Sunday, October 26, 2008

යට ගිය දවස - 2

අධිරාජ්‍යවාදීන් මේ රටට කල නස්පැත්තිය ඉතා විශාලයි. ඒකෙන් තවමත් රට ගොඩ ඇවිත් නැහැ. අපේ රටේ තිබුණු සෞභාග්‍යය සූරගෙන කාලා ඒ රට වල ඇති සංකර ගති මේ රටේ වැසියන්ට පුරුදු කරල මහා නස්පැත්තියක් කරල ගියේ. අපේ මිනිස්සුත් මේ සංකර ගති, බොහොම වෙලාවට හිස් මුදුනෙන් පිලිගත්තා. ඒ නගරාසන්නයේ පමණයි කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි. ගම් වල අය බොහොම දුරට සිංහල කම, සිංහල සිරිත් විරිත් රැක ගෙන හිටියා. නිදහස හම්බවෙලා අවුරුදු තුනක් විතර යනකොට, එතකොට හිටපු ජාති හිතෛශීන්, අධ්‍යාපන ක්ෂෙත්‍රයෙ පතාක යෝධයො ජාතික අධ්‍යාපන ක්‍රමයක් ගැන හිත යොමු කරන්න පටන් ගත්ත. ආනන්ද විද්‍යාලය මේ අතරින් පෙරමුණේ හිටියා. මේ ප්‍රයත්නවල ප්‍රතිඵලයක් වශයෙන් 1953 අවුරුද්දෙ හයවෙනි පන්තියෙ ඉඳල විද්‍යා විශයයන් සිංහලෙන් පටන් ගත්තා. දෛවෝපගත ලෙස මමත් ඒ අවුරුද්දෙම විද්‍යාව හදාරණ ශිෂ්‍යයෙක් හැටියට ආනන්දයට ඇතුලත් වුනා. එතකොට එක්තරා මානසික පර්යේශණයකට භාජනය වීමට යන බැටලුවෙක් කියල මට හීනෙකින්වත් හිතුනෙ නැහැ. අපේ විදුහල්පතිතුමා එල්. එච්. මෙත්තානන්ද මහත්මය. ලාංකික දේවල් ඉතා අගේ කොට සලකන, ජාති හිතෛෂි, නමුත් ජාති වාදී නොවන, (ඒ බව තරයේම කිව යුතුයි - මොකද පසු කාලීනව ජාති වාදියකු ලෙස මේ රත්තරන් මහත්මයා හංවඩු ගැහුනා)ලාංකික අධ්‍යාපන ක්ශෙත්‍රයට අගනා සේවයක් කල මහත්මයෙක්. මට ඒ බව කියන්න පුලුවන් ඒ මහත්මයගෙ ගෝලයෙක් හැටියට. සිංහලෙන් විද්‍යා විශයයන් කරන්න ගුරුවරු බොහොම ටික දෙනෙක් ඒ වන කොටත් පුහුනු වෙලා හිටිය. අපට දෛනික ප්‍රශ්න බොහොම තිබුනා. ලොකුම ප්‍රශ්නය තමයි පොත් නැති එක. වැඩේ පටන් ගත්තට හරි ප්ලෑන් එකක් තිබිල නැහැ. ඉස්කෝලෙන් ලියාගන්න සටහන් වල ආධාරයෙන් පමනක් අපි වැඩ කරගන්න පුරුදු වුනා. පස්සෙ පොත් ටික ටික එන්න පටන් ගත්තා. හුඟක් පොත් ලිව්වෙ එම්. ඩබ්ලිව්. කරුණානන්ද මහත්මය. පාසැල් ශිෂ්‍යයෙකුට අද තිබෙනෙ අභියෝග එදත් තිබුණා. පාසැලක් වුනාම නොයෙක් නොයෙක් තරාතිරම් වල ලමයි ඉන්නව. ඒ ලමයින්ගෙ ගෙදර පරිසරය පාසැල් ජීවිතයටත් බලපානව. මානසිකව සමහර ලමයි බොහොම අස්ථාවරයි. සමහරු එහෙම නැහැ. ඔය අතරෙ සමහරු ඉන්නව ඒ ගොල්ල අනිත් අයට වැඩිය ලොකුයි කියල හිතාගෙන ඉන්න අය. ඒ අය වැඩි දුර යන්නෙ නැහැ. ඉතින් ඉස්කෝලෙම ඉහල පන්ති වල සමහර ලමයි අපිට හිනැහුනා, ස්වභාෂා කියල.... අපට ඉංග්‍රිසි බැහැ කියල, නොයෙක් අභියෝග. පිට පාසැල් වලින් ඊට් වඩා වැඩියි. ඒ කාලෙ බටහිරට ගැති, සමහර උසස්යයි සම්මත පාසැල් වලින් අපි ඉංග්‍රිසි උච්චාරණය කරන විදියට හිහැහුනා. අභියෝග දිගට හරහට... මොනව කරන්නද? අපිත් ඉවසුවා. ඔය වගේ හත් වෙනි, අටවෙනි පන්ති වලටත් ගියා. සාමන්‍ය පෙල ප්‍රාථමික පන්තියට එන කොට පොත් නැති හිඟය තදින් දැනෙන්නට වුනා. පොත් නැති වුනාට අපේම මවු භාෂාවෙන් ඉගැන්වෙන නිසා කියදෙන දේවල් හොඳටම පැහදිලි වුනා. රේඛීය ප්‍රසාරණ සංගුණකය වගේ දේවල් විස්තර කරන්න ගුරුවරුන්ට එපමණ අටුවා ටීකා අවශ්‍ය වුනේ නැහැ. මෙතෙක් කල් සාමාන්‍ය විද්‍යාව හදාරපු අපිට, රසායන, භෞතික, උද්භිද, සත්ව යනුවෙන් තවත් වෙනස් වෙනස් විශයයන් ඇතිවුනා. එක අතකින් සා. පෙ. විභාගය, අනෙක් අතින් නින්දා අපහාස. දියතලාවෙ යුධ හමුදා සංකීර්ණයෙ පවත්වන කැඩෙට් කඳවුරේ වුන සිද්ධියක් මට තවම මතකයි. අපේ කණ්ඩායම ඉලක්ක වෙඩි තැබීමෙන් දිනා ගෙන කොට, කොලඹ ඉහල යයි සම්මත පාසැලක ශිෂ්‍යයෙක් කිව්වා, "must be real veddhas, shooting so well.. shooting in their whole lives" කියල. කොච්චර හොඳට කරත් සෑන්ඩස්ට් කැඩෙට් ශිෂ්‍යත්ව ආනන්දෙ ලමයින්ට ලැබුනෙ නෑ. එතකොට මෙත්තානන්ද මහත්මය ගිහින් අගමැති ඩඩ්ලි සේනානායකගෙන් ඇහැවුවා ආනන්දෙ ලමයින්ට තැනක් නැද්ද යුධ හමුදාවෙ කියල.. ඩඩ්ලි විස්තර අහල ඔක්කොම ගන්නම් කියල කිව්වා. ඒ ගිය එක්කෙනෙක් තමා හැමිල්ටන් වනසිංහ. අපිට තිබුණු අයිතිවාසිකම් පවා අධිරාජ්‍යවාදී ගැත්තන් විසින් වසන් කරපු සමයක් ඒක. ඒ කාලෙ මම හිතන්නෙ අධිරාජ්‍යවාදීන්ටත් වඩා අපිට හතුරු කම් කලේ එවුන්ගෙ ගැත්තො. ඒ කියන්නෙ අධිරාජ්‍යවාදියො මේ රටේ ඉන්න කොට ඒ ගොල්ලන්ගෙ වැඩ කරන්න හෙංචයියල ටිකක් හදා ගත්ත. ඒ අධිරාජ්‍යවාදී හෙංච්චයියල ඉගෙන ගත්තු ඉස්කෝල තමයි අපිට හරහට හිටියෙ. තව කොටසක් ටික දිනකින්......

3 comments:

kasun said...
This comment has been removed by the author.
kasun said...
This comment has been removed by the author.
kasun said...

ෆාන්ට්ස් ෆැනෝන් ලියපු 'මිහිතලේ අසරණයෝ' නම් පොතෙහි තියෙනවා ක්‍රමවත් ජාතික අරගලයකින් තොරව නිදහස ලබන යටත්විජිතවල අනාගත ඉරණම ගැන හොඳ පැහැදිලි කිරීමක්. අධිරාජ්‍යවාදීන්ගෙන් පසු උන්ගේ ගැත්තන් හා දේශිය ධනේෂ්වර පංතියේ හැසිරීම ගැන පැහැදිලි චිත්‍රයක් ඉන් පෙන්වා දෙනවා. ඒ නීරීක්ෂනයන් අනිවාර්්‍යයෙන්ම ලාංකීය සමාජය තුල සිදුවුනා අඩු වැඩි වශයෙන්.

quote: by 'මිහිතලේ අසරණයෝ' - ෆාන්ට්ස් ෆැනොන් (මාර්ග පරිවර්ථන 24)

"සමාජීය විප්ලවයක් තුලින් ස්වාධීනත්වය ලබා නොගත්තේ නම්, එහි එකම ප්රතිඵලය බටහිර සධන පංතියේ නියෝජිතයා වශයෙන් ක්රියා කරන ජාතික සධන පංතිකයන් බලයට පත්වීම යැයි ෆැනොන් ප්රකාශ කළේය.
යටත් විජිතවාදී ක්රමයේ අතරමැදියෙකු ලෙස වර්ධනය වූ මෙම ජාතික සධන පංතියට ආර්ථිකයේ, යටත් විජිතවාදී රටාව බිඳ දැමීමට නුපුලුවන් බවත් ඔහු පැවසීය.
එහෙත්,
භුක්ති විඳි වරප්රසාද සහ සමාජයේ ලබා සිටි සූරාකන තත්වය ආරක්ෂා කර ගැනීම තම පරම අරමුණ කර ගන්නා මේ සධන පංතිය මේ සඳහා අවිය කර ගන්නේ, ඒක-පාක්ෂික රාජ්‍ය තන්ත්රයකි. ඒ තන්ත්රය ඉහල පැලැන්තියට වරප්රසාද බෙදා දීමේ මාර්ගයක් වන්නේය. ප්රජාතාත්ත්රීය දේශපාලන ක්රියාවලියකට අර්ථවත් ලෙස සම්බන්ධවනවා වෙනුවට ජනතාව පක්ෂ-ප්රතිපත්ති ජය ඝෝෂාවෙන් පිළිගන්නා ජනතා රැළි හා පෙළපාලි වලට පමණක්ම සහභාගි වේ. ඔවුන්ගේ සහභාගිත්වය එයට පමණක්ම සීමා වේ. එවැනි රාජ්‍යයක් යටතේ ගොත්රික හා වර්ගීය භේද ද දියුණු වේ."

එපමණක්ම නොවෙයි.

"... විමුක්ති සටනකින් සෑහෙන තරම් දෙදරුම් නොකෑ රටවලුත් යටත් විජිත ග්‍රහණයෙන් මිදේ. ඒ රටවල ද සර්වඥ්ඥතාඥානයට හිමිකම් කියන දක්ෂ, කපටි බුද්ධිමතුන් සිටිති. යටත් විජිතවාදී සධන පංතිකයන්ගේ ඇසුර ලැබූ කාලයේද ඔවුන් ඉගෙන ගත් ගති පැවතුම් හා සිතුම් පැතුම්, නොවෙනස්ව ඔවුන් තුල පවතින බවද අපට දැකිය හැක. ඊයේ පැවති යටත් විජිත රජයේ මෙන්ම අද පවතින ජාතික ආණ්ඩුවේ ද හුරතල් දරුවන් වූ මොවුහු ඉතිරි වී ඇති යම් ජාතික සම්පතක් වේද, එය ද කොල්ල කෑම සංවිධානය කරති. අද පවතින ජාතික ව්‍යසන මාර්ගයෙන් කිසිඳු අනුකම්පාවක් නැතුව ඔවුහු තම අභිවෘද්ධිය සාදා ගනිති. ...
... වෙළදාම ජනසතු කරනු යැයි ඔවුහු තරයේම කියා සිටිති. ඒ කියන්නේ වෙළදපොල හා ලාභ ගෙන දෙන ව්‍යාපාරික කටයුතු ස්වදේශිකයන්ට පමණක් සීමා කිරීමටයි. ඇත්ත වශයෙන්ම න්‍යායක් වශයෙන් ඔවුන් කියා සිටින්නේ ජාතිය කොල්ලකෑම ජනසතු ව්‍යාපාරයක් බවට පෙරලීමේ අවශ්‍යතාවය...," (මිහිතලේ අසරණයෝ)