Wednesday, November 26, 2008

විමසීම 1

ලොව ජීවත් වන බොහෝ දෙනා අද වන විට වෛද්‍යවරු ගැන කලකිරී ඇත. සමහරු වෛද්‍ය වරුන්ට විරුද්ධව නීති මගින් ක්‍රියා කිරීමටද සමහරු පියවර ගෙන ඇත. සමහරු බලාපොරොත්තු නොවූ අකරතැබ්බවලට මුහුන දී ඇත. වෛද්‍යවරුද නොයෙක් නොයෙක් මාදිලියේ මාර්ගෝපාය මගින් එල්ලවන ප්‍රහාර වලට මුහුන දීමට සූදානම් වී ඇත. මෙහි කෙලවර කුමකින් කුමක් වේදැයි සිතාගත නොහැකි තරම්ය. නමුත් එකක් පැහැදිලිය. වෛද්‍ය - රෝගී අතර විශ්වාසය සී සී කඩව් ගොස් ඇත. 19 වැනිසිය වස අග භාගයේදී සහ 20 වැනි සිය වස මුල භාගයේදී සිදුවූ විද්‍යාත්මක වෙනස්කම් අනුව වෛද්‍ය විද්‍යාව ශීඝ්‍රයෙන් පෙරට පැමිනියේය. * x රේ කිරණ මඟින් ශරීර අභ්‍යන්තරය විමර්ශනය කිරීම නිසා නියත වශයෙන් රෝගය හඳුනා ගැනීම * නවීන ඖෂධ වර්ග වලින් රෝග සුව කිරීම *ශල්‍ය වෛද්‍ය ක්‍රම වල දියුනුව ආදී වශයෙන් වෛද්‍ය වරුන්ගේ බලය සමාජය තුල වර්ධනය විය මෙහි ප්‍රතිඵලය වූයේ සමාජයීය වශයෙන් වෛද්‍යවරු අනෙක් උගතුන් ගෙන් වෙන් වී "උසස්" සමාජයක් බිහි කිරීමයි. වෛද්‍යවරුන්ද ඒ සමාජයේම හිඳගෙන සිය වලිගයේ වරුන කියා පාමින් සිටිනු විනා සාමාන්‍ය ජනී ජනයා අතරට පිවිසීමට මැලිවූහ. අද පවා වෛද්‍ය සම්මේලනයකට සහභාගි වුවහොත් මෙය දැකිය හැක. සිංහයින් සමීපයෙන් හයීනාවන් කරකැවෙන්නා සේ බෙහෙත් සමාගම් කාරයෝද පන්දම් අල්ලා ගෙන 'පගා දීගෙන' ඒ කිට්ටුවම සිටිති. ඔවුන් ගෙනා වටිනා පූජා භාණ්ඩ වෛද්‍ය වරුන්ට පූජා කරති. වෛද්‍යවරුද බොහෝ විට එය පිලිකුල් නොකරති. අවසානයේ "මම ඔබේ පිට කසන්නම්, ඔබ මගේ පිට කසන්න" යන තත්වයකට පත් වෙති. අවසානයේ මේ 'වෛද්‍ය-ඖෂධ' සංයුක්තයෝගයේ බිල ගෙවන්නේ කවුද? අහිංසක රෝගීන්මය. 20 වැනි ශත් වර්ශයේ මුල් කාලයේ ඇමෙරිකාවේ එක්තරා චර්මරෝග විශේෂඥයෙක් 'වැඩියෙන්' කථාකල කාන්තාවකට කම්මුල් පහරක් දුන් බවක් ඉතිහාසයේ සඳහන් වී ඇත. ඇමෙරිකාව වැනි රටක පවා වෛද්‍යවරයෙකුට තුබූ සමාජයීය බලය ඉන් පැහැදිලිය. අපේ රට ඊට වසර පනහක් හැටක් පසු පසය. මා වෛද්‍ය ශිෂ්‍යයෙක්ව සිටියදී උත්පත්තියෙන් බෞද්ධ වෛද්‍යවරු වාට්ටු වල සිටි කුඩා සාමනේරවරුන්ට "හාමුදුරු කොල්ලා" යනුවෙන් අමතනු මා අසා ඇත. කට අරින්න නොව කට ඇරපන් කියනු මා අසා ඇත. වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ දැනුම වෙළඳ භාණ්ඩයක් සේ අලෙවි කිරීමටද කටයුතු සැලසුණේය. මේ මගින් මුදල් ඉපැයීමට අවස්ථාවක්ද ලැබී ඇත. මුදල් බලයත්, සමාජයීය තත්වයත් බිහි කලේ අමුතුම සත්වයෙකි. මේ අතර දෙවි දේවතාවුන් වැනි මිනිස් කමේ සංකේත අසරණ රෝගීන්ගේ වාසනාවකට බිහි වෙමින් පවතී. සාමාන්‍ය මධ්‍යම පංති වල පවුල් වලින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට යන දරුවන් පවා අවාසනාවකට මේ සමාජ රෝගයට ගොදුරු වෙති. තව කොටසක් තව කිහිප දිනකින්...................

6 comments:

ශාකුන්තල | Shaakunthala said...

මම මේ වෙනකන් හිතාගෙන හිටියෙ මේ තත්වය තියෙන්නෙ ලංකාවෙ විතරයි කියල. වෛද්‍ය පීඨයෙ උගන්වන්නෙ මොනවද කියල මම දන්නෙ නෑ. සුදුසු ආචාරධර්ම පද්ධතියක් මුල සිටම ගෙන යා යුතුයි කියලයි හිතෙන්නෙ.

මහාචාර්ය සේනක බිබිලේ කියන්නෙ වෛද්‍යවරුන් අතර දේවත්වයෙන් පිදිය යුතු කෙනෙක්. ඖෂධ ගැන කිව්වාම මට එතුමා මතක් වුණා.

said...

Well said, great Post!

I have tons to write on SL docs, to assert what's given here. I should write it as time permits.

Thanks for revealing this truth!

-Cheers
TW

සරත් ගුණතුංග said...

@tyronne
I wwould be most thankful to you if you can send me the incidients with regard to SL docs. I dont wont to know their names, but the incidents only. Then I can inform the public in Sinhala.

Sarath.Gunatunga01@gmail.com

නිලන්ත පියසිරි said...

තමන්ට ලැබෙන සිවිල් බලය වැරදි ලෙස භාවිත කරන බොහෝ පිරිස් අතර වෛද්‍යවරු කිහිප දෙනෙකු ද වෙති.

malee_msg said...

නිලන්ත හරි.වෛද්‍ය වරු විතරක් නෙවෙයි හැම වෘතියකම ඉන්නවා තමන්‍ගේ බලය අනවශ්‍ය විදියට පාවිච්චි කරන අය... ඒ අතුරින් වෛද්‍ය වරු සුවිශේෂී වෙන්නේ ඔවුන් අන් අයට වඩා අසරණ මිනිසුන්ට පිහිට වීමට සිටින අය නිසයි. හැමදේනාම පුළුවන් නම් "51වාට්ටුව" පොත හොයාගෙන කියවන්න.

djmlog103 said...

මට මේක කියවද්දි පොඩි ප්‍රශ්නයක් මතු වුනා, ඔබ කියන ආකාරයට විද්‍යාවේ දියුණුවත් සමග වෛද්‍ය විද්‍යාවට අලුත් උපකරණ එකතු වුනා. X-Ray, Cat Scan, Robotic surgery වැනි දේවල් නිසා මිනිස් ජීවිත බොහෝ ගනනක් දැන් බේරෙනවා. නමුත් මෙම සංකල්ප වෛද්‍යවරුන් විසින් සොයා ගත්තක් නොවේ. විවිධ විද්‍යාඳයින්, පරිගණක ඉංජිනේරුවන්ගේ නිර්මාණයි. මෙම උපකරණ නිපදවන, ඒවාට මෘදුකාංග නිර්මාණය කරන අය ගැන කතා නොකෙරෙන්නේ ඇයි? වෛද්‍යවරුන් පමණක් මේවා නිසා උසස් තත්වයකට පත්වන්නෙ ඇයි? :)
දිලුප...