Wednesday, December 31, 2008

ඖෂධ නොවන 'ඖෂධ' හෙවත් නෞෂධ

මේකට නෞෂධ කියල නමක් දාගත්තෙ මට වෙන ආකල්පයක් නොතිබුනු නිසයි. පරිවර්තනය කරන්න අමාරු ඉංග්‍රිසි වචනයක් තිබුනොත් මම සාමාන්‍යයෙන් ඒ ගැන අහන්නෙ බෝධිනී දුවගෙන්. ඒ දුව නිවාඩු ගිහින් නිසා, මලී දුව ගෙන් ඇහුව. ශබ්ද කෝශ දෙකකින් බලල ඵ් කියන වචනය පරිවර්තනය කරන්න අපහසු අවස්ථාවක් ඇතිවුනා, ඒ නිසා නො-ඖෂධ කියන තේරුමෙන් මම නෞෂධ කියල දැම්මා. ඒකෙ වරදක් ඇත් නම් මට සමා වෙන්න. පරිවර්තනය කිරීමට අවශ්‍ය වචනය වූයේ ඉංග්‍රිසියෙන් 'PLACEBO' කියන වචනයයි. ඒක 'නෞෂධ' වශයෙන් පරිවර්තනය කිරීමට සිදුවුනා. ඒ වගේම මීට වඩා සුදුසු වචනයක් තියෙනව නම් කරුනාකර මට කියා එවන්න. සීනි බෝල වැනි ලස්සන පෙති, ජෙලටින් කැප්සුලයක බහාලූ විටමින් ආදී නොයෙක් ඖෂධ වර්ග නොයෙක් වර්ණවත් ඉන්ජෙක්ෂන් ආදී 'අනවශ්‍ය දේවල්' නොයෙක් හේතූන් නිසා මහා පරිමාණයෙන් වෛද්‍යවරු නිර්දේශ කරන බව නොරහසකි. ඉතාමත්ම හාස්‍යජනක වන්නේ එසේ කිරීම නීතිවිරෝධී නොවන නිසාය. සාමාන්‍ය වෙලෙන්දෙක් ඔබ රවටා වෙනත් දෙයක් ඔබට විකුනුව හොත් ඒ වෙලෙන්දාට විරුද්ධව නඩු පැවරිය හැක. නමුත් වෛද්‍ය වරයාට කැමති දෙයක් ඔබට නිර්දේශ කල හැක. බොහෝ වෙලාවට ඔබගේ 'රෝගය' වෛද්‍යවරයාට හඳුනාගත නොහැකිය. ඒ ඔහුගේ 'පොතේ' නැති බැවිනි. එසේ වීමට හේතු රාශියක් ඇත. ප්‍රධාන වශයෙන් ලංකාවේ වෙදහමුවකදී රෝගියාට ලැබෙන්නේ විනාඩි 5 කටත් අඩු කාලයකි. රෝගියා කාමරයට පිවිසෙන විටදීම වෛද්‍යවරයා පෑන අතට ගෙන 'තුන්ඩුව' ලිවීමට සූදානමින් සිටීම මෙයට ප්‍රධාන හේතුවකි. මා මීට කලින් ලියන ලද සටහන් වල සඳහන් පරිදි බොහෝ අවස්ථාවල ඇති 'රෝගයක්' නොමැත. ඇත්තේ අසනීප තත්වයකි. ශරීරයේ ක්‍රියා කාරිත්වය යම්කිසි හේතුවක් නිසා අඩපණ වී ඇත. බොහෝ විට කිසිම ඖෂධයක් අවශ්‍ය නැත. නමුත් ගතානුගතිකව අපි වෛද්‍යවරයෙක් බැලීමට පුරුදුව සිටිමු. වෛද්‍යවරයාටද ඔබට දීමට, නිශ්චය වශයෙන් අවශ්‍යම බෙහෙතක්ද නැත. මහා පරිමාණයෙන් විටමින් වර්ග, ටොනික්, ආදී දේවල් ඔබට ලැබෙනු ඇත. මේ ලැබෙන්නාවූ ඖෂධ වලට අපි නෞෂධ යයි කියමු. තවත් අවස්ථාවල වෛද්‍යවරයාට රෝගය ඇත්තටම හඳුනාගත නොහැකි වනු ඇත. මෙවැනි විටකදී සිදුවන්නේ, ඔබට අනවශ්‍ය ඖෂධ රාශියක් නෞෂධ වශයෙන් ලැබීමය. නෞෂධ භාවිතය පිළිබඳව ලොව පුරා දීර්ඝ ඉතිහාසයක්ද ඇත. නෞෂධ පිළිබඳව කරණ ලද සමීක්ෂන ප්‍රමාණයද අති විශාලය. කොතරම් සමීක්ෂන කරත්, අද වෙන තුරු කිසිම නිගමනයකට බැස නොමැත. ඊට හේතුව, බටහිර මනෝ විද්‍යාව තවමත් නොදියුනු තත්වයක පැවතීම නිසා විය හැක. අලුත් ඖෂධයක් ලොවට හඳුන්වා දීමේදී එක්තරා ක්‍රමයක් විදේශීය බෙහෙත් සමාගම් වලට අනුගමනය කලයුතුව ඇත. එයට ‘double blind study’ යයි කියනු ලැබේ. නෞෂධ භාවිතය නීත්යානුකූල වන්නේ මේ අවස්ථාවන්හිදීය. Double blind study කියන්නේ, වෛද්‍යවරයාවත්, රෝගියාවත් තමාට ලැබුනේ නියම බෙහෙතද, ඒ හා සමාන වෙනත් බෙහෙතක්ද යන බව නොදන්නා නිසාය. මේ සඳහා රෝගීන් තොරා ගැනීමද කරන්නේ එක්තරා පිළිවෙලකටය. රෝගීන්ගේ සුව වීම/නොවීම ඉතා ක්‍රමානුකූල ලෙසට සටහන් කරනු ලැබේ. අවසානයේදී ප්‍රථිපල සසඳා බැලීමෙන් නියම ඖෂධය ලැබුනේ කාටද, ප්‍රථිපලය කුමක් වුනිදැයි ප්‍රකාශයට පත් කෙරෙයි. ඒ අනුව ඒ ඖෂධය ක්‍රියාකාරීදැයි යනු නිගමනය වෙනු ඇත. එක වරටම පෙනෙන්නේ මෙය කොතරම් නිවැරදි ක්‍රමයක්ද යන බවයි. නමුත් ප්‍රශ්නයක් වූයේ, නියම ඖෂධය නොළැබූ රෝගීන්ටත් සුව වූයේ කෙසේදැයි යන්න කිසිවෙකුටත් හෙලිකල නොහැකි වූ විටය. දැන් මම සඳහන් කරන්නෙ, කිසිම පොතක තිබුනු දෙයක් නොවෙයි. මම මෙපමණ කලක් ලබා ගත් අත් දැකීම් වලින් මේකට පිළිතුර, මට හිතෙන විදියට. මම හිතනව අලුතෙන් බිහිවන වෛද්‍යවරුන්ට මම ලියන දේවල් සමහර විට ප්‍රයෝජනවත් වෙයි කියලත්. අද පිලිගෙන තිබෙන මනෝ විද්‍යාවෙ පියානෝ හැටියට පිලිගෙන තිබෙන්නෙ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ෆ්‍රොයිඩ්ගෙ ජීවිතයේ සිදුවූ දේවල් කියෙව්වම පේනව එයා ඉතාමත්ම නින්දිත විදියේ කාමුකයෙක් බව. තමන්ගේම මෑනියන් ඉතාමත් ලස්සන බවත්, ඇයට තමාගේ සිතේ කාමුක ආශාවන් හට ගත් බවත් එයා සඳහන් කරල තියෙනව. තවද, තමාගේ බිරියගේ නැගනියට, ෆ්‍රොයිඩ්ට දාව බබෙක් පිලිසිඳ ගත් බවකුත්, ඒ නිසා ගබ්සාවක් කල බවකුත් ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනව. ඔය ෆ්‍රොයිඩ් තමා කිව්වෙ, පවුලක වැඩිමහල් පිරිමි දරුවෙක් හා එම දරුවාගේ මෑනියන් අතරෙත් තියෙන්නෙ කාමුක ආදරයක් කියල. ඔය කරුණ, සිහියෙන් පිලිගන්න පුලුවන්ද? මනෝ විද්‍යාවෙ ඉතිහාසය ඔන්න ඔහොමයි. දැනට ඉන්න මනෝ විද්‍යාඥයින්ට කෙනෙකුගෙ මනස පරීක්ෂා කරන්න මිනුම් දන්ඩක් නැහැ. ඉතින් මොකද කරන්නෙ? එක් එක් මනුශ්‍ය සමූහයකගෙ හැසිරීම් රටා අනුව නිගමන හදා. ගන්නව. ඒ කිසිවෙක් අඩු වශයෙන් භාවනාවක් කරල නැහැ. භාවනාවක තියෙන සුවය විඳල නැහැ. ඒ අයට දිගක් පේනව. පලලක් පේනව. ගැඹුරක් පේන්නෙ නැහැ, දන්නෙත් නැහැ. දන්න ටික අල්ලගෙන වාද කරනව. කොටින්ම කියනව නම් "නිමිත්ත" කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැහැ. මමත් එක්ක එක්තරා Ph.D තියෙන මනෝ විද්‍යාඥයෙක් තර්ක කලා නිමිත්ත ගැන. ඒ විද්‍යාඥය කියන්නෙ ඒක illusion එකක් කියල. බෞද්ධ සම්ප්‍රදායයන්ට පටහැනි නිසා මට ඊට වඩා නිමිත්ත ගැන කථාකරන්න බැරි වුනා. මේක කියන්න හේතු වුනේ, මනුශ්‍ය මනස හා නෞෂධ අතර ඇති සබැඳියාව විස්තර කරන්නයි. ඔබ අහල තියෙනව නේද, සමහර වෙද මහත්වරු ගැන මිනිස්සු කියන කථා. " ඒ මහත්මය අතින් වතුර දුන්නත් සුව වෙනව කියල". අන්න එතන තමයි උත්තරේ තියෙන්නෙ. යම්කිසි කෙනෙක් හිතේ කහටක් නොමැතිව, " ඔබට සුව වේවා " කියල හිතාගෙන කෙනෙකුට වතුර දුන්නත්, එය ලබන තැනැත්තාත් සුහද සිතින් එය භාර ගත්තොත් එතැන ඇති වන්නේ සුව වීමක් යනු මගේ හැඟීමයි. අර double blind study එකේ රෝගීන් දුන්න බෙහෙත් ගන්න ඇත්තෙ මොකක් හරි "අනේ මට සනීප වෙයි" යන බලාපොරොත්තුව උඩ. ඒ නිසා සනීප වුනා . වෛද්‍ය වරයෙක් රෝගියෙකුට ඖෂධයක් හැටියට මොනවා දුන්නත්, ඒ සනීප වෙන්නෙ, රෝගියාගෙ හිතේ තියෙන විශ්වාසය නිසා. ඒ බවට සාක්ෂි වෛද්‍ය විද්‍යාවෙන්ම තියෙනව. මොලයේ Hypothlalmus කියන කොටසෙන් Endorphins කියල රසායනික ද්‍රව්‍යයක් වැගිරෙන බව දැනට සොයා ගෙන තිබෙනවා. ඒ මගින් වේදනාව නැතිවෙන බවක් විද්‍යාඥයො කියනව. වෛද්‍ය වරයෙකුට මෛත්‍රී භාවනාව වැදගත් වෙන්නෙ මෙන්න මේ වගේ අවස්ථාවලදී. හොඳට මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරල තියෙනව නම් හොඳට සාකච්ඡා කිරීමෙන් පමණක් සුවයක් ඇති කරන්න පුලුවන්. කරුනා දයා මෛත්‍රී පෙරදැරි කොට ගෙන රෝගීන්ට සලකන කොට ඒ රෝගීන්ට පෙර කල කර්ම නැත්නම් මොන දෙයක් ඖෂධයක් හැටියට ලැබුනත් සුව වෙන බව මම විශ්වාස කරනව. භාවනා මගින් නොයෙක් ආකාරයේ රෝග සුව වෙන බවට ඇමෙරිකාවේම දැනට පිලිගෙන තිබෙනවා. බොහෝ මානසික රෝග වලට නොවරදින පිලියම ලෙසට භාවනාව යොදාගෙන තිබෙනවා. Patch Adams මහත්මයාගේ ක්‍රම කරුණා, දයා මෛත්‍රී පෙරදැරි කරගෙන සිදු කරන නිසා ඒ මහත්මයාගේ රෝගීන් ඉතා සැනසිල්ලෙන් ඉන්නවා.

10 comments:

Danishka said...

මා ඔබේ සටහන සමඟ එකඟ වෙනවා.

ස්නායූ ආභාද සඳහා වේදනා නාශක මිස ස්නායු වර්ධනය වන ඖෂධ නැනේද?
ඒකට අවශ්‍ය විවේකය -- මා දන්නා පරිදි සහ අත්විදි පරිදි.

තවත් විටෙක කියනවා නේද "වේදකමට වඩා හෙදකම අවශ්‍ය බව". එත් අද මේ දෙකම නැ. ඇත්තේ බිස්නස් පමණයි.

ඔව් කාමුක වෛද්‍යවරු ඉන්නවා.
වරක් කතරගම සිටි DMO කෙනෙක් කාන්තාවකට පවුල් සැලසුමකට පෙර සැමීයා වෛද්‍ය නිල නිවසෙන් පිටත සිටිය දීම ඇතුලට කාන්තාව ගෙන දූෂණය කර අදාල වෛද්‍ය කටයුත්ත කර ඇත.

තුෂාර ජයරත්න. said...

මම හිතන්නේ මිනිසුනට විවිධ රෝග හෝ යම් රෝග හා සමාන තත්ව ආකාර කීපයකට ඇතිවිය හැකියි.
* රෝග කාරක පොදුවේ විෂබීජ නමින් හදුනුවනු ලබන ජීවීන් ශරීරගත වීම.
* ශාරීරික අවයව ක්‍රියාකාරිත්ව අඩපන කළ හැකි හෝ නැවැත්විය හැකි හෝ විනාශ කළ හැකි විෂ ධූලක ද්‍රව්‍ය ශරීරගත වීම.
* නොගැලපෙන ආහාර රටා, ප්‍රමාණ නිසා ඇතිවන ශාරීරික හා මානසික දුර්වලතා.
* මානසික තත්ව යන්වල බලපෑම.
************* යම් නොපෙනෙන ප්‍රේත හෝ භූත බලවේගයකට අවනත වීම.(මෙය මා පවසන්නේ මාගේ පෞද්ගලික අදහසක් පමණි. මා සොයමින් යන තොරතුරු අනුව බෞද්ධ දර්ශණය අනුවයි.)

මේ අනුව මේ හේතු බොහෝමයක් නිසා සිදුවන රෝග හෝ ඒ සමාන තත්ව ඖෂධ සමගින් සිත දියුණු කිරීම මගින් සුවවීම සත්‍යයක්. එහෙත් දැනට බොහෝ තැන්වලින් කරන්නේ සිත දියුණු කරවීම වෙනුවට සුවකළ හැකි යම් හැකියා හෝ ශක්තීන් සහිතයැයි පුද්ගල ප්‍රතිරූප පෙන්වා සිත මෝහනයකට පත්කිරීමයැයි මම සිතමි.

තුෂාර ජයරත්න. said...

මම යෝජනා කරන්නේ " පූරකඖෂධ" යන්නයි.

Homo Erectus said...

මීට ප්‍රථමද ඔබගේ සටහන් මගින් ප්‍රකාශ කළ හා ඒවායේදීද මා ඔබ හා එකඟ වූ මෙම තත්වය පිළිබඳව මම අදත් සමුපූර්ණයෙන්ම එකඟ වෙමි. බොහෝ රෝග (තත්වයන්) සුවවීම සඳහා 20% ක ‍ඖෂධ හා 80% ක මානසික ශක්තිය අවශ්‍ය බවයි මාගේ අදහස.

නො-ඖෂධ = නෞෂධ යන්නද ඔබගේ තර්කය, මේ වචනය සම්බන්ධව?

සරත් ගුණතුංග said...

ඩනිෂ්ක මහත්මයා, ඔබ හරි. ස්නායු වර්ධනය සඳහා පිලියමක් නැහැ, නමුත් ඒ පිලිබඳව පර්යේශන පවත්වනවා.

තුෂාර ජයරත්න මහත්මයා, රෝග කාරක සාධක බොහොමයක් තිබෙනවා. විශ බීජ ඉන් එකක් පමණයි. බොහොම රෝග ගැන කියෙව්වොත් රෝග කාරක සාධකයක් සොයා ගන්න අපහසු වෙනවා. එයින්ම බටහිර වෛද්‍ය විද්‍යාවේ අනාරක්ශිත භාවය පැහැදිලි වෙනවා. "aetilolgy unknown" කියල පොත්වල සඳහන් වෙනවා. ඔබ කියන පරිදි අමනුශ්‍ය බලවේගයන්ට ඒ ඒ අයගේ කර්මානුකූලව අමනුශ්‍ය දෝෂ රෝගී ස්වභාවයන් හැටියට මතුවෙන බව සත්‍යයකි. මේ බවට සාක්ෂි ඕනෑ තරම් අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. අපවත් වී වදාල බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය ස්වාමීන් වහන්සේට අමනුෂ්‍ය බලවේග දැකීමට සහ ඔවුන්ට පිටවී යන ලෙස අවවාද කිරීමට හැකියාවක් තිබූ බව මගේ විශ්වාසයයි. කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ පෙන්වා දෙන පරිදි අද ලෝකයේ අතරමං වූ සත්ව කොට්ඨාශ සිටිනවා. ඔවුන් මනුශ්‍යයන්ට ඊර්ශ්‍යා කරනවා. එහෙම වෙන කොටත් රෝගී ස්වභාව ඒ අම්නුශ්‍යයන්ට අපි අතර පතුරුවා හරින්න පුලුවන්. එයින් බේරීමට ඇති එකම ක්‍රමය, නිතිපතා මෛත්‍රී භාවනාව කිරීමයි. හොඳ මෛත්‍රී භාවනා ක්‍රමයක්, මහමෙව්නා අඩවියේ MP3 ගොනුවක් හැටියට තියෙනවා. ඒ ක්‍රමය බුදු සමිඳු අනුමත කල එකක්. එය පුරුදු පුහුනු කලොත් අනිවාර්යයෙන්ම යහපතක් සිදුවෙයි.
තවද, ඔබ යෝජනා කර ඇති පූරක ඖෂධ ගැන මා සලකා බැලුවා. මෙතැන සිදු වන්නේ රෝගියා රැවටීමක් නිසා මම නොම-ඖෂධ, නෞෂධ කියල යෙදුවෙ.
Homo Erectus මහත්මයා, අදහස් දැක්වීම ගැන ස්තුතියි. ඉහත ඇති ප්‍රතිචාරය ඔබටත් අදාලයැයි මගේ හැඟීමයි. මෙසේ ප්‍රතිචාරය දැක්වීමෙන් මට තව තවත් පැහැදිලි කිරීමට අවස්ථාවක් ලැබෙනවා.

බොහොම ස්තුතියි.

Danishka said...

වරක් මා දුටුවා ජපානයේ කෙරෙන ක්‍රමයක්.

ලෙඩකු ඉදිරියේ සිට ඔහුගේ රෝග සහ ගැටලු විමසා. ඔහු ඉදිරියේ වාඩි වී අදාල රෝගායාට රෝගය සුව වේවායි සිතමින් කරන භාවනා ක්‍රමයක්. මෙය මෛත්‍රී භාවනවාවම තමයි.

මා දුටුවේ නම් ලංකාවෙදියි.
ලංකාවේ අය තමා කරන්නේ දැන්.

ඔවුන් පවසන්නේ හිරොශිමාවට බොම්බ දැමු පසු යළි නැගිසිටි ජපානයේ මෙවැනි ක්‍රම වේද භාවිත කළ බවයි.

මේ ගැන වැඩ දුර තොරතුරු නොදනිමි.

තුෂාර ජයරත්න. said...

@ගුණතුංග මහතා,
ස්තූතියි,

Dasun Sameera - දසුන් සමීර said...

මගේ සහොදරයා පිලිකාවකින් පිඩාවිඳිනවා. ඔහු සම‍ග රෝහලේ දින මාස වර්ෂ ගනන් ඉඳලා තියෙනවා. දොස්තරවරු ලෙඩ්ඩු ගාව ඉඳන් කථා කරන ඒවා දැක්කම ඇඟේමයිල් ස්මයිල් වෙනවා. ඒ අය ලෙඩ්ඩුත් එක්ක පරීක්ෂණ කරනවා. එක්කෙනෙක් කියනවා මේක දීල බලමු කියලා අනිත් දෙස්තර කියනවා නෑ නැ ඒක හරියන්නේ නෑ මේක දෙමු කියලා. හැබැයි කඩ්ඩෙන් ටෝක් කරන නිසා බොහෝමයක් ‍ලෙඩ්ඩුන්ට දැනීමක් නෑ. (හොඳ වෙලාවට)

අමනුශ්‍යයන් ගැන කථා වුනා. මේ ගැන කියන්න අකමැත්තෙන් හිටියේ බොහෝ දෙනෙක් පිළිගන්න එකක් නෑ කියලා හිතපු නිසායි. දැන් නම් හිතෙනවා ඒ ගැනත් ලියන්න. උත්සහ ගත්තොත් අමනුෂ්ශයන් දැකිය හැකිය වැඩිය අමාරු නෑ. තෙවෙන ඇස අවදිකිරී‍මේ භාවනා ක්‍රම පුහුනු කිරීමෙන් හෝ කසිණ භාවනා මගින් ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන්. භාවනාව මගින් බැරි වුනත් තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තාක්ෂණයෙන්, ඒ ගැන බ්ලොග් සටහනක් ලඟදීම ලියන්න භලා පොරොත්තු වෙනවා.

Aravinda said...

නෞෂධ හැදෙන්නේ "නො+ඖෂධ" නෙමේ "න+ඖෂධ" කියන විදියට යි මං හිතන හැටියට.(පූර්‍වස්වර ලෝප සන්ධියෙන්)
නො+ඖෂධ වුණොත් හැදෙන්නේ නෞෂධ කියලානේ.
කොහොම වුණත් ඔබතුමා සිංහල භාෂාවට ලස්සන වචනයක් එකතු කළා

Unknown said...

Please contact me Sir,
I want a help.
gordoniaceylanica@gmail.com
Past blogger.