Wednesday, February 11, 2009

දිය නෑම.................

කුරුලු දිය බඳුනක ස්නානය කරන මේ ගේ කුරුල්ලාගේ පින්තූර පහ එකම තත්පරයක් තුල ඡායාරූප ගතකරන ලදී. (In continuous firing mode- 5 fps)
ඡායාරූප දත්ත මෙසේය.
Lens 80 – 400 mm ISO – 400 Shutter 1/200 F=13 Focal length 400 mm Focal length (35) 600 mm Date 10/02/09 1:51: pm (all five frames) Processed Photoshop CS2 කාචය 1.2 Kg බැවින් තෙපා-ආධාරකයක් මත කැමරාව රැඳවීමට සිදුවිය. Cable release used.
1
2 3 4 5
ඔබේ විවේචනාත්මක ප්‍රතිචාර අගය කරන්නෙමි.

8 comments:

Danishka said...

මේ වගේ දෙයක් අපි දකින්න මෙය දැක්ක කෙනා ලග තිබ්බ කැමරාව විතරක් නෙමේ. ඔහුට හොද ඇසත් තිබීමත් වාසනාවට කාරණයක්. :)

SRIshanu said...

මගේ විවේචනාත්මක ප්‍රතිචාරය : කියල වැඩක් නෑ!!! :)

Narada said...

1 and 2 වන ජයාරූප හොඳ පටිගත කිරිමක්. අනික්වාත් හොඳ වුනත් ඒවා සුලභයිනේ.

sanjeew said...

හරිම ලස්සනයි, කලින් කියන්න හැදුවට ප්‍රතිචාර බාර ගත්තෙ නෑනෙ

සරත් ගුණතුංග said...

මට ප්‍රතිචාර දුන්න සියල්ලටම බොහොම ස්තුතියි. ඡායාරූප දත්ත පලකරන කොට කැමරා වල නම එහෙම පලකරන්න මට ආසාවක් තිබුනෙ නැහැ. ඒ මගේම අතීතය මතක් වෙන නිසා. පාසැල් සමයේ සිටම මම ඡායාරූප ගන්න ආසයි. නමුත් රැකියාවක් හැටියට මට කරන්න මට බැරි බව දැනගෙන හිටියා, ඒ සමාජයේ හැටි. මා එක්ක හිටිය ඩී.බී සුරනිමල, දයා රණවීර යන දෙදෙනාම. පසු කලෙක ඒ අය දක්ෂ ඡායාරූප ශිල්පියො වුනා. සුරනිමලට එයාගෙ තාත්ත හිටිය, ධනපාල මහත්මය - හේත්තු වෙන්න. මට කවුරුත් නැහැ.. "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා". අපේ ඉස්කෝලෙ තිබුන ඡායාරූප සංගමයක්. පින්තූර අපිම ප්‍රින්ට් කරනවා. ඩඩ්ලි සේනානායක මහත්මය හොඳ ඡායාරූප ශිල්පියෙක්. මම ඒ මහත්මයගෙ කැමරාව මොකක්ද බලන්න, ඒ මහත්මයගෙ පින්තූරයක් හොයාගෙන එන්ලාජ් කරා. ඒක නිකොන් එකක්. එහෙම කැමරාවක් ගන්න මට තව අවුරුදු විස්සක් ගත වුනා. ඉතින් මම වගේ කී දාහක් ඇද්ද කියල හිතෙනව. ඒ නිසා කැමරා ගැන පම්පෝරිය ගහන්න හිත් දෙන්නෙ නැහැ. කැමරා කියන්නෙ හරිම ගනන් වෙලඳ භාන්ඩ. කැමරාවට වඩා ඒ පසුපස සිටින පුද්ගලයා තමයි දක්ෂ කියල මම කියන්නෙ ඒ නිසයි. හොඳ පින්තූරයක් දැක්කම සමහර අයට දුක හිතෙනව, උපකරණ ගන්න බැරි නිසා. තියෙන් දෙයක් බෙදා හදා ගෙන තමයි ඉන්න ඕන.

තෙරුවන් සරණයි

Nash_Node said...

@sarath,

Yes, agree with your last comment.

"They say it's only the poor carpenter who blames his tools"..

But when it comes to photography, it's always the skill and the ability of the person behind it counts. Even a single point and click camera can mint out absolutely stunning photography.

Madhuranga Rathnayake said...

ඒ කතාව නම් ඇත්ත. නමුත් ඒ හැමදේකටම හොඳ ඇහැක්, හොද විමසිල්ලක් තියෙන්න ඕනා.

මම නම් හරිම වින්දනයක් සහ සැහැල්ලුවක් ලබනවා මේ (මැක්රො) ජායාරූපකරනයෙන්...

malnayaka said...

කැමරාකරණය ගැන දැනිම අල්ප වුවත්,රස විදිමෙ හැකියාව අනුව ඔබගෙ ඡායාරුපය ඉතාමත් ලස්සනයි. ඒ වගෙම ඔබගෙ අදහස් වලත් වටිනාකමක් තියෙනව. අද සමාජයෙ මෙහෙම හිතන අය අඩු නිසා.හිටිය නම් ලෝකය කොතරම් සුන්දරද?