Tuesday, November 4, 2008

බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම -එය මෙසේ සිදු වූ වගයි

වාර්තා ගත වූ බ-චෙල් ගිවිසුමේ අවසානය පිලිබඳව සත්‍ය සිද්ධීන් මේ සමග අමුණා ඇත. ෆෙඩරලුන් නිසා ඉරූ බව කිවුවත්, තම පක්ෂයේම සිටි විරුද්ධ වාදීන් නිසා ගිවිසුම ඉරා දැමූ බව මෙයින් හොඳින් පැහැදිලි වේ. තවද, මේ සමගම ජේ ආර් ඇතුලු විරුද්ධවාදීන් මහනුවරට පා ගමනක් ආරම්භ කලේ, මේ ගිවිසුම උතුර හා නැගෙනහිර බෙදා වෙන්කොට ද්‍රවිඩයන්ට පාවා දෙන බවට පතුරවමිනි. ටැමිල්නේෂන් වෙබ් අඩවියේ ඒ පිලිබඳව මෙසේ සඳහන්ව ඇත "ඉතාලි ජාතික කෛරාටික මාකියවේලි සේ ජේ ආර්, නැවත වරක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය විය හැකිව තිබුණ අවස්ථාවක් මේ රටට අහිමි කලේය."
ඔන්න ඔහොමයි වුනේ. මේක හොයන්න බොහොම මහන්සි උනා.

2 comments:

budhajeewa said...

ඒ දින වල තිබුනු සමාජ වටපිටාව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ද ? ජනනතාව ඒ ගිවිසුම ගැන මොකක්ද දරපු අදහස. කොටින්ම කිවුවොත් මොකක්දස මේ බ-චෙල් ගිවිසුම ?

Kasun said...

ස්තූතියි!
මේ මොහොතේ වෙන කියන්නට දෙයක් හිතාගන්න බැහැ.
මේ අතීත සිදුවීම් යලි ගොඩ ‍ගොන ඒවා විමර්ෂනය කරන එක මේ මොහොතේ අතිශයින්ම වැදගත්. යහපත් හෙට දවසක් ගොඩනැගීම වෙනුවෙන් ඉන් අපට බොහෝ පාඩම් කියාදෙනු ඇති.