Friday, December 5, 2008

කවදා හැදෙයිද?

මම මේ කියන්න යන්නෙ මට වුනු අකරතැබ්බයක්. මම සිංහලෙන් බ්ලොග් ලියන්න ගත්තට පස්සෙ මගේ ලිඛිත සිංහල ගව් ගනනක් ඉදිරියට ගියා. මම ආනන්දෙ ඉන්න කොට මම සිංහලෙන් පත්තර වලට ලිපි ලිව්ව, ඉස්කෝලෙ තිබුන 'සිංහල දරුවා' කියල මාසික සඟරාවක්- ඒකට ලිව්වා. අවුරුදු 36ක් ඒ සැනසුම නැතිවුනා. මේ රටේ (NZ) සිංහල භාවිතා වුනේ ගෙදරදි විතරයි, ඒත් ලියන සිංහල නැහැ. 1999 අවුරුද්දෙ Sinhala Word 98 කියල ප්‍රෝග්‍රෑම් එකෙක් ස්ථාපනය කරගත්තත් මට ඉන් ඉස්සරහට යන්න බැරිවුනා. පස්සෙ කාලෙක සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරා පත්තර කියවන්න. දවසක් මම අහම්බෙන් සිංහල සංසදයට ආව. මමත් බ්ලොග් එකක් පටන් අරගෙන ලියන්න පටන් ගත්ත. ඊට පස්සෙ මගේ සිංහල ශීග්‍රයෙන් දියුනු වුනා. සටහන් පමනක් නෙවෙයි comments වලින් අදහස් හුවමාරු කරගෙන සිංහල ලියන්න කවි ලියන්න ආයෙත් ලැබුණ.. මම ලංකාවෙ දිනපතා වෙන දේවල් දැනගෙන හිටියට දන්නෙ නැති දේවලුත් තිබුන. අලුත් ගායන ශිල්පීන්, නලු නිළියො ගැන මම දන්නෙම නැහැ, මට ඒ ගොල්ලන් ගැන උවමනාවක් නැතිනිසා. මම දන්නෙ පරණ අය. ඊයෙ, සංසදයෙ කියවනයෙ තිබුන සටහනක් Kasun Kalhara-The Romantic Opera(New Album කියල. http://blog.wickasitha.com/index.php/kasun-kalhara-the-romantic-operanew-album/ මම කසුන් කල්හාර ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ, ඒ බ්ලොග් සටහනේ පින්තූර ගොඩක් තිබුණ. අකුරු මට කියව ගන්න බැහැ. පින්තූරෙ පිරිමි කෙනෙකුගෙ මුනක් තිබුන, බලපු බැල්මට එයා දවස් ගනනකින් මූණ හෝදල නෑ වගේ අපිරිසිදු පාටයි. රැවුල ජරාවට වැවිල . ඔයවගේ සිතිවිලි මගේ සිත පුරා ගියා. (කල්හාර මහත්තයට මම අගෞරව කරනව නෙවෙයි, මේ මගේ හිතේ ඇතිවූ හැඟීම්.) අනේ ඉතින් මම මේ ගැන දැන ගන්න Comment වල ප්‍රශ්නයක් ඇහුව බොහොම නිහතමානීව මෙහෙම... Sarath Gunatunga on December 4th, 2008 at 5:21 am # තරහ වෙන්න එපා, දන්නෙ නැති හින්දයි අහන්නෙ. කවුද කසුන් කල්හාර කියන්නෙ? මට ලැබුණ පිලිතුර ඉතාම නින්දා සහගතයි. Wickasitha on December 4th, 2008 at 5:34 am # දන්නෙ නැත්නම් දැනගන්නත් ඕන වෙන එකක් නෑ මම හිතන්නෙ…. කාට කියන්නද? දන්නෙ නැති නිසා නේ ඇහුවෙ? මම ඉතින් ඒ ලියපු මහත්තය එක්ක ආරාවුල් හදා ගන්න ගියේ නෑ, කෙටි පිලිතුරක් තිබ්බා. Sarath Gunatunga on December 4th, 2008 at 6:27 am # බොහොම ස්තුතියි ඒ ලියපු මහත්තයගෙ වයස අවුරුදු 21යි. ඉගෙන ගැනල තියෙන්නෙ ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලයෙ. විද්‍යුත් මාධ්‍යයකින් ඔය වගේ පිලිතුරු දෙන මහත්වරුන්ට දියුනුවක් වෙන්න පුලුවන්ද? ඇත්තටම මම දන්නෙ නැති හින්දයි ඇහුවෙ.. ඒ මහත්තයට මානසික රෝගයක් නැහැ, "මම" කියල විශාල ප්‍රතිරූපයක් හදාගෙන ඉන්නෙ. අවාසනාවකට ඒ මහත්මය වැඩ කරන තැනට, වැඩ කරන ආයතනයට, ඔය වගේ වැඩ නිසා ගනුදෙනු අඩුවෙන්න පුලුවන්.

24 comments:

Pahan said...

හරි සරත් මහත්තයෝ මෙන්න මම කසුන් කල්හාර ගැන මම දන්න ටික
කසුන් කල්හාර කියෙන්නේ සම්ප්‍රදායී සංගීතයෙන් වෙනස් නිර්මාණ කරන සංගීතඥයෙක් හා ඉතා හොඳ ස්වර පරාසයක ගායනා කල හැකි ගායකයෙක්

ඔහුගේ මව මාලනී බුලත්සිංහල ,ප්‍රවීන සංගීතඥයෙක් පියා H.M.ජයවර්ධන.
මේවත් බලන්න
http://adhahas.wordpress.com/2008/04/18/%E0%B6%9A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B7%84%E0%B7%8F%E0%B6%BB/
http://agniezine.googlepages.com/

said...

කසුන් කල්හාරත් ආනන්ද විද්‍යාලයේම තම ඉගෙන ගෙන තියෙන්නෙ. මම හිතන්නේ 2000 ද කොහෙද AL කලේ. "අනන්තයට යන පාර දිගේ" කියලා සින්දුවක් අහලා තියෙන්වද ඒකත් කසුන් කල්හාරගේ. "හීනයකි මට ආදරේ" කියල "ආදරනීය වස්සානය"(උපුල් ශාන්ත සන්නස්ගලගේ පොතකින් හදල තියෙන්නේ ) කියන ෆිල්ම් එකේ සිංදුවත් කසුන්ගේ. එයාගේ සිංදු වෙනස් මේ දවස් වල ජනප්‍රිය අනික් අයගෙ සිංදු වලට වඩා

said...

මේවත් කියවලා බලන්න
http://haresheranga.blogspot.com/2008/12/blog-post.html
http://chamila-dealwis.blogspot.com/2008/12/2008.html

jayantha colombage said...

හිතවත් සරත් මහත්මයානෙනි,ඔබගේ සටහන කියවූවාට පසුව මෙසේ ලියන්නට හිතුනා. මේ රටේ අධ්‍යයාපනයෙන් සාහිත්‍යය විෂයය අයින් කලාට පස්සෙ බිහිඋනේ රළු පරපුරක්. රසවින්දනය කියන දේ දන්නේම නැති දෘෂ්‍ය රසාස්වාදය පමණක් විදින පිරිසක්. සියුම් පරිකල්පනය විරහිත තැනක කොහේද ජීවිත සංයමය. මමත් සිනමාව හා රූපවාහිනී මාධ්‍යට සම්බන්ධ අයෙක්.නමුත් මේ උතුම් ධර්ම මාර්ගයට යොමුවීමෙන් පසුව මම ඒ සියල්ල අතහැරියා. කසුන් කල්හාර කියන්නෙ අදට අපේරටේ ඉතිරිවෙලා ඉන්න එකම යොවුන් සංගීතඥයා මෙන්ම හෙට දවස අයිති කලාකරුවෙක්. ඔහුගේ පියා වන එච්.එම්.ජයවර්ධන කලාකරුවා මා විසින් තිරරචනය කල "විමුක්ති" චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක උනා. ඔහුගේ මව මාලිනි බුලත්සිංහල නම් ප්‍රතිභාවෙන් පූර්ණව සිටි ගායනා ශිල්පිණියයි.කසුන් කල්හාරගේ ගායනා ශෛලිය විශාල පරාසයක් තුල පවතින එකක්.
ඔබ අසා බලන්න ඔහුගේ "සද සද වගෙයි"යන සරල ගීයත්" කවුළු පියන්පත්" යන සරල ගීයත්. ඒවා ඉතාම මියුරුයි. මේ ගෝෂාකාරී ගැරේජ් බාස්උන්නැහේලාගේ ටකරන් බෙලෙක්ක සංගීතය අතරට කසුන් කල්හාරගේ සංයමයෙන් පිරි ගායනා රටාව දැහැනක් වගෙයි.

said...

http://www.youtube.com/
වල
kasun kalhara
කියලා Search කලාම එන්ව සිංදු ටිකක් කැමතිනම් අහලා බැලුවැහැකි. "ආදර මල් වල" සිංදුවත් තියෙන්වා

Bo said...

කසුන් කල්හාර යනු, දැනට අප රටේ සිටින දක්ශ කලාකරුවෙක්. ඔබට ඔහුගේ ගීත බොහෝමයක් මම ඊමේල් කෙරුවා අද. පිටරටවල සිටින අපේ වැඩිහිටි පරපුර ඒ ගී නො අසා ඇතිවාට සැක නෑ. ලංකාවේ උනත් ඔහුට හිමි තැන නොලැබෙන බවයි මගේ හැඟීම, ඒ වෙනුවට නිතරම නාලිකා තුලින් වාදනය වෙන්නේ, රැප් සංගීතමය ගීතනේ

malee_msg said...

මේ අපි වගේ අහිංසකයන්ගෙන් අහන්නේ නැතුව නොදන්න අයගෙන් අහන්න යනවට හොද වැඩේ :P සමහරවිට ඒකෙනා ඔබතුමා ගැන දන්නේ නැතුව ඇති ඒකයි ඒ වගේ උත්තරයක් දෙන්න ඇත්තේ.. මොකද සංගීතයට කැමති ලංකාවේ ඉන්න කෙනෙක් නම් කසුන්ව නොදැන ඉන්න විදියක් නැති නිසා.. මම මේ දැනුත්The Romantic Opera album එක අහනගමන් ඉන්නේ. ‍පුළුවන් නම් ඔබතුමත් අරන් අහන්න.

ආගන්තුකයා | Stranger said...

මම හිතන්නේ වෙද මාමාට සැහීමකට පත් වෙන්න පුලුවන් වෙන්න ඇති.. තව සංගීතඥයො කියන්න පුලුවන් ඉතිරිවෙලා ඉන්න එක සංගීතකරුවෙක්....
නදීක ගුරුගේ තවත් ඒ වගේ එක් සංගීතකරුවෙක්... සංගීත සංධ්‍යාවක සජීවීව සින්දු කියන්නේ දැනට නම් ඔය කිහිපදෙනෙක් විතරයි වැරදිනම් මාව නිවැරදි කරන්න...

ආගන්තුකයා | Stranger said...

"සාහිත්‍යය විෂයය අයින් කලාට පස්සෙ බිහිඋනේ රළු පරපුරක්. රසවින්දනය කියන දේ දන්නේම නැති දෘෂ්‍ය රසාස්වාදය පමණක් විදින පිරිසක්...."
සර්.....තාම සාහිත්‍ය අඳුරන පිරිසක් ලංකවේ ඉන්නවා.. කලා හැකියාව නැතුව ඇති ඒත් කලාවට තාමත් ආදරේ තරුන පිරිසක් ඉන්නවා... ඉස්කෝලෙන් කලා විෂය ධාරාවට කැමති වුනත් කරන්න බෑ... අද සෑබෑ කලාකාරයෝ නැතිවෙලා නිකන් බොරු සැලොලයිට් පටියක් අස්සෙ හැංගුන විජ්ජකාරයෝ ටිකක් එලියට ඇවිල්ලා... අපිත් ආසයි හොඳ නිර්මාණයක් රසවිඳින්න... අපෙ සටහන්වල එහෙම එකක් ආපු ගමන් දාන්නේ ඒ සතුටට... සර්.... තරුණ පරපුරේ තාම කලාකාරයෝ , කලාවට ලැදි අය ඉන්නවා...

ම.ම.ගි said...

මම නම් හිතන්නෙ ඔහු වැරදි වැටහීමකින් දුන්නු පිළිතුරක් වන්න ඕන ඒක. කොහොම නමුත් දැන් කසුන් ගැන ගොඩක් විස්තර කට්ටිය කියලා තිබෙනවා. ආ මෙතන තියෙනවා මම කසුන්ගෙ ආසම සින්දු ටිකක් කැමතිනම් ඔබතුමත් අහලා බලන්නකො.

සරත් ගුණතුංග said...

මට උදව් කරන්න ආව ඔබ හැමට ස්තුතියි. දුව, බෝ සිංදු ලැබුණා බොහොම ස්තුතියි ( මේ දුව සංසාර ගතව එන දුවෙක් හැටියට මම අඳුනගෙන තියෙන්නෙ ) පහන් මහත්මයා, ම මහත්මයා, ආගන්තුකයා මහත්මයා ඔබට බොහොම ස්තුතියි. කොලඹගේ මහත්මයා ඔබගේ සටහන් මම ආදරයෙන් පිලිගන්නව, ඒ වගේම මේ ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ඇති කෙනෙක් හැටියට ඔබ කියපු දේවල් සත්‍ය දේවල් බවට පිලිගන්නව.
තව ඉන්නව පේන්නෙ නැති එක්කෙනෙක්. එයා හුලඟක් නේ දැන්. මලී දුව. අනේ අහිංසක එක්කෙනා මීට පස්සෙ මොනව හරි ඇත්නම් ඔබෙන් අහන්නම්. මම හිතුවෙ දුවත් අර ටකරම් වලට තඩිබාන ඒව අහන ජාතියෙ එක්කෙනෙක් කියල. මම කසුන්ගෙ ගී 48ක්ම හොයාගත්ත.
http://www.infolanka.com/miyuru_gee/
කසුන් දඟලන්නෙ නැතිව සන්සුන්ව ගී ගයන සමාජයට අවශ්‍ය ගායකයෙක් කියලයි මගේ හැඟීම. ඒ මොනව ඇහුවත් අමරදේව විශාරදයන්ගෙ සිරිපා පියුමේ තරම් ලස්සන ගීයක් කවුරුත් ගයා නැහැ. එක අතකට ඒ ගීය මම අහපු කාලෙ මගේ වයස නිසා වෙන්න පුලුවන්. දැනට මම ගීත වලට එච්චරම ආස නැහැ. මම ළඟ ටිබෙට් ජාතික ලාමා වරුන් ගයන ආගමික සජ්ඣායනා තැටි ටිකක්. ඒවත් සිතට ඉතාමත් ශාන්තියක් දෙනව. අපි සංගීතයෙන් බලාපොරොත්තු වෙන්නෙ සිතට ශාන්තියක් නේද?

ඔබ් හැමෝටම බොහොම ස්තුතියි, බුදු සරණයි

සරත් ගුණතුංග said...

මම මචන් මහත්මයා, ඔබගේ පිලිතුරු සටහන් වැටුනෙ ටිකක් ප්‍රමාද වෙලා, ඒ වුනාට ඔබේ උත්සාහයට බොහොම ස්තුතියි.

Pahan said...
This comment has been removed by the author.
Pahan said...

සරත් මහත්තයා මේකත් කියවන්නකෝ
http://www.elakiri.com/forum/showthread.php?t=51653

malee_msg said...

අනේ ඉතිං ඔන්න බලන්න දොස්තර සීයා මට කියන කයි කතන්දර හපොයි!
ටකරන් සංගීතය අහනවා- මහත්‍තයො...සිනහවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා... හිතේ ඇති දේ කවුද දන්නේ...... ඔන්න ඔහොමයි සිංදුවේ තියෙන්නේ... මගේ බ්ලොග් එක කියෙව්වට මං ගැන දැනගන්න බැරියෝ... මම හුළගක්ම තමයි..මොහොතින් වෙනස් වෙනවා.....!

Chanaka Aruna Munasinghe said...


ඔබේ commnets කවියට ස්තූතියි.

මමත් කාලයක් ආනන්දෙ ඉගෙන ගත්තා(1994-1996).

මටත් කාලයක් පිස්සු තිබ්බා (විශාදය- Deression ).

jayantha colombage said...

ආගන්තුකයා නම් මා මිතුර..අනේ වරදවා හිතන්න එපා. මා කිව්වේ සමස්තය ගැන නෙවෙයි. සාහිත්‍යය විෂයය ඉවත්කලාටත් පස්සෙත් බොහෝ තරුණ පිරිස් කලා ක්ෂේත්‍රයේ දිදුලමින් සිටිනවා. මම කසුන් කල්හාර ගැන කිව්වෙත් ඒ නිසාමයි. එවැනි තරුණ පිරිස් සමග මටත් කලා ලෝකයේ කටයුතු කරන්න වාසනාව ලැබී තිබෙනවා. මා අදහස් කලේ සාහිත්‍යය විෂයය තිබුනානං මේ වෙර වීරිය දරන තරුණ පිරිසට කෙතරම් අත්වැලක් වේවිද යන්නයි.වැරදි යමක් සන්නිවේදනය උනානම් සමාවෙන්න

ශාකුන්තල | Shaakunthala said...

ආ.. මගෙන් නොවැ ඕක අහන්න තිබුණෙ... :D
ප්‍රසිද්ධ කියමනක් තියෙනවා Google is your friend කියලා.

"ආතල්" වගේ සිංහල වචන හැර ඔය පුද්ගල නාම Googleගෙන් අහන්න.

Danishka said...

"සමහරවිට ඒකෙනා ඔබතුමා ගැන දන්නේ නැතුව ඇති ඒකයි ඒ වගේ උත්තරයක් දෙන්න ඇත්තේ"

මම නම් මේකට එකඟ නැ.
මොකද මේ අහලා තියෙන පැණයට පිළිතුරු දෙන්න අහන කෙනා දැනගන්නම අවශ්‍ය ද?

නමුත් ගුගල් මිතුරා නම් මේ අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ නැ :)

malee_msg said...

@ ඩනිෂ්ක - ඔව් ඔයා කියන දේ හරි.. ඒත් ලංකාවේ ඉන්න කෙනෙක් කසුන් කල්හාරව නොදන ඉන්න එක පුදුමයක් නේ.. ඒ විතරක් නෙවෙයි අපේ සමහරු නිකං කින්ඩියටත් අහනවානේ කවුද කියලා... නමුත් මේ කමෙන්ට් එක දැම්මට පස්සේ මමත් ගිහින් අදාල තැන බැලුවා.. පිළිතුරු දීලා තියන විදිය නම් අනුමත කරන්න බෑ තමයි

ශාකුන්තල | Shaakunthala said...

@මලී,
මේ චෛද්‍යවරයා ලංකාව හැරගොස් බොහෝ කල්...

ආගන්තුකයා | Stranger said...

කොළඹගේ සර් සමාව ඉල්ලීම හා සමාව දීම... මම දකින්නේ මිනිස්සු අතර දුරස් බවක් ඇති කරන ඩෙහ්යක් විදිහට....සමීපයෝ සමාව ඉල්ලන්නේ නෑනේ... මම පෞද්ගලිකව සාහිත්‍ය අමාරුවෙන් ඉන්න ජීවියෙක්.. ඉතින් අලුත් හොඳ මොනාහරි හමුවුනොත් කොහොමහරි හොයාගෙන බලනවා..... කොළඹගේ සර්ලා අපිට ඉන්න මහා අත්වැල්...

malee_msg said...

@ශකුන් - මම දන්නවාවාවාවා... මම ඉපදෙන්න අවුරුදු 16 කටත් කලින් එතුමා ලංකාවෙන් ගිහින් තියෙන්නේ..

Chanaka De Silva said...

අසා දැනගැනීම ඉතා සාර්ථක ඉක්මන් මාවතක්,
ඔබගේ උත්සාහයට තුති, පෙරභවය ගැන මමත් සතිපතා කියවනවා රිවිර පුවත් පතින් - http://www.rivira.lk/2008/12/07/rividahara7.htm