Wednesday, January 7, 2009

මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ !!! 2

භූරිදත්ත හිමි විදර්ශනා භාවනාව ප්‍රගුණ කල සේක. උන්වහන්සේ "බුද්ධෝ" යන වචනය සිය හුස්ම සමගත්, සිය ප්‍රාණය සමගත් එක් කිරීමට තැත් කලේය. බලාපොරොත්තු වූ පරිදි සිතට සැණසුමක් උන්වහන්සේට ඇතිවිය. දිනක් රාත්‍රී උන්වහන්සේ සිහිනයක් දුටු සේක. එය මෙසේය. උන්වහන්සේ ඉතා විශාල වනාන්තරයකට ඇතුල් වූ බවත් එහි විශාල ගස් ඇති බවත්, පහලින් ඉතා ඝන කටුලැහැබින් යුතු පඳුරු වලින් වැසී ඇති බවත් පැවසුව සේක. ඉතා අමාරුවෙන් මේ වනලැහැබෙන් ගොඩ වුනු පසු ඇසට පේනතෙක් මානයෙක දිස්වුනු වෙල්යායකි. උන්වහන්සේ ඒ වෙල්යාය කෙලවරට ගිය සේක. එහි කෙලවර ඇද හැලුනු විශාල තේක්ක ගසකි. උන්වහන්සේ ඒ තේක්ක ගසේ කඳ දිගේ ඇවිද්ද සේක. එහි පොත්තත්, වටේ ඇති මෘදු ලී කොටසත් දිරා ගොස් තිබුණි. එහිදී උන්වහන්සේ උන්වහන්සේගේ ශරීරයත් ඒ තේක්ක ගසත් විචාරාත්මක ඇසකින් මෙනෙහි කල සේක. කිසිදාක ඒ ගස යලිත් පන ගැන්වෙන බවක් සිතා ගත නොහැක. භාවනායෝගීව නොපසුබට උත්සාහයකින් කටයුතු කල හොත් තමාටද සසරින් මේ භවයේදීම එතෙර විය හැකි බව උන්වහන්සේට වැටහී ගිය සේක. උන්වහන්සේ ඒ ගැන මෙනෙහි කරමින් සිටින අවස්ථාවේදී ත්වේජාන්විත අශ්වයෙක් ඒ තේක්ක ගස අසලට පැමිණියේය. උන්වහන්සේට ඒ අශ්වයා පිට නගින්නට ආශාවක්ද ඇතිවිය. අශ්වයා පිට උඩ නැගි වහාම ඌ ඉතා වේගයෙන් දුවන්නට විය. කොපමණ දුර දිව්වාදැයි උන්වහන්සේට කිව නොහැකි විය. අශ්වයා ලස්සන කුඩා අල්මාරියක් ලඟ නතර විය. එහි "ත්‍රිපිටකය" යන වචනය ලියා තිබුනි. අසු පිටින් බිමට බට වහාම අසු අන්තර්ධාන විය. උන්වහන්සේ කුඩා අල්මාරිය විවෘත කිරීමට යනවාත් සමගම සිහිනය කෙලවර විය. ඒ සිහිනය නිමිත්තක් වශයෙන් උන්වහන්සේගේ සිතේ කාවැදුනි. ඉන් පසු නිරතුරුවම "බුද්ධෝ" යන වචනය උන්වහන්සේ මෙනෙහි කල සේක. භාවනාව ප්‍රගුණ කල සේක. දුට්ඨන්ග සම්ප්‍රදායට අයිති ධර්මයන් දහතුනම ඒ අයුරින් ප්‍රගුණ කල සේක. දිවා රෑ ක්ලේශයින් නැසීම පිණිස වෙහෙසුන සේක. දිනක් භාවනායෝගීව සිටි අවස්ථාවක සිත සන්සුන් වූ විට උන්වහන්සේගේ මනැසට දිස් වූයේ කුනුවෙන ඕජස් ගලන මෘත ශරීරයකි. කැනහිලුන්, කපුටන්, ආදී සතුන් ඒ මෘත ශරීරය ඒ අතටත් මේ අතටත් ඇද ඇද බුදිති. මේ දර්ශනය උන්වහන්සේ බොහෝ අවස්ථාවල සිත සන්සුන් කිරීම පිනිස යොදා ගත් සේක. දිනක් ඒ මෘත ශරීරය අදෘශ්‍යමාන වී දර්ශනීය තරමක් විනිවිද පෙනෙන වලල්ලක් උන්වහන්සේ ඉදිරිපිට දිස්විය. ඒ වලල්ල නොයෙක් නොයෙක් දේවල් වලට පෙරලී නොයෙක් දේවල් නිර්මානය වන්නනට විය. විනිවිද පෙනෙන මේ වලල්ල සහ ඉන් ඇතිවෙන දර්ශන ගැන තුන් මාසයක් තිස්සේ භාවනා කලත්, එයින් ලැබෙන සුවයක් නැති බව උන්වහන්සේට දැනුනි. ඒ ක්‍රමය වැරදි බව දැනුනේ එවිටය. ඉන්පසු බාහිර දේවල් ගැන මෙනෙහි නොකර ශරීරය ගැන භාවනා කිරීමට උන්වහන්සේ ඉටා ගත්තේය. ශරීරය ගැන මෙනෙහි කිරීම බොහෝ දුරට ප්‍රතිඵල ගෙන් දුන්නේය. දුට්ඨන්ග සම්ප්‍රදායට අනුව තැනින් තැනට ගමන් කරන භූරිදත්ත හිමි සාරිකා නම් වූ ගුහාවක් භාවනා කිරීමට යෝග්‍ය බව දැන සිටියේය. උන්වහන්සේ ඒ ගුහාවට මග පෙන්වන ලෙස ගම් වැස්සන්ගෙන් අයැද සිටිසේක. උන්වහන්සේට අසන්න ලැබුනේ ඇඟ කිලිපොලන පුවතකි. ඒ සාරිකා ගුහාව නපුරු අමනුශ්‍යයන් අරක් ගත් ගුහාවක් බවත් එහි භාවනා කිරීමට ගිය භික්ෂූන් වහන්සේලා කිහිප නමක් අපවත් වූ බවත් එහි නොයන ලෙස තරයේ අවවාද කරන බවත් ගම්මු පැවසූහ. මේ ගුහාවට අධිපති අමනුශ්‍යයා ඉතා විශාල කලු පැහැති අවතාරයක් බවත් මේ පලාතටම ඒ අවතාරය අධිපති බවත් ඌ ඉතාමත්ම නපුරු බවත් ගම්මු පැවසුවෝය. භූරිදත්ත හිමි කෙසේ හෝ සාරිකා ගුහාවට යාමට ඉටා ගත් සේක. පලමු දින කිහිපය තුල උන්වහන්සේට කිසිම කරදරයක් නොවීය. ක්‍රමයෙන් උන්වහන්සේට ආමාශගත රෝගයක් වැලඳුනේය. ලේ බඩ යාම සහ පාචනයෙන් උන්වහන්සේ පෙලෙන්නට විය. වනාන්තරයෙන් සොයා ගත් බෙහෙත් වලින් පලක් හොවීය. උන්වහන්සේ තමන්වහන්සේ රකින්නා වූ ධර්මය හේතුවෙන් සුව වේවායි පතා භාවනා යෝගීව වැඩ හුන් සේක. උන්වහන්සේ උපචාර සමාධියට සමවැදී සිටි අවස්ථාවේ 'චිත්ත' සිරුරෙන් වෙන්වන විටම හමුවූයේ අඩි තිහක් පමණ උස, අඩි දොලහක් පමණ දිග පොරොවක් කරේ තබාගත් කලු පැහැති අමනුශ්‍යයෙකි. ඌ ගුහාවේ දොරකඩ හරහට හිටගෙන සිටියේය. ඒ අමනුශ්‍යයා භූරිදත්ත හිමි වෙත ගොස් ඒ පොරවෙන් ගසා පොලවට සමතලා කිරීමට පෙර පන බේරාගෙන වහාම මේ ගුහාවෙන් පිටවෙන ලෙසට අණ කලේය. (මේ සාකච්ඡා වචනයෙන් නොව සිත තුලින් සිදු වූ බව සලකන්න.) තමා ඒ ප්‍රදේශයට අධිපති බවත් කිසිම කෙනෙකුට ඔහුගේ අධිපති බව අභිබවා යාමට ඉඩක් නැති බවත් ඒ අමනුශ්‍යයා කියා සිටියේය. මම වනාහී කෙලෙස් තවන බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මි. කිසිවෙකුගේ අයිතිවාසිකමක් උදුරා ගැන්මට නොපැමිණියෙමියි හිමියෝ වදාලහ. බුදුන් වහන්සේගේ ධර්මයටත්, ඔබගේ කර්මයටත් ඉහලින් ක්‍රියා කිරීමට ඔබට බලයක් ඇත්දැයි හිමියෝ විමසූ විට අමනුශ්‍යයා නැත ස්වාමීනියයි පිලිතුරු දුන්නේය. මම මරා දැමීමෙන් ඔබ ඉතා විශාල කර්මයක අයිතිකාරයෙක් වන්නේය යයි හිමියෝ වදාලහ. මේ වදන් අමනුශ්‍යයා සාවදානව අසා සිටියි. භූරිදත්ත හිමි මේ අමනුශ්‍යයාට අවවාද කරන විට, ඒ අමනුශ්‍යයා පොරව බිම තබා සුදු හැඳ ගත් බෞද්ධයෙකුගේ වෙස් ගත්තේය. සමාව අයැද සිටියේය. ප්‍රථමයෙන් භූරිදත්ත හිමි දකින විට ඒ හිමි වටා විශාල ආලෝකයක් තිබූ බවත් ඒ නිසා හිමියන්ට කථා කලේ බයෙන් චකිතයෙන් බවත් අමනුශ්‍යයා දැන්වීය. ඒ අමනුශ්‍යයා අසුරයෙක් බවත් බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් සරණ ගිය බවට සාක්ෂි දරණ ලෙසට හිමියන්ගෙන් ඉල්ලා සිටියේය. හිමියන්ට මින් පසු ඒ ගුහාවේම සිටින ලෙස ආරාධනා කලේය. ඒ අසුරයා ඉන් පසු මනුශ්‍ය නොවන සත්ව කොට්ඨාශ භූරිදත්ත හිමියන්ගෙන් ධර්මය ශ්‍රවනය කිරීමට කැඳවා ගෙන ආබවත් භූරිදත්ත හිමි පවසා ඇත. (තවත් කොටසක් ලඟදීම)

5 comments:

malee_msg said...

ලිපි දෙකම කියවා අවසන්ව මේ ලිපියට පමණක් ස්තූති කරන්නට සිතුවෙමි. අප නොදන්නා දේ පිළිබදව දැණුවත් කිරීම පිළිබදව පිං ඔබතුමාට.
මම හිතන්නේ බෞද්ධ අපි නිතර කරන වැරැදක් තමයි අපි තුල සීලය නිසියාකාරව පිහිටුවා නොගෙන වෙනත් අය පිළිබදව වර්ණනා කරමින් සිටීම.
තනි තනි ඒකකයන් වශයෙන් අපි ධර්මය නිසියාකාරව නොරැක/සීලයෙහි නොපිහිටවා කටයුතු කිරිමෙන් ඵලක් නොවන බවයි මම නම් හිතන්නේ.. අප අප තුලම ධර්මය අවබෝධ කරගත යුතුයි.

Manoj colambage said...

ලිපි දිගවැඩියි වගේ කියලා හිතෙන් නැද්ද
අඩුම ගානේ font එක වත් ටිකක් ලොකු කලොත් කියවන්න පහසු වේවි.

Dasun Sameera - දසුන් සමීර said...

මටනම් හිතුනේ කොට වැඩියි කියලායි. :)

Manoj colambage said...

දැන් හරී
කියවගෙන යනකොට දිග බවක් දැනෙන් නෑ
ගොඩක් වටිනා ලියමනක් ජීවිතයට අරගන්න ගොඩක් දේවල් තියෙනවා.

ශාකුන්තල | Shaakunthala said...

මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලිපියට අදාළ එකක් නොවෙන්නත් පුළුවන්.

සිහින පෙනීම බුද්ධ ධර්මයේ විග්‍රහ කෙරෙන්නේ කොහොමද?