Sunday, November 23, 2008

ඔන්න තවත් ලෙඩක්!

ඔන්න තවත් ලෙඩක්! සිරිතක් හැටියට හැමදාම උදේ පාන්දර ලංකාවෙ සිංහල පත්තර ටික අන්තර් ජාලයෙන් මම බලනව. කොහොමහරි මෙහේ වෙලාව උදේ හත අට වෙනකොට, ලක්බිම, දිවයින පත්තර දෙකම අන්තර්ජාලෙට වැටිල. රිවිර පත්තරේ සෙනසුරාද රෑටම වැටිල. අද උදේ මම රිවිර පත්තරේ කියවන කොට මම දැක්ක එක්තරා සටහනක්, රෝගයක් පිළිබඳව. ඒ සටහනේ තියෙන දේවල් සම්බන්ධව මම එකඟ වෙන්නෙ නැහැ. මට හිතුන මම මගේ අදහස් වෙබ් අඩවිය හරහා ප්‍රකාශ කරන්න ඕන කියල. මේ ලියන් දේවල් ගැන කරුණාකර අදහස් ප්‍රකාශ කරන්න. ඔබේ විවේචනාත්මක අදහස් වලින් පමණයි මම ලියන දේවල් ප්‍රයෝජනවත්ද, නැද්ද කියල දැනගන්න පුලුවන්. මේ පුවත් පත් සටහනේ osteo arthritis රෝගයක් හැටියට සඳහන් කරල ඒකට ප්‍රතිකාරත් දීල තියෙනව.

මේ මග ඔස්සේ යනවිට ඒ සටහන හමුවිය හැකිය. http://www.rivira.lk/2008/11/23/rivisara16.htm

ඔස්ටියෝ ආත්‍රයිටිස් යනු රෝගයක් වශයෙන් සැලකිය නොහැක. එය ඇත්ත වශයෙන්ම ජීවත් වීමේදී ඇතිවන ශාරීරික වෙනස් වීමකි. ඒ සඳහා යොදාගෙන ඇති නමද දෝෂ සහිතය. කුනුහරුපයක් වගේ නමක් යොදා අන්තිමට itis යනුවෙන් කෙලවර වන්නේ inflammation යන තත්වය ඇතිවිටය. නමුත් මේ අසනීපයේ එහෙම තත්වයක් නොමැත. ශරීරයේ බර උසුලා සිටින සංදි මෙම "රෝගයට" ගොදුරු වන බව එහි සඳහන් වෙයි. ශරීරයේ බර හන්දි වලින් උසුලන්නේ නැත්නම් කුමකින් බර උසුලනු හැකි වෙයිද? බුදුන් වහන්සේ ඉතා පැහැදිලිව මෙසේ දේශනා කොට ඇත. "සියලු දේ අනිත්‍යයය. ඒවායේ හට ගැනීමක් පෙනෙනු ඇත. විනාශ වන බවකුත් පෙනෙනු ඇත. මේ තත්ව දෙක අතර වෙනස් වෙමින් පවතින බවකුත් පෙනෙනු ඇත...." අපි උපදින්නෙමු, එසේම මිය යන්නෙමු. මිය යනතෙක් ක්‍රමයෙන් වයස් ගත වෙවී ජීවත් වෙන්නෙමු. මේ මිනිස් ශරීරය වෙනස් වෙමින් පවතින ස්වභාවයේ එක් අවස්ථාවක් "රෝගයක්" ලෙස හඳුන්වා දීමක් (osteo arthritis) මෙයින් සිදුවනු විනා ඇත්ත වශයෙන් රෝගයක් නැත. බටහිර වෛද්‍යවරුන් විසින් රෝගී සංකල්පය මේ තත්වයට මාට්ටු කොට මහා පරිමානයේ මුදල් කන්දරාවක් ගසා ගන්නේද? ඇත්ත වශයෙන්ම මේ තත්වය ඇතිව්න්නේ විෂ බීජයක් මගින් නොවේ. තරබාරු අයගේ හංදි ඉක්මනට ගෙවෙන බව කුඩා දරුවෙකුට උනත් වටහා ගත හැකිය. හංදි ජීවත් වන පඨකයන්ය. ඒවායේ ගෙවීමත් නැවත සෑදීමත් ස්වභාව ධර්මයේ ස්වාභාවික දේවල් අනුව සිදුවේ. මේවාට "මුක්කු ගැසීමට යාමෙන්" නැති ලෙඩ ඇති විය හැකිය. කාන්තාවන්ගේ හෝමෝන පිළිබඳ සම්බන්ධතාවයක්ද මේ සටහන මගින් පිලිබිඹු කෙරේ. කාන්තාවන් හා හෝමෝන පිළිබඳව යමක් සඳහන් කළයුතුය. මේ මාතෘකාව පිළිබඳව විශාල වශයෙන් වෛද්‍ය ලෝකයේ මතාන්තර පැනනැගී ඇත. කාන්තාවන්ගේ ජීවිතය සලකා බලන කල තාරුණ්‍යයේදී හෝමෝන උපරිම වශයෙන් ක්‍රියාකරන බව අපි දනිමු. ඒ මනුශ්‍ය සංහතියේ පැවැත්ම සඳහා ඊළඟ පරම්පරාව ලොවට බිහිකිරීමටය. ඉන් පසුව, කාන්තාවන්ගේ ශරීරවල වෙනස්කම් ඇතිවේ. මේ ස්වාභාවික වෙනස්කම්ය. මේ වෙනස්කම්ද අද "රෝග" වශයෙන් සැලකීමට පටන්ගෙන ඇත. ඒවාට පිලියම් කිරීමෙන් නැති "රෝග" ඇතිකරගෙන ඇත. කොටින්ම කිවහොත් "ලෙඩ දා ගනී" දැන් ලෝකයේ පවතින දෑ අනුව අපට කිසිවක් විචාරාත්මක නොවී පිලිගත නොහැක. සාමාන්‍යයෙන් "වාත" අමාරු යනු මේ වයස් ගත වීම නිසා උද්ගත වන ශාරීරික අපහසු තාවයයි. මේ සඳහා අපේ සාමාන්‍ය ගැමියා ගතානුගතික ලෙස සිංහල බෙහෙතක් පාවිච්චියෙන් ශාරීරික අපහසුතා සුව කර ගනියි. විශාල වශයෙන් මුදල් විය පැහැදම් කර ලබන "කෙටි තරංග ප්‍රතිකාරයත්" උණු අළු වලින් තැවීමත් අතර වෙනසක් නොමැත. මේ සඳහා නොයෙක් වර්ගයේ බටහිර බෙහෙත් වර්ගද ( ibuprofen, sulindac, diclofenac ආදී වශයෙන්) ඇත. මේ සෑම බෙහෙතකම ආමාශය කා දමන ගතියක්ද, වකුගඩු විනාශ කරන ගතියක්ද ඇත. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුය. මේ රෝගයක්ද? නැත්හොත් වයස්ගත වීමේදී ශරීරයට සිදුවන වෙනස් කමක්ද යනු ඔබ විසින්ම තෝරා ගත යුතුය. කෙසේ වුවද, ඔබේ අදහස් දැන ගැනීම මට අත්‍යාවශ්‍යය. ඒ නිසා අදහස් කරුණාකර ලියා තබන්න.

20 comments:

ශාකුන්තල | Shaakunthala said...

මම නම් හිතන්නේ ඕක බහු ජාතික සමාගම් වලට කඩේ යන අමන වෛද්‍යවරු නිර්මාණය කළ රෝගයක් කියල. කිරිපිටි සමාගම් වලින් ඔවුන් ලවා වෛද්‍ය විද්‍යාව පිළිබඳ කිසිත් නොදන්න අසරණ මිනිස්සුන්ව විකුණගෙන කන්නෙ කිසිම සදාචාරයක් නැති පෙරේතයො වගේ.
බොහෝ දෙනා මේ දේවල් දන්නෙ නෑ. බොහෝ අය දැනුවත් නැති තව එක් මාතෘකාවක් ඖෂධ මාෆියාව. මේ දේවල් ගැන දැනුවත් කිරීම් ඉදිරියටත් කරන්න පුළුවන් නම් ඔබතුමාට බොහෝ පින්.

පසන් හෙට්ටිආරච්චි (Pasan Hettiarachchi) said...

මේ දිනවල Osteoporosis නැමැති තවත් ලෙඩක් ගැනත්ට ගජරාමෙට මිනිස්සු දැනුවත් (නොදැනුවත්?) කරනවා රූපවාහිනියේ කිරිපිටි සමාගම් වලින්. මේකත් මේ Osteo arthritis වගේ එකක්මද?

Danishka said...

@ ශකුන්තල: මටත් හැගෙන්නේ එහෙම දෙයක්.

අනිත් එක තමයි, බැංකු. ඔවුන් ප්‍රචාරණ වලදි බැංකු කාඩ් පත ළමයින්ට ආබරණයක් කරනවා.
එහෙම උනාම නැති බැරි ළමයි මොකද කරන්නේ??

තවත් දෙයක්,
පසුගිය කාලයේ ස්වර්ණවාහිනියෙන් මගේ විවි; යාලුවෝ දෙනෙක්ම අස්තා කිහිපයකදි අදාල සමාගම් නියෝජනය කරමින් රූප ලාවන්‍ය වැඩසටහන් දෙකකට ඇවිත් තිබුනා.

දෙන්නම කළේ පෝෂණ උපාධි පාඨමාලව (දෙදෙනා වෙන වෙනම වැඩසටහන් දෙකක හිටියේ)

මිතුරා ගේ හිසේ කෙස් ප්‍රමාණය අවමයි, කෙස් ගස් ගණන් කිරීමත් පහසුයි, නමුත් ඔහු ආවේ කාන්තාවන්ගේ කෙස් සඳහා පෝශනීය බෙහෙතක් ගැන කතා කරන්න. :)

ඔය වගේම රක්‍ෂණ ආයතනත් හූරන් කනවා.

Unknown said...

Osteoarthritis (OA), which is also known as osteoarthrosis or degenerative joint disease (DJD), is a progressive disorder of the joints caused by gradual loss of cartilage and resulting in the development of bony spurs and cysts at the margins of the joints.

there are mainly two types:

1. Primary osteoarthritis is mostly related to aging. With aging, the water content of the cartilage increases, and the protein makeup of cartilage degenerates. Eventually, cartilage begins to degenerate by flaking or forming tiny crevasses. In advanced cases, there is a total loss of cartilage cushion between the bones of the joints. Repetitive use of the worn joints over the years can irritate and inflame the cartilage, causing joint pain and swelling. Loss of the cartilage cushion causes friction between the bones, leading to pain and limitation of joint mobility. Inflammation of the cartilage can also stimulate new bone outgrowths (spurs, also referred to as osteophytes) to form around the joints. Osteoarthritis occasionally can develop in multiple members of the same family, implying a hereditary (genetic) basis for this condition.

2. Secondary osteoarthritis is caused by another disease or condition. Conditions that can lead to secondary osteoarthritis include obesity, repeated trauma or surgery to the joint structures, abnormal joints at birth (congenital abnormalities), gout, diabetes, and other hormone disorders.
(Crystal deposits in the cartilage can cause cartilage degeneration and osteoarthritis. Uric acid crystals cause arthritis in gout, while calcium pyrophosphate crystals cause arthritis in pseudogout.)

Osteoarthritis At A Glance

* Osteoarthritis is a joint inflammation that results from cartilage degeneration.
* Osteoarthritis can be caused by aging, heredity, and injury from trauma or disease.
* The most common symptom of osteoarthritis is pain in the affected joint(s) after repetitive use.
* There is no blood test for the diagnosis of osteoarthritis.
* The goal of treatment in osteoarthritis is to reduce joint pain and inflammation while improving and maintaining joint function.


[from : http://www.medicinenet.com ]

සරත් ගුණතුංග said...

@ශාකුන්තල - පුලුවන් දෙයක් කරල දෙන්නම්.
@ප්‍රසාන් - ඕකත් එක්තරා තක්කඩි වැඩක්. සල්ලි ගරන්න කියාපු වැඩේ. ඔන්න බලන්න ඊළඟට එනවා bone density measurement scan කියල ස්කෑන් ජාතියක්. අපි ඔක්කොම දන්නවා වයසට යන්න යන්න ඇට කටුත් වයසට යන බව. ඒකට තමා ඔය නම දාගෙන ඉන්නෙ. ඕව එහෙම තියෙද්දි ඒගොල්ල කියන්න හදන්නෙ osteoporosis හින්ද වැටුනොත් ඇට කඩෙනව කියල. එහෙම කියල fosamax කියල මහා ගනන් බෙහෙතක් අලවි කරනවා වෙද කම හැටියට.. bone density scan එකකට කීයක් ගහයිද දන්නෙ නැහැ. වැඩේ තියෙන්නෙ දොස්තර මහත්තය කිව්වම අපේ මිනිස්සු ඒක පිලිගන්නවා. අවාසනාවකට තියෙන්නෙ දොස්තර මහ්ත්තය කියන ඔක්කොම සත්‍යයත් නෙවෙයි. osteoporosis කියන්නෙ ලෙඩක් නෙවෙයි. ශරීරයේ ඇට වල තියෙන එක්තරා තත්වයක්. ඇට අන්වීක්ෂණයෙකින් බැලුවම පෙනෙන්නේ සිලින්ඩරාකාර එකක් වටා එකක් ගෙතුනු සිලින්ඩර. මේ සිලින්ඩර වල බැඳිල තියෙන කල්සියම් ලවන. මේ ලවන වලින් තමයි සවි ශක්තිය ඇට වලට ලැබිල තියෙන්නෙ. වයසට යන කොට මොකද වෙන්නෙ? මේ ලවන වල සාන්ද්‍රණය (concentration -මම පාවිච්චි කරපු වචනය හරිද දන්නෙ නැහැ, අවුරුදු 50 කට පස්සෙ ඒ වචනෙ එලියට ආවේ) අඩු වෙනවා. ඒ බව අර ස්කෑන් එකට අහු වෙනවා. එහෙම අඩු වෙන්නෙ වයසට යන හින්දා, ලෙඩකට නෙවෙයි. දැන් බලන්න, ඔය ගොල්ලන්ගෙ දෙමව්පියො, සීයල එහෙම ඔය ලෙඩවල් තිබුනද? මොනවද කෑවෙ බිව්වෙ? ඔන්න ඕව තමයි අපි තර්ක වශයෙන් අපිටම ඉදිරිපත් කරල විසඳගන්න ඕන.

මම දිගටම මේ සංසදයට ලියනවා.

සරත් ගුණතුංග said...

Dear Sweetupooh, for the ordinary person the cause of the problem, the pathology and other data are immaterial. They are concerned only with "what could be done for the releif of it".

Unknown said...

Degerative joint disease:

A chronic joint disease characterized pathologically by degeneration of articular cartilage and hypertrophy of bone, clinically by pain on activity which subsides with rest. Also known as degenerative arthritis; hypertrophic arthritis; osteoarthritis; senescent arthritis.

degenerative යනු "පිරිහෙන" යන තේරුමයි. ශරීරාවයවක ක්‍රියාකාරීත්වය පිරිහෙන්නේ වයසට යද්දිම විතරද... සිරුරට අවශ්‍ය පෝෂක, ඛනිජ නොලැබෙද්දිත් මෙම තත්වය ඇති වෙනවා...
ඌනතා රෝග යනුවෙන් අප හඳුන්වන්නේ මොනවාද... යම් සිරුරට අවශ්‍ය ඛනිජයක්‌/පෝෂකයක්‌ නොලැබී යාමෙන් ඇතිවන තත්වයක්‌ නේද... වයසට යනවිට විවිධ ජීර්ණ අපහසුතා නිසා සිරුරට අවශ්‍ය ඛනිජ අවශෝෂණය නොවීමෙන් මෙන්ම, වයස්‌ බේධයකින් තොරව, වුවද මෙවන් තත්ව අතිවිය හැකියි.

p.s:-

what do you call a disease-රෝගය?

*Disease is a term for any condition that impairs the normal functioning of an organism or body.
*A pathological condition of a part, organ, or system of an organism resulting from various causes, such as infection, genetic defect, or environmental stress, and characterized by an identifiable group of signs or symptoms.

Unknown said...
This comment has been removed by the author.
සරත් ගුණතුංග said...

Dear SweetPooh
I am not here to have an argument about medical definitions, or to have a pathology lesson. I am writing to this column to educate the public on matters, in a way they can understand. I am trying to enlighten the ordinary person to understand the "disease" from what is "illness". I know you are talking about the "disease" in a scientific point of view. I am talking about the "illness" aspect of common misconceptions. There is a big difference between the "disease" and "illness" just like I tried to explain in one of my previous writings.

Unknown said...

True, the ordinary person (srilankan) doesnt care about the pathology and stuff!
but i would really like to know, why the word "disease" has got a definition like that, and why the physicians define osteoarthritis, as a disease, if its not a disease!
well... i agree with that, "osteoporosis කියන්නෙ ලෙඩක් නෙවෙයි" but then, why its being described in the pathology book?
its because its a pathological condition of the body, right?
well... I'm miserable!

Unknown said...

please explain me, I'm not arguing either... :D

සරත් ගුණතුංග said...

Just because it is described in the pathology book you cannot call it pathological condition. In osteoarthritis where is the inflammation? There is no inflammation and it is purely a degenerative condition which occurs mostly due to aging. Please do not run down the Sri Lankans - every where in the world the ordinary person is not dumb, they do not want to know the details like the doctors do. They are concerned about the practical aspect. Opinions differ. I had been an examiner to the Royal New Zealand College of General Practitioners, and an external examiner for the masters degrees in health sciences for the University of Otago. Osteoarthritis is a degenerative condition and not considered a disease. For the patient what does it matter? The patient wants releif from it. what I was trying to say in the article was to get releif with minimum expenditure for this condition.

Unknown said...

yep! thanx 4 ur explanation! :)

Unknown said...

and nope! sorry if i've said something wrong! and i never say Srilankans are dumb! but what i think is, that's how our education system has trained us!

jayantha colombage said...

කායික රෝග වල නම්ගොත් පිලිබද මා සතු දැනුමක් නැත. මා දන්නා එකම දෙය නම් මේ කය
පඨවි ආපෝ තේජෝ වායු යන මූලධාතු වලින් සකස් වූවක් බවය. සරත් මහත්මයා මතු කරන කාරණය හරවත්ය. සරත් මහත්මයා අදහස් කරන්නේ මේ විවිධ නම් ගොත් යොදා නිර්වචනය කිරීමට අදහස් කරන්නේ අනිත්‍යය ස්වභාය නේද යන පැනයයි. ඔබතුමා යථාර්ථය දැකීම නිසා ඒ ලෙස ප්‍රකාශ කිරීම ප්‍රශංසනීයයි. හේතුවකින් හටගත් යමක් ඇද්ද එය ඒ හේතුව නිරුද්ධවීමෙන් නැසී වැනසී යයි.පවත්නා කාලය තුල විපරිනාමය වෙයි. මේ විපරිනාමය තමයි රුපියල් ශත ලෝකය විසින් නම්ගොත් වලින් සරසවන්නේ. යථාර්ථය දකින ඔබට යථාභූත ඥාණය
පහලවේවා.

malee_msg said...

අ‍නේ මන්දා දොස්තර මාමේ/සීයේ ;)ලෙඩක් හැදුනම දරාගෙන ඉන්නම බැරි නම් ගිහිං බෙහෙ‍තක් ගන්නවා ඇරෙන්න මම ඕව්වා ගැන වැඩිය දන්නේ නෑ.. හැබැයි ඉතිං ටීවී වල නම් යන තරමක් ආහාර වල වෙළද දැන්වීම් යන්නේ එක එක ලෙඩ වලට හොදයි කියලා තමයි. ඒ ඇරුණම උදේට ටීවී එකේ යන කාන්තා වැඩ සටහන් වලත් එක එක විටමින් ඒවාද මේවද ගැන ‍සෑහෙන්න කථා වෙනවා..ඒවා නැතුව අපිට ජීවත් වෙන්න බැරි තත්වෙට පත් කරලා...අනේ මන්දා ඉතිං මං නම් තුන් වේල කාලා ඉන්නවා..බලමු කොයි කාලයක් මෙහෙම ඉන්න පුළුවන්ද කියලා.. බැරි උනොත් වැඩියෙන්ම වෙන්නේ මැරෙන එකනේ... ඒකත් ගැටළුවක් නෑ අප්පා..කවදාම හරි වෙන දේනේ...

මේ වගේ ලිපි ලියන්න... අපිට අද නැති නම් හෙට වත් මේවා ගොඩක් ව‍ටීවි!

සරත් ගුණතුංග said...

කොලඹගේ මහත්මයා ඔබ සම්පූර්ණයෙන්ම හරි. සත්‍යය රැඳී ඇත්තේ අනිත්‍යය මතය. "හට ගැනීමක් පෙනෙයි. වැනසීමක්ද පෙනෙයි. ඒ අතරතුර වෙනස්වෙවී පැවතීමක්ද පෙනෙයි." ඔය වෙනස් වෙවී ඇතිවන පැවතීම තමා අපි විකාර කරන්නෙ. මම හැම තිස්සෙම මතක් කරන්නෙ බුදුන් වහන්සේ පටාචාරා නිරුවතින් මියගිය දරුව වඩාගෙන ආවම සලකපු හැටි. උන්වහන්සේ ඒ තැනැත්තියගේ මානසිකත්වයට අනුව ඒ කියන්නෙ ඒ තැනැත්තියට තේරෙන අන්දමට යථාර්තය වටහා දෙන්න තමයි අබ ඇටයක් ගේන්න කිව්වෙ මරණයක් නොවුන ගෙදරකින්. නැතුව prozac දුන්නද? citalopram දුන්නද? ECT දෙන්න ඕන කිව්වද? අයෙත් සුමානෙකින් එන්න කිව්වද? නැහැනේ. මියගිය දරුව සොහොනේ දමල, මරණය හැමෝටම පොදුය යන මතයට එළඹුනාට පස්සෙ තමයි ආපහු බුදු හාමුදුරුවො ලඟට ගියේ. ඒ යන කොට "යකඩෙ හොඳට රත්වෙලා". ඒ කියන්නෙ දෙන අවවාද අනුසාශනා ඔක්කොම කිසි කරදරයක් නොමැතිව සිත ඇතුලට යනව. ඊට පස්සෙ බුදුන් වහන්සේ කියන දේවල් සිතට කාවැදිල සිත දියුනු කරල රහත් වුනා.

අපේ දොස්තර මහත්වරු නෝනල ඒ උත්තමයගෙන් ඉගෙන ගන්න ඕන කාගෙ හරි සිතට දැනෙන්න වැඩ කරන හැටි, "වෙද හමුවක්" තුල ඇති මානසිකත්වය.. . මේවා අයිති වෛද්‍ය ශාස්ත්‍රය උගන්වන ආයතනවලට.

සරත් ගුණතුංග said...

@ මලී, මට කොහොම කිව්වත් කමක් නැහැ. අපේ මානව සන්නිවේදනය විඤ්ඤාණය හරහා පමනයි. රූපය පේන්නෙ නැහැ නේ. විඤ්ඤාණය වයසට යන්නෙ නැහැ, ඒක දන්නවද? "මම" කියන මේ පංචස්කන්ධය කඩා වැටුනම, ඔය විඤ්ඤාණයෙ කොටසක් 'මම' අරගෙන යන්නයි බලාපොරොත්තුව. අනේ දුව තුන්වේල හොඳට කාල ඉන්නව නම් ඔය විටමින් ජාති ගත්තට වැඩක් නැහැ. ඔයා මුත්‍රා කරන කොට ඒව ඔක්කොම ශරීරයෙන් පිටවෙලා යනව. හොඳට ආහාර ගන්න කෙනෙකුට අතිරේක විටමින් ගන්න ඕන නැහැ, නිකම් සල්ලි වියදම් වෙනව විතරයි. බුදු සරණයි

Bo said...

රෝගය සහ ආබාධය, රෝගාබාධ මේ වචන වල පටලැවිල්ල ගැනනම් අදහසක් ඉදිරිපත් කරන්න මටනම් තේරෙන්නේ නෑ. සාමාන්‍ය වයිරස් හෙම්බිරිස්සාවකටත් උගුරේ අමාරුවටත්, antibiotic ප්‍රතිකාර ලියන පිරිස් වැඩි නිසා ඒ ගැන මොනවත්ම ලියන්න හිතෙන්නේ නෑ, ඒත් පොදුවේ ගත් කල ආබාධ සහිත සියල්ලන් රෝගීන් නෙමෙයි. වයසට යෑම රෝගයක් නෙමෙයි. ලංකාවේ ඖෂධ කොම්පැණි වලට අනුව නටන රූකඩ බවට පත්වෙච්ච, දොස්තරලයි, සිනමා නිලියොයි නිසා අද වැඩියෙන් ඔස්ටියෝපොරෝසි ගැනනම් කතාබහ කෙරෙනවා. කැල්සානා ටැබ්ලට් වෛද්‍ය නියමයකින් තොරව පවා ගිලින්න සමහරු පෙළඹිලා. අන්තිමට ශරීරයට දරාගත නොහැකි තරම්, කැල්සියම් වැඩි වෙලා, ඒවා වෙනත් හංදිවල තැන්පත් වූ අවස්ථා මම දැක ඇත්තෙමි.මගේ මතය ලිවීමට තරම් මම දැනුම් පූර්ණ කෙනෙක් නොවෙමි. එහෙත් යතාර්ථය පැහැදිලිය එනම්, වයස්ගත වන විට ශරීරයේ ඇතැම් දේ දිරාපත් වනවා. නමුත් අද සමාජයේ වයස්ගත වීම දරාගන්න තරම් මිනිස්සුන්ට හැකියාවක් නෑ.

ආගන්තුකයා | Stranger said...

මාකටින් යුගයක අම්මා තාත්තව Market කරලා හරි කඳ බඩ වඩා ගන්න උන්ගෙන් වෙන මොනා කියලා බලාපොරොත්තු වෙන්නද..? සරත් මහත්තයා මෙහෙ TV වැඩසටහන් දැක්කනම් එපාවෙනවා... සල්ලි වෙනුවෙන් මිනිස්සු ඕනි දෙයක් කරයි... තාම මට ඔය ගැන තියෙන්නෙ කලකිරීමක්... එක අතකට වැරැද්දකුත් නෑ... අද ලංකාවේ සල්ලි නැත්නම් කිසි දෙයක් කරගන්න බෑ....