෙයක් ලෙසටය. මේ විශ්වාසය අන්ධ වන අතර එහි කිසිම විද්යා‍ත්මක පදනමක් අඩංගු නැත. මේ වනාහී "විද්යාවාදයයි" (scientism). බොහෝ දෙනෙක් විද්යාව දෙස බලන්නේ විද්යාත්මක පසුබිම හෝ එහි ඇති තාක්ෂණවාදය දෙස නොව, අවසානයේ නිපදවී ඇති භාණ්ඩය දෙසය. ඒ භාණ්ඩ මනුශ්යෂයාගේ අභිලාශයන් සපුරාලණ, ආශාවන් තාවකාලිකව හෝ සන්සිඳුවන භාණ්ඩ විනා, බුද්ධිය දියුණු කෙරෙන භාණ්ඩ නොවෙයි. තවද එම නිපදවීම් වලින් මනුශ්යයාගේ ඥානයට හෝ, අවබෝධයට හෝ සමාජයේ චෛතසික ස්වභාවයට අභාෂයක් දී නැති තරම්ය. මේ කාල වකවානුවේදී, මේ අවස්ථාවේදීම සිදුවෙන තවත් සංසිද්ධියක්ද සඳහන් කල යුතුය. විද්යා ව පිලිබඳව තිබූ උනන්දුව යම්කිසි ප්රමාණයකට අඩුවී ආගම පිලිබඳ කරුණු වලට මිනිසා නැඹුරු වී ඇති බවක් දක්නට ලැබුණි.   චිරස්ථාපිත (orthodox) විද්යාත්මක සමාජයේ විද්යාඥයින් මේ අවස්ථාවේදී සිය විද්යාත්මක නිශ්පාදන වලට සීමාවන් ඇති බව වටහා ගත්හ.  මේ සංයෝගය, එනම් සම්පූර්ණයෙන් වැඩිදියුණු වූ විද්යාවකුත්, සර්ව සම්පූර්ණ වූ ආගමකුත් එකට එක්වීම,  මානව සංහතියට සාමයෙන් සහ ප්රීතියෙන් වාසය කිරීමට තුඩු දෙනු ඇතැයි දාර්ශනිකයෝ අනාවැකි පලකලහ.  කෙසේ හෝ විද්යාව දිනපතාම පසුබසින බවක් දක්නට ඇත.  ආගමික සත්යයන් පිලිබඳව වාද කිරීමට විද්යාමවට අපහසු වී ඇත. මේ බව ලොව ඉහල පෙලේ විද්යාඥයින්ට වැටහී ඇත. ඔවුන් පවසන්නේ ආගමික පරම සත්යතාවය කවදාවත් විද්යාවට වටහා ගත නොහැකි බවයි...


දැන් බුද්ධාගම ගැන සලකා බලමු. මේ සටහන් පෙල පටන් ගැනීමේදී ස්වාභාවික ව්යවසනයන්ට ඇති බිය නිසා ආගම බිහි වූ බව පවසා ඇත. නමුත් බුද්ධාගම බිහි වූයේ ස්වාභාවික ව්යවසනයන්ට ඇති බිය නිසා නොව, ලොව සදා පවත්නා "දුක්ඛ" (මේ දුක්ඛ නම් වූ පාලි වචනය නියම තේරුම දෙන පරිදි පරිවර්තනය කිරීම අපහසුය.) නොහොත් නොයෙක් ශාරීරික සහ මානසික පීඩන, දොම්නස,යනාදී බොහෝ දෑ ඇතුලත් සෑම මනුශ්යයෙකුටම උරුම, දුක් කන්දරාවෙන් ගැලවීම සඳහාය. අනෙක් ආගම්, යම්කිසි ව්යසනයකදී ඊට හේතුව වශයෙන් මිනිසා අභිභවා යන සර්වබලධාරී බලවේගයක් ඇතැයි විශ්වාස කලහ. මේ බලවේග, කුණාටු. ගංවතුර, භූමිකම්පා ආදී මිනිසාට පාලනය කල නොහැකි ස්වාභාවික උවදුරු යම්කිසි "කෝපවීමක්" මත සිදු වූ බව විශ්වාස කලහ. කලින් සඳහන් කර ඇති පරිදි මේ ආගම් වල උත්පත්තියයි. මේ සබඳතාවය නිසා සමහර නූතන මනෝවිද්යාඥයෝ දෙවියන් විසින් මිනිසා මවන ලද බව ආපස්සට හරවා 'මිනිසා විසින් දෙවියන් නිර්මානය කරන ලද බවක්' පවසති.   ස්වාභාවික උවදුරු ඇති වූ අවස්ථාවලදී දෙවියන්ගේ කෝපය තුනී කරවීමට බැතිමත්හු නොයෙක් අන්දමේ යාඥා, පුද පූජා පැවැත්වූහ.    ඉතාමත් වැදගත් කරුණ වන්නේ, පැරණි ආගම් වල හරය වූයේ, දෙවියන්ගේ කැමැත්ත හෝ අකැමැත්ත නිසා ස්වාභාවික උවදුරු ඇතිවන බවයි.   බුදු දහමේ හරය (වූයේ) වන්නේ 'දුක්ඛ' නම් වූ පීඩාකාරී තත්වය නිසා ඇතිවන අසහනයෙන් මිදීමය. ඉන් මිදීමට මහබෝසතාණන් වහන්සේ සිය ප්රඥාවෙන්, ක්රමවේදයක් ප්රත්යක්ෂ වශයෙන් සොයාගෙන, ඒ මග ඔස්සේ ගොස් සසරෙහි ඇති දුක් කන්දරාවෙන් නිදහස් වූ සේක. මේ ජීවිතයේදීම අවබෝධ කල හැකි මේ ක්රමවේදය ලොවට කියා දුන්නේ ඉන් පසුවය. බුදු දහමෙහි හරය මෙලොව දුකින් නිදහස් වීමය.


• අනෙක් ආගම් පවසන්නේ ස්වාභාවික ව්යුසන වලට හේතුව දෙවියන් විසින් පාලනය කරනු ලබන අදෘශ්යමාන බලවේගයන් බවය.


• බුදු දහම පවසන්නේ ලොව සදා පවතින්නා වූ මේ සියලු දුක් කන්දරාවට මුල් වූ 'දුක්ඛ' නම් වූ තත්වය, සම්පූර්ණයෙන්ම ස්වාභාවික බවත්, එය මනුශ්යයා විසින් මනාකොට තේරුම් ගතයුතු බවත්ය.

දුක්ඛ නම් වූ තත්වය ඇතිවන්නේ සම්පූර්ණ ස්වාභාවික වූ හේතූන්ගෙනි. ඒ හේතූන් නිසා ඇති වන අසහනය එහි ඵලය වේ. එනම් මෙහි ක්රියාකාරී වන්නේ අද්භූත බලයක් නොව ස්වාභාවික වූ හේතුඵල දහමකි.(Cause and effect) මෙය නොදැනීම අවිද්යාව යයි කියනු ලැබේ. පාලියෙන් 'අවිජ්ජා' වශයෙන් හැඳින්වේ. (Law of Nature). මේ සිද්ධාන්තයම වෙනත් අන්දමකට සරළව ප්රකාශ කල හැක. අවිද්යාව හේතුව වශයෙන් පවතින විට ඒ අවිද්යාවට පිලියම වනුයේ අවිද්යාවට ප්රුතිවිරුද්ධ වන ධර්මතාවයකි... එනම් ප්රඥාවයි. සමහර ආගම් රඳා පැවතුනේ භක්තිය මතය. බුදු දහම ඒ "භක්තිය" වෙනුවෙන් ප්රඥාව ස්ථාපිත කරවිය. බුදු දහම හා අනෙකුත් ආගම් අතර ඇති ප්ර ධාන වෙනසක් වන්නේද මේ කරුණයි. බුදු දහමට අනුව, මනුශ්යයා විචාරාත්මකව කරුණු සලකා බලා හේතු ඵල දහම ප්රඥාවෙන් වටහා ගත යුතුය. බොහෝ ආගම් වල පාලකයා සර්වබලධාරී බලවේගයකි.  බුදුදහමේ මේ වගකීම, අයිති එහි හිමිකරුටමය. මිනිසාමය. කරුණු ප්රඥාවෙන්ම සලකා බැලිය යුතුය. තමා විසින් කරන ලද ක්රියාවන්හි( හොඳ හෝ නරක ) අයිතිය වෙන කිසිවෙක් නොවේ, තමාමය. එහි ප්රථිපලය විඳින්නේද තමාමය. කර්මය නමින් හඳුන්වන්නේ මේ ක්රියාවලියය.






මතු සම්බන්ධයි...............

Sunday, March 14, 2010

බුද්ධාගම - නවීන විද්යා.වේ පදනම වශයෙන්.... 4

උතුරු තායිලන්තයේ චියෑංග් මායි විශ්ව විද්යාසලයේ 1991 අගෝස්තු 16 වැනි දින පූජ්යන ප්රාායුද් ප්රාුයුත්තෝ හිමියන් විසින් පවත් වන ලද දේශනයක් ඇසුරෙනි.


විද්යාඥයෝ, ඔවුන්ගේ විද්යාත්මක පරීක්ෂණවල සත්ය තාවය නිරීක්ෂනය කිරීම සඳහා විද්යාත්මක ක්රම භාවිතා කරති. මෙහිලා මූලික සාධක වනුයේ, නිරීක්ෂනය හා සත්යාපනයයි. නිරීක්ෂනයටද කෙලවරක් නොමැත. යලි සැකයක් මතු නොවන තෙක් නිරීක්ෂනය කිරීම සාමාන්යයෙන් විද්යායඥයින්ගේ සිරිතය. නමුත් ඒ සඳහා කොපමණ වෙරක් දැරුවද, අවසානය එය නොවේ. ඒ නිරීක්ෂනය සඳහා යොදාගත් උපකරණ සහ උපයෝගී කර ගත් විද්යාත්මක ක්ර්ම කාලයාගේ ඇවෑමෙන් යල් පනින බැවිනි. උදාහරණයක් වශයෙන් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය පිලිබඳ නියමය දෙස බලමු. මේ නියමය මුලු ලොවම සත්යයක් ලෙස පිලිගත් සිද්ධාන්තයකි. විසි වැනි සියවසේදී අයින්ස්ටයින් ඒ නියමය සම්පූර්ණ සත්යයක් බවට පිලිගත නොහැකි බවට කරුණු ඉදිරිපත් කලේය. අනුපරමාණුක තලයක, (subatomic level) නිව්ටන්ගේ නියමය නිෂ්ප්රභා වෙයි!!! නමුත් නිව්ටන් මේ නියමය ප්රනකාශ කල අවස්ථාවේදී අනුපරමාණුක ක්රියාන්විතය පිලිබඳව විපරම් කිරීමට උපකරණ නොතිබිනි. විද්යාත්මක නියාමයන් පවා කලින් කලට වෙනස් වන සුලුය. මේ නයින් බලන කල, විද්යාඥයින් සාමාන්ය ජනතාවගේ හාස්යයට පවා ලක් වී ඇත. සාමාන්ය දොරක් දෙස බලමු. දොරවල් ඇත්තේ අනවශ්යය පුද්ගලයින්, සතුන් ඇතුලුවීම වලකාලීමටය. විද්යා‍ත්මක තර්කයට අනුව:


    දොර බාගෙට වසා ඇත = දොර බාගෙට ඇරී ඇත.
    එසේ නම්, දොර සම්පූර්ණයෙන් වැසූ විට = සම්පූර්ණයෙන් ඇරී ඇත.


ඒ කියන්නේ, විද්යාවට අනුව, දොරවල් වලින් වැඩක් නැති බවද? නමුත් එය එසේ නොවන බව කුඩා දරුවෙකුට පවා වැටහෙන දෙයකි. විද්යාව සාමාන්ය ජනතාවගෙන් ඈතට යමින් පවතී. විද්යාව පරිහරණය කරන්නේ එක්තරා ප්‍රභූ කොටසක් පමණි. මේ ප්රභූන්ද යටත් පිරිසෙයින් දෙකොටසකට බෙදී ඇත. ඒ සාමාන්ය විද්යාඥයින් සහ විශේෂඥ විද්යාඥයින් වශයෙනි. ආගම සියලු ජන කොටස්ම පරිහරණය කරන්නා වූ දෙයකි. ආගම හා විද්යාව අතර ඇති ප්රධාන වෙනස් කම මෙය වේ. නමුත් මෙය මෙසේ නොවිය යුතුය. ආගම සහ විද්යාව යන දෙකම මානව සංහතියේ ශුභ සිද්ධිය උදෙසා විය යුතුය. විද්යාව මානව සංහතියේ අවබෝධය, තව පුලුල් කල යුතුය. විද්යාත්මක නිපදවීම් සෑමවිටම පාරිභෝගිකයාගේ මනැස සතුටු කරවීමට උත්සාහ කරයි. මේ නිපැයුම් වලට එක්තරා වාණිජත්වයක් මුසු වී ඇත. ඒ මගින් නිපදවන්නාගේ ආර්ථිකය ගොඩනගා ගැනීමට පුලුවන් බැවිනි. රූපවාහිනිය මානව සංහතියට දායාද වී දශක ගනනක් වී ඇත. මේ කාලය ඇතුලත රූපවාහිනියෙන් වන සේවය දියුණු වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. විශාල පෙට්ටියක් වශයෙන් බිහි වූ රූපවාහිනිය දැන් ඉතා කුඩා ඝන කමක් ඇති පැතලි රාමුවක් වශයෙන් පැමින ඇත. විද්යාත්මක වශයෙන් සුලු සුලු වෙනස් කම් ඇති වුවද, මානව සංහතියට ඇති වූ යහපතක් නැති තරම්ය. රූප වාහිනියෙන් පෙන්වන දේ අතරෙන් බොහෝ දේ මිනිස් මනසට හානිකිරීමට පිලිවන් දේවල්ය. අසීමිත ආසාවල් පසුපස දුවන, ලද දෙයින් සතුටු නොවන, රාගාත්මක දේවල් පසුපස හඹායන සමාජයක් මෙයින් බිහි වීඇත. සන්නි වේදනය ශීඝ්රයෙන් දියුණු වී ඇත. නමුත් සන්නිවේදනය බොහෝ සෙයින් භාවිතා වන්නේ මුලාව, මෝහය පසුපස හඹා යෑමටය. විද්යාව මේ සඳහා කිසිම වගකීමක් භාර නොගනියි. අලුතෙන් වෙළඳ පලට එන්නේ කුමක්ද, ඒ සඳහා වෙළඳ දැන්වීම් එමටය. පාරිභෝගිකයාගේ මනස රවටා සිය මඩිය තරකර ගැනීම එය නිපදවන්නන්ගේ අදිෂ්ඨානයය. අද ලෝකයේ ජංගම දුරකථන කොපමණ නිපදවෙයිද? හොඳට ක්රිනයා කරන ජංගම දුරකථනයක් තිබියදී වෙනත් එකක් ගන්නා අය කොපමණ ඇද්ද? මුලාව, මෝහය ආදී හානිකර දේවල්, විද්යාව නොනිසි ලෙස භාවිතා කිරීමෙන් සිදුවූ දේවල්ය. පරිගණකය දෙසම බලන්න. මිනිසාගේ වැඩ කටයුතු පහසු කර ලීම සඳහා නිපැදවුනු පරිගණකය ඉතා ප්රයෝජනවත් උපකරනයකි. අසූව දශකයේ මුලභාගයේ සාමාන්ය ජනතාව අතට පත්වුනු පරිගණකය, අද ලෝකයේ ප්රයෝජනයට වඩා පරිහානිය දෙසට ගමන් කරමින් සිටියි. බොරුව, වංචාව කරන හැටි පාසැල් ලමුන් පවා ප්රපසිද්ධියේ කියා සිටිති. අපේ රටේ අවාසනාවකට මෙන් ඔවුන් බෞද්ධ පාසැල් වල ලමයි වෙති. පරිගණකය මාර්ගයෙන් කරන වංචාද, බොරුව, හොරකම යන ගණයටම අයත් වෙයි. පරිගණක මාර්ගයෙන් කරන බොරුව, බොරුවක් නොවේය, කියා පවසන්නට පවා සමහරු නිර්දය වෙති. නමුත් බොරුව බොරුවමය. වංචාව වංචාවමය. සදාචාරය සදාචාරයමය. විද්යාව කලින් කලට වෙනස් වූවත්, සදාචාර ධර්මයන් වෙනස් නොවේ. විද්යාවේ අනුසාරයෙන් හොර බොරු කිරීමට පවා අද වරම් ලැබී ඇත. මේ සියලු අවිචාර දේවල්, අවිචාර සම්යේදීම, ආගමට පැටවීම සිදුවී ඇත. අද විද්යාව කෙරෙහි සාමාන්ය ජනතාව තුල ඇත්තේ අන්ධ භක්තියකි.


ලෝකයේ බොහෝ ආගම් ඇතත් ඇත්තේ එකම විද්යා වකි. ඉතිහාසය දෙස බැලූවිට එහි සත්යතාවය අපට වටහා ගත හැක. ආගම් බොහෝ ගනනක් හා එකම විද්යාවක් එකට පැවතීම, ලෝකයේ ස්වභාවය පිලිබඳව, විශ්වයේ ගුණාංග පිලිබඳව විග්රහ කිරීම, තවමත් විද්යාවට අපහසු වී ඇති බවක් පෙන්වයි.. ඒ නිසා තාවකාලික වශයෙන් හෝ ආගම් සමග එකම වේදිකාවකට ගොඩ වීමට විද්යාවට සිදු වී ඇත. විද්යාව, අවසානයේදී සත්ය්ය කරා එළඹුණු කල , (එසේ වුව හොත්) ඒ සත්යය මානව සංහතිය අසන ප්‍රශ්න වලට පරිපූර්ණ පිලිතුරු සපයන, පරම සත්යයක් හා ශ්රේෂ්ට සත්යයක්ද වනු ඇත. විද්යාව පිලිබඳ ඇති විශ්වාසය දෙදරා යන විට ඒ හා සමග පවතින ආගම් නව පුනර්ජීවණයක් ලබයි. සාමාන්ය ජන ජීවිතයේ ඇති ගැටලු වලට විද්යාව පිලිසරණක් දී නොමැත. විද්යානුසාරයෙන් ජනතාව සතුටු කිරීමට නොපිලිවන. ඔවුන්ගේ ගතිගුණ (වැරදි ) නිවැරදි කිරීමට නොපිලිවන. ආතතිය, සිත් වේදනා, දුක් කම් කටොලු, මානසික වේදනාවන් ආදී දේවල් සමනය කිරීමට විද්යාවට නොපිලිවන. තාවකාලික වශයෙන් මානසික ආතතිය ආදී රෝග වලට විද්යාකත්මක ප්රතිකාර ඇතත්, ඒවා සම්පූර්ණ යයි කිව නොහැක. රසායනික ද්ර ව්ය ශරීර ගත කිරීමෙන් අනර්ථකර අතුරු ඵල ඇතිවන බව නොරහසකි. විද්යාත්මක චින්තනයට අනුව, අනාගතයේදී, සතුට ගෙනදෙන බෙහෙත් නිපදවිය හැක. නමුත් ඒ බෙහෙත් වැටෙන්නේ උත්තේජක ගණයට මිස, ඖෂධ වශයෙන් නොවේ. මේ වැනි රසායනික ද්රව්ය නොයෙක් නම් වලින් ලොව පුරා දැනට ඇත. රහසිගතව මේ රසායනික ද්ර ව්ය ලොව පුරා අලෙවි වෙයි. තාවකාලික සුවයක් ලැබුනත් ඒවායේ ඇති උවදුර අතිශයින්ම භයානකය. දැනට වුවද ලෝකය සෑහෙන අමාරුවක වැටී ඇත. ආහාර වලට එකතු කරන කෘතිම ද්රව්ය, වගාවලට භාවිතා කරන කෘමිනාශක ද්රව්ය ආදී රසායනික ද්රව්ය  නිසා ඇති වී තිබෙන හානි අපට දැකගත හැකිය. නමුත් ප්රශ්නය මෙය නොවේ.... යථාදර්ශනය (perception) විය යුත්තේ සාරධර්මයි (values). ජීවිතයේ ඇති වංශවත් භාවයයි (quality of life). ආගමක අභිප්රාය විය යුත්තේ නිදහස් ජනතාවක් බිහි කිරීමයි. 'නිදහස්' වශයෙන් මෙහි අදහස් කරන්නේ බාහිර ද්රව්යයන්ගෙන් තොර ව, සතුටු විය හැකි ජීවන රටාවක් ගොඩනගා ගැනීමයි. බාහිර රසායනික ද්රව්ය භාවිතයෙන් සිදු වන්නේ සිය සතුටත්, දෛවයත් රසායනික ද්රව්ය වලටම භාරදීම පමණකි. කවදා හෝ මේ තත්වයක් ඇති වුව හොත් අපට සාමාන්ය මනුශ්යකයන් හැටියට පෙනී සිටීම අපහසු වනු ඇත. අපි කෘතිම ජනකායක් වීම වැලකිය නොහැක. එවිට ස්වාභාවික පරිසරයකට ඔරොත්තු නොදෙන කෘතිම මනුශ්ය කොට්ඨාශයක් වශයෙන් පොලෝ තලයෙන් අතු ගෑවී යාමට පවා පිලිවන. විද්යාවට, විද්යායනුසාරයෙන් මානව සංහතියේ එදිනෙදා ගැටළු නිරාකරණය කිරීමට නොපිලිවන. විද්යාවට, යහපත් හැසිරීම් රටාවක් උදෙසා මානව සංහතිය පෙළඹවීමට අපහසුය. අභ්යන්තර චිත්ත සන්තුෂ්ටියක් මානව සංහතියට ලඟාකරදීමද අපහසුය. විද්යායනුකූල 'සත්යය' අසම්පූර්ණය, එසේම අවිනිශ්චිතය... කවදා මතුවේදැයි පවා කිව නොහැක. තවද එම 'සත්යය' ද වෙනස් වෙමින් පවතී.


මනුශ්යයාට ආගමක් අවශ්ය ද? ලෝකයේ ආගම් පවතින්නේ ඇයි?   ඒ, දෛනික ගැටළුවලට, සම්පූර්ණ, එමෙන්ම ප්රායෝගික පිලිතුරක් මිනිසාට අවශ්ය බැවිනි. එම පිලිතුර සත්යාදපනය කල නොහැකි බැවින්ද, විද්යාවටද එසේ කිරීම අපහසු බැවින්ද, විශ්වාසය මත පිලිතුර රඳා පවතියි. තාක්ෂණික වශයෙන් යම්කිසි 'දියුණුවක්' ඇතිවුවද, ඒ දියුණුව භෞතික ලෝකයේ ද්රව්යමය දේවල්වල ප්රිගතියක් මිස නියම දියුණුවක් ලෙස සැලකිය හැක්කේ ඉතාමත් සුලු ප්රමානයක් පමණකි. මේ පිලිබඳව සලකා බලන විට සෑම ක්ෂේත්රයකම විද්යාවේ 'අත්වැරදි' , (භයානක අත්වැරදි) දැකිය හැක. මේ අත්වැරදි ඇතිවූයේද, ඉතා උග්ර අන්දමින් ඒ ඒ ද්රව්ය‍ පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. ක්ලෝරම්ෆෙනිකෝල් නම් වූ ඖෂධය සලකා බලමු. එය ලොවට හඳුන්වා දුන් පසු බහුල ලෙස එය භාවිතා විය. සන්නිපාත උණට පමණක් නොව ප්රතිජීවකයක් (antibiotic) ලෙස ඉතා බලසම්පන්න ඖෂධයක් ඇති බව වෛද්යවරු විශ්වාස කලහ. යලිත් වෙන ඖෂධයක් අවශ්ය නොවෙන බවට සමහරු විශ්වාස කලහ. ඊට දශකයකට පමණ පසු මෙම ඖෂධයෙන් ඇට මිදුලු අවපීඩනයට (bone marrow depression) ලක්වන බවත්, එයින් ලියුකීමියා නම් වූ පිලිකා රෝගය ඇතිවන බවත් පතල විනි. DDT (dichlordiphenyltrichloroethane) 1939 දී කෘමිනාශකයක් ලෙස ලොවට හැඳුන්වීය. දෙවැනි ලෝක මහා යුද්ධයේදී DDT මැලේරියා සහ ටයිෆස් මැඩ පැවැත්වීමට මහෝපකාරී විය. වැඩිකලක් ගත වීමට පෙර එය පිලිකා කාරකයක් බවට පතල විය. එසේම කෘමි නාශකබවද නැති වී ගියේය. දැන් ඒ ද්රව්යයෙන් නැසෙන්නේ කෘමින් නොව මනුශ්යයන්ය. තැලිඩෝමයිඩ් තවත් විද්යාදත්මක සරදමකි. නිද්රා කාරකයක් ලෙස 1950 දශකයේ අගභාගයේදී ලොවට හඳුන්වා දුන් මේ රසායනික ද්රව්ය  බහුල ලෙස ඇමෙරිකාවේ භාවිතා විය. වැඩි කල් නොගොස්ම එය විරූපී පිලිකා කාරකයක් ලෙස පතල විය. මේ ද්රාව්යද ලොවට හඳුන්වා දීමට පෙර පරීක්ෂණ-නිරීක්ෂණ වලට භාජන විය. මේ පාවෙන හිම කන්දක ඇසට පෙනෙන උඩ කොටස පමණි.


කොපමණ පරීක්ෂණ-නිරීක්ෂණ පැවැත්වුවත්, අනපේක්ශිත ප්රතිඵල ලැබෙන නිසා විද්යාව කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි බව ප්රඥාවන්ත ජනයා තේරුම් ගත්හ. ඒ නිසා ආධ්යාත්මික පිලිතුරක් සොයා යන්නෝ ක්ර්මයෙන් වැඩි වෙන බව පෙනෙයි.


(මතු සම්බන්ධයි..................)

Thursday, February 25, 2010

බුද්ධාගම - නවීන විද්යා.වේ පදනම වශයෙන්.... 3

බුද්ධාගම - නවීන විද්යා.වේ පදනම වශයෙන්.... 3



උතුරු තායිලන්තයේ චියෑංග් මායි විශ්ව විද්යාදලයේ 1991 අගෝස්තු 16 වැනි දින පූජ්යත ප්රා යුද් ප්රාුයුත්තෝ හිමියන් විසින් පවත් වන ලද දේශනයක් ඇසුරෙනි.

ආගම, සාමාන්ය ජනතාවකට සුදුසු, භක්තිය මත ගොඩ නැගුණු, සත්‍යාපනය කල නොහැකි, පද්ධතියක් වෙයි. මෙය සත්‍යාපනය නොකල බැවින් නිරන්තරයෙන්ම භක්තිය නිසා වර්ධනය වෙයි. කාලයාගේ ඇවෑමෙන් වෙනත් සිද්ධාන්තයක් බිහි වෙයි. ඒ සිද්ධාන්තයද සත්‍යය වශයෙන් පිලිගැනෙන්නේ සත්‍යාපනයෙන් තොරවය. භක්තියට අනුව කිසිම ප්‍රශ්නයකින් තොරව එයද පිලිගැනෙයි. කරුනු එසේ වුවද සමහරු පැරණි සිද්ධාන්තය පිලිබඳව විශ්වාසය තබති. මේ සියල්ල සිදු වන්නේ භක්තිය මතය. මේ නයින් බලන කල, එක අවස්ථාවක, එක කාල වකවානුවක ආගම් බොහෝ ගනණක් ලොවේ පැවතී ඇත.


මීට හේතුව කුමක්ද? මේ එවැනි විසඳුම් වල ස්වභාවයයි. සකලාංග පිලිතුරක් මෙසේම විය යුතුය. සත්‍යාපනය කල නොහැකිය. භක්තිය මතම රඳා පවතින මේ පිලිතුරු සියල්ල සත්‍යාපනය කල නොහැකිය. විද්යා නුකූල විසඳීම් ක්‍රමානුකූලය. එමෙන්ම ඒවාට කල් ගත වේ. විද්යාත්මක විසඳීමක එක් එක් අවස්ථා සත්යාපනය කරනු ලැබේ. එමෙන්ම විද්යාමනුකූල ක්ර්ම බුද්ධිමත් ලෙස ස්ථාපනය කොට ඇත. ඒ නිසා "ආගම් බොහෝ ඇත, නමුත් ඇත්තේ එකම විද්යා්වකි" වශයෙන් ප්රකාශ කල හැක.


ලොව ඇත්තේ එකම විද්යාවක් වුවද, කාලයෙන් කාලයට ඒ විද්යාව වෙනස් වෙයි. එක කලකට සත්ය වූ පිලිතුරක් වෙනත් කලකදී අසත්ය වෙයි. විශ්වයේ ස්වභාවය පිලිබඳ නියාය ධර්මයන් (theories) කලින් කලට වෙනස් වන සුලුය. එක කලකදී සත්ය වශයෙන් පිලිගත් කරුණක් තවත් කලකදී එසේ නොවෙයි. අනෙක් විද්යා ත්මක සිද්ධාන්තයද එසේමය. යම්කිසි සිද්ධාන්තයක් වලංගු කාල පරිච්ඡේදයට විද්යා ඥයින් විසින්ම "සුසමාදර්ශය" (Paradigm) වශයෙන් නම් කරන ලදී.


එක්තරා පසුගිය කාල වකවානුවක, විද්යාව, ටොලමිගේ (Ptolemy) උපකල්පනය (postulation) පරිදි විශ්වය භූකේන්ද්රී ය (geocentric) බව විද්යාඥයෝ පිලිගත්හ. ඊට පසු කලෙක කොපර්නිකස් (Copernicus) විස්තර කල සූර්යකේන්ද්රී (heliocentric-solar) පද්ධතිය ලොව පිලිගත්තේය. ඉන් පසු ඩෙකාටීස් ( Rene Descartes) සහ නිව්ටන් (Isaac Newton) යන විද්යාඥයින් විසින් විශ්ලේෂනය කල පරිදි ඒ ඒ පද්ධති ඒ ඒ කාල වකවානුවල ලෝකයේ භාවිතා විය. අද ප්රචලිතව ඇත්තේ නවීන භෞතික විද්යාවයි. මෙයද පසු කලකදී වෙනස් වී යනු ඇත. මේ නයින් බලන කල විද්යාවේ ස්වරූපය කාලානුරූපව වෙනස් වෙන සුලු බව පෙනී යයි. ක්වොන්ටම් සිද්ධාන්ත(quantum theory) හෝ සාපේක්ෂතා වාදයේ( theory of relativity) සිද්ධාන්ත වේවා, නවීන භෞතික විද්යාවේ දැනට භාවිත වන සිද්ධාන්ත නිව්ටන් සහ ඩෙකාටීස් ආදී පැරණි සුසීමාදර්ශ (paradigm) වල පැවතුනු සිද්ධාන්ත වලට වඩා බෙහෙවින් වෙනස්ය.


තවත් විශේෂ ආවේනික ලක්ෂණයක් ආගම තුල ගැබ් වී ඇත. පිටස්තර ලෝකය පමනක් නොව, මේවා නිරීක්ෂණය කරන මනුශ්යයාගේ අභ්යන්තර මනස ගැන ආගම උනන්දුය. විද්යාව එසේ නැත. එය නිරීක්ෂණය කරන්නේ පිටස්තර ලෝකය පමනි. ආගමික නිරීක්ෂණ පන්චේන්ද්රිනයයන්ට සීමා නොවේ. එය මනුශ්යෂයාගේ අභ්යතන්තරයේ දියුණුව උදෙසා නිර්මානය වූවකි. බොහෝ ආගම් වල බාහිර ස්වාභාවික ආපදා වලට හේතූන් වශයෙන් අද්භූත, අලෞකික වූ දේවබල, අස්වාභාවික බලවේග ආදී වශයෙන් හේතු දක්වා ඇත. මේ නිසා භූමි කම්පා, විදුලි කෙටීම ආදී ස්වාභාවික සිද්ධීන් සඳහා යාගහෝම, බිලිපූජා පැවැත්වීම ප්රතිකර්ම වශයෙන් නිර්දේශ විය. කෝලසන්නිය, මායාරෝගය (hysteria) ආදී මානසික රෝගවලට පවා යාඥා කිරීම, ගුප්ත ශාන්තිකර්ම ආදී ප්රතිකර්ම කල බවට ඉතිහාසය සාක්ෂි දරයි. විද්යාව, ක්ෂනික පිලිතුරක් සොයන්නේ නැත්තේ යම්කිසි අදාල වූ දත්ත මතුවෙනතෙක් විද්යාඥයෝ පර්යේශණ කරන නිසාය. ආගම් අතුරෙන් බුද්ධාගම, මිනිස් සංහතියේ චිරස්තිථිය උදෙසා දේශනා වුවද, මනුශ්යයාට ඇති සියලුම ගැටලු බාහිර පිටස්තර ලෞකික දේවල් වශයෙන් නොසැලකෙයි. හේතු ඵල දහම මත ගොඩ නැගී ඇති බුදුදහම, වැරදි ජීවන ක්රම වැනි මිනිසා තුලම ක්රි යාත්මක වන අභ්යන්තර කරුණු, මිනිසාට ඇතිවන උවදුරු වලට හේතු වශයෙන් දක්වා ඇත. අද ලොව ඇති බොහෝ ආගම්, මිනිසාට ඇති සමහර උවදුරු වලින් ගැලවීම සඳහා, යහපත් දිවි පෙවෙත, සරල වූ ජීවිතය, ආදී වශයෙන් සදාචාරමත්, අචාර ධර්ම වලින් පිරි ජීවන් මාර්ග නිර්දේශ කරති. සමහර විට සමහර ආගම්වල මේ පිලිවෙත සිදුවන්නේ හුදු භක්තිය හා මුසු වූ අවනත භාවය නිසා මිස, අවබෝධයකින් නොවේ. ආචාර ධර්මී චර්යාව (ethical behaviour) ඇතිවන්නේ බාහිර බලවේගයක් විසින් සිදු කෙරෙන්නේ යයි විශ්වාස කෙරෙන දඬුවමට ඇති බිය නිසාය. කලකට පෙර විද්යාවේ සත්යතාවයන් මනුශ්යි පන්චේන්ද්රිසයයන්ගෙන් ලැබෙන්නා වූ සංවේද මගින් සත්යාපපනය කිරීමට හැකි වුවත් අද එසේ නොවේ. පියවි ඇසින් දැක, පියවි කනෙන් අසා, අතින් අල්ලා නිගමනය කිරීමේ කාලයක් විද්යාවට තිබුනි. කාලයාගේ ඇවෑමෙන් පියවි ඇසින් දැකීමට අපහසු ක්ෂුද්ර දේවල් දැකීමට දුර දක්නය හා අනුදක්නය වැනි උපකරණ නිපදවීමට ව්ද්යාඥයන් පෙලඹුනහ. තවත් කල් යාමේදී, තවත් සංකීර්ණ උපකරණ රාශියක් ලොවට බිහිවිය. ඊටපසු ගණිත ශාස්ත්රයන් යොදා ගනිමින් සිද්ධාන්තවල සත්යාපනය කිරීමට විද්යාඥයින්ට සිදුවිය. අද ඒ සියල්ල පරයා පරිගණකය පෙරමුණේ සිටියි.


කාලය ගෙවී යත්ම, විද්යාවද සංකීර්ණ ස්වරූපයක් ගත්තේය. විද්යාත්මක සිද්ධාන්ත සත්යාපනය කිරීමට සුවිශේෂ උපකරණ භාවිතා කිරීමට සිදුවිය. ඒ නිසා විද්යාත්මක සිද්ධාන්ත පිලිබඳ කටයුතු අතලොස්සකට සීමා විය. ආගම එසේ නොවීය. එය සාමාන්යේ ජනතාවට විවෘතව තිබුනි. ආගම පිලිගැනීම හෝ නොපිලිගැනීම සාක්ෂි රහිතව කල හැකිය. තවද විද්යාවේ අනාගත දර්ශනය පුලුල් නොවුවහොත් විද්යාව අඳුරු මුල්ලකට තල්ලු වී යාමට ඉඩකඩ ඇත. විද්යාවේ සංකල්පය, මූල්ය වශයෙන් හෝ, ඉතා දුරින් පිහිටි, විශ්වයේ ඇති සංසිද්ධිවලට පිලිතුරු සැපයීමය. නමුත් මෙය කිසිදා සිදු නොවේ. සත්යය ලඟටම පැමිණි බවක් දැනුනත්, එය සැමවිටම අතින් ගිලිහී යයි.


කරුණු තවත් ව්යාකූල වීමට සිදුවන්නේ විද්යාවද දෙකොටසකට බෙදීමෙනි. විශේෂඥ විද්යාඥයින්ට වෙනම විද්යාවකුත්, සාමාන්ය ජනතාවට වෙන (තේරුම් ගැනීමට අපහසු ) විද්යාවකුත් බිහි වී ඇත. උදාහරණයක් වශයෙන් "ආලෝකය" විග්ර්හ කර ඇති පරිදි බලන්න. එක් විද්යාඥයින් කොටසක් ආලෝකය තරංග වර්ගයක් වශයෙන් අර්ථ දක්වා ඇත. තවත් කොටසක් ආලෝකය යනු ප්රොටෝන ධාරාවක් බව පවසති.. මේ දෙකේම සත්යතාවයක් ඇත. නමුත් සාමාන්ය කෙනෙකුට එය වටහා ගැනීම සමහර විට දුෂ්කර විය හැක. තාරකා විද්යා‍ඥයෝ විශ්වයේ කලු ලප (ආවාට) (black holes) ඇති බව පවසති. නමුත් ඒ වෙනත් තාරකා බවත්, ඒ වස්තූන්ගේ ගුරුත්වාකර්ශනය ඉතා බලවත් නිසා අලෝක ධාරා පවා අපේ පෘථිවියට ලඟා නොවන බවත් පවසති. ?? සාමාන්ය මනුශ්යයෙක් මේ අදහස කෙසේ නම් හරියාකර ලෙස තේරුම් ගනියිද?


මෙපමණක් නොවේ.... ඒ විශ්වයේ ඇති ආවාට පිරී ඇත්තේ පදාර්ථ (matter) සහ ශක්තියෙන් (energy) බව විද්යාඥයෝ කියත්.. උදාහරණයක් ලෙස එක ආවාටයක් නිව් යෝක් නුවර ඇති එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල තරම් විශාල පරිමාවක පුරවා, එහි ඝනත්වය අසීමිත පරිදි වැඩි වී, ඉදිකටුවක් තරම් ප්රමාණයක පරිමාවකට භාජනය වී ඇති බවයි! සාමාන්ය මනුශ්යකයෙක් මෙය කෙසේ නම් වටහා ගනියිද? පුදුමය මෙය නොවේ. ඉදිකටුවක් තරම් කුඩා වුවද, එහි ස්කන්ධය එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල හා සමාන බවද පැවසේ. මෙය සිතන්නට පවා නුපුලුවන්ය. අපට කල හැක්කේ විශ්වාස කිරීම පමණකි. විද්යාව සමස්ත මනුශ්ය ජීවිතය සහ ලෝකය ගැන පිලිගත හැකි පිලිතුරක් දීමට අපොහොසත් වී ඇත. පන්චේන්ද්රිවයන් අනුසාරයෙන් නිගමණය කෙරෙන සත්යතාවයන් අභිබවා විද්යාව පෙරට ගොස් ඇත. තර්කමාත්රයන් විසඳෙන්නේ ගණිතඥයන් විසිනි. ඉන්පසු භෞතික විද්යාඥයෝ ඒවා විද්යානුකූලව පරිවර්තනය කරති. සත්යය, වීජ ගණිතමය සමීකරණ වලට හැරවෙයි. මේ සමීකරණද, සත්යයම නොවන අතර පිලිගත හැකි අන්දමකට සත්යයද නිරූපණය නොකරයි. ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය තේරුම් ගත් ඉංග්රිසි ජාතික විද්යාඥයෙක් වන ශ්රීමත් තෝමස් ඇඩිංටන්, එම වාදය සත්යාපනය කිරීමට ක්ර්මවේදයක් නිපදවීමෙන් ශ්රීමත් (sir) යන නම්බු නාමයෙන් පිදුම් ලැබීය. එතුමා මෙසේ පවසා ඇත..


“මානව සංහතිය යථාර්තය කරා ගෙන යාමට විද්යා්වට අපහසුය. විද්යාමවට හැකි වන්නේ අඳුරු සෙවනැලි වන් සංකේත වලින් සමන්විත ලොවක් මානව සංහතියට පෙන්වීම පමණි.”






තව කොටසක් ලඟදීම...............

Tuesday, February 23, 2010

බුද්ධාගම - නවීන විද්යා.වේ පදනම වශයෙන්.... 2

උතුරු තායිලන්තයේ චියෑංග් මායි විශ්ව විද්යාේලයේ 1991 අගෝස්තු 16 වැනි දින පූජ්යස ප්රාසයුද් ප්රාුයුත්තෝ හිමියන් විසින් පවත් වන ලද දේශනයක් ඇසුරෙනි.


භූමි කම්පා, ගංවතුර, පිපිරෙන ගිනි කඳු ආදී ස්වාභාවික, මහාවිනාශකාරී ආපදා වලට මනුශ්යයා බියක් දැක්විය. ආදී මනුශ්යවයා මේ සංසිද්ධීන් (phenomena) කෙරෙහි අති මහත් බියක් දැක්වූයේ ස්වාභාවික වූ මේවායේ හටගැනීම ඔහු නොදැන සිටි නිසාය. එමෙන්ම ඒවායේ ප්රතිඵල අති භයංකාර විය. බොහෝ විට කිසිම දැනුම් දීමක් නැතිව මනුශ්යයාට බලපාන මේ ව්‍යසනවලට මිනිස් සංහතිය අතිශයින්ම බිය විය. මේ ස්වාභාවික විපත් වලට පිළිතුරක් සොයා ගැනීමට ඔහු වෙහෙසුනේද ඒ නිසාය. එම ගවේෂණය මිනිසා වටා ඇති ස්වාභාවික පරිසරය වෙතටම යොමු වුනි. ස්වාභාවික විපත් වලට පිළිතුරක් සොයා යන මානවයා, එක්තරා සන්ධි ස්ථානයකට පැමිණියේය. මේ සන්ධි ස්ථානය මානව ඉතිහාසයේ ඉතා වැදගත් වන්නේ විද්‍යාත්මක වශයෙන් හා ආගමික වශයෙන් එකම මූලෝත්පත්තියක් ඇති බැවිනි.


ඒ මූලෝත්පත්තිය අනුව අපට මෙසේ සඳහන් කල හැක.


1. ආගම බිහි වූයේ ස්වාභාවික විපත් වලින් ගැලවීමට මානවයා පිළිතුරක් සොයා යනවිටය.


2. විද්‍යාව බිහිවූයේ ස්වාභාවික දේවල් ගැන අධ්යයනය කිරීමේ ආශාව මානවයා තුල ඇති වූ විටය.


ස්වාභාවික විපත් වලින් ගැලවීමේ අභිලාශය ඔස්සේ ගවේෂණය කල මානවයා, ඒ විපත් වලට ඇති බිය නිසාම මේ සංසිද්ධීන් සිදුවන්නේ කෙසේදැයි විමැසීමට පෙලඹුනේය. මානව ඉතිහාසයේ සඳහන් ඇති පරිදි, මිසරය, මෙසපොතේමියාව ආදී ඉපැරණි සංස්කෘතිවල විද්‍යාත්මක සොබාදහම ගැන පර්යේශන පැවැත්වූවෝ ආගමික පසුබිමක් ඇත්තෝ වූහ.


එකම් මූලෝත්පත්තියක් මත බිහිවුවද, ඒ පසුබිම මත ම ආගම හා විද්යා‍ව දෙපසට බෙදී ගොස් ඇත. එසේ සිදු වූයේ කුමක් නිසාද?


ස්වාභාවික විපත් ඉතා ඉක්මනින් මිනිසා විනාශය කරා ගෙනයයි. ඊට පිළිතුරද ක්ෂණික විය යුතුය. ඒ වනාහී උවදුර යොමු වී ඇති මිනිස් කොට්ඨාශය, ජීවිතයද, මරණයද යන දෙගිඩියාවෙන් භීතියට පත්ව ඇති බැවිනි. එවැනි අවස්ථාවක එවැනි උවදුරක් වහාම නතර කල යුතුය. එසේ නතර කිරීමේ ක්රිතයා දාමයක් ඇති විට,හෝ සොයා ගත් විට ඒ ක්‍රියාදාමය 'ආගම' වශයෙන් සංස්ථායීකරණය (institutionalize) විය.


ඈත අතීතයේ සිදු වූ මේ දේවල් අද දවසේ විචාරා බලන විට මුග්ධ දේවල් බව පෙනෙයි. නමුත් එදා සිටි මානවයා ගුප්ත චාරිත්‍ර විධි ගතානුගතිකව අනුගමනය කලහ. ආගමික මූලාදර්ශය මෙසේ බිහි වීමත් සමගම තව කොටසක් බිහි විය. ස්වාභාවික විපත් වල අනන්තර භාවය (immediacy) වියැකී ගිය පසු කරුණු සෙවීමටත්, ඒ කරුණු විශ්ලේෂණය කිරීමටත්, විශ්ලේෂණයෙන් ලැබෙන ප්‍රතිඵල අනුව පර්යේශන කිරීමටත් මේ කොටස වග බලා ගත්තේය. මෙසේ ක්රමානුකූල නිරීක්ෂණයෙන් හා පර්යේෂණයෙන් බිහි වූ ක්රමවේදයන් ‘විද්යාව’ වශයෙන් ප්‍රකට විය.


ආගම හා විද්යායව පිළිබඳව අපසාරිතාව (divergence) ඇතිවූයේ මෙසේය. ස්වාභාවික විපත් වලට මානවයා සොයා ගත් ක්ෂණික ප්රතිකර්මය, ක්රමානුකූල විචාරාත්මක බවෙන් තොර, විශ්වාසය සහ භක්තියෙන් පෝෂණය වූ සිද්ධාන්ත විය. ආගම බිහිවූයේ මෙසේය. ආගම ඉතා තදබල ලෙස භක්තිය මත රඳා පවතී. විද්යාව දෙස බලන කල, එය නිරීක්ෂන, පර්යේශන, පරීක්ෂණ මගින් නිගමන වලට පැමිණිය හැකි, ක්ර මානුකූල ක්රමවේදයක් අනුගමනය කරන වැඩ පිලිවෙලකි. මේ කාලසන්ධියේදී (වකවානුවේදී) විද්‍යාව සහ ආගම අතර ප්රාථමික නමුත් සුවිශේෂ වෙනසක් දැකිය හැක. ආගම බහුතර ජනතාවගේ ජීවිතයේ කොටසකි. එහි ක්රමානුකූල සම්ප්රදායයක් නොමැත. ඇත්තේ විශ්වාසය හා භක්තියයි. විද්යාව ඇත්තේ ඒ විද්යාව පිලිබඳව ආශාවක් ඇති ක්රමානුකූලව පර්යේශන, පරීක්ෂණ, නිරීක්ශන මගින් නිගමන වලට පැමිණෙන සාමාන්යයෙන් 'උගත්' ජන කොටසකටය.


ආගමෙහි මුල් ඇත්තේ භක්තිය තුලය. එහි සාරය ඇත්තේද භක්තිය තුලය. ආගම, වෙනස් නොවන, විශ්වාසදායක, ප්රශ්න නොනගින පරිසරයක්, ආගමේ චිරස්ත්ථිතිය උදෙසා පවත්වා ගත යුතය. විද්යාව, ක්ර්මානුකූලය. එහි අන්ධ භක්තියක් නැත. ඇත්තේ යලි සත්යාපණය කල හැකි පර්යේශන, පරීක්ෂන, නිරීක්ෂන මගින් ලබා ගන්නා විද්යාත්මක සත්යයන් පමණකි. ආගම, ජීවිතයේ ඇති ගැටලු වලට එක පිළිතුරක් සැපයීමට පෙලඹී ඇත. විද්යාව, විද්යාමාන වන සත්යගතාවයන් එකින් එක අමුණා සම්පූර්ණ චිත්රය දෙස බැලීමට පෙලඹී ඇත. ආගම සහ විද්යා ව යන මේ කොටස් දෙකට අමතරව තවත් කොටසක් බිහිවිය. ඒ කොටස ආගමෙහි කියැවෙන දේත්, විද්යාවෙන් කියැවෙන දේත් පිලිගත නොහැකි බව ප්රිකාශ කල කොටසකි. මොවුහු විද්යාත්මක විමැසීමක් කරන තෙක් නොසිට, තර්කානුකූලව, ප්රශ්න ඇසීමෙන් හා කරුණු සැලකීමෙන් ප්රශ්න නිරාකරණය කිරීමට සැරසුනු කොටසකි. මේ කොටස දර්ශණවාදීහු වශයෙන් හැඳින්වුනි.


මේ සංයම(disciplines) තුන ස්වභාදහම නම් වූ මිනුම් දණ්ඩ භාවිතා කොට සංසන්දනය කල විට අපට දැක ගත හැක්කේ මෙවැනි කරුණු ස්වල්පයකි.


විද්යාව: තවමත් නිරීක්ෂනය සහ සත්යානපනය කල හැකි බවට පරීක්ෂන පැවැත් වුවද නියම පිලිතුරක් නොමැත.


දර්ශනවාදය: සත්යාපනය කිරීම වෙනුවට පිලිතුරක් සොයන්නේ තර්කානුකූල, පිලිගතහැකි විශ්ලේෂනය තුලිනි.


ආගම: භක්තිය මත ගොඩනැඟුනු සත්යාපනයට ඉඩක් නොතබා සැදුනු පිලිතුරකි.


දර්ශනවාදයත්, විද්යාවත් බිහිවූයේ ආගමට පසුවය. ඒ දෙකොටසම ආගමට වඩා පෙහෙළි වූ විසඳුමක් දී ඇත. නමුත් දල වශයෙන් ගත් කල ඒ දෙපාර්ශවයේම විසඳුම අසම්පූර්නය. ඒ නිසා භක්තිය මත ගොඩ නැගුනු ආගම, භක්තියෙන්ම පෝෂණය වී තවමත් භක්තිය මතම පවතියි.


(තවත් කොටසක් ලඟදීම................)

Sunday, February 21, 2010

බුද්ධාගම - නවීන විද්යාපවේ පදනම වශයෙන්.... 1

උතුරු තායිලන්තයේ චියෑංග් මායි විශ්ව විද්යාදලයේ 1991 අගෝස්තු 16 වැනි දින පූජ්යර ප්රායුද් ප්රායුත්තෝ හිමියන් විසින් පවත් වන ලද දේශනයක් ඇසුරෙනි.



නවීන විද්යාව විසින්, මිනිස් සංහතියට දායාද කර ඇති විද්යාත්මක නිපදවීම් අපමණය. සාමාන්ය දෛනික ජීවිතයේදී මේ බව පැහැදිලිය. මේ බව කිසිම කෙනෙකුට අනුමාන කල නොහැකිය. එය කෘතඥ පූර්වකව අප පිලිගත යුතුය. අද අපට ඉතා ඉක්මනින් රටකින් රටකට ගමන් කල හැකිය. දුම් රිය, බස් රථය, මෝටර රථය ආදී වූ මේ සියල්ලම විද්යාකත්මක නිපදවීම්ය. සන්නිවේදනය දෙස බලන විට දුරකථනය, ෆැක්ස් යන්ත්රරය, රූපවාහිනිය, විඩියෝ යන්ත්ර , සන්නිවේදනය උදෙසා නිපැයුණු කෘතිම චන්ද්රිකා නවීන විද්යා‍ව විසින් මිනිස් සමාජයට දායාද කල මිනිස් ප්රජාවට හිතකර උපකරණ වශයෙන් හැඳින්විය හැක. වෛද්යය ලෝකයට දායාද කල දේවල්ද අපමණය. බොහෝ බෝවෙන ලෙඩ රෝග අද ඉතිහාසගත වී පවතියි. කොලරා රෝගය පවතින්නේ ඉතාම සුලු වශයෙනි. මහාමාරිය ලොවෙන් වඳ වී ඇත. වසූරියද ඒ ගණයේ තැබිය හැක. දැන් ඉතා සුලු ශල්ය් කර්මයක් ලෙස සලකන ඇපෙන්ඩිසයිටිස් දැන් දශක කිහිපයකට පෙර ඉතා බරපතල ශල්‍ය කර්මයක් වශයෙන් සලකන ලදී. රෝග විනිශ්චය උදෙසා නවීන උපකරණ බිහිවී ඇත. x-කිරන වෙනුවට CT යන්ත්‍ර, MRI සහ Ultrasound වශයෙන් මේවා හැඳින්විය හැක. කුමන දෙසකින් බැලුවත් මිනිස් ප්‍රජාවට හිතකර දේවල් නවීන විද්යාවෙන් බිහිවී ඇති බව පැහැදිලිය.



එසේම මිනිස් ප්‍රජාවට හානිකර දේවල්ද නවීන විද්‍යාව නිසා බිහි වී ඇති බව සත්‍යයකි. මිනිස් ප්‍රජාව වඳ කරවීමට, නැතහොත් මිහිපිටින් අතුගා දැමීමට නවීන විද්යා වේ 'හාස්කම්' වලින් පිලිවන. දෙවැනි ලෝක මහා සංග්රාමයේදී මිනීමරු ඇමෙරිකාව විසින් පරමාණු බෝම්බ දෙකක් හෙලා අහිංසක ජපන් ජනයා ලක්ෂ ගනණක් එක මොහොතකින් විනාශ කර දැමූහ. අදටත් මිනීමරු ඇමෙරිකාව මෙය සාධාරණීකරනය කිරීමට උත්සාහ දරයි. වියට් නාමයේ විශ වායු භාවිතා කොට ඇමෙරිකාව අත්හදා බැලීම් කලේ තිරිසනුන් ලෙසටය.


අපේ දෛනික ජීවිත පවා අනතුරේ පවතී. රසායනික ද්රව්ය පොහොර වලට, කෑම ද්රිව්ය වලට කලවම් කොට ඇත. සතුන්ට විශාල වශයෙන් හෝමෝන ආදී දේවල් දෙන්නේ වැඩි වැඩියෙන් ලාභ ලබා ගැනීමටය. මේ නයින් බලන කල විද්යාව, අපි ජීවත් වන ලෝකය ආක්‍රමණය කර ඇත, යනුවෙන් පැවසුවොත් එය අතිශයෝක්තියක් නොවේ. අපගේ අවබෝධය වන්නේ විද්යාව සහ සොබාදහම කොටස් දෙකක් වශයෙනි. සත්‍ය වශයෙන් විද්යාව යනු සොබාදහම ගැන අධ්‍යයනයයි. නමුත් සාමාන්ය ව්යිවහාරයේදී විද්යා‍ව සහ විද්යාත්මක නිපැයුම් "කෘතිම" දේ වී ඇත. ("කෘතිම වකුගඩු")


විද්යාව සම්පූර්ණයෙන්ම ස්වාභාවික ලෝකය ආක්ර මණය කල කල්හි අපට ඉතුරුවන්නේ විද්යාත්මක වූ අස්වාභාවික ලෝකයකි. උත්පත්තියෙන් ස්වාභාවික වන අප දැනට ජීවත් වන්නේ ස්වාභාවික ලෝකයකය. නමුත් මෙසේ කටයුතු සිදුවුව හොත් අපට අස්වාභාවික ලොවක අස්වාභාවික ලෙස ජීවත් වීමට සිදුවිය හැක. ස්වභා දහම සමග නොසැඳෙන කල අපට නොයෙක් දුෂ්කරතාවලට මුහුන දීමට සිදුවනු ඇත. ශරීරයකින් හා මනසකින් සමන්විත ස්වාභාවිකව උපන් මනුශ්යයා ස්වාභාවික පරිසරයක ස්වාභාවිකව ජීවත් වෙයි. එක් එක් ජීවිත කාල පරිච්ඡේදයන්හි ඇතිවන ශාරීරික වෙනස්වීම් ස්වාභාවික ලෙස සලකන්නට ඔවුහු පුරුදු වූහ. නමුත් අද සිදුවී ඇත්තේ මනසේ ක්රියාකාරිත්වයට අනුකූලව ශරීරය ක්රියා කරවීමටය. රූප ලාවණ්යමය උදෙසා වෙහෙසන කාන්තාවන් බහුල වශයෙන් අපට දැකිය හැක. පිරිමින්ද එසේමය. මේ ශරීරය පාලනය කිරීමට අපට නොහැකිය. බුදුන් වහන්සේ වදාල පරිදි ශරීරය 'මම' නොවේ. හේතුඵල ධර්මයන්ගේ හේතූන් නිසා සතර මහා ධාතූන්ගෙන් සැදුම් ලත් මේ සිරුර ඒ ධාතුන්ගේ අභාවයත් සමගම අභාවයට යනු ඇත. මේ අකාලික වූ බුද්ධ දේශනයයි. සම තාරුණ්යමයේ පවත්වා ගැනීමට නොයෙක් ක්රීලම් වර්ග, ඉන්ජෙක්ෂන් වර්ග ලොවට බිහි වී ඇත. තාවකාලික වශයෙන් යම්කිසි වෙනසක් පෙනුනත් දීර්ග කාලීන වශයෙන් සොබා දහමට එරෙහි වීමෙන් පරදින්නේද ඔබමය. මේ අවස්ථාවේදී කරුණු දෙකෙන් එකක් ඔබට තෝරා ගත යුතු වෙයි.


1. කෘතිම ලොවක කෘතිම ජීවිතයක් ගත කරන්නද?


2. ස්වාභාවික ලොවක ස්වාභාවිකව ජීවිතයක් ගත කරන්නද?


ස්වාභාවික ජීවිතයේ මේ වෙනස ඇති කිරීමට එනම් කෘතිමත්වයක් බිහිකිරීමට ඉවහල් වන ප්රවධාන සාධකයට තාක්ෂණයයැයි කියනු ලැබේ.


තාක්ෂණයේ රඳාපැවැත්මට විද්යාවෙන් ලද දැනුම අවශ්ය ය. තාක්ෂණය උපයෝගී කොටගෙන මිනිස් සංහතිය, සිය සුඛ විහරණය සඳහා අවශ්යව දේවල් නිපදවා ගෙන ඇත. මේ නිසා තාක්ෂණයෙහි ක්රියාකාරිත්වය ද්විත්ව වශයෙන් සැලකිය හැක. එකක් තාක්ෂණයේ අනුසාරයෙන් සිය අවශ්යතාවයන්ට මෙවලම් නිපදවා ගැනීමය. දෙවැන්න මිනිස් ප්රජාවේ විනාශයට උත්ප්රේරකයක් වීමය. මේ සියල්ලටම පිළිතුරු උදෙසා විද්යා‍ඥයින්ට අසංකීර්ණ විද්යාව (pure science) ගැන කථාකල හැක. විද්යාඥයින් සොයන්නේ විද්යාත්මක සිදුවීම් ගැන පමණි. අවශ්ය ඕනෑම කෙනෙකුට ඒ විද්යා ව අනුසාරයෙන් ඕනෑම දෙයක් කල හැක. කිසිම තහනමක් නොමැත. අතේ පොල් පරාල තබා ගෙන අනෙක් ජාතීන්ගේ ඉරටු කූරු ගැන නන් දොඩවන ඇමෙරිකාව මෙන් අනුන්ට තහනම්ය, අපිට පුලුවන්ය. එය විද්යාඥයන්ගේ වගකීමක් නොවනු ඇත. අවසාන ප්රතිඵලය වශයෙන් වගකීමෙන් තොර විද්යාත්මක විනාශකාරී දේවල් බිහිවී ඇ ත. මීට නිසිපිළිතුරක් ලැබෙන්නේ මිනිසා සදාචාරමත් වුව හොත් පමණකි. සදාචාරයක් නැතිවිට ආත්මාර්ථකාමිත්වය මිනිස්කම ඉක්මවා පෙරට එයි. පරමාණු බෝම්බයෙන් ලක්ෂ ගනන් ජපන් වැසියෝ මොහොතකින් වාෂ්ප වූයේ මිනිසා තවත් මිනිසෙකු කෙරෙහි සදාචාරවත් බවක් නොමැති නිසාය. මිනිසා සදාචාරයත් ආචාර ධර්මතාවයනුත් පසෙක දමා විද්යාවේ අනුසාරයෙන් ඉඳුරන් පිනවීම සඳහ කටයුතු කලහොත් සිදුවන්නේ විපතකි. ඉඳුරන් පිනවීමට ලොල් වීමෙන් රාගයත් තණ්හාවත් තව තවත් ශක්තිමත් වනු ඇත. මෝහයද මුලාවද ඇතුලු අනෙක් අකුසල්ද අධික වෙනු ඇත. සදාචාරය සහ ආචාරධර්මයන් නොමැති කල විද්යාව අතිශය විනාශකාරී විය හැක.


අද ලෝකය දෙස බලන කල විද්යාත්මක නිපැදවීම් ශීඝ්රයෙන් 'දියුණු වී' යම් කිසි කෙලවරකට සම්ප්රාප්ත වී ඇති බවක් පෙනෙයි. භෞතික ලෝකයේ කෙලවරට පැමින ඇති විද්යාඥයා දැන් දැන් මානසික ලෝකය පිලිබඳව පර්යේශණ පවත්වයි.


මනස හා පදාර්ථ (mind and matter)ලොව ඇති මූලධර්මවල අනුසාරය බව දාර්ශනිකයෝ ප්ර‍කාශ කලහ. නමුත් කිසිම විද්යාඥයෙක් මනස පිළිබඳව පරිපූර්ණ විස්තරයක් කර නොමැත.. මේ විද්යාඥයන්ට මනස විදහා දැක්වීමට නොහැකි විය. මනස පිළිබඳව ඒකමතික තීරණයකට එලඹීමට පවා ඔවුහු අසමත් වී ඇත. මනස ඇත්තේ මොලයේය යන සිද්ධාන්තයට අනුව දූරඥානය, පරවත්ත ඥාණය (telepathy) දිව්යන චක්ෂුසය (clairvoyance), මනැස්චලනය (psychokinesis), මරණින් මතු පැවැත්ම, මරණාසන්න අත්දැකීම් යනාදී විද්යාවට ප්රතික්ෂේප නොකල හැකි සංසිද්ධි (phenomena) පහදා දීමට නොපිලිවන.


මනෝ විද්යාaඥයන් යැයි කියා ගන්නා පිරිස මනස ගැන පර්යේෂණ පවත්වන විට බාධක කිහිපයක් හමුවිය. මනස පිළිබඳව යම්කිසි සම්ම්මුතියකට පැමිණීමට අපහසු වූ නිසා ඔවුන් මනුශ්යියා සහ සතුන්ගේ හැසිරීම අධ්යනය කිරීමට පෙලඹුනහ. මනස මැනීමට මිනුම් දණ්ඩක් නොමැත. ඒ නිසා ඔවුන්ට මනෝ විද්යාඥයන් යනුවෙන් හැඳින්වීමට වඩා චර්යා නිරීක්ෂකයන්යැයි පැවසීම වඩා යෝග්යය. එමනිසා මනෝ විද්යාඥයෝ 'මනසක් ඇත' යන මතය ප්ර තික්ෂේප කරති. මොලය මනස වශයෙන් ක්රියා කරයි යන මතය පිළිගැනීමට කැමැත්තක් දක්වති. ඉහත සඳහන් කරුනු සලකා බලන විට ඔවුන් ගොලු වන්නේද මෙතැනය.


(තවත් කොටසක් ලඟදීම.............)