Monday, February 2, 2009

මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 9

භූරිදත්ත හිමියන්ගේ ජීවිත කථාවෙන් ලොව තුල ආන්දෝලනයක් ඇති විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් හා තායිලන්තයෙන් විරෝධය මතුවිය. මේ පොත පරිවරතනය කිරීමේදී මටත් ඒ විරෝධතා මතු වූ තැන් පැහැදිලි විය. ඒ පිරිණිවන් පාන ලද රහතුන් වහන්සේලා සහ තථාගතයන් වහන්සේලා අර්හත් ඵලය ලබාගත් භූරිදත්ත හිමියන්ට ආශීර්වාද කිරීමට පැමිණි බවක් පොතේ සඳහන් වීමයි. පොතේ සඳහන් වන්නේ අර්හත් භාවය ලබාගත් රහතුන් වහන්සේ නමකගේ මුවින් පිටවූ කථාවකි. උන්වහන්සේ පිරිනිවියේ 1949 වසරේදීය. උන්වහන්සේගේ කථාවට සවන් දුන්නේ උන්වහන්සේගේ ශිෂ්‍ය නමක් වන හවමත් ජීවතුන් අතර සිටින අචාර්ය මහා බූව ඥාණසම්පන්නෝ වහන්සේ විසිනි. (වයස අවුරුදු 94 කි). ඒ පොත තායි භාෂාවෙන් රචනය කලේද උන්වහන්සේය. ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කලේ භික්ෂු ඩික් සීලරතනෝය. අපිට පාරම්පරික ලෙස උරුමව ඇති ත්‍රිපිටකය ඉතා උතුම් කොට සලකමු. උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුන දුන් මා මේ සම්බන්ධව ඥාණසම්පන්නෝ හිමියන් වැඩසිටින ආරාමය සොයා ගියෙමි. උන්වහන්සේට විද්‍යුත් ලිපියක් ලියා මේ ප්‍රශ්නයට පිලිතුරු සපයන ලෙස ඉල්ලා සිටියෙමි. දින කිහිපයකින් මට පිලිතුරක් පැමිණියේය. මේ පොත මුද්‍රණයෙන් පසු ඇති වූ විරෝධය නිසා සංශෝධනයක් සහිතව මේ පොත යලිත් මුද්‍රණය කල බවත් එහි සඳහන් වී තිබුණි. කුමක් පිලිගන්නදැයි විමසුම ඔබ සතුය. කරුණු පැහැදිලිවම දක්වා ඇත. මම සලකා බැලූ කරුණු මේවාය. භූරිදත්ත හිමියන්ගේ භාවනා ක්‍රමය: උන්වහන්සේ නිමිත්ත පහල වූ පසු ඒ පිටුපස ගොස් අතර මංවූ බව පොතේ කියැවෙයි. ඊට පසු මේ ශරීරයේ ඇති කොටස් ගැන භාවනා කිරීමෙන් උන්වහන්සේ මග සොයා ගත් බව පොතේ සඳහන් වී ඇත. මේ ලඟදී ලංකාවට පැමිණි අචාර්ය බ්‍රහ්මවන්සෝ ස්වාමීන් වහන්සේගේ භාවනා ක්‍රමය මීට වෙනස්ය. උන්වහන්සේගේ ක්‍රමය ප්‍රථමයෙන් සමථ විය යුතු බවයි. ක්‍රමයෙන් නිමිත්ත දිස් වන විට ඒ නිමිත්ත පැහැදිලි වූ පසු විදර්ශනා භාවනාව පටන් ගත යුතු බව උන්වහන්සේ පවසයි. එසේ නම් නියම ක්‍රමය කුමක්ද? නියම ක්‍රම කිහිපයක් ඇති බව පෙනෙයි. භූරිදත්ත හිමි පසු කලෙක භාවනා කිරීමේදී හිස් මුදුනෙන් ඉහලට පිටව ගොස් දෙව් විමන් අතර සැරිසරා ඇති බවක් පොතේ සඳහන් වී ඇත. භූරිදත්ත හිමි පවසන් අන්දමට නිවණට සැපත් උත්තමයින් වහන්සේලා නිවන් අවබෝධ කර ගැනීම පිනිස වෙහෙසන කෙනෙකුට පිහිට වෙන බව පැහැදිලිය. මරුවා පැරදවීමෙන් අදහස් කෙරෙන්නේ සදහටම මරුවා පැරදවීමද? මම කියවා ඇත්තේ පරණ මුද්‍රණයයි. අලුත් මුද්‍රණය මම බා ගත්තෙමි. පරණ මුද්‍රණය සංසදයේ භවතුන් කිහිප දෙනෙකුට යවා ඇත්තෙමි. මට ඊමේල් එකක් එවන්න, අලුත් මුද්‍රණය මට එවිය හැක. ----- Forwarded Message ----From: Webenglish To: Sarath Gunatunga Sent: Friday, 30 January, 2009 10:04:33 PMSubject: Re: With great respect for you sir Dear Sarath, when this book came out 2519 and then an english translation travelled to Sri Lank an storm of protest came from Sri Lanka and Thailand, that this is not possible, so in the next publication of the Biography a letter in which Than Acharn Maha Boowa addressed this problem was included with the publication, you can find the translation of this in the appendix answering the sceptics. If you still have questions you are free to ask. Metta Than Martin On Mon, Jan 12, 2009 at 4:58 AM, Sarath Gunatunga <ramanee@xtra.co.nz> wrote: May the noble Triple Gem bless you. Dear Rev Sir I wish to get a point verified. It is with regard to a book written by Rev Maha Boowa Gnanasampanno. The title of the book is "Acharya Mun Bhuridaththa." In that book, in page 63, he states that, " ……..Acharya Mun said listening to a discourse delivered by one of Lord Buddha's arahant disciples made him feel that he is in the presence of the Buddha himself, though he had no prior recollection of meeting the Buddha….." The way I understand is, Buddha though attained parinibbana, is not in human form, lost the body composed of the four great elements (apo thejo vayo pathawi) but still available to advise to any one to instruct and guide in deep religious matters.such as attaining arahantship etc. I would be most thankful to you if you can enlighten me on this subject. Kind regards With Meththa Sarath Gunatunga

1 comment:

Aaloka said...

සරත් මේ ලිපි පෙළ පරිවර්තනය කිරීම ගැන යලිත් ස්තූතියි.

මම ඔබ කියූ දෙවන මුද්‍රනයේ, මහා බූව ස්වාමින්වහන්සේගෙ සටහන මම කියෙව්ව. එයින් කරුණු එතරම් පැහැදිලි උනේ නම් නැහැ.

නමුත්, මට තේරුම් ගිය දේ තමා, අපි මේ කරුණ ගැන හිතපු විදිහ වැරදී කියන එක. මොකද, තථාගතයන් වහන්සෙ (රහතන් වහන්සෙ) මරණින් මතු ඉන්නවද නැද්ද කියන එක බුදු රජාණන් වහන්සෙ පිලිතුරු දීම ප්‍රතික්ශේප කල දෙයක්. (සංයුත්ත නිකාය, චූළ මාලුංක්‍ය සූත්‍රය)

ඉතින් අපිට ඉන්නව හරි නැහැ හරි කියල කියන්න බැහැ. ඒ සූත්‍රයෙම අවසානයෙ උන්වහන්සෙ ඒ ප්‍රතික්ශේප කිරීමට හේතුවත් දේශනා කරනව. එනම්, ඒ කරුණ, නිවන් මඟට මුල් වන, කලකිරීමට උපකාර වන, ඇල්ම දුරුවීමට උපකාරී වන .... ආර්ය සත්‍යාවබෝධය පිණිස උපකාරී වන දෙයක් නොවන බවයි.

ඉතිං ප්‍රශ්නය විසඳුනා කියලයි මම හිතන්නෙ. මේවගේ දේවල් වල පැටලෙන්නෙ නැතුව කරුණු පැහැදිලි කරගන්න, ත්‍රිපිටක ධර්මය තවමත් ආරක්ෂාවී තිබීම, ඒ ධර්මය අහන්න ලැබීම අපේ වාසනාවක්!