Wednesday, October 29, 2008

භවයෙන් භවයට යන මානසික රෝග....

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පුනරුත්පත්තිය, භවයෙන් භවයට යන රෝග යනාදිය සුරංගනා කථා ගනයෙහි ලා සලකනු ලැබේ. එක අතකින් ඒ ඔවුන්ගේ ආගමික පරිසරය නිසා විය හැකිය. ඔවුන් කිතුනු භක්තිකයෝ වන්නාහුය. බටහිර වෛද්‍ය වරු 'පුණරුත්පත්තියක් නොමත' යන මතයෙහි එල්බ ගෙන සිටිති. දැනගත්තත් එම මතය වෙනස් කිරීමට මැලි වෙති. ඒ ඔවුන් වෘත්තීය වශයෙන් කොන් වේයයි යනු බියෙනි. නවීන කිතුනු ආගම පුණරුත්පත්තිය පිලිකෙව් කරයි. (මේ සටහන ආගම් විවේචනයක් නොවන බව කරුනාවෙන් සලකන්න.) නමුත් සය වැනි සිය වසේදී කොන්ස්තන්තිනෝපල් නුවරදී පුණරුත්පත්තිය පිළිබඳව වූ ලියවිලි බයිබලයෙන් ඉවත් කල බවට ඉතිහාසය සාක්ෂි දරයි. මෙවන් පරිසරයක පුණරුත්පත්තිය වැනි මාතෘකාවක් වෛද්‍ය වෘත්තීමය කරලියට පැමිණීම සිදු නොවේ. නමුත් සත්‍යය සැමදාම සැඟවිය නොහැක. එය කවදා හෝ එලියට පැමිණිය යුතුය. පුණරුත්පත්තිය පිලිබඳ සත්‍යතාවය හෙලි වූයේ අහම්බෙනි, නමුත් සැඟවිය නොහැකි අන්දමට, පිලිගත යුතුම බවට සාක්ෂි සහිතව සත්‍යතාවය පිළිබිඹු විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ මියාමි ප්‍රාන්තයේ බ්‍රයන් වයිස් නමින් මනෝ විද්‍යා වෛද්‍ය මහාචාර්යවරයෙක් ඇත. මනෝ විද්‍යා පිලිබඳව හසල දැනුමක් ඇති එතුමා රෝගීන් මෝහනය කොට ඔවුන්ගේ මනස ඈත අතීතයට යවා නිදන් ගත මානසික රෝග පිලිබඳව සොයා බැලීමට හැකියාව ඇත්තෙකි. ඔහුගේ සායනය වෙත පැමිනුන දහසක් රෝගීන් අතුරෙන් කැතරින් නම් වූ 32 හැවිරිදි තරුණියක්ද විය. මෙම තරුණිය මෝහනයට භාජනය කොට අතීතයට ඇයගේ සිත යොමු කල මහාචාර්යවරයා, ඇය දුන් තොරතුරුවලින් ගල් ගැසී ගියේය. ඇය දුන් තොරතුරු දෙකොටසකට බෙදිය හැකි විය. එකක් මහා චාර්යවරයා පිලිබඳවය. එනම් මහාචාර්යවරයාගේ මියගිය පියා සහ ඔහුගේ මිය ගිය බිලිඳු පුතා ගැනය. මේ බිලිඳාට උත්පතියෙන් විකෘති වූ හදවතක් පිහිටා ඇත. ඒ හදවත් විකෘතියෙන්ම ඔහු මිය ගියේය. මේ බිලිඳා ගැන සහ තම පියා ගැන මහාචාර්යවරයා හැර අන් කිසිවෙක් දැන සිටියේ නැත. මේ මානසික ආතතියකින් දරුනුව පෙලෙන කැතරින් හෙලි කල මේ කරුන මහාචාර්යවරයාට මහ පුදුම එලවන ප්‍රහේලිකාවක් විය. ඇය මෝහනයේ පසු වෙද්දීම ඒ බව කෙසේ දැන් ගත්තේදැයි ඇසූ විට එය දැනගත්තේ 'මාස්ටර්ස්' මගින් යයි ඇය හෙලි කලාය. මාස්ටර් වරු වශයෙන් හැඳින්වූයේ වෙනත් ජීවීන් කොටසක් බැව් මහචාර්යතුමාගේ මතයයි. (highly evolved beings) තවද ඇය ව්ශී කරනයෙන්ම අවුරුදු 4000 ක් ඈත අතීතයට පිවිසියාය. ඇය ගත කල ජීවිතයත් ඈ සිටි ප්‍රදේශය ගැනත් විස්තර නිවැරදිව ඇයට ප්‍රකාශ කිරීමට හැකිවිය. ඇය ක්‍රමයෙන් ඊට මෑත කලයකට යොමු කල මහාචාර්යවරයාට අසන්නට ලැබුනේ ඇඟ කිලිපොලා යන වදන් පෙලකි. භව ගනනාවකම ඇගේම සැමියා (එකම පුද්ගලයා) ඇයගේ ගෙල කපා ඇය මරා දමා ඇති බව ඇය හෙලි කලාය. ඉන් ඇති වූ මානසික බලපෑම ආතතියක්ව මේ භවයටත් බලපා ඇති බව තේරුම් ගැනීමට මහාචාර්යවරයාට වැඩි වේලාවක් නොගියේය. ඇයට දෙන ලද ඖෂධ වලින් සුව නොවී භව ගනන් තුබූ මේ දරුනු ආතතිය වදන් පෙලෙකින් (regression therapy) සුව කිරීමට මේ මහාචාර්යවරයාට හැකි විය. ඉන් පසු කැතරින්ට ඖෂධ අවශ්‍ය නොවූයේය. එහෙත් නිතර නිතර තමා සුව කල වෛද්‍ය වරයා හමුවට එනලෙස ඇයට පැවසුවේ නව පිටුවක් මනෝ වෛද්‍ය විද්‍යාවට එක් කරමින්ය. මනෝ වෛද්‍යවිද්‍යාවේ මහා පෙරලියක් ඇති කල මේ සිද්ධිය ග්‍රන්ථයක් වශයෙන් පසු කලෙක ප්‍රසිද්ධ කොට ඇත. ( Many Lives Many Masters - Brian L Weiss MD) ඉන් පසු දහස් ගනන් රෝගීන්ගේ පෙර භව වල සිට රැගෙන එන නිදන් ගත මානසික රෝග සුව වී ඇත. වැඩි විස්තර දැන් ගැනීමට මේ වෙබ් අඩවිය බලන්න. http://www.brianweiss.com/

5 comments:

Kanch said...

Mamath me mathrukawata harima kamathi...e gana liyawunu poth man kiyanawa.. me thorathuru hari pudumakarai...
sthuthi obathumata...

චතුර විජේකෝන් said...

කර්ම ලෙසත් මානසික පුරුදු ලෙසත් අපි භවයෙන් භවයට බොහෝ දේ අරගෙන යනවා කියලා බුදු දහමේ පෙන්වා දෙනවා. මට හිතෙන විදිහට මානසික රෝග කියන්නේ වැරදි නොහොත් විකෘති මානසික පුරුදු. ඔබ තුමා ඔය දක්වලා තියෙන්නේ පුනර්භවය පිලි නොගන්නා මහත්තුරු විසින්ම පුනර්භව සංකල්පය ඇත්තක් කියලා ඔප්පු කරපු අවස්ථාවක් මයෙ හිතේ...

වැදගත් සටහනට තුති...

** ලිපිය කියවීමට ටිකක් අමාරුයි. අකුරු එක ගොඩේ හිංදා. පුළුවන්නම් ටිකක් වැඩි පුර ඡේද වෙන් කරලා ඡේද අතර හොඳ පරතරයක් තියලා ලියන්න. එය කියවන්නට පහසුවක් වේවි...

Hishan de Silva said...

නදීගෙ ලිපිය කියවලයි මෙතනට ආවෙ. මේ වගේ පර්යේෂන ගැන කියවන්නත් ආසයි. මම කියවිය යුතු පොත් list එකට මේ පොතත් ලියා ගත්ත.

Unknown said...

මානසික රෝග නිට්ටාවට සුවකල හැකිද

සරත් ගුණතුංග said...

මානසික රෝග සුවකල හැකියි. නමුත් රෝග නිධානය හඳුනාගත යුතුයි. අභාවප්‍රාප්ත මහාචාර්ය හරිශ්චන්ද්‍ර මහතා භවයෙන් භවයට මාණසික රෝග යන බව පිලිගත් කෙනෙක්. ඒ වගේම බෞද්ධ අභිධර්මය තරම් මාණසික රෝග හටගන්නා හැටි කිසිකෙනෙක් විස්තර කරල නැහැ. බටහිර වෛද්‍ය ශාස්ත්‍රයට අනුව මානසික රෝග විස්තරය අසම්පූර්ණයි. මොලය තුල සියල්ල සිදුවන බවට බටහිර වෛද්‍ය ශාස්ත්‍රය උගන්වන්නෙ. සමහර මානසික විශේෂඥ යො මෙය වැරදි වුනත් ඔවුන්ගේ තරාතිරමට අකටයුත්තක් වේ යයි යන බිය නිසාම සහ්ද නැතිව ඉන්න බවයි මම හිතන්නෙ. භාවනාවෙන් වැඩෙන සුවය භාවනා කල අය්ගෙන්ම දැනගන්න ඕන.